කිසිදා පාසලක් නොදුටු වේල් ගණනක් කුසගින්නේ සිටි තවත් දරුවන් තුන්දෙනෙකු මහියංගණයේ

(19.06.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala)

මන්ද පෝෂණයෙන් කුඩා දරුවෙකු මියගිය පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වෙද්දී කිසිදාක පාසල් නුදුටු, වේල් ගණන් කුසගින්නේ සිටින දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳව තොරතුරු මහියංගණය – දඹාන – තිහ කොටස ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.

වයස අවුරුදු 12 ක්, 8 ක් සහ එකහමාරක් වන මෙම දරුවන්ගේ පියා ගසකින් වැටී එක්තැන්වී සිටින අතර, මව දරුවන් නඩත්තු කරන්නේ වනයෙන් කඩා ගන්නා ඉඟිනි ඇට විකුණමින්.

වගකිවයුතු කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවුණු මෙම අසරණ පවුලට සමෘද්ධිය හෝ වෙනත් කිසිදු සහනාධාරයක් මෙතෙක් රජයෙන් නොලැබීමද විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++++++

බමුණු කුලයේ පුද්ගලයෙකු නිදහස් පක්ෂය සහ එහි නායකත්වය විනාශ කිරීමේ උත්සාහයක – සී.බී. රත්නායක

(19.06.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

බමුණු කුලයේ පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායකත්වය විනාශ කිරීමේ උත්සාහයක නිරත වන බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසනවා.

මේ අදහස් පළවූයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=2lziM62A6MM#t=5
20.06.2019
https://www.youtube.com/watch?v=ameAA1MHO70#t=5
20.06.2019

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=XNFeZKXTZY8#t=5
20.06.2019

***************************************

සිංහල ජාතිය ලොව වඳවෙමින් පවතින ජාතියක් බව නිල වශයෙන් හෙලිවී තිබෙනවා – උදය ගම්මන්පිළ

(19.06.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ පැවති ජනසංගණනයට අනුව සිංහල ජාතිය ලොව වඳවෙමින් පවතින ජාතියක් බව නිල වශයෙන් හෙලිවී ඇතැයි පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම සංගණනයට අනුව මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

***************************************

අගමැතිට රට ගැන කැක්කුමක් නැහැ – බෙල්ලන්විල ධම්මරතන හිමි

(19.06.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා ලෝක ප්‍රජාව සතුටු කිරීමට උක්සාහ කිරීම තුළින් රට අරාජික වී ඇති බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ ජාතික සංවිධාන එකමුතුව කොළඹ අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

19.06.2019

***************************************

ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන දිනය ගැන බැසිල්ගෙන් ඉඟියක්

(19.06.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පැවැත්විමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ සම්මේලනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරනු ඇතැයි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

මාතර අධිකරණයේ පැවති නඩු කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ අදහස් පළකළා.

***************************************

කථානායක ගැන සැකයක් – පා.ම. දිනේෂ් ගුණවර්ධන

(19.06.2019 – 19:59 +0530 – hirunews.lk/sinhala)

කථානායක කරූ ජයසූරිය, ජාත්‍යන්තර උපදේශකයෙකු තබාගැනීම හරහා පාර්ලිමේන්තුවේ කටයුතු බරපතල සැකයකට භාජනය වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා ෴

***************************************

රතන හිමියන් මහවැලි අධිකාරියට

(19.06.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද මහවැලි අධිකාරියේ නිරික්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා එහි ඉඩම ලබාදුන් ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

පස්වරු 3 ට මහවැලි සංවර්ධන අධිකාරියට පැමිණි උන්වහන්සේ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඉඩම් භාර නිලධාරියෙකු හමු වී එම ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම ලබාගත් ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ පසුගිය 11 වනදායි ෴

***************************************

යළි අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම්

(19.06.2019 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් එම අමාත්‍ය ධුරවලම අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව කබීර් හෂීම් මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරයේ සහ එම්.එච්.ඒ. හලීම් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආණ්ඩුවේ සියළු මුස්ලිම් අමාත්‍යවරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ පසුගිය 03 වනදායි.

එහිදී කැබිනට් අමාත්‍යවරුන් 04 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 04 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වුණා.

ඉන් දින දෙකකට පසු අස්ගිරි මහා විහාරයට රැස්වූ ත්‍රෛනිකායික මහා සංඝරත්නය නැවත වගකීම් භාර ගන්නැයි, ඉල්ලා අස් වූ චෝදනා එල්ල නොවූ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එවන් වාතාවරණයක් තුළ ආණ්ඩුවේ සියළු මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූ අතර, පක්ෂ නායකයින්ගේ තීරණය අනුව නැවත ධූරයන් භාර ගැනීමේ එකඟතා මතයි අදාළ සාකච්ඡාව අවසන් කෙරුණේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබාදුන් උපදෙස් මත කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් ඔවුන් පෙර දැරූ අමාත්‍ය ධුර යළි භාර ගැනීමට තීරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, පරීක්ෂණ අවසන් වනතුරු ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත එම ධූරයන් හි කටයුතු නොකළ යුතු බව පවසමින් සෙත්සිරිපාය ඉදිරිපිට අපේ ජනබල පක්ෂය අද විරෝධතාවක නිරතවුණා.

එමෙන්ම, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව මීට පෙර පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද පැමිණියා.

මේ අතර කබීර් හෂීම් සහ එම්.එච්.ඒ. හලීම් නැවත අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඒ අනුව අදාළ පරීක්ෂණ කටයුතු අවසන් ද යනුවෙන් ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා විමසා සිටියේ ඒ සඳහා මාසයක කාලයක් ලබාදෙන බව ඉල්ලා අස්වන දවසේ කබීර් හෂීම් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ අමාත්‍යවරුන් දිවුරුම්දීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නොමැති බවයි.

***************************************

කුඩා දරුවන් අතර පැපොලට සමාන උණ රෝගයක්

(20.06.2019 – 07:01 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මෙම වෛරසයේ පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරිරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ.

වාතයෙන් සහ ශරිර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින්, වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

එක්වරම හටගත් ගින්න නිවාස නිවාස 09 ක් අළු ගොඩක් කරයි

(19.06.2019 – 18:04 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ සෙන්ක්ලොයාර් වතු යායේ ස්ටෙලින් කොටසේ වතු නිවාස පේලියක අද (19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් නිවාස 09 ක් සම්පූර්ණයෙන් විනාෂ වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එහි නිවාස 24 ක් ඇති අතර ගින්න පැතිර යාමත් සමඟ අනෙක් නිවාසවලට ගින්න පැතිර යාම පාලනය කිරීමට පොලිසිය සහ වතු කම්කරුවන් සමත්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර ගින්නෙන් එම නිවාස 9 පදිංචි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික භාණ්ඩ සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

අවතැන් වු පවුල් 9 කට අයත් සමාජිකයන් 25 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ පාසලේ තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

වතු පාලන අධිකාරිය විසින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇතිබවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එක් නිවසකින් හට ගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගිය බවත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති බවත්, පොලිසිය පවසනවා.

ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර තලවකැලේ පොලිසිය ගින්න පිලිබදව විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

***************************************

චන්ද 3 ක් ඇති රිෂාඩ්ගේ විශේෂිත විල්පත්තු පුරවැසියෝ… (17.06.2019)

https://www.youtube.com/watch?v=vAtj_3EMT2M

***************************************

වේලාගත් ගස්ලබු කොළ පොඩියට කපා දුම්කොළ කළ ගලේවෙල කර්මාන්තශාලාව

(20.06.2019 – 09:45 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල නබඩගහවත්ත පුවක්පිටිය ප්‍රදේශයේ ගස්ලබු කොළ වියලන කුඩා පරිමාණ කර්මාන්ත ශාලාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබුවා.

බීඩි සහ දුම්කොළ සඳහා ගස්ලබු කොළ වියලා කලවම් කරන ස්ථානයක් පිළිබඳව ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකරනු ලැබුවේ.

එහිදී වීශාල ප්‍රමාණයෙන් ගස් ලබු කොළ වියලා සේවකයන් යොදා යන්ත්‍ර සූත්‍ර මගින් ගස් ලබු කොල ඉතා සිහින්ව කැපීමට භාවිත කරන උපකරණ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන තැනැත්තාගෙන් විමසීමේදී පවසා ඇත්තේ ගස් ලබු කොළ වියළා සිහින්ව කපා ඕස්ට්‍රේලියාවට ආනයනය කිරීමට තවත් පුද්ගලයෙකුට භාරදීම තමා විසින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් ඖෂධ විදේශගත කිරීම සඳහා හෝ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව එහිදී අනාවරණ වී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ සෝදිසි කිරීම්වලදී වියලා සිහින්ව ලියන ලද ගස් ලබු කොළ තොගවලට සිහින් සුදු පැහැති කුඩු වර්ගයක් සහ කහපාටට හුරු තවත් රසායනික කුඩු වර්ගයක් කලවම් කොට ඇති ආකාරය අනාවරණය කරගෙන තිබේ.

අනතුරුව මෙලෙස සිහින් ව ලියූ සහ වියළා ඇති ගස් ලබු කොළ විශාල ප්‍රමාණයක් පොලිස් විශේෂ කාරය බලකාය භාරයට ගෙන එම ස්ථානය මුද්‍රා තැබීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් සැකකාර ව්‍යාපාරිකයාට විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් උපදෙස් දී ඇත්තේ අද දිනය තුළ ඒ සඳහා ඔහු සතුව ඇතැයි පැවසෙන ව්‍යාපාරික ලියකිවිලි ඉදිරිපත් කරන ලෙසයි.

https://www.youtube.com/watch?v=6tqYcune6Zo#t=5

***************************************

ලංකාවට-ඉන්දියාවට IS තර්ජන ඉහළට – ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

(20.06.2019 – 12:55 +0530 – sinhala.adaderana.lk)

‍ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේදී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහියාමත් සමඟ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අයි.එස් සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දී ඇත.

බුද්ධි අංශ නිකුත් කර ඇති අදාල ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් සියයක පමණ පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.

අයි.එස් සාමාජිකයින් රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් අන්තවාදීන් මාව මරන්න හදනවා – පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි (09.05.2019)

https://www.youtube.com/watch?v=j4UC33N8KLw
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *