චීන ජාතිකයින්ගේ පැමිණිල්ලෙන් එළියට ආ වැලිකඩ OICගේ සැබෑ ස්වරූපය
චීන ජාතිකයින්ගේ පැමිණිල්ලෙන් එළියට ආ වැලිකඩ OICගේ සැබෑ ස්වරූපය
(27.05.2026 – 20:36 +0530 – sinhala.adaderana.lk)
චීන ජාතිකයන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබේ.
රාජගිරිය ප්‍රදේශයේදී ඉකුත් මැයි 02 වැනිදා චීන ජාතිකයන් පිරිසක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සයිබර් අපරාධ සිදුකිරීමේ චෝදනා යටතේය.
කෙසේවෙතත් ඒ අතර සිටි චීන ජාතිකයන් 19 දෙනෙකු පලාගොස් තිබුණේ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබියදීය.
පසුව ඔහු සමීප සබඳතාවක් පැවැත් වූ කාන්තාවක් හරහා අදාළ චීන ජාතිකයන් සම්බන්ධ කරගෙන, ගුවන් ගමන් බලපත්‍ර නිදහස් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඒ පිළිබඳව චීන ජාතිකයන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති අතර, පොලිස්පතිවරයා එම පැමිණිල්ල පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට යොමු කර තිබේ.
ඒ අනුව ඉකුත් මැයි 17 වැනිදා එම කාර්යාංශ නිලධාරීන් වැලිකඩ පොලිසිය පරීක්ෂා කර ඇති අතර, එහිදී ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර තොගය ලොකරයක තිබී විමර්ශන නිලධාරීන්ට ලබාදී ඇත.
පසුව එම විමර්ශන භාරව සිටි වැලිකඩ පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ඒ පිළිබඳව ප්‍රකාශ සටහන්කරගෙන ඇති අතර, එහිදී ඔවුන් පවසා ඇත්තේ, ස්ථානාධිපතිවරයා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් නොකර ඔහු සතුව තබාගත් බවය.
එමෙන්ම ස්ථානාධිපතිවරයා සූක්ෂ්ම ලෙස පසුගිය 20 වැනිදා බී-වාර්තාවක් හරහා අදාළ ගුවන්ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇතැයිද විමර්ශනවලදී අනාවරණවී තිබේ.
ඒ අනුව නීතිවිරෝධි ලෙස අන්සතු ගුවන්ගමන් බලපත්‍ර තොගයක් තමන් සතුව තබාගැනීම, සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (27) වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු වසර 2 ක පමණ කාලයක් වැලිකඩ පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, එම කාලය තුළදී ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලිස් නිලධාරීන් 20 ක් පමණ සේවය හැරගොස් ඇති බවට තොරතුරු වාර්තාවන බව පොලිසිය පැවසීය.
එමෙන්ම අදාළ නිලධාරියා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සිය සමීප හිතවතෙකුයැයි නිතර පවසන බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.
+
කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක ගින්නක්
(28.05.2026 – hirunews.lk)
කුරුණෑගල නගරයේ පොත් අලෙවිසලක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 4ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
+++
+++
+++
+
දිත්ව ඝාතනයේ සැකකරු බන්ධනාගාර නිළධාරින් භාරයේ රෝහල් ගතව සිටියදී පැන යයි
(28.05.2026 – lankacnews.com)
හැටන් දික්ඔය දිත්ව ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී (27) දින අලුයම බන්ධනාගාර නිළධාරින්ට හොරෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර නිළදාරින් විසින් තමන් වෙත දැනුම් දුන් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසීය.
සැකකරු ජූනි මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදි සැකකරුගේ ඇති වූයේ යැයි කියන රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරුව (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු (27) දින අලුයම රොහලේ පැන ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිළධාරින් සහ පොලිස් නිළධාරින් එත්ව මෙහෙයුමක්ද දියත් කර ඇත.
දිත්ව ඝාතනයේ සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැගව සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා බගවන්තලාව සහ හැටන් පොලිසි නිළධාරින් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබුණි.
සැකකරු බිරිදගේ ණය මුදලක් ගෙවීම සදහා බිරිදගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදු කල බවත්, තමන් එම තත්වයට පෙළඹ වූ බිරිදව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවට සැකකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් හමුවේ පවසා තිබුණි.
එම ත්තවය මත බගවන්තලාව පොලිසිය මගින් බිරිද පොලිසිය වෙත පැමිණෙන ලෙස (27) දින දැනුම් දී ඇත.
දිත්ව ඝාතනයේ සැකකරු සහ ඔහු විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගත් පොලිස් නිළධාරින් එය සතුට පල කර හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා ඉදිරියේ කේක් කපා සතුටද පල කර තිබුණි.
සැකකරු පිලිබද තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස බන්ධනාගාර නිළධාරින් ඉල්ලා සිටියි.
රංජිත් රාජපක්ෂ
කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී
(28.05.2026 – 12:48 +0530 – sinhala.adaderana.lk)
කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගෙස් තිබියදී සොයාගෙන තිබේ.
තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල තිබී එම මෝටර් රථය සොයා ගත් බව පොලීසිය පැවසුවේය.
අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
+++
+++
+++
+
(28.05.2026 – hirunews.lk)
මේ අතර, මාර්ග බාධක තුනකදී (3) අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
වේයන්ගොඩ, නයිවල සහ මිනුවන්ගොඩ යන මාර්ග බාධක තුනේදීම (3) මෝටර් රථයට නවත්වන ලෙසට අණ කළත් එම රථය අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පසුව එම රථය ඒකල ප්‍රදේශයේ සඟවා තිබියදී මෝටර් රථය සොයාගෙන තිබු අතර, සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට තිබෙනවා.
+++
+
රෝස තැපෑලේ රු. කෝටි 500 ක් වටින අකුණු සන්නායකය – නැති වුණා විතරයි තවත් හොරකමට සූදානමක් (28.05.2026)
+
සර්වජනය මධුර ආණ්ඩුවේ රෙදි ගලවයි – දවල් මිගෙල් රෑ ඩැනියෙල් වැඩ කරන්න එපා (28.05.2026)
+
පොලිසියට හොරෙන් චීන්නු ගහන ගේම (28.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴