WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි
(23.01.2025 – 22:05 +0530 – sinhala.adaderana.lk)
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4 කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් සිදුකළ සොරකම් අවසානයේ බිත්තිවල ‘බැට් මෑන්’ යනුවෙන් තබා තිබූ සටහනක් ඇසුරින් සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම අතටම හසුකර ගැනීමට පොලීසියට හැකිව ඇත.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුනේ 26 වන මහලේ පවත්වාගෙන යන කාර්යාල හතරක (4) මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය 17 වනදාය.
ඉතා සූක්ෂමව සිදුකෙරුණු මෙම විමර්ශනයේදී සැකකරු විසින් සොරාගත් ලැප්ටොප් පරිඝණක සහ ජංගම දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ තිහක (30,00,000) වටිනාකමකින් යුත් භාණ්ඩද සොයා ගැනීමට පොලීසියට හැකිව තිබේ.
විමර්ශනවලදී පොලිස් නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සොරකම් සිදුවූ සෑම කාර්යාලයකම බිත්තිවල ‘BAT MAN’ යනුවෙන් යොදාතිබූ සටහනක් සම්බන්ධවය.
ඒ අනුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී පසුගිය 17 වැනිදා අලුයම 1 ට පමණ හොඳින් හැඳ පැලඳ මුව ආවරණයක්ද සහිතව ඊට ඇතුළුවන පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ සැකය යොමු වී තිබේ.
සැකකරු, යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන එහි කාර්යාල 4 කට ඇතුළු වී රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමක් ඇති ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන සොරාගන්නා අයුරු CCTV කැමරාවලද සටහන් වී ඇත.
එමෙන්ම සොරකම සිදුකර අවසානයේ සෑම කාර්යාලයකම බිත්තියෙහි ‘BAT MAN’ යනුවෙන් සටහනක් තබන ආකාරයද එහි සටහන්ව තිබේ.
පොලිස් නිලධාරීන්ගේ අනුමානය වී තිබුණේ සැකකරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ අභ්‍යාන්තරය පිළිබඳ හොඳින් දැන සිටි අයෙක් බවටය.
ඒ අනුව එහි මින්පෙර සේවය කළ අයගේ ෆේස්බුක් ගිණුම් පිරික්සීමට පොලිසිය පියවර ගත් අතර, ‘BAT MAN’ගේ රුව බහුල ලෙස සටහන්ව තිබූ ගිණුමක් පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
අදාළ සැකකරු 23 හැවිරිදි ‘ඛාලිද් රියාල් මුහෙයිදීන්’ නම් ‘සුඩාන එරිත්‍රියා සම්භවයක්’ සහිත අයෙකු බවට හඳුනා ගැනීමට පොලීසියට හැකිව ඇත්ත් ඒ අනුවය.
කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී අනාවරණ කර තිබුණේ, තමාගේ පියා මීට වසර කිහිපයකට පෙර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් උපදෙස් දෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි.
තමන් එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ බවත්, ඒ අනුව එහි සෙසු කාර්යාල, ආරක්ෂාව මෙන්ම යතුරු රඳවනය පිළිබඳවද දැනසිටි බවත් ඔහු අනාවරණ කර තිබේ.
සොරාගත් භාණ්ඩ ඉතා අඩු මුදලකට අලෙවි කර, එම මුදලින් කැසිනෝ ක්‍රීඩා කළ බවද ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.
+
අණ නොතැකූ මෝටර් රථයකට පොලීසිය වෙඩිතබයි
(23.01.2025 – 23:08 +0530 – hirunews.lk/sinhala)
පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට අද (23) රාත්‍රි 09:30 ට පමණ පොලීසිය වෙඩිතබා තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ක්‍රියාත්මක කළ හදිසි මාර්ග බාධකයකදී වෙඩි තැබීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
අදාල මාර්ග බාධකයක අසළින් ගිය කාර් රථයක් නැවැත්වීමට පොලිසිය අණ කර තිබෙනවා.
නමුත් නොනවත්වාම ධාවනය කළ රථය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් හඹාගොස් ඒ ආසන්නයේදීම වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
එහිදී වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කොට ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි ‘හිරු නිවුස්’ වෙත පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
එම කාර් රථය පරීක්ෂාවේදී නීති විරෝධී මත්පැන් අඩංගු පොහොර උර දෙකක් (2) තිබූ බවත් ඒ සමග සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසුවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴
මගී බස් රථයක් සහ බහාලුම් රථයක එකිනෙක ගැටෙයි
(23.01.2025 – 21:46 +0530 – sinhala.adaderana.lk)
කොළඹ – වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.
අද (23) රාත්‍රී 8 ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරත් සමග කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය ෴
+
+++
ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ප්‍රයිම් මුවර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (23.01.2025) පස්වරුවේ සිදුවූ අනතුර.
+
චතුරංග අබේසිංහගේ පොල් කිරි, සම්බල් කතාවට අසේලගෙන් දඩාර සැර කතාවක්. පොල් සම්බල් මාධ්‍ය හමුවට (23.01.2025)
+
+
ඉන්දුනීසියන් තරුණියන් තිදෙනෙකු ගණිකා වෘත්තීයේ යෙදවූ ස්පා හිමිකරුට අධිකරණයෙන් දැඩි දඬුවම්
(24.01.2025 – 16:19 +0530 – hirunews.lk/sinhala)
තෙරපියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු (3) ගෙන්වාගෙන වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම දඬුවම වසර 05 කින් ගෙවී යා යුතු බව නියෝග කළා.
දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට (3) රුපියල් දෙලක්ෂ පනස් දහස (2,50,000) බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළා.
2021 වසරේ ‘වලාන දූෂණ මර්දන ඒකකය’ විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් (3) යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.
විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ රට අපකීර්තියට පත් කරන බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පවසා සිටියා.
ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරුකොට දඩුවම් නියම කිරීමටද විනිසුරුවරයා තීන්දු කළා ෴
“දැන් ඉන්න ආණ්ඩුකාරයෙක් පොල් තොග පිටින් රට පටවනවා” – පොල් හිගය ගැන අසේල සම්පත් කියයි
(24.01.2025 – 13:18 +0530 – hirunews.lk/sinhala)
වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ද ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි වංචාව බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද සභාපතිවරයා පැවසුවා.
එහිදී අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් :
+
“පොල් ගස් කැපීමට පෙර අනිවාර්යයෙන් අවසර ලබා ගත යුතුයි” – පොල් සංවර්ධන මණ්ඩලය
(24.01.2025 – 10:59 +0530 – hirunews.lk/sinhala)
පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යයෙන් අවසරය ලබා ගත යුතු බව ‘පොල් සංවර්ධන මණ්ඩලය’ පවසනවා.
2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී ද අවසරයක් ලබා ගත යුතු නමුත් ජනතාවගේ නොදැනුවත් බව නිසා අවසරයකින් තොරව ගස් කැපීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය සදහන් කළේ.
ඒ අනුව නිසි අවසරයකින් තොරව පොල් ගස් කපන පුද්ගලයින් මාස 6 ක සිර දඩුවමකට යටත්විය හැකි අතර එක් ගසකට රු. 5000 ක දඩයක් ගෙවිය යුතු බව පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශිකාවක සදහන් කළා ෴
ගල්කිස්සේ ඝාතනය ගැන තවත් තොරතුරු එළියට
(24.01.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)
ගල්කිස්ස – සිරිපාල මාවත ප්‍රදේශයේදී පසුගිය 19 වනදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ සිදු කල වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරුට සහ පසු පැදිකරුට ගිනි අවිය සහ යතුරු පැදිය ලබා දීම මෙන්ම සැකකරුවන්ට නවාතැන් ගැනීමට පහසුකම් සලසා ඇත්තේ ද මොහු විසින් බවටයි හෙළි වී ඇත්තේ.
මෙම වෙඩි තැබීම විදේශ රටක රැදී සිටින අපරාධ කල්ලි සාමාජික වන ‘අසංක ෆොන්සේකා’ නොහොත් ‘බඩෝවිට අසංක’ හා ‘කවිදු ධනංජය’ නොහොත් ‘සැන්ඩා’ විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වුණා.
සිද්ධියට අදාළ වෙඩික්කරු ගිනි අවියද සමග එදිනම අත්අඩංගුවට ගැනුණු අතර පසු පැදිකරු පළා ගොස් තිබුණා. වෙඩි වැදීමෙන් මිය ගියේ බඩෝවිට, දෙවන අදියර ප්‍රදේශයේ පදිංචිසිටි 24 හැවිරිදි තරුණයෙක් ෴
මහනුවර සහ මහියංගන මාර්ග දෙකක් තාවකාලිකව වසා දැමෙයි
(24.01.2025 – 16:34 +0530 – sinhala.adaderana.lk)
මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට ‘මාර්ග සංවර්ධන අධිකාරිය’ පියවර ගෙන තිබේ.
මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ග වේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණි.
ඒ අනුව එම මාර්ගයන්ට ඉහළින් ඇති ගල් කොටසක් ඉවත් කරන තෙක් මාර්ගය මතුපිට ඇති ගල් ඉවත් කිරීම අවදානම් වන බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ නිර්දේශ කර තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු එම මාර්ග කොටසෙහි රථවාහන ධාවනය අත්හිටුවීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් මෙම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබේ ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴