COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවේ

COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවේ


COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවේ

(05.05.2023 – 20:53 +0530 – hirunews.lk/sinhala)

COVID-19 තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (05) දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම ප්‍රකාශය වසංගතය අවසන් බවට හැඟවෙන ප්‍රධාන කරුණක් ලෙස පෙන්නුම් කෙරෙන්න අතර එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ වෛරසය පිළිබඳ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර තුනකට (3) පසුවයි.

WHO බලධාරීන් පැවසුවේ වෛරසයේ මරණ අනුපාතය 2021 වසරේ ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක සිට මෙම වසරේ අප්‍රේල් මස 24 වන දින වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (Tedtos Adhianom Ghetteyes) ප්‍රකාශ කර ඇත්තතේ.

වසංගතයෙන් අවම වශයෙන් මිලියන හතක (7) ජනතාවක් මිය ගිය ගොස් තිබෙනවා.

ඊයේ (04) දින කොවිඩ් හදිසි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර එහිදී ජාත්‍යන්තර අවධානයට මෙම තත්වය කතා බහට ලක් වී ඇති අතර මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙසත් නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.

එය පිළිගනිමින් COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වීම අවසන් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවත් ඔහු එහි දී සඳහන් කර තිබෙනවා.

නමුත් ඔහු අනතුරු අඟවා ඇත්තේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවන අතර තත්වය වෙනස් වුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත තුළ හැකි බවයි.

එන්නත් ලබාදීම මෙම වසංගතයේ අවදානමෙන් ඉවත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එන්නත් මාත්‍රා බිලියන 13 ක් ලබා දී තිබෙනවා.

නමුත් බොහෝ රටවල එන්නත් අවශ්‍ය අයගෙන් වැඩි දෙනෙකු වෙත ඒවා ළඟා වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වර්තා පෙන්වා දෙන්නේ ෴


අයහපත් කාලගුණයෙන් ගුවන් තොටුපළ කටයුතුවලට බාධා

(05.05.2023 – 07:17 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් (2) මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ඊයේ (04) රාත්‍රී 10:25 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.605 දරන යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කෙරුණා.

එම ගුවන් යානය ඊයේ (04) රාත්‍රී 11:35 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය බස් රථ මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව මාලදිවයින මාලේ සිට, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.104 දරන ගුවන් යානය ඊයේ (04) රාත්‍රී 10:55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපළ අවට ඒ වනවිට පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා අද (05) අලුයම 12:02 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබූ ඇති නමුත් එම යානය තුළ සිටි මගීන් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය, එම ගුවන් යානයෙන් පිටතට බස්වා නොතිබුණ බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් ඊට ස්වල්ප වේලාවකට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්ත්වය යහපත් වීමත් සමග මෙම ගුවන් යානය යළිත් මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වී අද (05) දින අලුයම 01:51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබෙනවා ෴

++++++++++

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරයි

(05.05.2023 – 23:27 +0530 – hirunews.lk/sinhala)

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කරන්නේ ඊයේ (04) දින මෙල්බන් සිට කොළඹ බලා පියාසර කළ UL 605 දරන ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වූයේ කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අයහපත් කාලගුණ තත්වය බවයි.

යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබුණේ ඊයේ (04) රාත්‍රී 10:30 පමණය.

අවස්ථා කිහිපයකදීම යානය ගොඩබෑමට උත්සාහ කළ ද කාලගුණ තත්ත්වය අයහපත් බැවින් එය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යොමු කිරීමට ගුවන් ගමන් පාලකවරුන්ට සිදුවී තිබෙනවා.

ඒ අනුව ගුවන් යානය රාත්‍රී 11.30 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යානය ගොඩ බස්වා තිබෙනවා.

මෙම ගුවන් යානයේ මගීන් 194 දෙනෙක් බිළිඳු දරුවන් 3 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් 15 දෙනෙක් ගමන් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා නීති රීති අනුව, එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තම රාජකාරී කාල සීමාවන් සම්පූර්ණ කර තිබූ බැවින් ගුවන් යානය තවදුරටත් මත්තල ගුවන් තොටුපලේ නවතා තැබීමට සිදු වූ බව ද එහි සඳහන් කර තිබෙනවා.

මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදු වීම හේතුවෙන් මගීන්ට ඇති වූ අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නිවේදය මගින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතරින් ශ්‍රී ලංකාව වෙත පැමිණි මගීන්ට මත්තල සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලද අතර, වෙනත් රටවල් වෙත ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට, ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පිටත්ව යන තෙක් මත්තල අවට හෝටල්වල නවාතැන් පහසුකම් සලසා දුන් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමගම ප්‍රකාශ කර සිටින්නේ.

වෙනත් රටවල් බලා පිටත් වීමට නියමිත ගුවන් මගීන්ට එම පහසුකම් සැලසීම සදහා සමාගම මේ වනවිට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


අමෙරිකාවට මෙරට රාජ්‍ය බිඳදැමීමට අවශ්‍ය ඇයි? – විමල් ගෙන් සුවිශේෂී අනාවරණයක්!

(06.05.2023 – 10:25 +0530 – lankaleadnews.com)

අමෙරිකාව විසින් මෙරට ‘රෙජිම් චේන්ජ්’ මෙහෙයුම් දියත් කරමින් මෙරට රාජ්‍ය බිඳවැට්ටවීමට දරන උත්සාහයට හේතුව පියවරෙන් පියවර ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැහැදිලි කරයි.

‘පොඩ්කාස්ට්’ හරහා පැවති සංවාදයක දී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

ශ්‍රී ලංකාවේ ඇති පිහිටීමේ ඇති වැදගත්කම 15 වැනි සියවසේ ගෝවේ සිටි පෘතුගීසි ප්‍රතිරාජයා ඔහුගේ නායකයාට හෙළිකරමින් පවසා ඇත්තේ, ගෝවේ නොසිට ලංකාවට යන ලෙසත්, ලංකාව නොපෙනී කිසිදු නැවක් ගමන් කළ නොහැකි බවත්, තමාගේ බලය තීව්‍ර කර ගැනීමට සුදුසුම තැන එතන බවත්, යැයි විමල් වීරවංශ මහතා පවසයි.

2015 දී මෙරටට පැමිණි එවකට අමෙරිකානු රාජ්‍ය ලේකම් ‘ජෝන් කෙරී’ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේ දී දේශනයක් පවත්වමින් පැවසුවේ “ඔබේ රට පිහිටා ඇත්තේ ඉන්දු – ෆැසිපික් කලාපයේ හරි මැදය. එයින් ඔබට ගතහැකි ප්‍රයෝජන අතිමහත්ය. ඒ සඳහා උපකාර කිරීමමට අපි සූදානම්” බව යැයි විමල් වීරවංශ මහතා පවසන්නේ මෙරට පිහිටීමේ ඇති සුවිශේෂී පිහිටීම පිළිබඳව කරුණු අනාවරණය කරමිනි.

ඊට අමතරව මෙරට භූමිය අභ්‍යන්තරයේ පවතින තෙල් සම්පත හා ගෑස් සම්පත මෙරට භූමියේ වැදගත්කම හෙළි කෙරෙන තවත් අතුරු සාධක කිහිපයක් බවයි ඒ මහතා පවසන්නේ.

අද ලෝකයේ බල කේන්ද්‍ර අතර තරඟය තීව්‍ර වී ඇති පසුබිමක අමෙරිකානු ඩොලරය වේගයෙන් කඩාවැටෙමින් පවතින බවත් එමගින් අමෙරිකාවේ මූල්‍ය අධිරාජ්‍යවාදය ගරාවැටෙමින් පැවතීම මත ඔවුන් එය වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ පිහිටීමේ ඇති සුවිශේෂීතාවය යොදාගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අමෙරිකාවේ ඇත්තේ මූල්‍ය ආධිරාජ්‍යවාදයක් මිස කාර්මික අධිරාජ්‍යවාදයක් නොවන නිසා ඩොලරයේ බිඳවැටීමත් සමගම එම මුල්‍ය අධිරාජ්‍යවාදය දැඩි තර්ජනයකට ලක්වී ඇති බව ඒ මහතා පවසයි.

ත්‍රිකුණාමලයට එහා ජාත්‍යන්තර මුහුදු සීමාවේ අමෙරිකානු නැවක් නවත්වා ඇති බවද, එහි අමෙරිකානු මෙරයින් බලකායේ සෙබළුන් 5000 කට වඩා සිටින බවත්, ඔවුන්ට සේවා සැපයීමට ස්ථානයක් නැති නිසා MCC ගිවිසුම හරහා ත්‍රිකුණාමලය අධිනාගරික නගරයක් බවට පත්කිරීමට යෝජනාකර තිබූ බව ද ඒ මහතා පවසයි.

අමෙරිකාවට ශ්‍රී ලංකාව යටත්කර ගැනීම සඳහා මෙරට රාජ්‍ය බිඳවැට්ටීමට අවශ්‍ය බවද, ලිබියාවේ රාජ්‍ය බිඳවට්ටා ලිබියාව කියා රටක් පමණක් ඉතුරුකර, එරට යටත්කර ගත් ලෙසින්ම මෙරට යටත්කර ගැනීමේ මෙහෙයුම් ද මේ මොහොතේදීත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද විමල් වීරවංශ මහතා පැහැදිලි කරයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *