යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි
යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දුම්රිය පුහුණව ලබා දීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි
(17.02.2026 – 21:53 +0530 – sinhala.adaderana.lk)
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
ඔහු පැවසුවේ දුම්රිය රියදුරන්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ සඳහා බලපෑමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන :
“ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා. දැනටමත් අපි කෝච්චි පාරවල් හදන්න උදව් කරලා තියෙනවා, කෝච්චි එන්ජිං හදන්නත් ඒ ගොල්ලෝ දැන් මාස දෙකක් (2) තිස්සේ රත්මලානේ උදව් කරනවා. යුද හමුදාවේ ඉංජිනේරුවෝ ඇවිල්ලා ‘බේල් පාලම්’ හයි කරනවා. එතකොට යුද හමුදාවේ සහභාගීත්වය කොච්චරද කියලා අපිට පේනවා. ඉතිං මේවගේ හදිසි අවස්ථාවකදි මේ වගේ කණ්ඩායමකට වෘත්තිය පුහුණුව තිබීමේ වටිනාකම අපි අත්වින්දා අමාත්‍යාංශයක් විදිහට. ඒ නිසා තමයි මේ 20 දෙනෙකුට මේ පුහුණුව ලබා දෙන්න අපි තීරණය කෙරුවේ. නමුත් හාරලක්ෂ පනස් දහසකට (4,50,000) ආසන්න ප්‍රමාණයක් මෙවර සාමාන්‍යපෙළ විභාගය සඳහා මුහුණ දෙනවා. එක ළමයෙකුට හරි අනවශ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා තමන්ගේ කඩඉම පසු කර ගැනීම සඳහා යම් කිසි ප්‍රවාහන අපහසුතාවයකට පත්වුණොත් ඒක අපිට දරාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තාවකාලිකව මේ පුහුණුව සඳහා යොදපු යුද හමුදා නිලධාරීන් 20 අපි නවත්වනවා.”
+++
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
(17.02.2026 – 17:25 +0530 – sinhala.adaderana.lk)
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ.
දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට තීරණය කර ඇත.
මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වූ බැවින් අද (17) සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ බව එම සංගමය පැවසීය ෴
+++
දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
(17.02.2026 – 22:17 +0530 – sinhala.adaderana.lk)
දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව ‘දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමය’ සඳහන් කළේය.
එහි ලේකම් දිමුතු එදිරිසිංහ පැවසුවේ හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බවය ෴
+++
හමුදාවේ අය අපේ රස්සාවට ඕනේ නෑ – කැන්සල් කරපු වර්ජනය ගැන කෝච්චි රියදුරෝ කතා කරයි (18.02.2026)
+
බලශක්ති ඇමති ලෙස පෙනී සිටිමින් ආධාර එකතු කළ සැකකරුවන් විමර්ශනයට නියෝග
(17.02.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සැකකරුවන් සිටී නම් විමර්ශන කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශයට අද(17) නියෝග කළා.
මධ්‍යම අපරාධ කොට්ඨාශයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ දැනුම් දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.
එම මුදල් එකතු කළ බව කියන දුරකථන වාර්තා පරීක්ෂා කර වරදක් අනාවරණය වන්නේ නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අමාත්‍යවරයාගේ නමින් ආධාර එකතු කිරීමකට අදාලව විමර්ශන කිරීමට අදාල නියෝග ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දුරකථන වාර්තා ඇතුලු විමර්ශන සදහා පොලීසිය අයැද සිටි නියෝග නිකුත් කළා ෴
අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ (2) ඡායාරූප භාවිත කර කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙක් අත්අඩංගුවට
(17.02.2026 – 16:23 +0530 – sinhala.adaderana.lk)
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
21 හැවිරිදි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදීය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද එම චීවරධාරියා සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.
එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බව වාර්තා වේ.
අදාළ ලිපි පෞද්ගලික ආයතන වෙත යොමුකරමින් සැකකාර චීවරධාරියා මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පොලිස් විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස්මත ක්‍රියාත්මක බව සඳහන් වේ ෴
‘ගංගා වැලි’ වෙනුවට ‘සියුම් සමාහාරක’ යෙදුම
(17.02.2026 – 14:48 +0530 – sinhala.adaderana.lk)
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව ‘ගංගා වැලි’ (River Sand) යන යෙදුම වෙනුවට ‘සියුම් සමාහාරක’ (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ගංගා වැලි කැණීම සීමා කිරීම සහ වැලි ප්‍රවාහනයට පනවා ඇති නියාමන හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කර්මාන්තය ගංගා වැලි හිඟයකට මුහුණ දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගා වැලි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මූල්‍ය පීඩනයක් එල්ල වී ඇත.
මෙම තත්ත්වයට විකල්පයක් ලෙස නිෂ්පාදිත වැලි (M-වැලි), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ අනෙකුත් සුදුසු කණිකාමය ද්‍රව්‍ය භාවිතයට පහසු කිරීම අරමුණු කරමින්, මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි සියලුම එවැනි ද්‍රව්‍ය ‘සියුම් සමාහාරක’ ලෙස අර්ථ දක්වා ඇත.
ඒ අනුව, ඉදිකිරීම් සම්බන්ධ සියලුම පිරිවිතර සහ මාර්ගෝපදේශයන්හි ‘ගංගා වැලි’ යන යෙදුම වෙනුවට ‘සියුම් සමාහාරක’ යන යෙදුම යොදා ගැනීමට නියෝග ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
මෙම නියෝග 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මෙම තීරණය මඟින් ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය විකල්ප මඟින් සපයා ගැනීමට හැකිවීමත්, පාරිසරික හා ආර්ථික බලපෑම් අවම කර ගැනීමටත් උපකාරී වනු ඇත ෴
අකුරේගොඩ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට
(17.02.2026 – 11:53 +0530 – sinhala.adaderana.lk)
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන, ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ දී ගිනිතබා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණ තිබේ.
මෙම මෝටර් රථය පසුගිය 15 වනදා ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විය.
එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවය.
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබූ අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවය.
+
බාල ගල් අගුරු ගණුදෙනුවට ජනාධිපතිත් සම්බන්ධදැයි සැකයි
(17.02.2026 – lankacnews.com)
නොරොච්චෝල් බලාගාරය සඳහා බාල ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිටුපස පවතින අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති දක්වන උදාසීනත්වය හමුවේ, එම දූෂිත ගනුදෙනුවට ඔහුගේද අනුදැනුම ඇති බවට සැකයක් මතු වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
හාරිස්පත්තුව ප්‍රදේශයේ පිහිටි හල්ලොලුව ඓතිහාසික කටාරංගල රජමහා විහාරස්ථානය වෙත පැමිණි ඒ මහතා, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම ගනුදෙනුවෙහි පවතින විනිවිදභාවයකින් තොර ස්වභාවය හේතුවෙන් එහි මූල්‍යමය පාඩුව අවසානයේ ජනතාව මතම පැටවෙනු ඇති බවය.
පසුගිය වසරේ (2025) දෙසැම්බර් මාසයේදීම තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර විමර්ශනයක් ඉල්ලා සිටියද, ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් හෙතෙම පැවසීය.
“විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් වෙලා තිබෙනවා. සියය 13.5 කින්. විදුලි ගාස්තු වැඩිවෙන්නේ අප්‍රේල් 01 දා සිට. විදුලි ගාස්තු වැඩි වීමට කිසිදු අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. ඒකට හේතුව ලෝකයේ ගල් අඟුරු මිලත් තෙල් මිලත් ඉතාමත්ම අඩුමට්ටමක පවතින්නේ. කවුරුත් දන්නවා ජලාශවල ජලමට්ටමත් ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබෙනවා. මේ දිනවල සූර්ය බලයත් සුළං බලයත් හොඳට තිබෙනවා.
ඇත්තටම මේ විදුලි ගාස්තු වැඩිකරන්න වෙලා තියෙන්නේ බාල ගල්අඟුරු ගෙනඒම නිසා. ඒ නිසා සිදුවුණු පාඩුව ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා පාර්ලිමේන්තුවට වාර්තා කලා. රජය මුලින්ම කිව්වා බාල ගල්අඟුරුවලට වන්දියක් ගන්නවා කියල. විදුලිබල මණ්ඩලය පෙන්වා දීල තිබෙනවා නැව් 25 කින් හතරකින් (4) පමණ වන්දිය ගත්තට පස්සේ රු. කෝටි 180 ක පාඩුවක් තිබෙන බව. ඉතින් නැව් 25 ආවොත් එහෙම මේ පාඩුව ආසන්න වශයෙන් රු. කෝටි දහස (1000) ඉක්මවනවා. ඒක මහජනයා පිට පැටවීම කිසිසේත්ම සාධාරණ නැහැ.
විදුලි බල මණ්ඩලය ළඟදීම ඒ අමාත්‍යාංශයේ විදුලි අයක්‍රමය හා විදුලිබල ප්‍රතිපත්ති ගැන යම් ප්‍රතිපත්ති වගයක් සම්මත කරන්න යනවා. විශේෂයෙන්ම අයක්‍රමය ගත්තොත් දුප්පත් ජනතාවට ඒ අයක්‍රමය වැඩිබරක් දාලා තිබෙනවා.
උදාහරණයක් හැටියට ඒකක දාහට (1000) වැඩියෙන් පාවිච්චි කරන ඉහළ ධනකුවේරයන්ගේ විදුලි බිල දැන් තියෙනවා නම් රුපියල් තුනක් (3) ඒක රුපියලට (1) බහිනවා. දුගියාගේ තිබෙනවා නම් රුපියලක් (1) ඒක රුපියල් 20 වෙනවා. දුගියන්ගේ – ඒ කියන්නේ ඒකක 30 අඩු – විදුලි බිල 20 ගුණයකින් පමණ වැඩිවෙනවා. ධනකුවේරයන්ගේ ඒවා තුනෙන් එකකට (1/3) අඩුවෙනවා.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි
(18.02.2026 – lankacnews.com)
= මාධ්‍ය නිවේදනය =
සෞඛ්‍ය අමාත්‍යංශයේ අසාර්ථකභාවය තුල වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම අකර්මන්‍ය වී තිබිම පිළිබඳවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ස්ථානමාරු සම්බන්ධව අප දරණ මතය වනුයේ සියලුම වෛද්‍ය කාණ්ඩයන්හි ස්ථානමාරු නිසි පිළිගත් ක්‍රමවේදය ඔස්සේ ස්ථානමාරු මණ්ඩල වල අනුමැතිය ඇතිව නියමිත කාලරාමුවක් තුල සිදු විය යුතු බවයි.
නමුත්, 2026 වර්ෂය ආරම්භ වන විට වාර්ෂික ස්ථානමාරු 7000 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන දුර්වලතා නිසා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී තිබුණි. මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සිදු වු සාකච්ඡාවන්හිදි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි පරිදි ක්‍රියාත්මක කරවීම තුලින් රට පුරා ඇති රෝහල් සියල්ල සැලකිමට ලක් කරමින් සේවා බිඳ වැටීමකින් තොරව රෝගී සත්කාර කටයුතු පවත්වා ගැනීම පිළිබඳව එකඟතාවයන්ට එළඹෙන ලදී.
මෙම ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක්ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පාර්ශවයෙන් යෝජනා කරන ලදී. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් බලධාරීන්ගේ නොහැකියාව සහ දුර්වලතාවයන් නිසාත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග වලට පවා අවනත නොවීම නිසාත් මේ වන විට ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම නියාමාකාරයෙන් සිදු නොවේ.
මේ වන විට ඉහත කී 7000 තට ආසන්න වාර්ෂික ස්ථානමාරු ප්‍රමාණයෙන් ස්ථානමාරු යෑම සඳහා ලිඛිත නියෝග ලබා දීම සිදු කර ඇත්තේ 650 කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකට පමණක් වන අතර දළ වශයෙන් එය 9% ක් වැනි ඉතා අඩු ප්‍රතිශතයකි. එම 9% න්ද ස්ථානමාරු ක්‍රියාත්මක වී ඇත්තේ ලිපි නිකුත් කල වෛද්‍යවරුන් 2/3 ක එසේත් නැතිනම් 400 කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකගේ පමණි. ස්ථානමාරු ක්‍රියාත්මක කරවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව ලිඛිත නියෝගයකින් ස්ථානමාරු සිදු කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබුනද (2026 පෙබරවාරි මස 02 වැනිදායින් ආරම්භ වූ සතිය) එම සතියද ඉකුත් වි දැන් බොහෝ කල් ගතව ඇත.
වාර්ෂික ස්ථානමාරු ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති වෛද්‍යවරුන් සියලුම දෙනා මේ තුලින් දැඩි අසාධාරණයකට ලක් වී තිබෙන අතර සමහරක් වාර්ෂික ස්ථානමාරු අදාල ලිඛිත නියෝග ලැබුන ද ආයතන ප්‍රධානින්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක නොකරමින් පවත්වා ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා මුලින් ප්‍රකාශ කර සිටියේ වාර්ෂික ස්ථානමාරු ලද සියලුම වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කරවන බවයි. නමුත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයේ අකාර්යක්ෂමතාව, ප්‍රමාණවත් අනුප්‍රාප්තිකයන් නොමැති වීම සහ මානව සම්පත් කළමනාකරණයේ දුර්වලතාවයන් නිසා ස්ථානමාරු ක්‍රියාවලිය මුලුමනින්ම බිඳවැටීමට පටන්ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ වැරදි දත්ත හා බොරු උපෙදස් නිසා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශ පවා නැවත වෙනස් කරන්නට එතුමාට සිදුවීම දෛවයේ සරදමකි ෴
කස්සප හාමුදුරුවෝ ත්‍රිකුණාමලයේ නැටුවේ රාජපක්ෂ නාට්‍යයක්ද? ටිල්වින්, වටගල කතා කරපු විදිහ මෙන්න (17.02.2026)
+
කියපු අනාවැකි ටක්කෙටම හරි ගියා | 2029 නාමල් ජනපති වෙන හැටි කියයි | රාගම ගුරු කැට තියා දිවුරයි (17.02.2026)
+
අද අපි අසරණයි – ගෑණුත් අපිට බනිනවා – මිහින්තලේ හිමි මාධ්‍යවලට මුදා හැරපු ආන්දෝලනාත්මක ප්‍රකාශය (18.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴