අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම නිසා බවුසර්වලින් ජලය බෙදයි
අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම නිසා බවුසර්වලින් ජලය බෙදයි
(18.02.2026 – hirunews.lk)
අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම හේතුවෙන් ඉල්ලීම් හා අවශ්‍යතා අනුව පොදු ස්ථාන වෙත බවුසර් මගින් පානීය ජලය බෙදා හැරීමට සූදානම් බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එහි සභාපති චන්දන බණ්ඩාර කියා සිටියේ දැනටමත් කළුබෝවිල සහ මුල්ලේරියාව රෝහල් වෙත බවුසර් මගින් ජලය සම්පාදනය කරන බවයි.
මෙම හදිසි බිඳ වැටීමෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (18) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවා ඇති අතර හෙට (19) පෙරවරු 6 ට පෙර සැපයුම යථා තත්ත්වයට පත්කිරීමටයි ජල සම්පාදන මණ්ඩලය සැලසුම් කර ඇත්තේ ෴
අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්‍රදේශවල ජල සැපයුම අඩාල වී ඇති බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා ෴
+++
මුල්ලේරියාවේ කැඩුණු දැවැන්ත වතුර බටේ නිසා පාර්ලිමේන්තුවටත් ජලය නැතිවීමේ අවදානමක් (18.02.2026)
+
ආණ්ඩුවට විරුද්ද වී චන්ද්‍රිකා හිරේට යයි
(18.02.2026 – lankacnews.com)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියාය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, තමන් සාමාන්‍යයෙන් බන්ධනාගාර වෙත නොපැමිණෙන නමුත්, වර්තමානයේ සිදුවන ඇතැම් ක්‍රියාවලියන් කෙරෙහි පවතින විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස පැමිණි බවයි.
රටක් ඉදිරියට ගෙන යාමට නම් අවංක, දක්ෂ සහ පළපුරුදු රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම රජයක කැබිනට් මණ්ඩලය පවා රැඳී පවතින්නේ රටේ ක්‍රීම් එක බඳු වූ පරිපාලන සේවය මත බවත් ඇය පෙන්වා දුන්නාය.
එහෙත්, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේ සිටම තමන්ගේ පක්ෂයට කත් නොඅදින නිලධාරීන්ට පහර දීමේ දේශපාලන සංස්කෘතියක් ආරම්භ වූ බවත්, වත්මන් කාලයේ ද එය එලෙසම සිදුවන බව පෙනෙන්නට ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලිකව දේශපාලනය කිරීමට අයිතියක් තිබුණද, රාජකාරි කරන අවස්ථාවේදී දේශපාලනය දොරෙන් පිටත තබා පැමිණිය යුතු බව තමන් නිතර අවධාරණය කළ බව හිටපු ජනාධිපතිනිය පැවසුවාය. නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති ඉටු කළ යුතු වුවත්, වැරදි දේ කිරීමට ඔවුන්ට බල නොකළ යුතු බව ඇයගේ මතයයි.
සමන් ඒකනායක මහතා පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඔහු ඉතා දක්ෂ පාලකයෙකු සහ ඉතා හොඳ පුද්ගලයෙකු බවයි. පසුගිය රජයන් කිහිපයකම ඔහු සමඟ සමීපව කටයුතු කර ඇති බැවින්, ඔහුට සිදුව ඇති මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට තමන් පැමිණි බව ඇය සඳහන් කළාය.
තමන් මීට පෙර බන්ධනාගාරයකට පැමිණියේ සිය සැමියා වූ විජය කුමාරතුංග මහතා ජයවර්ධන ආණ්ඩු සමයේ සිරගත කර සිටි කාලයේදී බව ඇය සිහිපත් කළාය. එදා සිරකරුවන්ට ආහාර ලබාදීමේදී පවා දැඩි දුෂ්කරතා සහ පීඩාවන් එල්ල කළ ආකාරය ඇය එහිදී විස්තර කළාය.
මෙවැනි දක්ෂ නිලධාරීන්ට එරෙහිව සිදුවන ක්‍රියාවන් පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරන බවත්, එවැනි ක්‍රියා රටේ රාජ්‍ය සේවයට මෙන්ම අනාගතයට ද අහිතකර ලෙස බලපාන බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අවධාරණය කළාය ෴
+++
සමන් ඒකනායකට ඇප
(18.02.2026 – hirunews.lk)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (18) නියම කළා.
ඒ අනුව, සති හතරකට (4) ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමටයි අධිකරණය තීරණය කළේ.
සිද්ධියට අදාල නඩුව ලබන අප්‍රේල් මස 29 යළි කැඳවනු ලබනවා.
හිටපු ජනාධිපති ලේකම්වරයාට මෙලෙස ඇප නියම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ දූර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට (1,50,00,000) අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් බව කියන සිද්ධියටයි ෴
+++
රනිල්ගේ බිරිඳ මෛත්‍රීට CID යේ පෙනී සිටීමට නියෝග
(18.02.2026 – hirunews.lk)
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (18) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ ප්‍රකාශ කර සිටියා.
ඒ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම සංචාරයෙන් රජයට රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් සිදුකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
ඒ අනුව, මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා ලබන 20 වැනිදා උදෑසන 09:00 ට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට කොල්ලුපිටිය පොලිසිය මගින් දැනුම් දී ඇතැයි නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ෴
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට එරෙහිව රිට් පෙත්සමක්
(18.02.2026 – hirunews.lk)
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය වැඩ තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර තිබෙනවා ෴
අකුරේගොඩ වෙඩි තැබීමට ඇල්ලූ සහෝදරයින් දෙදෙනා රිමාන්ඩ්
(18.02.2026 – hirunews.lk)
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගත් සහෝදරයින් දෙදෙනා (2) ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාසගේ නියෝගයකට අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරු වන ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තා පැය 72 ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අවසර ලබාදී තිබෙනවා ෴
+++
+
බුත්තල නිවෙසේ ගින්නෙන් පිළිස්සුණු තරුණ මව මියයයි : පියා සහ දියණිය තවමත් රෝහලේ
(18.02.2026 – hirunews.lk)
බුත්තල, නාමණ්ඩිය නව ගම්මානයේ නිවසක ඇති වූ ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 26 හැවිරිදි මව අද (18) උදෑසන මියගොස් තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කේ.ඩී. සුරජි සකුන්තලා නමැති කාන්තාවක්.
පසුගිය 17 වැනිදා උදෑසන බුත්තල – මොනරාගල මාර්ගයේ මහගොයය රජයේ ධාන්‍ය ගබඩාව ආසන්නයේ පිහිටි මෙම නිවෙසේ කාමරයක් තුළ ගින්න හටගෙන තිබුණු බව බුත්තල පොලිසිය පැවසුවා.

කාමරයේ තිබූ පෙට්‍රල් බූලියකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පියා, මව සහ කුඩා දියණිය බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබුණා.
ඔවුන් වේදනාවෙන් කෑගසන ශබ්දය ඇසී වහා එතැනට පැමිණි අසල පිහිටි රජයේ ධාන්‍යාගාරයේ කළමනාකාරවරයා සහ අසල්වාසීන් එක්ව තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණු බවයි වාර්තා වන්නේ.
පිළිස්සුම් තුවාල ලැබූ තිදෙනාම (3) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, එහිදී තත්ත්වය අසාධ්‍ය වූ මව අද (18) උදෑසන මියගොස් තිබුණා.
අනතුරින් තුවාල ලැබූ ඇයගේ සැමියා වන ජේ.එම්. දිලුක්ෂ මධුසංඛ (29) සහ දියණිය වන ජේ.එම්. ඔනල්‍යා (03) යන දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය වැල්ලවාය මහේස්ත්‍රාත් පූර්ණා ශ්‍යාමලී විසින් පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිසිය පවසනවා.
බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාරගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
ගම්මන්පිල, ජී.එල්, අමරවීර ඇතුළු පිරිසක් නාමල් රාජපක්ෂ හමුවෙති
(18.02.2026 – hirunews.lk)
විපක්ෂයේ සමගිය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘මහා ජනහඬ’ සංවිධානයේ නියෝජිතයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (18) හමුවුණා.
මෙම හමුව සිදුවුණේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේදී.
මෙහිදී සාකච්ඡා කෙරුණේ වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම, ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සහ අනෙකුත් කාරණා පිළිබඳවයි.

පසුගිය දිනවල මහා ජනහඬ සංවිධානයේ නියෝජිතයින් මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී මහා සංඝරත්නය අවවාද අනුශාසනා ලබාදුන්නේ විපක්ෂයේ සමගිය ඇති කර ගැනීම බවත් ඒ අනුව සියලුම දේශපාලන පක්ෂ සමග එකතු වී විපක්ෂයේ සමගිය වෙනුවෙන් සාකච්ඡා මාලාවක් ආරම්භ කළ බවත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
අද (18) පැවති සාකච්ඡාව ඉතා සාර්ථක එකක් වූ බවත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක් සමග සාකච්ඡා කරන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා.
මහා සංඝරත්නයට ද අපහාස කරමින් වර්තමාන ආණ්ඩුව දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කරන නිසා ඊට එරෙහිව විපක්ෂයක් ලෙස පොදුවේ එකඟ විය හැකි කාරණා වෙනුවෙන් එකඟ වීමට කතිකා කර ගත් බව මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළා.
මහාචාර්ය ජී එල් පීරිස්, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් මහා ජනහඬ සංවිධානය වෙනුවෙන් මෙම සාකච්ඡාවට එක්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, සී.බී. රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴
රු. 5000 ක අල්ලසක් ගත්තැයි වාලච්චේන ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට
(18.02.2026 – hirunews.lk)
නඩත්තු නඩුවකට අදාළ වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව වැඩබලන ක්වාසි විනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බව එම කොමිසම සඳහන් කරනවා.
පැමිණිලිකරුගේ බිරිඳ විසින් දරුවන් සඳහා නඩත්තු ඉල්ලා පවරා තිබූ නඩුවක නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන්, මහේස්ත්‍රාත් අධිකරණය මගින් පැමිණිලිකරුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණු බවත්, එම වරෙන්තුව අවලංගු කරගැනීම සඳහා ක්වාසි අධිකරණයේ පවතින නඩුවට අදාළ විස්තර වාර්තාවේ සහතික පිටපතක් පැමිණිලිකරුට අවශ්‍ය වී තිබූ බවත් අල්ලස් කොමිසම පවසනවා.
අදාළ සහතික පිටපත ලබාදීම සඳහා සැකකාර විනිසුරුවරයා විසින් රුපියල් 5,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර, ඊයේ (17) වාලච්චේන අක්බර් පල්ලිය පාරේ පිහිටි ක්වාසි අධිකරණ කාර්යාලයේදී සැකකරු එම මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව පත් වූ බව අල්ලස් කොමිසම පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
රුපියල් 500 ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩබලන රෙජිස්ට්‍රාර්වරියක් රක්ෂිත බන්ධනාගාරයට
(18.02.2026 – hirunews.lk)
රුපියල් පන්සියයක (500) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගත් බව එම කොමිසම පවසනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ආලයඩිවෙම්බු ප්‍රාලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක්.
පැමිණිලිකරු සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරවා ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ඒ සඳහා රුපියල් 1,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
අදාළ මුදලින් රුපියල් 500 ක් මුලින් ලබාගෙන ඇති සැකකාරිය, ඉතිරි රුපියල් 500 ක මුදල ඉකුත් 16 වැනිදා උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන විට රැගෙන එන ලෙස දන්වා ඇති බවත් ඒ අනුව ඉකුත් (16) වැනිදා සැකකාරියගේ නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේදී ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
ජනපතිට පරුෂ වචනයෙන් බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5 ක් අත්අඩංගුවට
(18.02.2026 – 18:05 +0530 – sinhala.adaderana.lk)
මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු (5) කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට (2) වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇත.
විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ඔවුන් එලෙස මාරුකර ඇති බව සඳහන්ය.
ඊයේ (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පුදගලික බස් රථයක ආසනපටි නොමැතිවීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් ඇතිව ඇත.
එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.
ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ ෴
යුද්ධයේ අන්තිම මොහොතේ රහස් වීඩියෝවක් ෆොන්සේකා අවුරුදු 17 කට පසු මාධ්‍යට නිකුත් කරයි (18.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴