‘ටීනියා’ රෝගයට ගොදුරු වන පිරිස ඉහළට – ගර්භනී මව්වරුන් විෂේශයෙන් ප්‍රවේසම්වන්න
‘ටීනියා’ රෝගයට ගොදුරු වන පිරිස ඉහළට – ගර්භනී මව්වරුන් විෂේශයෙන් ප්‍රවේසම්වන්න
(13.10.2025 – hirunews.lk)
ගර්භනී මව්වරුන් අතර සම රතුවීම, දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවීම සහ ඇඟ කැසීමේ තත්ත්වයක් පවතී නම්, වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඉල්ලා සිටිනවා.
‘ටීනියා’ රෝගයට ගොදුරු වන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර, ගර්භනී මව්වරුන්ද මෙම පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බවට සඳහන් කළා. කිහිලි, ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුළු සිරුරම තදබල ලෙස කැසීමට ලක්වන්නේ නම්, හිතුමතේට ආලේපන භාවිත නොකරන ලෙස ඇය පෙන්වා දෙනවා. එමගින් රෝගය උත්සන්න වනු ඇති බවට ඇය සඳහන් කළා.
ගර්භනී මව්වරුන්ට බොහෝ විට මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ නොදෙන නමුත්, ටීනියා තත්ත්වය උත්සන්න වී ඇති බැවින් දැන් මුඛයෙන් ලබා ගන්නා ඖෂධ පවා නිර්දේශ කිරීමට සමේ රෝග විශේෂඥයින්ට සිදුව ඇති බව වෛද්‍ය ඉන්දිරා පවසා සිටිනවා.
මෙම රෝගය නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් උත්සන්න වී ඇති බව සඳහන් වන්නේ. ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20 ක් පමණම ටීනියා රෝගයට ගොදුරු වූවන් බව ඇය පවසා සිටියි.
මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපෑම් ඇති කරනුයේ දරුවා ඉපදුණු පසුව බැවින්, ගර්භනී කාලයේදී නිසි ප්‍රතිකාර ලබාගෙන රෝගය නිට්ටාවට සුව කර ගන්නැයි ඇය ඉල්ලීමක් කරනවා.
ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20 ක් පමණම ටීනියා රෝගයට ගොදුරු වූවන් බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා ෴
ගල්කිස්සේ සිද්ධිය සමථ මණ්ඩලයට
(13.10.2025 – hirunews.lk)
ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියෙක් සහ නීතිඥවරයෙක් අතර වු සිදුවීම දිගින් දිගටම ඔඩුදුවන තුවාලයක් නොකර එය සමථ මණ්ඩලට යොමු කරන ලෙස අද (13) පැමිණිල්ලේ නීතිඥවරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ හමුවේ දි යී.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දගොඩ, උපුල් කුමරප්පෙරුම යන නීතිඥ මඩුල්ල ඒ බව අධිකරණයට දන්වා සිටියා.
ඔවුන් සඳහන් කළ සිටියේ යුක්තිය පසිඳිලීම ක්‍රියාවලිය සඳහා නීතිඥ පාර්ශවය සහ පොලිසිය යන දෙපාර්ශවයම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. ඒ අනුව සිදුවීම සමථ මණ්ඩලයට යොමු කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසිය සඳහන් කර සිටියේ ඉකුත් 10 දින සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සාක්ෂිකරුවන් හතර දෙනෙකු (4) ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ගල්කිස්ස පොලිසිය අධිකරණයට මෙලෙස කරුණු දැක්වුවා :
“ඉකුත් 10 වන දින සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් හතර දෙනකු (4) ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එදින සේවය කරන ලද බන්ධනාගාර බස් රථයේ රියදුරු, නඩු අංශයේ පරීක්ෂකවරයා, කාන්තා පොලිස් කොස්තාපල්වරිය සහ සිද්ධිය වූ ස්ථානයේ සිටි පුවක්ගහහේනේ සුසිම ස්වාමීන් වහන්සේගේන් ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.”
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කමල් සිල්වා ඇතුළු නීතීඥ පිරිස අධිකරණයට කරුණු මෙලෙස දැක්වුවා :
“එම ලබාගන්නා ලද ප්‍රකාශ වලින් කිසිදු පහර දීමක් සිදු වි ඇති බවට අනාවරණය වී නැහැ.සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලින් කිසිදු චෝදනාවක්ද එල්ල කරලා නැහැ. ස්වාමීනි මගේ සේවාදායකයා අවුරුදු හයක රාජකාරියෙහි නියැලුණු අයෙක්, කිසිම විනය විරෝධී වැඩකට චෝදනාවක් නැහැ. ස්වාමීනි මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ මහජන කැළඹීමක් ඇතිව තිබෙනවා. ඒ බව ඔබතුමාට අධිකරණය ඉදිරිපිට බැලීමෙදි දැකගන්න පුළුවන්. මේ වගේ අහඹු සිදුවීම් සිදුවෙනවා. මොහුට ඇප ලබා දුන්නොත් බොහෝ දේවල් නැවත පිළිසකර කරන්න පුළුවන්.”
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයේ පෙනී සිටිමින් මෙලෙස කරුණු දැක්වුවා :
“ස්වාමීනි වෘත්තීය අනුව නීතිඥවරුන් යන්නේ උසාවියට. උසාවියේ ආරක්ෂාව පවා නීතිඥවරු බලාපොරොත්තු වෙනවා. ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන් දැනගන්න ඕනේ අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. එදින නීතිඥවරයාට අකරතැබ්බයක් වෙලා තියෙනවා. සැකකරු කියනවා බොරු කියන්න එපා හැබැයි මම ගැහුවේ නැහැ කියලා. ක්‍රියාවෙන්ම හැඟෙනවා ඔහුගේ ක්‍රියාව ගැන. සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගන්න ඕන. ස්වාමීනී, දිගින් දිගටම පහර ගහන නිසා දැන් මේ සිද්ධිය තුවාලයක් වගේ ඔඩු දුවනවා. බොහෝ ප්‍රශ්න වලට පිළිතුර කාලය. ස්වාමීනී එම නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ඉදිරියට ගෙන යාමකින් තොරව සමථයට පත් කර ගැනීමට ඉල්ලනවා.”
තවද පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් සිදු වු අකරතැබ්බියට නීතිපතිතුමාගේ අවධානය යොමු කර සක්‍රීය දායකත්වයත් මෙම ප්‍රශ්නයට සපයන ලෙසටද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉකුත් 10 දින අධිකරණ භූමියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කරන ලෙස ද පොලිසියට නියෝග කළා.
සැකකරුට ඇප ලබා දෙමින් නඩුව සමථ මණ්ඩලයකට යොමු කිරීමට නියෝග කළා.
නොවැම්බර් 17 වන දින පස්වරු 01:30 ට නඩුව නැවත කැඳවිමට නියමිතයි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී ඉකුත් (10) දින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් එහිදි නියෝග කළා.
රු. ලක්ෂයක ශරීර ඇප දෙකක් (2) මත සැකකරු මුදා හැරීමට ද අධිකරණයෙන් එහිදි නියෝග කෙරුණා ෴
+++
පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කරපු සැර කතාව (13.10.2025)
+++
ගල්කිස්ස HQI ට හදිසි ස්ථාන මාරුවක්
(13.10.2025 – hirunews.lk)
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.
ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න කියා සිටියේ.
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴
සොරාගත් ගල් කඩන යන්ත්‍රයක් සමග තිදෙනෙක් (3) අත්අඩංගුවට
(13.10.2025 – hirunews.lk)
ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ තාවකාලිකව වැඩ නතර කර ඇති ගල් කොරියක සවිකර තිබූ ගල් කඩන යන්ත්‍රයක් සොරාගෙන ඊයේ (12) දින රාත්‍රියේ බූම් රථයකින් නිකවැරටිය දක්වා රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (3) ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිකවැරටිය සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49, 54, 31 වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනෙක්.
මෙම සැකකරුවන් ගල් කොරිය වෙත පැමිණ පොළවේ සවි කර තිබූ රු. ලක්ෂ 12 ක් පමණ වටිනා ගල් කඩන යන්ත්‍රය, ඔවුන් පැමිණි බූම් රථයෙන්ම ගලවා නිකවැරටිය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි ලිඳුල පොලිසියේ නිලධාරීන් අදාල රථය නවත්වා පරීක්ෂා කර ඇති අතර, එහිදි ඇතිවූ සැකයක් මත සැකකරුවන් තිදෙනා (3), බූම් රථය සහ ගල් කඩන යන්ත්‍රයත් ලිඳුල පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.
එම ගල් කොරියේ සවි කර තිබූ රු. ලක්ෂ 18 ක් පමණ වටිනා ගල් රෝලක් සහ කම්ප්‍රෙෂරයක් ද ඉකුත් මාසයේ නැති වූ බවට එම ගල් කොරියේ අයිතිකරු විසින් ලිදුල පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබූ බැවින් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ එම යන්ත්‍ර දෙක (2) ද තමන් විසින් ගලවා ගෙන ගොස් නිකවැරටිය ප්‍රදේශයේ යකඩ උණු කරන ආයතනයකට ලබා දී මුදල් ලබා ගත් බවත්, මෙම යන්ත්‍රය ද එම ආයතනයටම ලබා දි මුදල් ලබා ගැනීමේ අරමුණින් රැගෙන යමින් සිටි බවට පාපොච්චාරණය කළ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහිදී සැකකරුවන් තිදෙනා (3) නුවරඑලිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ප්‍රධාන සැකකරු පැය 48 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරිමටත් සෙසු සැකකරුවන් දෙදෙනා (2) මේ මස 15 දක්වා රක්ෂිත බන්ධනාගත කිරිමට නියෝග කර තිබෙනවා ෴
රු. 70 වතුර බෝතලේ රු. 100ට වික්කාට රු. ලක්ෂයක් දඩ
(13.10.2025 – hirunews.lk)
රුපියල් 70 මිල සඳහන් මිලි ලීටර් 500 පානීය ජල ඛොතලයක් රු. 100 කට අලෙවි කළ වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.
අදාළ සිද්ධියට වරද පිළිගෙන තිබුණේ රත්නපුර, කුඩුගල්වත්ත ප්‍රදේශයේ පිහිටි ආපනශාලා හිමිකරුවෙක්.
එම ආපනශාලාවට එරෙහිව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (13) මෙම දඩය නියම කර තිබෙන බවයි සඳහන් ෴
වැසිකිළි වළක් පිපිරීමෙන් පුද්ගලයෙක් මරුට
(13.10.2025 – hirunews.lk)
වැසිකිළි වළක් පිපිරීමෙන් පුද්ගලයෙකු (1) මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය පවසනවා.
හබරාදූව, පිලාන ප්‍රදේශයේ නිවසක තිබූ වැසිකිළි වළක් මෙසේ පිපිරී ඇති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි පිලාන, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා වැසිකිළි වළට ‘කාබයිඩ්’ වැනි ද්‍රව්‍යයක් එකතු කර වායුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති බවද වාර්තා වෙනවා.
පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (12) සවස මෙම අනතුර සිදුව ඇති බවයි.
+
ඉදිරියේදී ‘ලන්ච් ෂීට්’වලටත් වැට
(13.10.2025 – hirunews.lk)
ඉදිරියේදී ‘ලන්ච් ෂීට්’ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසනවා.
ඒ අනුව, විකල්පයක් ලෙස ‘ප්ලාස්ටික් නොවන ලන්ච් ෂීට්’ භාවිතයක් හඳුන්වාදෙන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, ‘ෂොපිං බෑග්’ වැනි පොලිතීන් මලු නොවැම්බර් මස පළමු වැනිදා (01) සිට නොමිලේ ලබාදිය නොහැකි බවට සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
එහි දැක්වෙන්නේ නොමිලේ ලබා නොදෙන ‘ෂොපින් බෑග්’ ඇතුලු බහාලුම් මලු සඳහා පාරිභෝගිකයාගෙන් අයකරන මුදල බිල්පතෙහි සඳහන් කළ යුතු බවයි.
එමෙන්ම 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)ආ2 වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් සහ රේඛීය අඩු ඝනත්වයෙන් යුතු පොලිඑතිලින් මලු සඳහා අයකරනු ලබන මිල වෙළඳුන් විසින් පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ දැක්වුණා.
මෙම තත්ත්වය හමුවේ උතුරු පළාතේ ‘ලන්ච් ෂීට්’ වෙනුවට කෙසෙල් කොළ භාවිතා කිරීමේ අදහසක් ද ඉදිරිපත්ව තිබුණා ෴
විදුලිබලමණ්ඩලය – සාකච්ඡා අස්සේ මැද්දෙන් පැනලා – ලෙසටම සැලකිලි ලැබිලා ? (13.10.2025)
+
Express pearl නැවේ කේස් එක සැරටම මාධ්‍ය හමුවේ ඇදෙයි – මාධ්‍යවේදීන් කැලඹෙයි (13.10.2025)
+
තවත් පූජිත කෙනෙක් වෙන්න එපා හරි ද ?? පොලිස්පතිට සාගරගෙන් සැර කතාවක් (13.10.2025)
+
ජනාධිපති බණ්ඩාරවෙල ඇවිත් කඩදාසි දීලා ගියා – පලනි දිගම්බරම් අනුරගේ කෙරුවාව දිග අරී (13.10.2025)
+
දරුවෙක් – ගෑනියෙක් නැති මිනිස්සු තමයි මේ රට දැන් පාලනය කරන්නේ (13.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴