(16.06.2019 – aruna.lk)
ශල්‍යාගාරය තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා නම් අපි කුමක් කරන්නද?
පාර්ලිමේන්තුව කුණු වුණත් රටම සොහොනක් වුණත් මේ පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ.
පොලිස්පති වගකිවයුතු නම් හොරා-පොලිස් ක්‍රමයට ඔහු පත් කරපු අගමැති ඊට වගකිව යුතු නැද්ද?
යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හා රටේ ආරක්ෂාව පිළිබඳ වෘත්තිකයන්ගේ සංගමය මෙහෙය වූ සම්මන්ත්‍රණයේදී ‘යුතුකම’ සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත් වූ දේශනය ඇසුරිනි :
‘‘මේ කෙටුම්පත සම්බන්ධයෙන් මනෝහර ද සිල්වා මහත්මයා ඉතා නිරවුල් විග්‍රහයක් ඉදිරිපත් කළ නිසා මේ පනත ගෙන ඒමට දරන ප්‍රයත්නය හා අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් අදහසක් ඔබ ඉදිරියේ තියන්න මම බලාපොරොත්තු වෙනවා. අපි ඇත්ත වශයෙන්ම මේ අදහස් හුවමාරුව කර ගන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳව අතිශයින්ම කම්පාවට පත්වෙන ළඟ ළඟ සිදු වූ සිදුවීම් තුනක් හමුවෙයි.
ඉන් පළමු වැන්න පාස්කු ඉරිදා ප්‍රහාරය. 2015 ජනවාරි 08 සිදු වූ ඒ වෙනසට අදාළ සිද්ධිදාමයන් වෙනකොට අපි ජනතාවට පැහැදිලි කරන්න හැදුවා මේ රටේ ජාතික ආරක්ෂාව හා ස්වාධීනත්වය සහමුලින්ම නොතකා හරින, පාවා දෙන ක්‍රියා මාර්ගයකටයි මේ යොමු වෙමින් තියෙන්නේ කියලා. තරුණ ජීවිත ගණනාවක් අපිට අහිමි වෙලා, මුළු රටම තිගැස්මකට පත් කරලා, පාසල් දරුවන් පාසලට යෑම පවා අඩාළ කරලා, ඒ දරුවන්ගේ පොත්පත් පවා පරීක්ෂාවට ලක්කරන තැනකට පත්වෙලා අද රට අවබෝධ කර ගනිමින් සිටිනවා. 250කට අධික පිරිසකගේ නෑදෑ හිතවතුන්, පවුලේ ඥාතින්, දෙමාපියන්, දරුවන් අද වැළපෙනවා.
ඒ පසුබිම තියෙද්දී තමයි අපිට මව්වරු 600 ගණනකගේ පැමිණිලි ලැබෙන්නේ, තෝරා ගත් ජනවර්ගයක නැත්නම් ජාතියක මව්වරුන් වඳ කිරීමට වෛද්‍යවරයෙකු කටයුතු කළා කියන චෝදනාව. අපි චෝදනාවේ සත්‍ය අසත්‍ය බව දන්නේ නෑ. හැබැයි, මව්වරු 600කට වඩා අද ඉස්සරහට ඇවිල්ලා කියනවා මේ ලැබුණු දරුවා පිළිබඳ සැත්කමෙන් පස්සේ අපිට දරුවන් ලැබිලා නැහැ කියලා. දැන් මේක අර බෝම්බවලින් අහිංසකයන් ඝාතනය කිරීමටත් වඩා බියකරුයි. දැන් අන්තවාදී බෝම්බවලින් රජය නිල වශයෙන් කියන විදිහට 250 ක් ජීවිත අපිට අහිමි වුණා. මේ සැත්කම් නිසා රටට කී දාහක් අහිමි වෙලා තියනවද? මේක වර්ග සංහාරයක්! හිට්ලර්ගේ වධක කඳවුරුවලට වඩා දරුණු ද අපේ සමහර රෝහල්වල ශල්‍යාගාර? ඊට වඩා අපේ ශල්‍යාගාර මිලේච්ඡ ද? ඉපදෙන්න ඉන්න දරුවන් දාහක් ද උදුරා ගත්තේ? දෙදාහක් ද උදුරාගත්තේ? පන්දාහක් ද උදුරාගත්තේ? අපි දන්නේ නෑ. ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පනතක් ගැන අපි කතා කරන්නේ. ත්‍රස්තවාදය ශල්‍යාගාරයක් තුළ ක්‍රියාත්මක වෙනවා නම් අපි ජනතාවක් විදිහට ඊට මුහුණ දෙන්නේ කොහොමද?
ඊළඟට, රජයේ ඇමැතිවරයකුට මේ ත්‍රස්තවාදයට සහායදීම සම්බන්ධයෙන් නැත්නම් විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා, රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට. ඔහුට ඔහුගේ තනතුරින් ඉල්ලා අස්වෙලා සාධාරණ පරීක්ෂණයකට ඉඩ සලස්වන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. දැන් මේ ආණ්ඩුවේ සිටින සියලුම මුස්ලිම් ඇමැතිවරුන්, තමන්ගේ කැබිනට්, රාජ්‍ය නැතිනම් නියෝජ්‍ය ඇමැති ධුරවලින් ඉල්ලා අස්වෙලා, මාසෙකින් පරීක්ෂණ අවසන් කරන්න කියලා.
මේ ප්‍රයත්නය කුමක් වෙනුවෙන් ද? දැන් කබීර් හෂීම් ඇමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා. කලින් රවී කරුණානායක ඇමැතිතුමාට ආවනෙ මුදල් ඇමැති වෙලා ඉන්නකොට විශ්වාසභංගයක්. අස්වුණේ නැනේ ඒ වෙලාවේ? එයාගේ පක්ෂයේ ඇමැතිවරයෙක්, පක්ෂයේ නියෝජ්‍ය නායක. මේ ප්‍රයත්නය කුමක් වෙනුවෙන් ද? අර කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් අපි කම්පාවට පත්වුණා. හැබැයි, ඒ ප්‍රහාරයේ ගණ අන්ධකාරය තුළ යම් අරුණාලෝකයක් වගේ දැක්කා මුස්ලිම් සමාජයත් තමන්ගේ සමාජය පිළිබඳව විවේචනාත්මක මතවාද ඉදිරිපත් කරනවා. ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව අදහස් දක්වනවා. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය මොහොමඩ් මතිෆ් මහත්මයා, ඊළඟට අර දකුණේ මවුලවිතුමකු වූ මුනිර් මුල්ෆර් මවුලවිතුමා වැනි අය මුස්ලිම් ජනයා අරාබිකරණය වීමට එරෙහිව ශ්‍රී ලංකිකත්වයක් පිළිබඳ අදහස් දක්වලා තිබ්බා.
දැන් මේ විදිහේ මතවාදයක් සමාජය තුළ මතුවෙච්ච වේලාවක යම්කිසි විදිහකට රටට එකම නීතියක් පිළිබඳව අදහසක්, නීතිය ඉදිරියේ ජාතිය, ජනවර්ගය, අදහන ආගම නොතකා සියලු පුරවැසියන් සමාන කිරීම පිළිබඳව අදහසක් සමාජගත වුණු වේලාවක, තමයි මේ ‘මුස්ලිම්’ ඇමැතිවරු ඉල්ලා අස්වෙන්නේ. මේ විදිහට එක නීතියක් තිබුණොත් හොඳයි කියලා, සංවාදයක් රටේ ඇතිවෙමින් තිබිය දී දැන් මේ ඇමතිවරුන්ගේ ක්‍රියාමාර්ග හරහා ඒ සංවාදය යටපත් කර දැමීමට ද සූදානම් වෙන්නේ? අර ශල්‍යාගාර වල ඉපදෙන්න ඉන්න දරුවෝ නැති කිරීමේ ක්‍රියාවලියක් සිදුවුණා නම් ඊටත් වඩා දරුණු විදිහට ශ්‍රී ලංකික දරුවන් ඉපදීම, එක නීතියක් යටතේ එකට ජීවත් වන අනාගත පරපුරක් බිහිවීම ශල්‍යාගාරය තුළම අහෝසි කරන්න ද, මරා දමන්න ද මේ මුස්ලිම් අමාත්‍යවරුන් ප්‍රයත්න දරන්නේ? අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ විභේදනය කිරීමෙන් වළකින්න කියලා.
ඒ නිසා මව්බිමේ අනාගතය සම්පූර්ණයෙන්ම අවධානමකට ලක්වෙලා තියන මොහොතක තමයි අපි මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (මේක ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත කියලා. සිංහලෙන් නම් කරලා තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා) ගැන කතා කරන්නේ.
දැන් ජීවිත 250 කට අධික ප්‍රමාණයක් නැති වුණාට පස්සේ අපේ අග්‍රාමාත්‍යවරයා, 250 ක ජීවිත අහිමි වෙලා ගිය මොහොතක ඒ ඛේදවාචකය භාවිත කරන්න හැදුවේ මොකටද? සුදර්ශන කිව්වා වගේ මේ කෙටුම් පතට දැන් අවුරුදු කීපයක් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්වුණා, මනෝහර ද සිල්වා මහත්මයා, කනිෂ්ක විතාරන මහත්තයා වැනි මව්බිමට ආදරය කරන නීතිඥයන්ගේ කැපවීම නිසා. ඒ වගේ අධිකරණ ක්‍රියාවලියක් තුළ වගේම වෘත්තිකයන්ගේ සංගම්වල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිතිවල, දේශපාලන පක්ෂවල බලවත් විරෝධය නිසා පසුබිමේ තබාගෙන ඉන්නට සිදු වූ මේ පනත, ඒ අතිදැවැන්ත ජනතා විරෝධය නොතකා හරින්න බැරිකම නිසා සම්මත කර ගැනීමෙන් තොරව තිබුණු මේ පනත, වහාම සම්මත කර ගැනීමට තමයි අගමැතිවරයා ඒ ඛේදවාචකය පාවිච්චි කරන්න හැදුවේ. එතුමා, පාර්ලිමේන්තුව පොල් ගානවද කියා අසමින් මේ මහා ඛේදවාචකය පවා තමන්ගේ දුෂ්ට අරමුණු ඉෂ්ඨ කර ගන්න යොදා ගන්නයි උත්සාහ කරන්නේ.
දැන් අපට අහන්න තියෙන්නේ මිලේනියම් සිටි පාවාදීම අමතක කරපු, හමුදාපතිවරයාගේ නිසි අවසරය මත වෙනම ආරක්ෂක නිවාසයක් භාවිත කරමින් ත්‍රස්තවාදයට නිසි ලෙස මුහුණ දෙන්න සතුරාගේ භූමිවලට තම ජීවිතය පරදුවට තබා ගොස් මෙහෙයුම් කරපු, ඒ මෙහෙයුම් සඳහා තොරතුරු ලබා ගත්තු, ඒවා සම්බන්ධීකරණය කරපු, මිලේනියම් සිටි නිවාසය මාධ්‍ය කැමරා එක්ක වටකරලා ඡායාරූප දේශීය හා විදේශ මාධ්‍යවලට මුදා හැරලා, ඒ නිලධාරීන් එක්කෙනා එක්කෙනා මරා දැමීම සඳහා එල්.ටී.ටී.ඊ.යට අවස්ථාව සලසා දුන්න අගමැතිවරයෙක්ව අයෙත් අපි අගමැති කර ගන්නවා නම් අපි මේවා බලාපොරොත්තු වෙන්න එපාද? මේ කෙටුම් පත්වල වගන්ති කියවන්න ඕනෙද පවා දෙන්නයි යන්නේ කියා දැනගන්න? මිලේච්ච හමුදා එක්ක, පොලිසිය එක්ක, නාවික හමුදා එක්ක, බැංකු එක්ක, බදු එක්ක උතුරු නැගෙනහිර යටත් කරගෙන සිටි ඒ ප්‍රභාකරන් මිලේච්චයාට – කිසිම මැතිවරණයක් හෝ නැතුව බාරදෙන්න ලෑස්තිවෙච්ච අගමැතිවරයකුගෙන් මොකක්ද අපි බලාපොරොත්තු වෙන ජාතික ආරක්ෂාව?
අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති කොමිසම මගින් වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට හා වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න කියලා නිර්දේශ කරලා තියනවා කියන කාරණය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුර හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුර විශ්ව විද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ඉහළින්ම සමත් වෙලා, ඉතාම තරගකාරී විභාගයකින් ජයගෙන රාජ්‍ය පරිපාලන සේවට බැඳිලා, එයින් වැඩිම දක්ෂතා දක්වලා කෙනෙක් විශ්‍රාම යන්න කලින් ලබාගන්න පුළුවන් ඉහළම තනතුරු තමයි මේ තනතුරු. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිසා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්කම තරමක් වෙනස් වුණා. ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ නිලධාරියෙක් ලෙස විශේෂ දක්ෂතා දක්වලා හමුදාපති ධුරය වැනි හමුදාව තුළ ඉහළම තනතුරු දරපු නිලධාරියෙකුට ආරක්ෂාව සම්බන්ධව අද්දැකීම් මත ආරක්ෂක ලේකම්කම ලබා දුන්නා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ආරක්ෂක ලේකම් තනතුර දුන්නේ කාටද? ඔහු අධ්‍යාපනික වශයෙන් හෝ වෘත්තීය වශයෙන් හෝ සන්නද්ධ හමුදා අද්දැකීම් වශයෙන් හෝ මොනයම් හෝ සුදුසුකමක් පෙන්නුම් කරපු නිලධාරියෙක් ද? හිටපු ආරක්ෂක ලේකම් මේ සිද්ධිය නොවැළැක්වීම සම්බන්ධයෙන් වගකිව යුතුනම්, පටිපාටියෙන් තොරව අවැදගත් කෙනෙකුට, වගකීමක් නොදැරිය හැකි කෙනකුට තනතුර දුන්න ජනාධිපති ඒකට වගකියන්න ඕනේ නැද්ද?
ඊළඟට පොලිස්පති! 19 වැනි සංශෝධනය හැදුවා රටේ ප්‍රධාන තනතුරුවලට පත්කිරීම් ජනාධිපති කිරීමේ දී මේවා දේශපාලනික පත්වීම් වන නිසා, මේවා නිර්දේශපාලනික පත්වීම් කරන්න කියලා. කොහොමද මේ ගොල්ලෝ මේ පත්වීම් නිර්දේශපාලනික කළේ?
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රජයේ ප්‍රධාන ධුර සඳහා පත්කිරීම් ජනාධිපතිගෙන් ඉවත් කර, 19 වැනි සංශෝධනයෙන්ම හඳුන්වා දුන් ව්‍යවස්ථාදායක සභාවට පැවරුවා. ඒ ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත් වෙනවා, කථානායකතුමා, අගමැතිතුමා, විපක්ෂනායකතුමා, ඊළඟට අගමැති හා විපක්ෂනායක එකතුවෙලා ඔවුන්ගේ එකඟතාවෙන් තව පස් දෙනෙක් පත් කරනවා. තව ජනාධිපතිවරයාගේ නියෝජිතයයි, ප්‍රධාන පක්ෂ නොවන සුළු පක්ෂ නියෝජනය කරන එක් නියෝජිතයයි. එතකොට සාමාජිකයන් දහදෙනාගෙන් හත්දෙනෙක් අගමැති හා විපක්ෂනායක සහ ඔවුන් දෙදෙනාගේ එකඟතාවයෙන් පත්වෙන සාමාජිකයන්. එතකොට ව්‍යවස්ථාදායක සභාවෙන් කෙරෙන පත්වීමක් කියන්නේ මුලික වශයෙන් අගමැති හා විපක්ෂනායකගේ එකඟතාවයෙන් කෙරෙන පත්වීමක්. මේ අදහසේ අර්ථයක් තියනවා. මොකද අගමැති කියන්නේ දැන් ආණ්ඩුවේ නායකයා. විපක්ෂ නායක කියන්නේ ඔහුට විකල්ප ආණ්ඩුවේ නායකයා, නැත්නම් ඊලඟ ආණ්ඩුව පිහිටුවන නායකයා.
ඒත් කළේ මොකක්ද? 2015 ජනවාරි 8 වැනිදා රනිල් – මෛත්‍රී ආණ්ඩුව පත් කරගන්න කටයුතු කරපු දෙමළ ජාතික සන්ධානයට, ලක්ෂ 5 ක් විතරක් මේ රටේ ඡන්ද තියෙන දෙමළ ජාතික සන්ධානයට, කවදාවත් විකල්ප අගමැති හෝ ඊළඟ අගමැති හෝ නොවන සම්බන්ධන් මහතාට විපක්ෂ නායකකම දුන්නා.
දීලා කළේ අර දහයම – ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් දහයම තමන්ගේ පෙරමුණේ දේශපාලන ගැත්තන් බවට පත්කර ගැනීම. මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඡන්දය දුන් 58 ලක්ෂයම දේශපාලන අයිතියක් නැති අනාථයන්, අසරණයන් බවට පත් කිරීම. එහෙම කරලා පොලිස්පති පත් කරගත්තද? ඒත් නෑ. නීතිපති පත් කරන්න ඕන වුණාම ජනාධිපතිතුමා නිර්දේශ යැවුවාම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිතුමාට කියනවා මේකේ පටිපාටියට අපිට නම් තුනක් එවන්න කියලා. නම් තුනේ පටිපාටිය එවන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියා නොවන කෙනෙක් නීතිපති හැටියට පත් කළා. පොලිස්පති පත් කිරීම එහෙමවත් වුණේ නෑ. අගමැති, පොලිස්පති තේරීමේදී යෝජනා කරනවා අපි රහස් ඡන්දයකින් තෝරමු කියලා. දැන් අපේ මහජන නියෝජිතයන් පොලිස්පති හැටියට තෝරගන්නේ කව්ද කියලා අපි දැනගන්න – ඕනේ නැද්ද? රහස් ඡන්දය තියෙන්නේ අහිංසකයන්ට, අසරණ පුරවැසියන්ට තමන්ගේ ආරක්ෂාවට. අපේ අගමැති පොලිස්පති ලෙස තෝරා ගන්නේ කවුද, විපක්ෂ නායක පොලිස්පති හැටියට කාවද තෝර ගන්නේ, ජනාධිපතිගේ නියෝජිතයා පොලිස්පති හැටියට තෝරා ගන්නේ කාවද කියලා අපි දැනගන්න – ඕනේ නැද්ද? මොන තරම් නින්දිතද! මේ රටේ ජනතාවට හොරෙන් පත් කර ගත්තු පොලිස්පති කෙනෙක්.
එතකොට මේ පොලිස්පති අපරාධයට වගකියන්න ඕනේ නම් ඒ තනතුරට ඔහුව හොරා-පොලිස් ක්‍රමයට පත් කරපු අගමැති මේකට වග කියන්න ඕනේ නැද්ද? මම මේ ප්‍රශ්න අහන්නේ වෙන මොකවත් හින්දා නොවේ, මේ යෝජිත පනතින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ කොහොමද කියලා මනෝහර මහත්තයා පෙන්නුවා. හැබැයි පනත රත්තරන් වුණත් මේ වගේ අගමැති කෙනෙක්, මේ වගේ ජනාධිපති කෙනෙක් ඉන්නකන් මේ රට බේරගන්න බෑ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මේක දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ, මේක අපි, අපේ රට පත්වෙලා තියන ඛේදනීය, දුර්භාග්‍ය සම්පන්න තත්ත්වය.
ඊළඟට මේ පනත දැන් පාර්ලිමේන්තුවේ නතරවෙලා තියෙනවා. කොහොම පාර්ලිමේන්තුවක්ද මේක? අපි දන්නවා කොහොමද 19 වැනි සංශෝධනය සම්මත කළේ කියලා. 19 වැනි සංශෝධනයේ කෙටුම්පත ශේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙද්දීත් නීතිපති සංශෝධන ඉදිරිපත් කළා. ඊළඟට කාරක සභා අවස්ථාවට යනවා රෑ 9 ට, රෑ 10 ට. ඒ වෙලාවේ අලුතින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට භාජනය නොවූ අලුත්ම වගන්ති 19 වැනි සංශෝධනයට ඇතුළු වෙනවා. පාර්ලිමේන්තුවේ අත උස්සපු අය දන්නේත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය දන්නේත් නෑ. අහිංසක රටවැසියන් ගැන මොනව කියන්නද? ඒ 19 වැනි සංශෝධනය නිසා තමයි පසුගිය ඔක්තෝබර්වල මේ පාර්ලිමේන්තුව විසුරුවන්නත් බැරි වුණේ.
ඉන්දියාවේ ඉන්නේ නාමමාත්‍රික ජනාධිපති කෙනෙක්. ජනතාව තමන්ගේ ඡන්ද බලයෙන් තෝරපු ජනාධිපති කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ ජනාධිපතිට බලය තියෙනවා පාර්ලිමේන්තුවේ යම් අකටයුත්තක් වෙනවා නම්, පාර්ලිමේන්තුවෙන් රටේ යහපැවැත්මට හානි වෙනවා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා, අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න ජනතාවට අවස්ථාව දීමට. අපේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයෙන්, තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපට දීලා තියෙන 19 වැනි සංශෝධනය නිසා මේ රටේ අහිංසකයන් 250 කට වඩා ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා මරා දැමුනත්, පාර්ලිමේන්තුවේ ඉන්න අය මළත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. මළකඳන් එක්ක හරි කමක් නෑ පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් පවතින්න ඕනේ. පාර්ලිමේන්තුව කුණු වුණත්, රටම සුසානයක් වුණත් මේ පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ.
ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන්නේ කොහොමද? අතුරුදන් වූවන්ගේ කාර්යාලය පනත සම්මත කළේ කොහොමද? දැන් මේ යෝජිත පනතේ වගන්ති ගැනනේ කතා කරන්නේ, කාට හරි කියන්න පුළුවන්ද සම්මත වෙන පනතේ තියෙන්නේ මේවාම කියලා. අර පළාත් සභා සම්බන්ධ පනත කොහොමද සම්මත කරගත්තේ? කාන්තා නියෝජනයේ ප්‍රතිශතය වෙනස් කරන වගන්තියක් තිබ්බේ. අන්තිමට සම්මත වුණේ මොකක්ද? දැන් සුදර්ශනලා ‘දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ’දී කිව්වේ මේවා අපට සංශෝධනය කරලා හොඳ පනතක් ගේන්න පුළුවන් කියලා. අපිත් දන්නවා මේ ආණ්ඩුව හොඳ පනතක් තමයි දෙන්න යන්නේ කියලා.
දැන් ඔය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක නියමුවෙක් තමයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. එතකොට මේ සිද්ධිය සිදු වුණාම ඒ ගැන සේවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කාගේ යෝජනාවක්ද? ඒත් ඔය 19 වැනි සංශෝධනය ගෙනාපු මේ විජාතික බලවේගවල මෙහෙයුමේ ඉන්න එක ප්‍රධානියෙක් වන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමාගේ. එතකොට කාරක සභාව රැස්වෙනකොට පත් කරපු සභාපති ඒකට එන්නේ නෑ. යෝජනාව ගෙනාපු ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමාම කාරක සභාව මෙහෙයවනවා.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා, සුමන්තිරන් මන්ත්‍රීතුමා වැනි ශ්‍රී ලංකා රාජ්‍ය දුර්වල කරන්න, දියකර හරින්න ව්‍යවස්ථා කෙටුම් පත් කරපු අය තමයි මේ කාරක සභාවේ රටේ ආරක්ෂාව ගැන සොයා බලන්නේ! දැන් මේ අය රාජ්‍ය ආරක්ෂාව හා කටයුතු කරන නිලධාරීන්ව ගෙන්වලා ප්‍රශ්න කරනවා අත්අඩංගුවට ගන්නේ කාවද, නිදහස් කරන්නේ කාවද, මොනවද එයාලා කරලා තියෙන්නේ ආදී වශයෙන්. ඒ නිලධාරින්ගේ නම් විතරක් නෙවෙයි, නිලධාරින්ම කැමරා ඉස්සරහ ඉඳගෙන අපේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ නිලධාරීන් කියන්න ඕනේ මම තමයි මේක කරන්නේ කියලා, මම මේ හින්දයි මෙහෙම කළේ කියලා මේ සියලු මාධ්‍ය ආයතන ඉදිරියේ. අපි දන්නවා ගොඩක් විදේශ මාධ්‍ය ආයතන හරහා මාධ්‍ය කාර්යය විතරක් නෙවෙයිනේ කෙරෙන්නේ. දේශපාලන හා හමුදා අංශ සම්බන්ධ නිලධාරිනුත් මේවා පටිගත කර ගන්නවා. මෙවැනි පාර්ලිමේන්තුවක් තියාගෙන අපිට මේ රටේ ජාතික ආරක්ෂාවක් පතන්න පුළුවන්ද?
දැන් මේ ප්‍රශ්නය මතුවූ වේලාවේ කතානායකතුමා කටයුතු කළේ බුද්ධි අංශවල ආරක්ෂාව සැලසෙන පරිදි ද? රාජ්‍ය ආරක්ෂාව සැලසෙන පරිදි ද? මෙවැනි කතානායකවරයෙකු ගෙන් අපිට මේ රටේ ජාතික ආරක්ෂාවක් පතන්න පුළුවන්ද? අද අපි ඉස්සරහ තියෙන්නේ ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, කතානයකගෙන් හා පාර්ලිමේන්තුවෙන් අපේ රට බේරා ගැනීමේ අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ නොදී අපිට අපේ රටේ ආරක්ෂාව යළි සහතික කරන්න පුළුවන් කියලා මට නම් පේන්නේ නෑ.
ඒ නිසා මගේ ආයාචනය නම් මේ යෝජිත පනත් කෙටුම් පත ගැන කතා කරන්න දෙයක් නෑ. මේ නව කෙටුම් පත ත්‍රස්තවාදීන්ට ආධාර උපකාර කරන පනතක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පැහැදිලිව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ මේක සම්මත වුණාම ඊටත් වඩා වෙනස් වගන්ති, විනාශකාරී වගන්ති වෙන්න පුළුවන් පනතේ තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි, ජනතාවට වගකියන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කතානායකවරයෙක් හා පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ. එයින් තොරව මට මගේ මව්බිමේ ආරක්ෂාව සකසා ගත හැකි වෙන මාර්ගයක් පෙනෙන්නේ නෑ.
මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඡන්දය දුන් 58 ලක්ෂයම දේශපාලන අයිතියක් නැති අනාථයන්, අසරණයන් බවට පත් වුණා.
– හර්ෂණී දිසානායක
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴