ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා

ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා


ළමා නිවාසයක පාලිකාවක් 17 හැවිරිදි පිරිමි දරුවාව එළොව යවලා

(03.12.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

කල්මුණේ – ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මරණය සම්බන්ධයේ එහි පාලිකාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාලිකාව ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නියක්.

වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ අදාළ දරුවා අකීකරු බව පවසමින් මෙම පාලිකාව විසින් කොසු මිටකින් පහරදී ඇති බවටයි.

අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.

මෙම 17 හැවිරිදි පිරිමි දරුවා මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණා.

අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර තිබුණේ මෙම ළමා නිවාසයේ රඳවා තැබීමටයි.

කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව රක්ෂිත බන්ධනාගාර ගත කරයි

(03.12.2023 – 18:18 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් කල්මුණේ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාව හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කල්මුණේ – ඉස්ලාමාබාද් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයේ එහි පාලිකාව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම පාලිකාව ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නියක්.

වැඩිදුර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ අදාළ දරුවා අකීකරු බව පවසමින් මෙම පාලිකාව විසින් කොසු මිටකින් පහරදී ඇති බවටයි.

අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙය පහරදීමකින් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.

මෙම 17 හැවිරිදි පිරිමි දරුවා මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණා.

අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කර තිබුණේ මෙම ළමා නිවාසයේ රඳවා තැබීමටයි ෴


මතට ලොල් වූවන් පුනරුත්ථාපනය සඳහා නව වැඩපිළිවෙළක්

(03.12.2023 – 07:37 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට බන්ධනාගාරගත මුළු රැඳවියන් ප්‍රමාණය 26,574 ක් පමණ වන අතර, ඉන් 14,130 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් ලැබූ හෝ ඒ සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අය බවට අනාවරණය වී ඇත.

එමනිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුනරුත්ථාපනය සඳහා යොමුකරනු ලබන රැඳවියන්ගේ උපරිම වයස් සීමාව අවුරුදු 45 සිට 60 දක්වා වැඩි කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

පුනරුත්ථාපනය සඳහා රැඳවියන් යොමුකිරීමේ දී පුනරුත්ථාපන නඩුවට අමතරව ඔවුන් හට ගොනුකර ඇති අනෙකුත් නඩු අවසන් වූ විට පමණක් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කළ යුතු බවට පැවති නිර්ණායකය ද සංශෝධනය කර තිබේ.

එම සංශෝධනයට අනුව දරුණු ගණයේ අපරාධ නඩුවලට හැර සුළු වැරදි සදහා අධිකරණයන්හි විභාග වෙමින් පවතින නඩු සඳහා පෙනී සිටින රැඳවියන් ද පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අදාළ සං‍ශෝධනයන් පිළිබඳ අධිකරණ සේවා කොමිශන් සභාව විසින් සියලුම අධිකරණ නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත ෴


පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

(03.12.2023 – 07:20 +0530 – sinhala.adaderana.lk)

නාරම්මල පොලිස් වසමේ මැටියගනේ මහවැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, මාරවිට, දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (02) උදෑසන පාසල් සිසුන් 03 දෙනෙකු මැටියගනේ මහවැවේ දිය නෑමට ගොස් ඇති අතර, ඉන් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

පසු ව සිසුන් සහ ප්‍රදේශවාසීන් එක් ව දියේ ගිලී ඇතුරුදන් වූ සිසුවා සොයා දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් සිසුවා මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට සිසුන් පහරදෙයි

(03.12.2023 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් එහි ආරක්ෂක නිලධාන් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් පහරදී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

අදාල ආරක්ෂක නිලධාරීන් දෙදෙනා විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයක රැදී සිටියදී සිසුන් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් යතුරුපැදිවල නංවාගෙන විශ්වවිද්‍යාලයේම වෙනත් ස්ථානයකට රැගෙන ගොස් පහරදීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදීම සිදු කළ සිසුන් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

(03.12.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනවා.

ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ කි.මී. 325 ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

+

Warning for strong winds and rough seas

Storm Coverage from Tropical Cyclones Web


හන්තානේ අතරමංව මුදාගත් පිරිසෙන් සිසුවියන් තිදෙනෙකු (3) රෝහල් ගත කරයි

(03.12.2023 – 10:59 +0530 – hirunews.lk/sinhala)

හන්තාන තරණයට ගොස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අතරමංව සිට මුදාගැනුණු රාගම වෛද්‍ය පීඨයේ පිරිස අතර සිටි සිසුවියන් තුන්දෙනෙකු (3) රෝහල් ගතකර තිබෙනවා.

අධික ශීතල නිසා රෝගාතුරවීම හේතුවෙන් ඔවුන් එලෙස මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු මෙලෙස හන්තාන කන්ද නැගීමට ගොස් තිබුණේ ඊයේ (02) පස්වරුවේයි.

ඒ අතර සිසුන් 60 දෙනෙකු සහ සිසුවියන් 120 දෙනෙකු සිට තිබුණා.

එම අවස්ථාවේ ඇතිවූ දැඩි මීදුම් තත්වය නිසා ඔවුන්ට යළි පැමිණීමට මාර්ගය අපහැදිළිවීම හේතුවෙනුයි මෙලෙස අතරමංව තිබුණේ.

+


විදුලි බිල මාසයක් නොගෙව්වත් අවදානමේ!

(03.12.2023 – 09:55 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් (71) ලක්ෂ පනහකට (50) ආසන්න පිරිසකට බිල්පත් නිකුත් කිරීමේදී විදුලි විසන්ධි කරන බව කියමින් රතු බිල් නිකුත් කිරීමට සිදුව ඇතැයි ලංවිම ඉංජිනේරුවෝ හෙළි කර තිබෙනවා.

මෙතෙක් කලක් රතු බිල්පත් නිකුත් කිරීමේදී මාස දෙකක් (2) හෝ බිල්පත්වලට යම්කිසි සීමාවක් යනතුරු රතු බිල්පත් නිකුත් නොකළ බව ද ඔවුහුන් පවසනවා.

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් ප්‍රතිපූර්ණ නොකරන නිසා ඒ ඒ විදුලි කලාපවලට අභිමත පරිදි ආදායම් එක්රැස් කර ගැනීමට උපදෙස් දී තිබෙන නිසා මාසයක් තුළ බිල් නොගෙවන අයට ද රතු බිල් යැවීමට සිදුව ඇති බවයි ලංවිම ඉංජිනේරුවෝ වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඒ නිසා මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හැත්තෑ එකෙන් (71) ලක්ෂ පනහකට (50) පමණ රතු බිල් ලැබෙන බවත් සෑම මොහොතකම ලක්‍ෂ දෙකකට (2) වඩා වැඩි පිරිසකගේ විදුලිය සිඳලීමට සිදුව තිබෙන බවත් ඉංජිනේරුවෝ පවසනවා ෴


නීතිවිරෝධීව විදෙස් ගතවීමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(03.12.2023 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කරගනිමින් ඉතාලියට යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු (2) කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා වෙත යෑම සඳහා අද (03) අලුයම ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදියි.

31 හැවිරිදි එක් කාන්තාවක් කිලිනොච්චියේ පදිංචිකාරිනියක වන අතර, 26 හැවිරිදි අනෙක් කාන්තාව යාපනය – වැල්වැටිතුරෙයි පදිංචිකාරියක්.

ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් දිවයිනෙන් පිටත්ව යෑමට උත්සාහ දැරූ උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් 10 දෙනෙකු කටුනායක දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වසරේදී (2023) අත්අඩංගුවට ගෙන තිබුණා ෴


මැර සාදුවෙකුගේ පහර දීමකින් සිසුවෙකු රෝහලේ

(03.12.2023 – 13:45 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

මිද්දෙණිය ප්‍රදේශයේ පාසලක සිසුදරුවෙකුට එම පාසලේ ගුරෙකු වූ මැර සාදුවෙකුගේ පහර දීමකින් එම දරුවා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දරුවාගේ මව පවසන්නේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම එම මැර සාදුවා දරුවාට පහර දී ඇති බවය.

+


කසළ තේ ජාවාරමක් සොයා විමර්ශන ඇරඹේ

(03.12.2023 – 13:37 +0530 – sinhala.adaderana.lk)

කසළ තේ යළි පිරිසිදු කර බෙදාහරින බව පවසමින් ප්‍රමිතියෙන් තොර තේ බෙදාහැරි කර්මාන්තශාලාවකට එරෙහිව කළුතර අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම කොට්ඨාසය ‘අද දෙරණට’ සඳහන් කළේ අදාළ කර්මාන්තශාලාවේ ලොරි රථයක් සිය භාරයට ගෙන කර්මාන්තශාලා හිමිකරු අත්අඩංගුවට ගත් බවයි.

හොරණ, පෝරුවදණ්ඩ පැල්පිටිගොඩ ප්‍රදේශයේ පවත්වා ගෙන යන කර්මාන්ත ශාලාවක් පසුගියදා කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.

ඒ, කසළ තේ යළි පිරිසිදු කර බෙදාහරින බව පවසමින් ප්‍රමිතියෙන් තොර තේ බෙදාහරින බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ බණ්ඩාරගම පොලිසීයට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකුට (2) ලැබුණු තොරතුරකට අනුවය.

එලෙස සකසන ලද බව කියන ප්‍රමිතියෙන් තොර තේ කිලෝග්‍රෑම් 37 බැගින් වූ පාර්සල් 33 ක් වෙනත් තේ කර්මාන්තශාලාවකට ලබාදීමට කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කර්මාන්තශාලා හිමිකරු හොරණ ඉළිඹ හන්දියේදී කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉංගිරිය ප්‍රදේශය භාර තේ පරීක්ෂකවරිය අදාළ කර්මාත්ත ශාලාවට පැමිණ නිරීක්ෂණය කර තිබේ.

අදාළ කර්මාන්තශාලා හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර වැඩිදුර පරීක්ෂණ පවත්වන බව කළුතර අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික් සහකාර තේ කොමසාරිස් කසුන් මධුසංඛ මහතා පැමිණ අදාළ කර්මාන්තශාලාවේ තේ සාම්පල ලබාගෙන ඇති අතර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය ෴


රාජ්‍ය බැංකු දෙකකට (2) රුපියල් බිලියන 80 ක පොල්ලක්

(03.12.2023 – 13:22 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් (2) ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙකු (10) රුපියල් බිලියන 80 ක ණය පැහැර හැර ඇතැයි ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඊයේ (02) පැවති සමුළුවකදී ඔහු සඳහන් කළේ දේශපාලන රැකවරණ ලබන එම ගනුදෙනුකරුවන් දස දෙනා (10) රටට හෙළි කිරීමට පාර්ලිමේන්තුව වහා ක්‍රියා කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා :

“මේ බැංකුවලින් රටේ එහා ඉන්න ගොවියගේ සිට මේ කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ණය දීලා තියෙනවා. ඒ ණය ගෙවන එක ගත්ත කෙනාගේ වගකීමක්. නමුත් ඉතා හොඳට ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් තමන් හම්බකරන සල්ලි පිටරට තැන්පත් කරමින් මේ බැංකු දෙකට පොලු තියපු ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන් 10 ක් මේ බැංකු දෙකේම ඉන්නවා. ඒ 10 දෙනා විතරක් මේ බැංකුවලට ගෙවන්න තියෙන මුදල ලංකා බැංකුවට රුපියල් බිලියන 50 යි, මහජන බැංකුවට රුපියල් බිලියන 30 යි. ඔය අයවැය යෝජනා ගේන මහත්තුරුන්ට අපි කියනවා අය කරගන්න මේවා; මේ මහජනතාවගේ මුදල්. පුළුවන්නම් ඒ දස දෙනාගේ (10) නම් පාර්ලිමේන්තුවේ හෙළිකරන්න. එහෙම එළිකරේ නැත්නම් මේ රටේ මහජන යහපත උදෙසා ඒ නම් අපි එළිකරවා. ඒ සඳහා අපි සූදානම්” ෴


කඩුවෙල නගර සභාවේ තිරිසන් වැඩක්! ආයාලේ යන හරකුන් කොක්කේ එල්ලන නාගරික කොමසාරිස් නෝනේ, මේ ටික හොදට අහගන්න (02.12.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *