විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි

විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි


විදෙස් තානාපති සේවයේ 16 ක් යළි ගෙන්වයි

(03.11.2024 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉරානය, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සීෂෙල්ස්, මැලේසියාව, කෙන්යාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ කියුබාව යන රටවල සේවය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙන්ම නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට තීරණය කර ඇතැයි පැවැසෙයි.

ඉහත රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ට එළැඹෙන දෙසැම්බර් මාසය වන විට සිය රාජකාරී කටයුතු අවසන් කරන ලෙස දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අවශ්‍යතා මත පුරප්පාඩු වන ධුර සඳහා විදේශ සේවයෙන් සහ අනෙකුත් වෘත්තීයන්ගෙන් බඳවා ගැනීම් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.

ඉදිරියේදී තානාපතිවරුන්ට සහ මහා කොමසාරිස්වරුන්ට විශේෂ කාර්යයන් පැවරෙනු ඇති බවත් ඒ අතරට නව රැකියා අවස්ථා සොයා බැලීම, ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජනයන් ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාව සඳහා නව වෙළඳපොළ හඳුනාගැනීම් සිදු කිරීම ඒ අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාට දිගටම එම ධුරයේ කටයුතු කරන ලෙස දන්වා ඇති බවද ඔහු පැවැසුවේය.

තවද සේවයේ නියුතු කොන්සියුලර් ජෙනරාල්වරුන් ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 16 දෙනකුගේ පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර ඇත ෴


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි

(02.11.2024 – lankadeepa.lk)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට (6) පෙර (2018) සූක්ෂම ලෙස ඝාතනය කර රුපියල් කෝටි සියයකට (100) අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ‘රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’ මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර මරණකරුට අයත් දේපළ ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් පවරාගෙන භුක්ති විදීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලමේ පිහිටි පර්චස් 13 ඉඩමක් හා හලාවත පිහිටි පර්චස් 20 හා පර්චස් 50 ඉඩම් දෙකක් සැකකරු විසින් ‘ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින්’ පවරා ඇතිකර ගෙන ඇති බව පැවසේ ෴


ජනපති අනුරගෙන් වැඩ හෙලිකල මට දිගින් දිගට තර්ජන – පාරේ යන්න නෑ – තැන තැන නවත්තලා වාහනය චෙක් කරනවා (03.11.2024)

+


එස්.ටී.එෆ්. ලොක්කාගේ ගිනි අවිය ‘ක්ලබ් වසන්ත ඝාතනය’ට යොදාගෙන?

(03.11.2024 – lankadeepa.lk)

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටි 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු (2) ඝාතනය සඳහා යොදාගත් අනෙක් ගිනි අවිය බවට සැක කරන බව ‘මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය’ කියයි.

ඒ සම්බන්ධයෙන් සැක හැර දැනගැනීම සඳහා ගිනි අවිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ටැටු කලාගාරය තුළ අපරාධයත් සමග විසිරී තිබූ හිස් පතුරම් කොපු මෙම ගිනි අවියෙන් නිකුත් වූ ඒවා දැයි වැඩි දුරටත් සොයා බැලීමට නියමිතය.

මෙම ගිනි අවිය යොදාගෙන ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා ද ඝාතනය කිරීමේ සූදානමක් අනාවරණය වී යැයි අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවකු වන ‘ගනේමුල්ල සංජීව’ යන අයගේ ගෝලයකු වන ‘ගම්පහ පැටි මංජු’ ගේ සහෝදරයකු වන දැනට විදේශගතව සිටින ‘කදමුල්ල ආරච්චිගේ දිනේෂ් වසන්ත’ යන අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

ඉකුත් ජුලි මස 08 වෙනි දින සිදු කළ එම වෙඩි තැබීමෙන් ‘වසන්ත සුරේන්ද්‍ර පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ සහ තවත් පුද්ගලයෙකු, එම ස්ථානයේදීම මියගිය අතර ජනප්‍රිය ගායිකා ‘කේ. සුජීවා’, ක්ලබ් වසන්තගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු (4) බරපතල තුවාල ලැබීය ෴


රටම කම්පා කළ දුන්හිඳ බස් අනතුරේ ප්‍රසිද්ධ නොවුණු කතාවක් අනතුර දැකපු අහපු ගමේ අය හෙළිකරයි (01.11.2024)

+++++++

+++++++

බදුල්ල මාරාණ්තික බස් අනතුරට හේතුව සහ අපිට ඉගෙන ගන්න තියෙන දේ (02.11.2024)

+


හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගෙන් ඩඩ්ලි සිරිසේනට චෝදනා

(03.11.2024 – 20:42 +0530 – sinhala.adaderana.lk)

වරින්වර නිර්මාණය වන වෙළෙඳපොළේ සහල් අර්බුදයට පැවති ආණ්ඩු වගකිව යුතු බවට මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ (02) කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පවසයි.

ඔහු අද (03) ප්‍රකාශ කළේ ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල්හිමියන් පස් දෙනෙක් (5) වරින්වර මෙම සහල් අර්බුදය ඇති කරන බවය.

පසුගිය කාලයේ වෙළෙඳපොළේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කෙරුණු අතර ඇතැම් සහල්වල හිඟයක් පැවතියේය.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

එහෙත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය නිමා වී හෝ පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුනොවන බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් චෝදනා කරයි.

මේ අතර වී තොග සහ සහල් තොග පිළිබඳ දත්ත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නියම කොට සතියක් ඉක්ම ගොස් ඇතත් තවමත් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී නොමැති බව වාර්තා වේ.

‘අද දෙරණ’ ඒ පිළිබඳ විමසූ විට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ වී තොග පිළිබඳ දත්ත වාර්තාව තවමත් සකස් කෙරෙමින් පවතින බවත් එය නොවැම්බර් 06 වනදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බවත් ය ෴


ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් නිවේදනයක්

(04.11.2024 – 08:28 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක පමණක් මුද්‍රණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

තමන් ඡන්දය ලබාදෙන පිළිගත් දේහපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ කතිර ලකුණ යෙදිය යුතු වනවා.

එමෙන්ම, අපේක්ෂකයන් තුන් දෙනෙකුට (3) සිය මනාපය පළ කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ සදහා ඡන්ද පත්‍රිකාවේ එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර ලකුණ යෙදිය යුතු බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

+


පාස්පෝට් පෝලිම අදත් (04) – ළඟදීම Online ටෝකන්

(04.11.2024 – 13:54 +0530 – sinhala.adaderana.lk)

දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍ය විජිත හේරත් මහතා කඩවත පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, හදිසි අවශ්‍යතාවයකට හැර නොවැම්බර් මාසය තුළ පාස්පෝට් ගැනීමට නොපැමිණෙන ලෙසය.

කෙසේ වෙතත් අදත් (04) බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියහ.

ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සීමාසහිතව නිකුත් කෙරෙන බැවින් අත්‍යවශ්‍යම කටයුතු වෙනුවෙන් පමණක් ප්‍රමුඛතාව දී ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන්නැයි රජය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් අද (04) දිනයේත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණි.

+


‘මිනෙත්’ හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි ‘මිනෙත්’ ගැන මෙතෙක් නෑසූ කතාව (04.11.2024)

+


හෙළයේ මහා ගාන්ධර්ව අමරදේවයන්ට උපහාර

(04.11.2024 – lankadeepa.lk)

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ 8 වැනි ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පිහිටි අමරදේව අසපුව පරිශ්‍රයේ ඉදිකළ සුසානඝරය වෙත පුෂ්පෝපහාර දක්වා ගෞරව දැක්වූහ.

ප්‍රවීණ ගායන ශිල්පීනී ආචාර්ය, විශාරද නන්දා මාලානී මහත්මිය, අමරදේවයන්ගේ පුතු රංජන අමරදේව සහ දියණිය ප්‍රමුඛ පවුලේ ඥෘතීන්, කාලා ශිල්පීන් ඇතුළු පිරිසක් එහිදී සුසානඝරයට පුෂ්පෝපහාර දැක්වූහ.

එම උත්සවයේ දේශනය මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා කළ අතර එහිදී ඒ මහතා අමරදේවයන්ගේ සංගීත හැසිරවීම ‘ප්‍රධාන සංගීත ආකෘති හතරයි, අමරදේව තවමත් තරුණයි’ යන තේමාව යටතේ සංගීතය සහ ගායනයන් මුසුකරමින් ඉදිරිපත් කිරීම කැපී පෙනුණි.

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ පුතු රංජන අමරදේව ස්තූති කථා කරමින් පැවසුවේ ‘අමරදේව අසපුව’ ජාතික වටිනාකමින් යුත් ස්ථානයක් ලෙස ඉදිරිවෙමින් ඇති බවත් එය පෞද්ගලික ස්ථානයක් නොව සියලුම දෙනාට වටිනාකමක් ඇති පොදු ස්ථානයක් බවත්ය. මෙම අවස්ථාවට සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ‘අමරදේව අසපුව’ කළමනාකරණ මණ්ඩල ප්‍රධානී මහාචාර්ය සුනිල් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන සිරි රණසිංහ සහ තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්වරු, සංගීතඥයන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *