නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ‘ලංකාව බංකොලොත්’ කියන්න පුදුම තදියමක් තිබුනේ..
නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ‘ලංකාව බංකොලොත්’ කියන්න පුදුම තදියමක් තිබුනේ..
(15.12.2023 – 15:50 +0530 – lankacnews.com)
දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18 ක වැට් බද්ද හා උපරිම බදු පැනවීම මගින් මෙන්ම, ආනයනය දිරිමත් කෙරෙන අයවැය යෝජනා ඇතුළු සමස්ත අයවැය මගින් මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා ඇතැයි ‘උත්තර ලංකා සභාගයේ’ සභාපති, ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් 13 වැනිදා සිය කතාව සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය :
IMF කියන විදියට යනවා නම්…
“අපේ ‘ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරීන්’ගේ කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. අපි දන්නවා, මහ බැංකු අධිපති ධුරයට ආපු ‘නන්දලාල් වීරසිංහ’ ඉතාමත් කලබලයෙන් ‘ශ්‍රී ලංකාව බංකොලොත්’ කියලා ප්‍රකාශයට පත් කළේ එවකට අමාත්‍ය මණ්ඩලය හෝ මේ පාර්ලිමේන්තුව හෝ දැනුම්වත් කරලා නොවෙයි. පාකිස්ථානයත් මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වුණාම ගියා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම පාකිස්ථානයට බලපෑම් කළා, ‘ශ්‍රී ලංකාව වගේ ඔයගොල්ලොත් ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. නමුත් පාකිස්ථානය ඒ බරපතළ තීරණය ගත්තේ නැහැ. ඔවුන් දන්නවා එවැනි තීරණයක් ගත්තොත් ඉන් ඇති වන පලවිපාක ඉතාමත් දරුණුයි කියලා. නන්දලාල් වීරසිංහ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ඔඩොක්කු කුක්කෙක්’ පාකිස්ථානයේ හිටියේ නැහැ. ඒ නිසා පාකිස්ථානය ඒ තීරණය නොගෙන චීනය, සවුදි අරාබිය, කටාර් වැනි රටවල සහයෝගය ලබාගෙන, විදේශ විනිමය සංචිතය තරමක් දුරට හෝ ශක්තිමත් කරගෙන, ණය ගෙවාගෙන, එදිනෙදා වියදම් දරාගත හැකි මට්ටමේ තත්ත්වයක් කෙටි කාලීනව නිර්මාණය කරගත්තා. එහෙම කළේ අර්බුදයෙන් ගොඩඒමේ උපායමාර්ගික සැලැස්මක් ද සහිතවයි. රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළාට පසුව ජාත්‍යන්තර අරමුදලේ පදයට නටනවා හැරෙන්න තමුන්නාන්සේ (බන්දුල ගුණවර්ධන මහතා) කියන ‘සුබ අනාගතය’ නම් නිර්මාණය වෙයි කියලා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර ‘කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ’ කියනවා වගේ ‘IMF කියන විදියට යනවා නම් විඳවාපන් බළලෝ’ කියා පමණයි.
දේශීය නිෂ්පාදන පද්ධතිය විනාශයි!
හොඳට බලන්න, මේ අයවැයෙන් සිදු කර ඇත්තේ දේශීය නිෂ්පාදන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටවීමයි. ආණ්ඩුව ගහන තරමක් බදු ගහන්නේ දේශීයව නිපදවන දෙයටයි. දේශීයව නිපදවන දියර කිරි ටිකට, පොල් කිරි ටිකට, සීනිවලට, ටින් මාළුවලට, සීඑෆ්එල් බල්බ් එකට, බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණවලට බදු පිට බදු ගහනවා. කඩදාසිවලට බදු පිට බදු ගහලා රටේ ප්‍රකාශන කර්මාන්තය නැත්තටම නැති කරනවා. පාසල් පොත් ටික අරගෙන දරුවන්ට පාසල් යන්න බැරි කරනවා. උදළු තලය ඇතුළු කෘෂිකාර්මික ආම්පන්නවලට සියයට දහඅටක (18%) වැට් බද්ද ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂි කර්මාන්තයෙන් ඉවතට ඇද දානවා. අවසානයේ අපේ කෘෂි කර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දෙනවා. ඒ ග්‍රාමීය ගොවි ජනතාවට වගාබිම් අහිමි කරලා, ඔවුන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වහල් සේවයේ යෙදවීමට අවශ්‍ය පරිවර්තනය තමයි මේ සිදු කරමින් ඉන්නේ.
‘තුන’ ගන්න කරන දේ…
මේ විදිහට බදු ගැහුවාම එම භාණ්ඩ හා සේවාවල පරිභෝජනය අඩුවෙනවා. මතක තියාගන්න, පරිභෝජනය අඩු වෙනකොට ඔය කියන බදු ඉලක්ක සම්පූර්ණ කරගන්නත් බැරි වෙනවා. IMF එකේ දෙවැනි ණය වාරිකය ගන්න බලාගෙනනේ මේ ආණ්ඩුව මේ විදිහට කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනත් සම්මත කරගත්තේ. තුන්වන වාරිකය ගන්න නම් තවත් ටිකක් ජනතාවගේ බෙල්ල මිරිකන්න වෙනවා. මේ ආණ්ඩුවට අද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තිබෙන උපායමාර්ගික සැලැස්ම ඇතුළේ තිබෙන්නේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම පමණයි. මේ බදු ගහන විදියට දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තකරුවා බලනවා ව්‍යාපාරය විකුණා දමන්න. මිලදී ගන්න කෙනෙක් ලංකාවේ නැති වෙනකොට විදේශිකයෙකු තමයි ඉදිරිපත් වන්නේ. අද රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විදෙස් සමාගම් අතට යනවා වගේම ඉදිරියේදී පෞද්ගලික ව්‍යවසායන් ද කරගෙන යන්න බැරි වුණාම ඒවාත් යන්නේ විදේශිකයෙකු අතට කුණුකොල්ලයටයි.
දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය
මහාවංශය කියවනකොට අපට මුණගැහෙනවා ‘පළමුවැනි දාඨෝපතිස්ස’ කියලා රජ කෙනෙක්. ඔහු ථූපාරාමය කොල්ලකාලා එහි රන්කොත ගලවලා විකුණුවා. තවත් රාජ්‍ය සම්පත් කොල්ලකාලා විකුණුවා. දැන් මේ යන පරිච්ඡේදය අපට පෙනෙන්නේ ‘දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය’ විදියට. තවම ථූපාරාමයේ රන්කොතට අත නොතිබ්බාට මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ලම විකිණීම, ගහන්න පුළුවන් උපරිම බදු ටික ගහන එක අද සිදු වෙමින් තිබෙනවා. මේ අයවැය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අයවැයක්. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ, ‘ජනතාවට ගොනා අනින’ පාට් එකයි.
IMF නෙයියාඩගමෙන් සුගතියක් වෙන්නේ නැහැ!
ලබන අවුරුද්දෙත් අපි සාම්ප්‍රදායිකව කියයි, ‘සුබ අලුත් අවුරුද්දක් වේවා!’ කියා. නමුත් එළඹෙන්නේ මෑත අවුරුදු කිහිපය හා සැසදුවත් ඉතාමත් පීඩාකාරී, සෑම සමාජ ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට කඩා වැටෙන, එසේ පහළට කඩා වැටෙන සමාජ ස්තරයන් විසින් ඉතාම දරුණු ප්‍රතික්‍රියාවලට යාමට ඉඩකඩ තිබෙන වසරක්. මේ පිළිබඳව ගැඹුරින් නොසිතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන මේ නෙයියාඩගමෙන් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ, කියා අවධාරණය කරනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
+
ලිංගික කටයුතු ගැන දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව හෙළිවෙයි
(15.12.2023 – 16:24 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 14-16 ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසු සිසුවියන් 72 ක් යොදා ගනිමින් ප්‍රශ්න 50 ක් යොමුකර ලබාගත් පිළිතුරු විශ්ලේෂණය කිරීම හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සමීක්ෂණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව වෙනුවෙන් සිදුකර ඇති අතර ඒ සඳහා පිරිමි ළමයින් 36 දෙනකු සහ ගැහැනු ළමයින් 36 දෙනකු සම්බන්ධ කරගෙන ඇති බවද සඳහන්.
එමෙන්ම මේ සඳහා සිංහල ජාතික සිසුන් 30 ක් මුස්ලිම් ජාතික සිසුන් 30 ක් සහ දෙමළ ජාතික සිසුන් 12 ක් සම්බන්ධ කර ගෙන තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ ස්ත්‍රී දූෂණයකින් (වයස අවුරුදු 16 ට අඩු කාන්තාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදීම) පසුව සිදුවන ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට මෙරට නීතියෙන් අවසරයක් නොමැති බව දැන සිට ඇත්තේ 20.8% ක ප්‍රතිශතයක් බවයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් ස්ත්‍රියකට විවාහ විය හැකි අවම වයස අවුරුදු 12 ක් වන අතර, කාතිවරයාගේ අනුමැතියට යටත්ව වයස අවුරුදු 12 ට අඩු ස්ත්රීන්ට ද විවාහ වීමට අවසර හිමි වෙනවා.
මේ සම්බන්ධයෙන් නිසි දැනුමක් තිබී ඇත්තේ 72 දෙදෙනාගෙන් දෙදෙනකුට (2) පමණියි.
ඒ අනුව ප්‍රතිශතයක් ලෙස 97.3% කට මේ සම්බන්ධව දැනුමක් නොමැති බවයි සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.
ස්ත්‍රී දූෂණයකදී ලබාදෙන දඬුවම අවුරුදු 10 සිට 20 දක්වා සිරදඬුවමක් වන අතර, ඒ සම්බන්ධයෙන් දැන සිට ඇත්තේ 58.3% ක් පමණයි.
ස්ත්‍රී දූෂණයකදී නෛතික කටයුතු කරා යොමු වීමට වින්දිත ස්ත්‍රියගේ කැමැත්ත අත්‍යවශ්‍ය නොවන අතර, ඒ බව දැන සිට ඇත්තේ සමීක්ෂණයට එක් වූ පිරිසෙන් 34.7% කි.
එමෙන්ම බාලවයස්කාර දැරියක් ගැබ් ගත් අවස්ථාවක ගැබ විනාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව නොහැකි බව මෙම පිරිසෙන් අවබෝධය තිබී ඇත්තේ 20.8% ක පිරිසට වීම ද විශේෂයක්.
කෙසේ වෙතත් වෛද්‍ය පාලිත බණ්ඩාර පෙන්වා දෙන්නේ ලිංගික චර්යාවන් සහ ඒ හා සම්බන්ධිත නීතිය පිළිබඳ දැනුම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් වී ඇති බවයි ෴
විදුලි බල ක්ෂේත්රයේ තවත් හොර මගඩියක් විපක්ෂ නායකවරයා හෙළි කරයි
(15.12.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)
මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100% ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ට්‍රේලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹිමට රජය කටයුතු කර ඇති බවත් එය තවත් අන්ත දුෂිත ගණුදෙනුවකට මුල පිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.
2022 ජුනි 09 වැනිදා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන අවස්ථාවේ විපක්ෂය විසින් මෙගාවොට් 10 ට වැඩි පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිවලට ප්‍රසම්පාදන ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කළත් එම යෝජනාවට මුල් අවස්ථාවේ විෂය බාර අමාත්‍යවරයා කැමති වී පසුව එයට විරුද්ධ වූ බවයි එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ.
ඔහු සඳහන් කර සිටියේ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ රටට සම්පතක් නමුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ද තරගකාරීත්වය ඉවත් කිරීම නිසා මේ වන විට මාෆියාවක් ක්‍රියාත්මක වන අතර තමන්ට හිතවත් පුද්ගලයන්ට සහ සුදුසුකම් නොමැති ආයතනවලට මෙම අවසර බලපත්‍ර ලබා දී එම බලපත්‍ර නැවත විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.
පුනකරි වැව ආශ්‍රිතව සිදු වන මෙම ව්‍යාපෘතිය අන්ත දූෂිත බවත් මෙය තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව තමන්ට හිතවත් පාර්ශ්වයක් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක කරන බවත් එය රටට හානියක් බවත් ඒ සම්බන්ධයෙන් කැබිනට් ලේකම්වරයා ප්රමුඛ මෙයට සම්බන්ධ සියලුම නිලධාරීන් රටට වගකිවයුතු බවත් විපක්ෂ මෙහිදී අවධාරණය කර සිටියා.
රජය විසින් තෝරා ගත් මෙම ආයතනයට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට හැකියාවක් ඇත් ද කියා කිසිදු අධ්‍යයනයක්, පර්යේෂණයක් සිදු කර නොමැති බවත් ‘යුනයිටඩ් සෝලර් එනර්ජි ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්’ නම් මෙම ආයතනයේ වෙබ් අඩවියට අනුව ඔවුන් සිදු කළ කිසිදු ව්‍යාපෘතියක් සම්බන්ධ තොරතුරු සනාථ කළ නොහැකි බවත් ඔවුන් රටවල් 20 ක මහද්වීප 6 ක ව්‍යාපෘති 37 ක් සිදු කර ඇති බවට සදහන් නමුත් ඒ සම්බන්ධ කිසිදු භෞතික සාක්ෂියක් සොයා ගත නොහැති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔහු ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ ‘යුනයිටඩ් සෝලා ඉන්වෙස්ට්මන්ට්’ නම් ආයතනය ඔස්ට්‍රේලියානු රජය විසින් 2023 මාර්තු 15 වැනිදා සිට වංචාකාරි ආයතනයක් ලෙස නම් කර එම ආයතනය සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බැවින් මේ සම්බන්ධයෙන් රටට සත්‍ය හෙළි කරන ලෙසයි ෴
මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීමට විශේෂිත දුරකථන අංක ජාලයක්
(15.12.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත දුරකථන අංක ජාලයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
අලුතින් පිහිටුවන ලද මෙම දුරකථන මාර්ග ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, නීතිය ක්‍රියාත්මක කරන්නන් සමඟ අත්‍යවශ්‍ය තොරතුරු බෙදා ගැනීමට පුරවැසියන්ට සෘජුව සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා.
මේ වන විට කොට්ඨාශ 45 කට ඒ සඳහා නිශ්චිත දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.
ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටලු විසඳීමට සහ මැඩපැවැත්වීමට අඛණ්ඩව දරන ප්‍රයත්නයන්හිදී ප්‍රජා සහභාගීත්වය සහ පොලිසිය සමඟ සහයෝගීතාව දිරිමත් කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.
මෙම කොට්ඨාශ තුළ වෙසෙන පුද්ගලයින්ට තම ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ සැක කටයුතු ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහි සටනේදී ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීමට සහ පුරවැසියන්ගේ සාමූහික ප්රයත්නයන් ඉහළ නැංවීමට පොලිසියේ උපායමාර්ගික පියවරක් මෙය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
Email : ops.narcotics@police.gov.lk
රැකවරණයක් නොමැති දරුවෙක් දොඩන්ගොඩ දී හමුවෙයි
(15.12.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)
හය-හතර නොතේරෙන දරුවෙකුට මවගේ රැකවරණය අහිමි වීම බරපතල ඛේදවාචකයක් වුවත් තවත් එවැනි පුවතක් කළුතර – දොඩන්ගොඩ ප්‍රදේශයෙන් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
රැකවරණය අහිමිවූ අවුරුදු එකහමාරක් (1½) මෙම දරුවා හැදී වැඩෙන්නේ වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගයකින් සහ අංශභාග රෝගී තත්ත්වයකින් පසුවන තම පියා, මිත්තනිය සහ සීයා සමඟයි.
මාස 6 දී මව මෙම දරුවා හැර දමා නිවසින් පිටව ගොස් ඇත්තේ තම සැමියා වකුගඩු රෝගයෙන් පෙලීම සහ ඔහුගේ මවුපියන් පිළිකා රෝගයෙන් සහ අංශභාගයෙන් පෙළීමත් සමඟ ඇතිවූ දුෂ්කරතා හමුවේයි.
වකුගඩු රෝගයෙන් පෙළෙන පියා වරින් වර රෝහල් ගත වන පසුබිමක දරුවා රැක බලා ගන්නේ රෝගී මිත්තනිය සහ සීයා විසින්.
අංශභාග රෝගය වැළඳී ඇති සීයාට නිසි පරිදි වචන උච්චාරණය කිරීමට නොහැකි අතර බහතෝරන වියේ පසුවන මෙම දරුවා මේ වන විට ඔහුගේ කථන විලාශය අනුකරණය කරමින් සිටීම ද කණගාටුදායක කරුණක්.
මෙම නිවසේ වැඩිහිටියන් තුන්දෙනාම (3) රැකියාවක නිරත වීමට නොහැකි තත්ත්යක සිටින අතර, අසල්වැසියන්ගේ උපකාර මත ජීවත්වන ඔවුන්ගේ නිවසේ විදුලිය ද බිල නොගෙවීම නිසා විසන්ධි කර තිබෙනවා.
+
තැඹිලි අපනයනය ඉහළට
(15.12.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)
මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ වැවිලි භෝගයක් ලෙස තැඹිලි වගා කිරීමට සියලු පියවර ලබා කටයුතු කරන බවයි.
2022 වසරේ දී රුපියල් බිලියන දෙකක (2) ආදායමක් මෙයින් උපයා ඇති බවයි වාර්තා වන්නේ.
තැඹිලි වගාව මේ වසරේ ආදායම ඉහළ ගොස් ඇති බව සඳහන්.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ලොව රටවල් ගණනාවක්ම තැඹිලි වගා කිරීමට උත්සහා කර ඇති අතර, එය ආසර්ථක වී ඇති බවයි ෴
සම්මේලනයට මිනිස්සු කොහෙන්ද ගෙනාවේ ? වාහන, කැමරා උපකරණ කොහෙන්ද ? මේක නාගරික සංවර්ධන අධිකාරියේ වැඩක්ද ? (15.12.2023)
+++++++++
+
මිහින්තලෙන් හමුදාව ඉවත් කිරීම බුද්ද ශාසනයෙන් පලිගැනීමක්.. ශබ්ද පූජාවවත් තියන්න විදිහක් නෑ…
(16.12.2023 – 00:02 +0530 – lankacnews.com)
මිහින්තලා පූජා බිමේ ආරක්ෂාවට පොලිසියේ පිරිස් පමණක් ප්‍රමාණවත් නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.
මේ ආකාරයේ කටයුතු මගින් ආණ්ඩුව දිගින් දිගටම සම්බුද්ධ ශාසනයෙන් පළිගනිමින් සිටින බවටද උන්වහන්සේ චෝදනා කළහ.
මිහින්තලා පූජාභූමිය ආරක්ෂාව තර කර යුතු බවත් ආරක්ෂාව නැතිවූ විට ගස් කපන බවත්, නිදන් හාරන බවත්, දඩයමේ යන බවත්, කප්පම් ගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.
උන් වහන්සේ මේ බව සඳහන් කළේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකිමින් අදහස් පළ කරමිනි.
++++++++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴