බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි..

බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි..


බුදු සසුනට, සංස්කෘතියට, සභ්‍යත්වයට එරෙහි අංක එකේ කුමන්ත්‍රණකරු ජනාධිපතියි..

(22.01.2026 – lankacnews.com)

මහජන හඩ ජාතික බලමුළුව විසින් කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා විපක්ෂයේ කවුරුවත් කියන්නේ නැහැ. ඒක අවශ්‍ය නිසා තමයි මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ අපේ ආණ්ඩු කාලවලදී. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ අපේ වැඩක්. හැබැයි ඒක කරගෙන යන විදිහෙන් ආණ්ඩුව සමාජයට පෙන්නුම් කළා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දැවැන්ත වැඩක් කරන්න අවශ්‍ය දැක්ම, දැනුම සහ අත්දැකීම මේ ආණ්ඩුවට නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන ක්‍රියාවලිය කියන එක ආණ්ඩුව මාරු වෙද්දී වෙනස් කරන්න බැහැ. අර ලංගම බස් එකේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙද්දී කොළ පාට තීරුවක් ගානවා, ශ්‍රී ලංකා ආණ්ඩුව ආවම නිල් පාට තීරුවක් ගානවා, අන්න ඒ වගේ විෂය නිර්දේශ වෙනස් කරන්න බැහැ.

ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම බහුපාර්ශ්වීය ප්‍රවේශයක් විය යුතුයි. අපි සූදානම්. අපි අධ්‍යාපනයෙන් නිසි ඵල නෙළා ගත්ත පුද්ගලයන් විදිහට, අද අපි මෙතන ඉන්නේ අපිට ලැබුණු අධ්‍යාපනය නිසා. ඉතින් අපි සූදානම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ලබාගෙන තියෙන දැනුම ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුවට සහාය වෙන්න. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න, දරුවන්ට අසාධාරණයක් නොවන්න නම් ආණ්ඩුව උද්ධච්චකම පැත්තකින් තියලා අත්දැකීම තියෙන විපක්ෂය සමඟ සහයෝගයෙන් කළ යුතුයි. මොකද මීට කලින් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අති සාර්ථකව කරපු නිසා තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ සමස්ත ලෝකය පුරාම හොඳ ගෞරවයක් තිබෙන්නේ. අපි විදේශීය විශ්වවිද්‍යාලවල උගන්වද්දී මමත් ඒක කරලා තියෙනවා, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් කරලා තියෙනවා, ඒ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික උගතුන්ට සුවිශේෂී ගෞරවයක් තිබෙනවා. ශ්‍රී ලාංකික ශිෂ්‍යයා තරගකාරීව ඉදිරියෙන් ඉන්නවා. ඒ මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස කලින් ආණ්ඩු කිරීමේ ප්‍රතිඵලයක්. එතකොට ඒ අපි ලබාගත් ඒ වාසිය අපේ දරුවන්ට අහිමි කරන්න බැරි නිසයි අපි ආණ්ඩුවට කියන්නේ ‘අපි එන්නම් ඔබට උදව් කරන්න, උද්ධච්චකම පැත්තකින් තියලා විපක්ෂයෙන් මාර්ගෝපදේශ අරගෙන හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන විදිහ ඉගෙන ගන්න, අපි සාමූහිකව ඒ වැඩේ කරන්න ලෑස්තියි’ කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.

ඒ වගේම අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට පත් කළා බුදු සසුනට, අපේ සංස්කෘතියට, අපේ සභ්‍යත්වයට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා. හැබැයි මහානායක ස්වාමීන් වහන්සේ ඒ කුමන්ත්‍රණය කරන්නේ කවුදයි, කුමන්ත්‍රණකරුවන් කවුදැයි නම් කිරීමක් කළේ නැහැ. ඒ නිසාම අපි කැමතියි කියන්න ‘ඒ මහා කුමන්ත්‍රණයේ අංක එකේ කුමන්ත්‍රණකරුවා වෙන කවුරුවත් නෙවෙයි ජනාධිපති අනුර දිසානායක මැතිතුමා’ බව. අපේ රටේ වැදගත්ම ලක්ෂණයක් තමයි ආගමික සහජීවනය. අපි මොන ආගම ඇදහුවත් අන්‍යෝන්‍ය වශයෙන් ආගමික නායකයන් එකිනෙකාට ගරු කරමින් සමගියෙන් ගියේ. විවිධ කුමන්ත්‍රණකාරී අයුරින් මේ ආගමික සමගිය විනාශ කරන්න කුමන්ත්‍රණ කළත් ඒවා කෙටි කාලීනයි, කේන්ති එනවා, පිපිරෙනවා, කෙටි කාලීනව ඒක ඉවර වෙනවා. කවදාකවත් ආණ්ඩුවක් ආගමික සමගිය විනාශ කරන්න කටයුතු කළේ නැහැ.

හැබැයි රටේ ජනාධිපතිතුමා යාපනයට ගිහිල්ල උතුරට බෞද්ධයන් එන්නේ වෛරය වපුරන්නයි කිව්වා. ඒක කියන්නේ කොහෙදිද? යාපනයේදී. ඔය යාපනයේදීම තමයි තිස්ස විහාරයට දකුණේ බෞද්ධයන් පැමිණීමට එරෙහිව දැන් වසර තුනක් පුරාවට සෑම පෝය දවසකම උද්ඝෝෂණයක් තියෙන්නේ. දැනටමත් වෛරයක් ඇතිවෙලා ඉන්න අයට කියනවා තවදුරටත් වෛරය වැඩිවෙන ප්‍රකාශයක්, ඇවිලෙන ගින්නට පිදුරු දානවා. ඊළඟ පෝය දවසේදී මේ ප්‍රකාශයෙන් දිරිමත් වුණු ඒ උද්ඝෝෂකයන් දකුණෙන් උතුරට එන බෞද්ධයන්ට පහරදීමක් වුණත් සිදුවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ උද්ඝෝෂකයන්ට කිව්වේ ‘ආයෙ උතුරට ආවොත් ගහපල්ලා’ කියන ප්‍රකාශයද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

එතන විතරක් නෙවෙයි අවදානම තියෙන්නේ. අපේ කතෝලික බැතිමතුන් මඩු පල්ලියට යනවා, හින්දු බැතිමතුන් කතරගමට එනවා, මේ කවුරුවත් ඒක හොඳ දෙයක් විදිහට මිසක් කවදාකවත් නරක දෙයක් විදිහට මේ සමාජය දැකලා තිබ්බේ නැහැ. ඒක අධෛර්යමත් කරන එකම එක ප්‍රකාශයක් ලංකා ඉතිහාසයේ කිසිම කලක කිසිම දේශපාලකයෙක්ගේ මුවින් පිටවෙලා නැහැ. ඒ නිසා මේ ජාතික සමගිය සහ ආගමික සමගිය රැක ගැනීමේ වැඩිම වගකීම තිබෙන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ මේ රටේ තියෙන ඒ සංස්කෘතිය විනාශ කිරීමේ යටි අරමුණින්ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

ඒ වගේමයි මේ බුදු සසුන දෙස බලද්දී, වසර 70 ක් පරණ රජයේ ලියාපදිංචි පන්සලක බුදු පිළිමයක් තැබීම භික්ෂූන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාර ගත වන සිදුවීමක් වෙලා තියෙනවා. අධිකරණයේදී හෙළි වුණු තොරතුරු අනුව උන්වහන්සේලාට ඇප ලබා ගැනීමට හැකි ආකාරයෙන් චෝදනා සංශෝධනය කරන්න නීතිපතිවරයා එකඟ වෙද්දී පොලීසිය විරුද්ධ වෙනවා. එතකොට අද ශ්‍රී ලංකා පොලීසිය මාලිමා පොලීසිය බවට පත්වෙලා තිබෙන නිසා පොලීසිය භික්ෂූන් වහන්සේලාව සිරගත කරගෙන සිටීමේ උත්සාහය දරන්නේ ආණ්ඩුවේ උවමනාවටයි කියලා අපිට සාධාරණව නිගමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ දීර්ඝ කාලයක් හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික විවිධ ආගම් ඉතාම සමගියෙන් ජීවත් වෙනවා, ඒ සමගිය විනාශ කෙරෙන ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

+++

නීතිපති එළවන මාලිමා සැලසුම එළියට – භික්‍ෂූන්ට සිපිරිගෙය මාලිමා පොලිසිය නිසයි (21.01.2026)

+++

ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින හිමිවරුන්ගේ අභියාචනා සලකා බැලීම අද (22)

(22.01.2026 – hirunews.lk)

ත්‍රිකුණාමලයේ බුදුපිලිම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වහන්සේලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා බලංගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලය කළ්‍යාණවංශ තිස්ස හිමියන් ගොනු කළ රිට් පෙත්සම් අද (22) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම සඳහා අනවසර ඉදිකිරීමක් සිදුකිරීමේ චෝදනාවට උන්වහන්සේලා ඇතුළු දස දෙනෙකු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්.එම්.එස්. සම්සුදීන් පසුගියදා නියෝග කළේ.

මේ අතර ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව බලංගොඩ කස්සප හිමියන් ඇතුළු දසදෙනා (10) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලිසිය ඉතා සූක්ෂම ලෙස කටයුතු කළ බවට එම නඩුවේ විත්ති පාර්ශවය චෝදනා කරනවා.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඊයේ (21) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔවුන් මෙම චෝදනාව එල්ල කළා ෴

+++

බලංගොඩ කස්සප හිමි සම්බන්ධ නඩුවේ සම්පූර්ණ ගොනුවේ පිටපත් ලබාදීමට අධිකරණයෙන් නියෝග

(21.01.2026 – hirunews.lk)

වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීමෙන් වෙරළ සම්පත් පනත කඩකිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ නඩු වාර්තාව, එම නඩුවට පෞද්ගලිකව පෙනී සිටි නිතීඥවරයාට ලබා දෙන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අද (21) නියෝග කළා.

මෝසමක් ගොනු කරමින් පෞද්ගලිකව පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නිතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව පවතින එක් චෝදනාවක් ඉවත් කර ගැනීමට නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී එකඟතාවයක් පළ කර ඇති බවයි.

මෙම නඩුව ඉකුත් 19 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අදාල එකගතාව සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් බව ද නිතීඥවරයා අධිකරණයට සඳහන් කළා.

එදින පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් නීතිපතිවරයාගේ එම ස්ථාවරයට පටහැනිව යමින් විරෝධය පළ කළ බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ බව ඉකුත් 19 වන දින මෙම නඩුව කැඳවීමට අදාලව ඉකුත් 20 දින ජාතික පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති මගින් හෙළිදරව් කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අධිකරණයට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ 2024 අංක 8 දරණ පනත, අධිකරණ සංවිධාන පනතේ 55 වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ චෝදනා ගොනු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇති බවට මෙහිදී නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බව සඳහන් කළ නීතිඥවරයා ඒ සඳහා මෙම නඩුවේ සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලීය ෴

+++

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විශාල අනතුරක – මැදගොඩ අභයතිස්ස හිමි වහාම මාධ්‍ය කැඳවයි (21.01.2026)

+++

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ (21.01.2026)

+


කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් අද (22) වර්ජනයක : විකිරණවේදීන්ගේ වැඩවැරුම උදෑසන 8 ට අවසන්

(22.01.2026 – hirunews.lk)

කොළඹ ජාතික අක්ෂි රෝහලේ ද වෛද්‍යවරුන් අද (22) උදෑසන 08:00 සිට හෙට (23) උදෑසන 08:00 දක්වා සංකේත වර්ජනයක නිරතවීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ, රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වර්ජනය අද (22) උදෑසන 08:00 ට අවසන් වනවා.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ රාජකාරි ආවරණය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් සේවා ලබා ගැනීමට රෝහල වෙත පැමිණි රෝගීන් ඊයේ (21) දැඩි අපහසුතාවයකට පත්වුණා ෴


අපේ රටේ ජනතාව පාලකයෝ පත් කරගන්නේ අවස්ථාවාදීව හිතලයි : මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

(21.01.2026 – hirunews.lk)

අපේ රටේ ජනතාව අවස්ථාවාදීව සිතා පාලකයින් පත්කර ගන්නා බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (21) දින සිදුකෙරුණු අවස්ථාවේදී අනුශාසනාවක් කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් මෙසේද පැවසුවා :

+++

+++

JVPඑකේ ඝාතකයෝ මාව මරන්න හදනවා – නන්දන ගුණතිලක මියයන්න කළින් විමල්ට එවපු රට කැළඹෙන WhatsApp පණිවුඩය (21.01.2026)

+++

නන්දන සමුගන්නේ වීරයෙක් වගේ – ගම්මන්පිල අන්තිම මොහොතේ කළ සංවේදී කතාව (21.01.2026)

+++

නන්දන ගුණතිලකගේ මරණය අභිරහසක් ? | රෝගී වුණු නන්දන රෝහලක සැඟවිලා | රාජිත අවසන් මොහොතේ හෙළිකරයි (21.01.2026)

+++

නන්දන ගුණතිලක JVP එකෙන් එළියට බැස්ස ඇත්තම හේතුව අවසන් මොහොතේ එළියට (21.01.2026)

+++

ප්‍රබලයන්ගේ දුක් කඳුළු මැද අවසන් ගමන් යන – හිටපු ජේවීපි සටන් සගයා නන්දන ගුණතිලක (21.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Whateverthe black propaganda that Gammanpila the loser and his acolytes trying to spread, the fact of the matter is that none of their definitions fits the President, AKD. The people are united behind him, they love and welcome the reforms AKD and his NPP government is introducing to the country. There is no threat what so ever to Buddhism and Sinhala people, and instead he is uniting all the ethnic and religious groups, that will strengthen the country, and help to march forward as a United Nation. The losers are the ones spreading their venom here; they will have no place in politics anymore, other than doing dirty business as they are doing here. So, to all of them, I say, get lost. We are not listening to you extremists and agitators. We don’t want you, or your preachings!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *