අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක්

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක්


අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 ක්

(18.02.2026 – 20:26 +0530 – sinhala.adaderana.lk)

තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා (2) අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද (18) දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්.

අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත.

එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින්, එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

පසුව සැකකරුවන් දෙදෙනා (2) මාර්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාළව මෙම සොහොයුරන් දෙදෙනා (2) කොට්ටාවේදී අත්අඩංගුවට පත්විය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ (17) පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී මෙම ‘පොල්ගස්ඕවිට ඩිලා’ අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව ‘ඩිලා’ නැමැත්තා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.

+


2025 දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

(18.02.2026 – 18:05 +0530 – sinhala.adaderana.lk)

2025 වසරේදී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසයි.

2030 වර්ෂය වනවිට මෙරට මිනිසුන් ජල භීතිකා රෝගයෙන් මිය නොයන තත්ත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අරමුණු කරන පරිදි ලෝක ප්‍රජාවක් ලෙස මෙම ඉලක්කය පවතින බව ද එතුමා පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම ජල භීතිකා රෝගය ක්ෂීරපායි සතුන්ගෙන් වෛයිරසයක් මගින් බෝවන රෝගයක් බව ද සියයට සියයක් එය මාරාන්තික රෝගයක් බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

ලෝකයේ ඉතාම අවම පිරිසක් මෙම රෝගයෙන් ජිවිත ගලවා ගෙන ඇති බවද එතුමා පවසයි.

විශේෂයෙන්ම මෙම රෝගය හේතුවෙන් මරණයට ලක් වී ඇත්තේ තරුණ පිරිස් බවද, කුඩා ළමුන්ද මෙම රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බවද, මෙම රෝගය සඳහා නිසි වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් මෙය මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි බවද එතුමා වැඩිදුර සඳහන් කරයි.

“ගිය අවුරුද්දේ මානව මරණ ඇති වෙලා තියෙන්නේ 14 යි. මේක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ අඩුවෙන්ම මානව මරණ ඇති වෙලා තියෙන්නේ. නමුත් මේක අපි බිංදුව දක්වා අඩු කරගන්න ඕනේ ඉදිරි අවුරුදු 3 තුළදී. මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ පුත්තලම, කුරුණැගල හා රත්නපුර වැනි දිස්ත්‍රික්කවල”

සුනඛයන් හා බළලුන් සපා කෑම, සීරීම්, සතුන්ගේ කේටය රැදී තිබීම නිසා මෙන්ම සමමත ඇති තුවාල සතුන් ලෙව කෑම හේතුවෙන් මෙම රෝගය හට ගන්නා බවද සතෙක් සපා කෑමෙන් පසු ගලා යන ජලයෙන් මිනිත්තු 15 ක් සේදීම සහ සර්ජිකල් යොදා සේදීම, නිසි පරිදි එන්නත් ලබා ගැනීම සිදුකළ යුතු බවද එතුමා සඳහන් කළේය ෴


මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයටත් මහා සඟ සමුළුවට ආරාධනා

(18.02.2026 – 14:21 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන 20 වනදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත මහා සඟ සමුළුව සම්බන්ධයෙන්, දැනුම්වත් කර එයට ආරාධනා කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයන් පිරිසක් අද (18) මහනුවර දී මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදුටුහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම පිරිස පළමුවෙන්ම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අතර ඉන්පසුව මල්වතු මහා විහාර පාර්ශ්‍වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටුහ.

මාධ්‍යට අදහස් පළකරමින් පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි පැවසුවේ, වර්තමානයේදී ආණ්ඩුව නියෝජනය කරන පිරිස් මෙන්ම වෙනත් බාහිර පුද්ගලයන්ද බුද්ධ ශාසනයට, බෞද්ධාගමට සහ සිංහල ජාතියට ගැරහීම් සිදුකරන බැවින් එම කටයුතු වහා නවත්වන ලෙසට ඉල්ලීමට සහ අනුශාසනා ලබාදීමට මෙම සඟ සමුළුව පැවැත්වීමට කටයුතු කර ඇති බවය.

එහිදි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ, මහ නාහිමිවරුන්ගේන යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් එම සඟ සමුළුව සඳහා සංඝයා වහන්සේලා සහභාගීකරවීමට කටයුතු කරන බවත්ය ෴

+++

ආගමක් ජාතියක් සදාචාරයක් නැති ආණ්ඩුවක් – 20 වෙනිදා මහා සංඝ සමුළුවට සජබේ සහය (18.02.2026)

+


ආණ්ඩුවේ තර්ජන ගර්ජන මැද පාඨලී විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් අල්ලස් කොමිසමට (18.02.2026)

+


නැවත ඊළාම් රාජ්‍යයක් රටට අවශ්‍යයි කියලා පෙබරවාරි 14 ගිවිසුමක් අත්සන් කරලා (18.02.2026)

+


උඹලට කටක් ඇරලා රණවිරුවා කියලා කියන්න බෑ – උඹලා මිනිස්සු මරා ගත්තා – කොල්ලෝ 12 ක් පෝරකයේ අද (18.02.2026)

+


බංකු බංකු අන්න එයාගෙන් තමයි අපි ටියුෂන් ගන්නේ – පැලවත්තේ ඉන්න මහදැනමුත්තා මේවා දන්නේ නෑ (18.02.2026)

+


මාලිමා ආණ්ඩුව මහ උද්දච්ච පච කෙලින සෙට් එකක් – රජයේ දොස්තරවරු ආණ්ඩුවේ රෙදි අමුවෙන් ගලවයි (18.02.2026)

+


ඇමති ආනන්ද කුලී ඝාතකයෝ ප්‍රොමෝට් කරනවා – මේ මහ පාරේ මරන්නේ මිනිස්සු යකෝ (18.02.2026)

+


කයිවාරු ගහන පොලිස් ඇමති අද පූසෙක් වගේ – සජබේ අජිත් හොඳවයින් කියලා දෙයි (18.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *