නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්


නිදහස් සෞඛ්‍ය සේවයත්, නිදහස් අධ්‍යාපනයත් බිඳවැට්ටවීමේ සූක්ෂම වැඩපිළිවෙළ ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

(16.02.2026 – lankaleader.com)

කුමන ආකාරයේ පරිපාලන දුර්වලතා පැවතියත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් ලෝකයේ විශිෂ්ඨතම පද්ධතීන් දෙකක් ලෙස ක්‍රියාත්මක වන බවත්, මේවා බඳ වැට්ටවීමේ අවශ්‍යතා දෙකක් (2) හඳුනා ගත හැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය තුළින් දියුණු මිනිසෙක් නිර්මාණය වන බවත්, අපේ රට දුප්පත් රාජ්‍යක් වුවත් එම විභවය දන්නා මෙරටට සතුරු රාජ්‍ය මෙය බිඳවැට්ටවීමට උත්සාහ දරන බවත්, අනෙක් කාරණය ලෙස පුද්ගලික වෙළඳපොළ පුළුල් කරගැනීම සඳහා මෙම පද්ධති දෙක බිඳවැට්ටවීමේ අවශ්‍යතාවය ඇති බවත් ඒ මහතා පවසයි.

මෙතෙක් 78 වසරක සිදුනොවූ ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව නිකුත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඉතා දුෂ්ඨ පරිවර්තනයක් සිදුවන බවත් වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+


හැප්පිලා බලමු කිව්වා, දැන් හැප්පෙනකොට බලාගෙන ඉන්නවා (16.02.2026)

+

හැංගිලා හිටපු ජේවීපීකාරයො දැන් #ක රත්වෙලා කෙඳිරි ගානවා (16.02.2026)

+


ගල් අගුරු පාඩුව විදුලි බිලට – ඇමති අනුර ඉල්ලා අස්වෙයි (16.02.2026)

+

සාහසික හරිණි සහ අසරණ ටිල්වින් (16.02.2026)

+


මාලිමාවේ කුහක දේශපාලනය සහ කුරුණෑගල සමූපකාර පරාජය! (16.02.2026)

+


හරිණි අමරසූරියට චෙල්වනායගම් වැහී ෆෙඩරල් යකා නටයි! (16.02.2026)

+


+


අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි

(17.02.2026 – 19:34 +0530 – sinhala.adaderana.lk)

තලංගම අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වූ අදාළ සොහොයුරන් දෙදෙනා (2) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකූලරත්න සහ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය යන මහත්වරුන් ඇතුළු නීතීඥයන් සියයකට (100) ආසන්න පිරිසක් අධිකරණයෙහි පෙනී සිට නමුත් විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත්වී සිටියේ නැත.

අනතුරුව සැකකරුවන් දෙදෙනා (2) පැය 48 ක් දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ අනුව ඊට අධිකරණයෙන් අවසර හිමිවිය.

මේ අතර අදාළ ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවි දෙක (2) ප්‍රවාහනය කිරීම සඳහා අදාළ තරුණයන් දෙදෙනාට (2) උපදෙස් ලබාදුන් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය අද (17) අත්අඩංගුවට ගනු ලැබිය.

28 හැවිරිදි සැකකරු පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අතර ඔහු ‘මෝදර නිපුන’ගේ හා ‘මල්වානේ ටුටූ’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙක් බව පොලිසිය පැවසුවේය.

මොහුද අත්අඩංගුවට පත් වූ තරුණයන් දෙදෙනා (2) සමග ගිනිඅවි වෙඩික්කරුවන්ට ලබාදීමට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මේ අතර අදාළ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය බද්දේගම, අගලිය ප්‍රදේශයේ පාළු ස්ථානයක ගිනිතබා තිබියදී පොලීසිය පසුගියදා සොයාගනු ලැබීය.

ඒ අනුව අදාළ මෝටර් රථය අද (17) පෙරවරුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂා කර තිබුණි.

තලංගම අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳැසලක රථ ගාලේදී ඉකුත් සිකුරාදා (13) පස්වරුවේ නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කළේය.

අනතුරුව බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා (2) වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේය.

‘කරන්දෙණියේ සුද්දා’ගේ උපදෙස් මත ‘මෝදර නිපුන’ හා ‘මල්වානේ ටුටූ’ නැමැත්තන් මෙම ඝාතනය මෙහෙයවා ඇති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණි.

මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා (2) අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු දැක්වෙන සීසීටීවී රූපරාමු පෙළක් ‘අද දෙරණ’ට ලැබුණි.

එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් (1) තරුණයෙකු ඔවුන් පැමිණි මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට ගමන් කරයි.

ඒ අතරතුරදී අදාළ නීතීඥවරයා ද එම මාර්ගයේ පැමිණෙන අතර පසුව අත්අඩංගුවට පත් වූ දෙදෙනා (2) ඒ පිළිබඳව වෙඩික්කරුවන්ට දැනුම්දී ඇති බව පොලීසිය සඳහන් කළේය.


අල්ලස් ගත් වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට

(17.02.2026 – 18:24 +0530 – sinhala.adaderana.lk)

දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500 ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් කොමිසම විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය විසින් ඊයේ දින (16) ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන ලෙසත් එදිනට ඉතිරි රුපියල් 500 රැගෙන එන ලෙස දැන්වීමෙන් පසුව පැමිණිලිකරු විසින් සැකකාරිය හමු වූ අවස්ථාවේදී උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රුපියල් 500 ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ජින්තුපිටියේ වෙඩි තැබීම වළක්වා නොගත්තැයි අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප

(17.02.2026 – 16:49 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයනයෙකු හා කොස්තාපලයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම සඳහාත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය සිය බී-වාර්තාවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල් සහ සැරයන් රුපියල් ලක්ෂ තුන (3) බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් සැරයන් හා කොස්තාපල් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බවය.

සිද්ධිය වූ අවස්ථාවේදී මොවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බවත් පොලිසිය පැවසුවේය.

එහිදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී සිදුවීම සිදු වූ ස්ථානයට මීටර 10 ක පමණ දුරින් සිට ඇති බවද පොලීසිය මෙහිදී පැවසුවේය.

වෙඩික්කරුවන් ඔවුන් අසළින්ම පැමිණ ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් අසළින්ම පලාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත් පොලිස් සැරයන්ගේ අතෙහි ටී-56 ගිනිඅවියක් හා කොස්තාපල්ගේ අතෙහි රිවෝල්වරයක් තිබුණද ඔවුන් ඒවා භාවිත නොකිරීම නිසා වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පහසුවෙන් පලාගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා (2) සමග තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) සිටියද ඔවුන් සතුව ගිනිඅවි තිබී නොමැති අතර ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මොවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසීය.

සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ට පොලිසිය විසින් එල්ල කරන චෝදනා පැහැදිලි නොමැති බව සඳහන් කළේය.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දීමක් සිදු කර නොමැති බවත් එවැනි චෝදනාවක් එල්ල කිරීමට නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතු බවත් නීතිඥයෝ පෙන්වා දුන්නෝය.

එහෙත් එවැනි දැනුමක් තිබූ බව පොලිසිය විසින් ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥයෝ සිය සේවාදායකයින්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියෝය.

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දහසකට (1000) අධික පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සිටි බව පෙන්වා දුන් එම නීතිඥයෝ මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නෝය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස නියෝග මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව මෙම පැමිණිල්ල අප්‍රේල් මස 27 වනදා යළි කැඳවන ලෙසද නියෝග කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *