ඇමති බලතල අතට අරන් ! – බත්තරමුල්ල තරු පහේ හෝටලයක සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක්
ඇමති බලතල අතට අරන් ! – බත්තරමුල්ල තරු පහේ හෝටලයක සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක්
(11.10.2025 – newstube.lk)
නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක සභාපතිවරයාට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව එලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂක ප්‍රධානියාගේ දුරකතනයෙන් එම සභාපතිවරයා එලෙස තර්ජනය කර ඇති බවටයි දැනට සිදු කළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
රජයට අයත් ආයතනවලට පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සහ ආරක්‍ෂක සේවය සඳහා ලබා ඇති පුහුණුවීම් ඇතුළු සුදුසුකම් පිළිබඳ සොයා බලනු ලබනවා. එහෙත් බත්තරමුල්ල ප්‍රදේශයේ එම තරු පහේ හෝටලයේ ආරක්‍ෂාවට අනියුක්ත කර ඇති පිරිසෙන් කොටසක් එම තරු පහේ හෝටලයේ සභාපතිවරයාගේ පිරිසක් බවයි වාර්තා වුණේ. එම පිරිසට ආරක්‍ෂක නිලධාරියෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය සුදුසුකම් පවතින්නේදැයි සැක මතුව තිබෙනවා. ඒ, පසුගිය කාලයේ සිදුවූ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින්.
හෝටලයට පැමිණි තරුණයෙකුටද පහර දීලා …
සභාපතිවරයාගේ එම පිරිස පසුගිය දිනක එම තරු පහේ හෝටලයට පැමිණි තරුණයෙකුටද පහර දී තිබුණා.
බත්තරමුල්ල එම තරු පහේ හෝටලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් මිලියන 50 ක ලාභයක් උපයා ඇති බවටද ඔහු පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම තමන් එම හෝටලයෙන් වැටුපක් ලබා නොගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ. ඔහු පිරිමි සහ කාන්තාවන් භාවිත කරන සේදුම් කාරක නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනු ලබනවා.
එවන් පසුබිමක් තුළ බත්තරමුල්ල ප්‍රදේශයේ එම අර්ධ රාජ්‍ය තරු පහේ හෝටලයේ සභාපති ධුරයේ රාජකාරී නිසි ලෙස ඉටු කිරීම පිළිබඳව ද සේවකයන් තුළ ඇත්තේ අවිශ්වාසයක්.
අදාළ හෝටලයේ සංගීත කණ්ඩායම නියෝජනය කරන සභාපතිවරයාගේ පුත්‍රයා විසින් විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධාන කරන බවටද හෙළිව තිබෙනවා. ඔහු එලෙස කටයුතු කිරීම සභාපතිවරයාගේ ලබැඳියාවන් අතර ගැටලුවක්ද පවතින බවයි වාර්තා වුණේ.
මේ අතර තමන් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු බවත් වත්මන් ආණ්ඩුව සමග ඉතා සමීපව කටයුතු කරන බවත් හෝටල් සේවකයන් හමුවේ එම සභාපතිවරයා නිරන්තරයෙන් පවසන බවද වාර්තා වුණා.
ජාතික ජන බලවේගයට මෑතකදී කඩාපාත්වූ කෙනෙක්…
ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ ඔහු වෙනත් පක්ෂයක සිට ජාතික ජන බලවේගයට එක්ව ඇති බවයි. ඒ අනුව ජාතික ජන බලවේගයේ ව්‍යාපාරික හමු 04 කට පමණක් බත්තරමුල්ල එම තරු පහේ හෝටලයේ සභාපතිවරයා සහභාගී වී ඇති බව වාර්තා වුණා.
ස්ථාන මාරුවීම් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලඥයෙකු බලපෑම් සිදු නොකරන පසුබිමක් තුළ බත්තරමුල්ල ප්‍රදේශයේ අදාළ තරුපහේ හෝටලයේ සභාපතිවරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් බැන තර්ජනය කිරීම පිළිබඳ ආණ්ඩුවේද අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා ෴
කීර්ති තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනියෙන් රු. මිලියන 100 ක වන්දියක් ඉල්ලයි
(12.10.2025 – newstube.lk)
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස දින 14 ක් ඇතුලත රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ස්වාධීන රූපවාහිනී සේවයට එන්තරවාසියක් යවා ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුළත් වූ අපහාසත්මක කරුණු 2025 ජනවාරි 09 දින පුවත් විකාශන මගින් ද, 2025.01.10 දින උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයා විසින් සිදු කරන ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක් සිදු වූයේ යැයි එන්තරා වාසියේ දැක්වේ.
සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ ‘අන්තර්ගත වචන, ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර, එම චවන, ප්‍රකාශණ සහ පාඨ එනයින් ම අපහාසාත්මක වන බවත්, (per se Defamatory) එසේම වක්‍රෝක්තියෙන් ද (By Innuendo) පැමිණිළිකරු කෙරෙහි අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේ දී වචන, පාඨ සහ ප්‍රකාශ ප්‍රකාශය පත් කරන ලද බව එන්තරවාසියේ දැක්වේ.
එම කරුණු ස්වාධීන රූපවාහිනිය විසින් විකාශනය කර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මගින් විකාශනය කර බෙදා හරින ලද්දේ ද, පැමිණිළිකරු කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් බවත් (Express malice), පීඩන චේතනාවෙන් බවත්, (Animus Injuriandi) එමගින් ‘පැමිණිලිකරු ශ්‍රී ලංකාවේ මහජනතාව සහ පොදු සමාජය ඉදිරියේ දූෂිතයෙකු වංචනිකයෙකු සහ අපචාරියෙකු බව හුවා දක්වමින් ශ්‍රී ලාංකික සමාජය තුළ වෛරයට අප්‍රසාදයට අවමානයට පිලිකුළට සහ අපහාසයට ලක් කිරීමේ අදහසින් බව’ එන්තරවාසියේ දැක්වේ ෴
දේව හා බ්‍රහ්ම තල … – නාරායන් දේවිය (10.10.2025)
+++
දෙවිවරු අපිට පිහිට වන්නේ කොහොමද ? (13.10.2025)
+++
YouTube : Narayan Devi
+
‘කතානායක ජගත් වික්‍රමරත්න’ටත් ‘අසෝක රන්වල’ ගිය පාරේ යන්න වෙයි… – නීතිඥ උදය ගම්මන්පිල
(13.10.2025 – 15:00 +0530 – lankacnews.com)
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
= කතානායක ජගත් වික්‍රමරත්නටත් අසෝක රන්වල ගිය පාරේ යන්න වෙයි =
මේ රටේ තුන්වන (3) පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසලා තිබෙනවා. මේ බරපතල සිදුවීම වෙන්නේ විශ්වාස භංග යෝජනාවක් පදනම් කරගෙන.
විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාර දුන් විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කලා. නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාස භංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙසයි මෙම සිදුවීම පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වෙන්නේ. මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කතානායකතුමා ප්‍රකාශ දෙකක් කලා. සැප්තැම්බර් 10 වන දා කළ පළමු ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගැන නීතියේ හෝ සම්ප්‍රදායේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා කියලා. එතකොට සම්ප්‍රදායේ නැතිව ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කලා. වැඩේ වැරදුනා කියලා තේරුණු කතානායකතුමා සැප්තැම්බර් 25 වන දා තවත් ප්‍රකාශයක් කලා. ඒ ප්‍රකාශයෙන් කිව්වේ නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීමක් පවරලා නැති නිසා විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා. ඇමතිවරයා විදේශගත වන විට නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරන නිසාත් ජනාධිපතිතුමා විදෙස් ගත වන සෑම අවස්ථාවකම වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පත් කරන නිසාත් මේ ප්‍රකාශයට පදනමක් නෑ කියලා විපක්ෂය කිව්වා. මේ අවස්ථාවේ කතානායක කිව්වේ තමන්ගේ ප්‍රකාශ වලට පදනම් කර ගත්තේ නීතිපති මතය සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ මතය කියලා. එහෙම නම් ඒ අය දුන්නු වාර්තා සභාගත කරන්න කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා දිගින් දිගටම පීඩනයක් එල්ල කලා.
විපක්ෂයේ පීඩනය දරා ගන්න බැරි වුණාම මේ වාර්තා සභාගත කලා. අපිත් ඒවා ගෙන්නා ගෙන අධ්‍යනය කලා. ඒ වාර්තා වල මොකද තිබෙන්නේ? නීතිපතිතුමාගෙන් විමසා තිබුණේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පවතින නඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට මේ විශ්වාස භංග යෝජනාව විවාද කරන්න පුළුවන් ද කියලා. ඒත් නීතිපතිතුමා දැනුම් දුන්නේ පවතින නඩු වලින් මේ විවාදයට කිසිම බාධාවක් නෑ කියලා. ‘ඒ අත්තේ එල්ලෙන්න බෑ’ කියලා තේරුණාම ඊට පස්සේ කතානායකතුමා ලේකම් මණ්ඩලයේ මතය විමසලා තිබුණා. ලේකම් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම් ඒකාබද්ධව කටයුතු කරන එකයි. ලේකම් මණ්ඩලය වාර්තා දෙකක් (2) දීලා තිබුණා. ඒ අය කියලා තිබුණේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්වාස භංග යෝජනාව වෙනුවට ‘censure motion’ නැතිනම් බරපතල ලෙස හෙලා දැකීමේ යෝජනාවක් ගේන්න පුළුවන්. මීට පෙර නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් නැතත් ඔහු තනතුරු දරන්නෙකු නිසා ලංකාවේ සම්ප්‍රදාය අනුව ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන්. දෙකෙන් එකක් ඔබතුමා තෝරා ගන්න කියලා. මේ කිසිම වාර්තාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගේන්න බෑ කියලා නෑ.
මේ සිදුවීමෙන් අපට මොකක්ද පේන්නේ? අපි දන්නේ නැති වුණාට අරුණ ජයසේකර ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ලොකු අර්බූදයකට තල්ලු වෙන දෙයක් වෙනවා. ආණ්ඩුවට මන්ත්‍රිවරු 159 ක් සිටින නිසා මේ විශ්වාස භංග යෝජනාව ලෙහෙසියෙන්ම පරදන්න පුළුවන්නෙ. එහෙම නම් ආණ්ඩුව බය වෙලා තිබෙන්නේ විවාදයේ දී මතු වෙන්න ඉඩ තිබෙන ආන්දෝලනාත්මක තොරතුරකටයි. ඒ නිසා මේ යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරන්න කියලා පැලවත්තෙන් හරි ජනාධිපතිගෙන් හරි වෙනත් යම් කෙනෙකුගෙන් හරි කතානායකතුමාට නියෝගයක් ලැබිලා තිබෙන්න ඕනේ. නැතිනම් පාර්ලිමේන්තුව නොමග යවලා මේ විවාදය මග හරින්න කතානායක පෙළෙඹෙන්නේ ඇයි? මුලින්ම නීතිපතිගේ ඇඟේ එල්ලිලා යෝජනාව ප්‍රතික්ෂේප කරන්න නීතිපතිගේ මතය විමසුවා. නමුත් නීතිපති ‘විවාදය කරන්න නඩු වලින් බාධාවක් නෑ’ කිව්වා. ඒ පාර ලේකම් මණ්ඩලයේ එල්ලෙන්න බැලුවා. ඒ අයත් ‘විවාදය කරන්න පුළුවන්’ කිව්වා. කරන්න දෙයක් නැති වුණාම ඒ අයගේ වාර්තා අනුව කියමින් යෝජනාව ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තුව නොමග යැව්වා.
ජනාධිපති, ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති වගේම ලේකම් මණ්ඩලයත් සිය මතය දැනුම් දෙන්නේ කතානායකට. මේ අය එවන සංදේශ ගැනත් කතානායක බොරු කියලා පාර්ලිමේන්තුව නොමග යවන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ කතානායක පුටුවේ වාඩි කරගෙන තව දුරටත් පාර්ලිමේන්තුවට පවතින්න බෑ. කතානායකතුමා වහාම ඉල්ලා අස්විය යුතුයි. ‘දුරාචාර්ය අසෝක රන්වල’ කතානායකතුමා යැවූ පාරේම වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාත් ගෙදර යවන්න ඕනේ. මේ නොමග යැවීම පදනම් කරගෙන විපක්ෂය අනිවාර්රයෙන්ම කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්න ඕනේ. විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළත් කතානායක සැබෑ ස්වරූපය හෙලිදරව් කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නොවේ, මාසයක් විතර කතානායකට තනතුරේ කටයුතු කරන්න බැරි වෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නු දවසේ සිට ඡන්දය විමසන දවස දක්වා ඔහුට කතානායක ධූරයේ කටයුතු කරන්න බෑ. මේ කළ කැත වැඩේට ඒකත් හොඳ දඩුවමක්.
+++
පොලිස්පති වහාම ඉල්ලා අස් වෙන්න ඕනේ – ගම්මන්පිලගේ මාධ්‍ය හමුව උණුසුම් වෙයි (13.10.2025)
+
බේරුවලදී රේල් පාරට ගලක් කඩා වැටෙයි – දුම්රිය ගල උඩින් ගිය නිසා හිරවෙයි (13.10.2025)
+
ඉතිහාසය නැති කරාම කල්ලතෝනි බිහි වෙන්නේ බොලව් – සදාචාරයක් නැති උන් (13.10.2025)
+
ලබන අවුරුද්දේ පාසල්වලට වෙන්න යන දේ මේක භායානක තත්ත්වය (13.10.2025)
+
දේශපාලන වියරුවෙන් දොඩවන පොන්සේකා… ආයෙත් ඇතුළට යයිද ? (13.10.2025)
+
මාලිමා ආණ්ඩුවෙන් ලංකාවේ AIDS තවානක්… තව ඕපන් වීසා දීලා ගෙන්නපල්ලා (13.10.2025)
+
රාජපක්ෂලාව හිරේ දාන්ඩත් ඕනෙ… රාජපක්ෂලාව කොපි කරන්ඩත් ඕනෙ (13.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴