ව්‍යාජ මංගල දැන්වීම් පළ කර රු. ලක්ෂ තුනක (3) මුදලක් වංචා කරලා

ව්‍යාජ මංගල දැන්වීම් පළ කර රු. ලක්ෂ තුනක (3) මුදලක් වංචා කරලා


ව්‍යාජ මංගල දැන්වීම් පළ කර රු. ලක්ෂ තුනක (3) මුදලක් වංචා කරලා

(28.10.2025 – hirunews.lk)

පුවත්පතක සිය දියණියව විවාහ කර දෙන බව පවසා බිරියගේ තොරතුරු ඇතුළත් ව්‍යාජ මංගල දැන්වීමක් පළ කර පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනකට (3) ආසන්න මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන අඹු සැමි යුවළකට දඬුවම් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ජනවාරි මස 06 දින දක්වා කල් තැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොළඹ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බව කියන අඹුසැමි යුවළකට එසේ දඬුවම් කිරීමට දින නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පිටකොටුව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර අඹුසැමි යුවළ සිය දියණියට සහකරුවෙකු සොයන බවට සඳහන් කරමින් ව්‍යාජ මංගල දැන්වීමක් පුවත්පතක පළ කර ඇති බවය.

සිය දියණියට සහකරුවෙකු සොයන බවට පළ කළ දැන්වීමෙහි දියණිය බව හඟවමින් සැකකාර ස්වාමිපුරුෂයා විසින් සැකකාර බිරියගේ ජංගම දුරකථන අංකය ඇතුළු තොරතුරු අදාල පුවත්පතේ පල කර ඇති බවත් ඔවුන් දෙදනා දැනුවත්ව එම වංචාව කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකාර අඹුසැමි යුවල එක්ව පුවත්පතේ පළ පළ කළ දැන්වීම දුටු පුද්ගලයෙකු දියණිය නමින් හැඳින්වූ එම සැකකාර බිරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇති බවත් පසුව දෙදෙනා අතර සුහදතාවය වර්ධනය වීමෙන් අනතුරුව පැමිණිකරු සමග විවාහවීමට කැමති බව සැකකාර බිරිය පැමිණිලිකරුට දන්වා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූවා.

විවාහවීමට පෙර අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා තමන්ට මුදල් අවශ්‍ය බව එම සැකකාර බිරිය පැමිණලිකරුට දැනුම් දීමෙන් අනතුරුව පැමිණිලිකරු සැකකාර බිරියගේ ගිණුමට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක (2,70,000) මුදලක් බැර කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

අඹුසැමි යුවළ ඔවුනොවුන් දැනුවත්ව මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද බාරගන්නා බවත් වංචා සහගතව ලබාගත් මුදල් නැවත පැමිණිලිකරුට ලබාදීමට තමන් සූදානම් බවට සැකකාර අඹු සැමි යුවළ සිය නීතිඥ නාලක ජයසිංහ මහතා මගින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දඬුවම් නියම කිරීම ජනවාරි මස 06 දින දක්වා කල් තැබූවා ෴


අල්ලස් ගත් කෘෂි පර්යේෂණ සහකාර නිලධාරියා රිමාන්ඩ්

(28.10.2025 – hirunews.lk)

වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටි අක්කර දොළහකින් (12) යුත් ඉඩමක් නීත්‍යානුකූලව පවරා දිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තිස්පහක (35) මුදලක් ඉල්ලා ඉන් රු. ලක්ෂ දොළහක (12) මුදලක් ලබාගත් බව කියන දියලුම කෘෂි පර්යේෂණ සහකාර නිලධාරියෙකු නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.

දියලුම ප්‍රදේශයේ කෘෂි පර්යේෂණ අංශයේ සහකාර නිලධාරියකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක තාවකාලිකව වගා කටයුතුවල නිරතව සිටින පුද්ගලයෙකු අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයා ඉහත සඳහන් කළ ප්‍රදේශයේ පිහිටි අක්කර දොළහකින් (12) යුත් ඉඩමක තාවකාලිකව වගා කටයුතුවල නිරත වෙමින් සිට ඇති බවය.

පැමිණිලිකාර පුද්ගලයාට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව තිබූ එම ඉඩමට නීත්‍යානුකූල අයිතියක් ලබාදිය හැකි බව පවසා ඇති සැකකාර පුද්ගලයා එම කටයුත්ත කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ තිස්පහක (35) මුදල ඉල්ලා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

ඊට එකඟතාවය පළ කර ඇති පැමිණිකාර පුද්ගලයා එම රු. ලක්ෂ තිස්පහක (35) මුදලින් රුපියල් ලක්ෂ දොළහක (12) මුදලක් පළමුව ලබාදිය හැකි බවත් ඉතිරි මුදල දෙවනුව ලබාදෙන බවට සැකකරුට පවසා ඇති බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූවා.

පසුව පැමිණිලිකාර පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම් දීමෙන් අනතුරුව එම කොමිසමේ නිලධාරීන් විසින් උපාය දූතයන් යොදවා සැකකාර කෘෂි පර්යේෂණ සහකාර නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන (7) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන විස්තර නියෝග කළා ෴


සිවුරෙන් මුහුණ වසාගත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගෙන් රටම කැළඹෙන ප්‍රකාශ රැසක් එළියට (28.10.2025)

+


පොලිස්පති කරපු ප්‍රකාශය පත්තු වෙයි – ප්‍රශ්න හමුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිරවෙයි (28.10.2025)

+


තරුණ සේවා සභාවත් පැලවත්තේ කුස්සියට ? (27.10.2025)

+

ගාල්ල මාතර හම්බන්තොට දකුණෙ උන්ට දැන් සැපද? (28.10.2025)

+


යුනිෆෝම් හොඳ නැත්නම් හොඳ මල්ටිෆෝම් ද ? සාමකාමී සමාජය අවුල් කරන්නේ කවුද ? (27.10.2025)

+

ලංකාවේ කෝටිපති පිරිමි සහ ‘ස්වීට් – lemans – ලෙමන්ස්’… CIDය නොදන්නා ක්‍රීම් විෂම චක්‍රය (28.10.2025)

+

ෆාතිමා තරඟ දුවන්නෙ සාමාන්‍ය ක්‍රීඩා ඇඳුමෙන් නේද ? (27.10.2025)

+

අනේ කොට්ටආච්චි, ඕගොල්ලො දැන්මම බයවෙලානේ… ඒකාබද්ධ විපක්ෂය නොවැ. 21 නුගේගොඩට (28.10.2025)

+

අපි දෙන්නම බ# ගහනවා, ඒක නවත්තන්ඩ බෑනෙ… රන්ජන් රාමනායකගේ අමිල ජනතා සේවයෙන් බිඳක් (28.10.2025)

+


දුර්ලභ දේශප්‍රේමී රාජ්‍යතාන්ත්‍රිකයා – ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය (26.10.2025)

+


සෞඛ්‍ය නිලධාරීන් මහ රෑ ගෙදරට එයි – මේක හැමෝම බලන්නම ඕන වීඩියෝ එකක් (28.10.2025)

+


“පැටිය අහුවුණේ නෑ, ඇතින්න අහු වුණා, පැටියා කෑ ගහලා අඩනවා” කෝච්චියට අහු වූ ඇතින්න ගැන ගම්මු කියන කතාව (28.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *