මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි

මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි


මුතුරාජා හස්තියා ශ්‍රී ලංකාවට සමුදෙයි

(02.07.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියා අද (02) උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන් තොටුපල වෙත රැගෙන ගියා.

ඒ, රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානයෙන්.

මුතු රාජා නොහොත් සක්සුරින් හස්තියා විශේෂ කූඩුවක රඳවා මෙලෙස රැගෙන ගිය බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

දෙහිවල සත්වෝද්‍යානයේ සිට හස්තියා ඊයේ (01) රාත්‍රියේ රැගෙන ආවේ විශේෂ රථයකින්.

විසි වසරකට පෙර තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා ශ්‍රී ලංකාව තුළ සිටි හීලෑ අලි ඇතුන්ගෙන් දිගම දළ යුගල හිමි හස්ති රාජයායි.

රැකබලා ගැනීමේ දී දැක්වු නොසැලකිළිමත් භාවය හේතුවෙන් අවස්ථා ගණනාවක දී මුතුරාජා රෝගාබාධවලට ලක්වුණා.

+++++++++++

++++++++++++

++++++++++++

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *