ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්..

ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්..


ගෑස් හිඟයක්.. තැන තැන දිගු පෝලිම්..

(18.02.2026 – lankacnews.com)

කොළඹ, මහනුවර සහ ගාල්ල ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ගෑස් වර්ග දෙකෙහිම දැඩි හිඟයක් නිර්මාණය වී තිබේ.

පාරිභෝගිකයන් පවසන්නේ ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ගෑස් සැපයුම අඩාල වී ඇති බවයි. මේ හේතුවෙන් ගෑස් අලෙවි සැල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති අයුරු දැකගත හැකිය.

දැනට වෙළඳපොළට ලැබෙන ගෑස් ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතින බවටත්, ඇතැම් වෙළෙඳුන් පවතින හිඟයෙන් ප්‍රයෝජන ගනිමින් නියමිත මිලට වඩා වැඩි මිලට ගෑස් අලෙවි කරන බවටත් ජනතාව චෝදනා කරති.

කෙසේ වෙතත්, ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ වෙළඳපොළේ අවශ්‍යතාවයට සරිලන පරිදි ප්‍රමාණවත් තොග මේ වන විටත් නිකුත් කර ඇති බවයි.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ගෑස් සැපයූ ඕමාන් රජයේ ගෑස් සමාගම (OQ Trading) පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම කටයුතුවලින් ඉවත් කෙරිණි. අනතුරුව ස්විට්සර්ලන්තය පදනම් කරගත් නව සමාගමකට (Geo Gas Trading) ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව පැවරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

එම අවස්ථාවේදී විවිධ පිරිස් පෙන්වා දුන්නේ, ගෑස් සැපයීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජාත්‍යන්තර අත්දැකීම් හෝ ජාලයක් නොමැති සමාගමකට මෙම වගකීම පැවරීම හරහා පෙබරවාරි මාසය වන විට රට තුළ ගෑස් හිඟයක් ඇති විය හැකි බවයි.

එහෙත් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් එවක ප්‍රකාශ කළේ නව සැපයුම්කරු යටතේ කිසිසේත්ම ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි ෴


නීතිඥ මහත්වරුන්ට ගහන ආණ්ඩුවේ අලුත්ම බලකාය (17.02.2026)

+

යාපනේ ගිය හරිනි මැඩම්ගෙන් මහින්ද මහත්තයා සමාව ගනී ? (18.02.2026)

+


ආණ්ඩුව මොන ඡන්දයක් තිබ්බත් කුජීතයි, පරාදයි… අනුර දැන් දුවන්නෙ බොරු ප්‍රචාරවලින් (17.02.2026)

+

පවුලේ අයත්, හිතමිතුරන් සියලුදෙනාත් සාක්ෂියට කැඳවන්න සුදානම් (18.02.2026)

+

නිහාල් ගලප්පත්තිගේ පුතා ජනාධිපති කාර්‍ය මණ්ඩලේ ඉන්නවද? ඥාති මිත්‍ර සංග්‍රහ රෙදි ඇඳගෙනද ? (17.02.2026)

+

හරිනි ඇත්තටම ළමයින්ට ආදරේද ? විපක්ෂයේ නොන්ජල්කම නිසා පවතින ආණ්ඩුවක් මේක (18.02.2026)

+

විනෝදෙට වෙඩි කෑ නීතිඥ ජෝඩුව… ඒක ඒගොල්ලන්ගේ එන්ජෝයිමන්ට් එක (17.02.2026)

+

දැන් සරත් ෆොන්සේකා කියන දේවල් කවුරුවත් සීරියස් ගන්නෙ නෑ (18.02.2026)

+


මන්ත්‍රී පැන්ෂන් කැපීමේ බොරුව සහ හෙලුව (17.02.2026)

+

ඇමති විජිතගෙ හයි එන්ඩ් ටුවරිස්ට් කවුද දන්නවද ? (18.02.2026)

+

කුණුගොඩේ මැස්සා මං – තේරුම් ගත්තෙ පස්සෙ මං – ඒත් මං පනපිටින් සදමාලී (18.02.2026)

+

දණහිසට කොන්ඩම් දාපු කෙනා මෙන්න (18.02.2026)

+


විජේපාල, වටගල, රවී සහ ශානි නීතිය මරණ හැටි මෙන්න (17.02.2026)

+

මේසෙට අතින් ගහල ගෙනාපු Rolls Royce කාර් දෙකේ කතාව! (18.02.2026)

+


මහින්ද රාජපක්ෂටත් වඩා ආයතන ළඟ තබා ගෙන ඉන්න අනුර කරපු අපූරු වැඩ (17.02.2026)

+

ජාතික ආරක්ෂාව ගැන මාධ්‍යවේදිගේ කතාවෙන් විජිතට කලිසමේ මළ පහ වෙයි! (18.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *