හෙට (31) GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) වැඩවර්ජනයක්
(30.10.2025 – 09:43 +0530 – sinhala.adaderana.lk)
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවය.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව දැනුම්දුන්නේය.
+++
+
උපකුලපතිවරයෙක් ඉල්ලා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධයේ
(30.10.2025 – 17:30 +0530 – sinhala.adaderana.lk)
වසරකට (1) ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබීය.
උපකුලපතිවරයෙක් නොමැතිවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සුබ සාධන කටයුතු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, අධ්‍යන පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඔවුන් පවසයි.
මෙම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන හා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්යවරු එක්ව සිටියහ.
ඒ අනුව ඔවුන් අද (30) අධ්‍යයන, පර්යේෂණ හා පරිපාලන සියලු කටයුතුවලින් ඉවත්ව සිටියහ.
මීට මාස හතරකට (4) පමණ පෙර රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පාලක සභාවට උපකුලපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
අනතුරුව පාලක සභාව විසින් උපකුලපති තනතුරට තුන්දෙනෙකු (3) නිර්දේශ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති, නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තවමත් ඒ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති බව සඳහන්.
ඔවුන් පවසා සිටින්නේ එළැඹෙන සඳුදා (03) වනවිට විසඳුම් නොලැබුණහොත්, ආචාර්යවරුන් විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවය.
+++
+
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය
(30.10.2025 – 15:59 +0530 – sinhala.adaderana.lk)
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් ‘විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව’ මගින් හඳුන්වාදී තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතී ෴
ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැරසෙයි
(30.10.2025 – 12:42 +0530 – sinhala.adaderana.lk)
ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, ඇතුළු කුලි රථ ගමන් සේවාවන් නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසයි.
ඔහු, අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදුකරන අතර එම වැඩසටහන නොවැම්බර් පළමුවැනිදා (01) සිට ආරම්භ කරන බවය.
ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා :
“ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ විශේෂ චාරිකා සේවා නියාමනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ආරම්භ කළේ. පොදුවේ මේ කේෂ්ත්‍රයේ නියැලෙන විශාල සංඛ්‍යාවකගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නොවන ප්‍රවාහන සේවකයින්ගේ මණ්ඩලය ලෙස ආයතනයක් පිහිටුවීමට කටයුතු කරනවා. ඒ තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම තහවුරු කිරීම වෙනුවෙන් මෙහි මූලික කටයුතු ආරම්භ කළා.”
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා :
“ත්‍රීරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා කුලී රථ සහ විශේෂ චාරිකා සේවා යන කොටස්වල දත්ත එක්රැස් කිරීම සිදුකරනවා. මෙහිදී අපි ඒ සඳහා රාජ්‍ය ආයතනවල හා රථගාල්වල ස්ටිකරයක් ප්‍රදර්ශනය කරනවා. එහි සඳහන් උපදෙස් අනුව තොරතුරු යොමු කරන්න.දත්ත රැස්කිරීම නොවැම්බර් 01 වෙනිදායින් ඇරඹෙනවා.”
අසේල සම්පත් ඒකාබද්ධ විපක්ෂය විවේචනය කරයි (30.10.2025)
+
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන
(30.10.2025 – hirunews.lk)
අන්තර්ජාලය මඟින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අමතර රැකියා අවස්ථා ලබා දෙන බව පවසා රුපියල් 260,750 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට නියෝග කළා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කළා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කළ සිටියේ, අන්තර්ජාලය මඟින් ‘මාර්ග ගත ක්‍රමය’ ඔස්සේ අමතර රැකියා අවස්ථාවන් මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා පැමිණිලිකාරියගේ මුදල් වංචා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා ෴
මහ බැංකු බැඳුම්කර වංචාවේ මෙතෙක් ලබා නොදුන් ගිණුම් වාර්තා ලබා දෙන්න නියෝග
(30.10.2025 – hirunews.lk)
මුදල් විශුද්ධිකරණ පනත යටතේ 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත මෙතෙක් ලබා නොදී තිබෙන ගිණුම් වාර්තා එම දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය’ට නියෝග කළා.
සිද්ධියට අදාළ ගිණුම් වාර්තා කීපයක් තම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට අධිකරණය මගින් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කර තිබූ බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තම දෙපාර්තමේන්තුව වෙත ඇතැම් ගිණුම් වාර්තා ලබාදී ඇති නමුත් ‘පර්පචුවල් ටෙෂරීස් සමාගම’ට අයත් හා ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් තවත් ගිණුම් වාර්තා කිහිපයක් විමර්ශන කටයුතු සඳහා ලබාගත යුතුව ඇති බවයි, විමර්ශන නිලධාරීයා අධිකරණයට දැන්වා සිටියේ.
එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මෝසමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය ඉල්ලා සිටින ගිණුම් වාර්තා එම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස ‘පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම’, එම සමාගමේ අධ්‍යක්ෂ ‘අර්ජුන් ඇලෝසියස්’, හිටපු මහා බැංකු අධිපති ‘අර්ජුන් මහේන්ද්‍රන්’ ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු (7) නම් කර ඇති බවත් මෙම අපරාධය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවද අධිකරණයෙන් අනාවරණය කෙරුණා ෴
16 දරුවාට දතක් කැඩෙන්න ගහලා
(30.10.2025 – hirunews.lk)
වයස අවුරුදු 16 ක්වූ දරුවකුගේ දතක් ගැලවෙන්නට අත මිට මොළවා පහර දුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
ඉකුත් 29 වැනිදා උදේ 10:00 ට පමණ කළුතර විද්‍යාල පාරේදී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
දොඩම්ගොඩ, සපුගහවත්තේ පදිංචි දරුවාගේ මව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
තමා වෑන් රියක් සහ බස් රථයක් යොදවා කළුතර නගරයට පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බවත්, බස් රථයේ තමාද, වෑන් රථයේ තම මවද සහයිකාවන් ලෙස කටයුතු කරන බවත්, මවට අසනීප නිසා ඉකුත් 29 වැනිදා වෑන් රථයේ සහයක වශයෙන් තම පුතා පැමිණි බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
මෙම පාසැල් වාහන කළුතර විද්‍යාල පාරේ නවතා තැබෙන අතර තමා පුද්ගලික කටයුත්තකට උදේ 09:30 ට පමණ කළුතර නගරයට ගිය බවත් ,එවිට බස් රථයේ රියැදුරු කතා කොට පුතාට කිසිවකු පහර දෙන බව කී නිසා ත්‍රීවීල් රථයකින් එනවිට කිසියම් පුද්ගලයෙකු අඩි 4½ ක් පමණ දිග යකඩ බටයක් ගෙන පුතාට පහරදීමට තැත් කළ බවත්, පසුව තමා යකඩ බටය පසෙකට ගත් විට ඔහු මිට මොළවා ගැසූ පහරින් පුතාගේ දතක් ගැලවී බිම වැටුනු බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වුණා.
දකුණු කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා යන නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
පිල්ලයාන් බලන්න ගම්මන්පිල CID යයි – පිල්ලයාන්ගේ එකම ප්‍රාර්ථනාව මෙන්න
+
පොලිස්පතිවරයා CID එකට පැමිණිලි කරයි – පොලිස්පතිට වෙන්න යන වැඩේ මෙන්න (30.10.2025)
+
මූල්‍ය වංචාවකට සුරාබදු නිලධාරීන් 05 ක් රිමාන්ඩ්
(30.10.2025 – hirunews.lk)
නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් (2) රුපියල් දස කෝටි විසි ලක්ෂයකට (10,20,00,000) අධික මුදලක් කොල්ලකෑ බව කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරින් පස් දෙනෙකු (5) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පස් දෙනෙක් (5).
එම සැකකරුවන් අතර සුරාබදු පරීක්ෂකවරයෙකු (1) හා කෝප්‍රල්ලා හතර දෙනෙක් (4) සිටින බව ද පොලිස් මූලස්ථානය පවසනවා.
මෙම සැකකරුවන් පස් දෙනා කොළඹ 11, හෙට්ටිවීදිය ප්‍රදේශයේදී රන් භාණ්ඩ වෙළෙඳසල් දෙකකින් රුපියල් දසකෝටි විසි ලක්ෂයක මුදලක් (102,000,000) ඉකුත් ජුනි මස 05 වැනි දින කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
සැකකරුවන් අවුරුදු 30 ත් 46 ත් අතර වයස්වල පසුවන කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව හා මඩකලපුව ප්‍රදේශ වල පදිංචි සුරාබදු පරීක්ෂකවරයෙකු හා සුරාබදු කෝප්‍රල්වරුන් සිව් දෙනෙකු වන බවද පොලිසිය පවසනවා.
මෙම සැකකරුවන් විසින් ඉහත රන් භාණ්ඩ වෙළෙඳසල් දෙකකට (2) නීත්‍යාණුකූල වැටලීමක් සිදු කරනු ලබන ආකාරයෙන් පැමිණ එම වෙළෙඳසල්වලින් මුදල් රුපියල් දස කෝටි විසි ලක්ෂයක් හා සේවකයින් ඇතුළු පුද්ගලයින් 07 දෙනකු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
එම පුද්ගලයින් 04 දෙනෙකු සන්තකයේ නීති විරෝධී සිගරට් තිබූ බවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව කොල්ලකන මුදලින් රුපියල් කෝටි පහක (5,00,00,000) මුදලක් නැවත ඔවුන්ට ලබා දී ඇති බවට ද වීමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
විද්‍යුත් සංචාරයට අදාළ ගැසට් පත්‍රය අවලංගුයි
(30.10.2025 – hirunews.lk)
ඔක්තෝබර් 15 වැනි දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම කෙටි කාලීන සංචාරකයින් (සංචාරක සහ ව්‍යාපාරික) සඳහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කරමින් ඔක්තෝබර් 13 වැනි දින නිකුත් කරන ලද නිවේදනය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴
සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකුට රැඳවූම් නියෝග
(30.10.2025 – hirunews.lk)
විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ ඍජු සම්බන්ධතා පවත්වමින් සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට අනුබල දුන් බව කියන සැකකරුවෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව දින 90 ක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව එම අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් දයාරත්න හමුවේ අද (30) දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම අපරාධ කොට්ඨාශය අධිකරණය හමුවේ කියා සිටියේ මෙරට අවි ආයුධ යොදා ගනිමින් පසුගිය කාල සීමාව තුළ සිදු කර තිබෙන සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතනවලට මෙම සැකකාර පුද්ගලයා ආධාර අනුබල ලබා දී ඇති බවට කරුණු අනාවරණය වන බවය.
සිදු කර ඇති මෙවැනි අපරාධ සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයාගෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කරගත යුතුව ඇති බැවින් එසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.
විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴