ඉන්දියානු බලපෑමට මුහුණ දෙන්නේ කෙසේ ද? – නිදහස ජනතා සභාව හා ජාතික සංවිධාන එකමුතුව අතර සංවාදයක්

ඉන්දියානු බලපෑමට මුහුණ දෙන්නේ කෙසේ ද? – නිදහස ජනතා සභාව හා ජාතික සංවිධාන එකමුතුව අතර සංවාදයක්

*********************************************

ඉන්දියානු බලපෑමට මුහුණ දෙන්නේ කෙසේ ද? – නිදහස ජනතා සභාව හා ජාතික සංවිධාන එකමුතුව අතර සංවාදයක්

(13.10.2022 – 13:14 +0530 – lankaleadnews.com)

මීට පෙර ජාතික සංවිධාන එකමුතුව හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව අතර පැවති හමුවක් අතරතුර ඉන්දියානු බලපෑමට නතු නොවී සිටීමට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු බව අවධාරණය විය.

ඒ අනුව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් ජාතික මහජන සභාවේ ඉන්දියානු බලපෑමට නතු නොවී සිටීමේ යෝජනා, නිදහස ජාතික සභාවට යවා ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අට වැදෑරුම් යෝජනා අඩංගු එම ලිපිය පහතින් දැක්වේ : (pdf file)

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (15) පැය 12 ක ජල කප්පාදුවක්

(13.10.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (15) රාත්‍රී 10 සිට ඉරිදා (16) උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 02, 03, 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ ෴

***************************************

රුපියල් කෝටි 1500 පිරමීඩ ගැහිල්ලේ චීන යුවළ 21 තෙක් රිමාන්ඩ්

(13.10.2022 – 22:30 +0530 – lankadeepa.lk)

‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500 කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (13) නියෝග කළේය.

මෙම සැකකරුවන් ඊයේ (12) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ්‍යට දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35 ක පිරිමි අයකු සහ 25 ක කාන්තාවක යි ෴

***************************************

V8 රථය ලබාගත් කාන්තාව ගැන මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් හෙළිදරව්වක්

(14.10.2022 – 21:11 +0530 – hirunews.lk/sinhala)

තමාට අයත් ජීප් රථයක් සැකකාර තිළිණි ප්‍රියමාලි මිලදී ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා අසත්‍ය බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියාසිටියේ තමාගේ වාහනය ලබා ගනු ලැබුවේ තිලිණි ප්‍රියමාලි නම් සැකකාරිය නොවන බවයි. තමා ඇය නොහඳුනන බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

තමාගේ V8 වර්ගයේ ජීප් රථය රැගෙන යනු ලැබුවේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනු ලබන ප්‍රියංකා ජයසේකර බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ඇය තමාට සිදු කළ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

මේ අතර මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රුපියල් කෝටි 75 ක් අහිමි කරගත් ව්‍යාපාරිකයෙක්ද ඔවුන් අතර සිටින බවයි.

බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට, එරෙහිව තවත් පැමිණිලි දෙකක් ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර ඒ සමඟ සැකකාරියට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඒ අතරින් එක් පැමිණිල්ලක් කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් ලැබී තිබූ අතර රුපියල් කෝටි 75 ක් තිළිණි ප්‍රියමාලි වංචා කර ඇතැයි ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වන බවයි.

මෙම ව්‍යාපාරිකයා මැලේසියාව සමඟ ව්‍යාපාරික ගණුදෙනු කරන අයෙකු බවත්, ජනප්‍රිය නිළියක් යොදාගනිමින් මෙම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව තිළිණි ප්‍රියමාලිගේ උපදෙස් මත ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලූ ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ද ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊයේ (13) ලද පැමිණිලිවලින් අනෙක් පැමිණිල්ලත් කොළඹ පදිංචි පුද්ගලයෙකුගෙන් ලැබී ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් කෝටි 7 කට අධික මුදලක් තමන්ගෙන් වංචා කර ඇති බවයි.

පොලිසිය පැවසූවේ බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා තවත් ස්ථාන කිහිපයක් වෙත ඉදිරි දිනවලදී රැගෙන යාමට නියමිත බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සැකකාරියට සම්බන්ධ හඬ පට පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙරට කෝටිපතියන් තම වසඟයට ගනිමින් ප්‍රභූන් ඇතුළු නළු නිළියන් සමඟ සමීප සබඳතා පැවැත්වූ තිළිණි ප්‍රියමාලි පසුගිය කාලයේ ගත කර තිබුණේ සුඛෝපභෝගී ජීවිතයක්.

ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ උපන්දින සාද වෙනුවෙන් ඇය රුපියල් ලක්ෂ ගණනික් මුදල් වියදම් කර තිබුණා.

++++++++++++

+++++++++++++

https://www.youtube.com/watch?v=Ei7Gr3iAk30
10-10-2022

+++++++++++++

13-10-2022

+++++++++++++

14-10-2022
15-10-2022

+++++++++++

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තිළිණිගේ සේවක සේවිකාවන්ගේ දුරකථනත් පිරික්සයි

(15.10.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගෙන් ද දුරකථන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඔස්සේ අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

එමෙන්ම තිළිණි ප්‍රියමාලිට අයත් තවත් දුරකථන කිහිපයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයට ලක් කරමින් සිටිනවා.

මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ හඩ පට උපයෝගි කරගනිමින් ඇය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පුළුල් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ඇයට එරෙහිව තවත් පැමිණිලි දෙකක් (2) පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණා.

ඊයේ (14) දිනයේදීත් තවත් පැමිණිලි දෙකක් ඇයට එරෙහිව ලබා දීමට පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට දැනුම්දී තිබුණත් ඔවුන් එහි පැමිණ තිබුණේ නැහැ ෴

++++++++++

තිළිණි ප්‍රියමාලි තවත් ගමනක් යයි

(15.10.2022 – 18:57 +0530 – sinhala.adaderana.lk)

මූල්‍ය වංචා සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අද (15) දිනයේත් ස්ථානීය පරීක්ෂාවන් සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව සහිතව ඇය අද (15) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ස්ථානීය පරීක්ෂාව සඳහා රැගෙන ගිය බවය.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ඇයව රැගෙන ආවේ කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයක් වෙතය.

තිළිණි ප්‍රියමාලි මුදල් ගණුදෙනු බොහොමයක් මෙම ගොඩනැගිල්ල තුළදී සිදුකර ඇති අතර පසුගියදා රුපියල් මිලියන 226 ක පැමිණිල්ලට අදාළ ගණුදෙනුව සිදුවී ඇත්තේද මෙම ගොඩනැගිල්ල තුළදී බව අනාවරණය වී තිබේ.

ක්‍රිෂ් අධ්‍යක්ෂවරියක් බව පැවසෙන ජානකි සිරිවර්ධන මහත්මියවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (15) එම ස්ථානයට කැඳවා තිබුණි.

ඒ රුපියල් මිලියන 226 ගණුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.

ඒ අනුව ජානකී සිරිවර්ධන මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පැය 05 ක පමණ කාලයක් එම ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය සැකකාරිය නැවත අද (15) පස්වරු 03:20 ට පමණ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා විය.

මේ අතර පසුගිය 12 වනදා දිනයේ ද සැකකාර තිළිණි ප්‍රියමාලි තැනැත්තිය ස්ථානීය පරීක්ෂාවක් සඳහා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ඇයගේ ව්‍යාපාරික ස්ථානයට රැගෙන ගොස් තිබුණි.

මේ වනවිට අවස්ථා දෙකකදී ඇය ස්ථානීය පරීක්ෂා කිරීම් සඳහා මෙලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ.

එම පරීක්ෂා කිරීම් කටයුතු සඳහා ඇයව ලබන 19 වනදා දක්වා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට ද අවසර හිමිව ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

මේ අතර තිළිණි ප්‍රියමාලි සමග සමීප සබඳතා පැවැත්වූ තිදෙනෙක් (3) ද අද 15 ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ අතර නීතීඥවරයෙකු ද වෙයි.

ඔවුන් තිදෙනා 3 සහ තිළිණි ප්‍රියමාලි අතර නිරන්තරයෙන් දුරකථන සංවාද සිදුවී ඇති අතර ඊට අදාළව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ ෴

++++++++++

ප්‍රියමාලි අදත් (15) බන්ධනාගාරයෙන් පිටතට

(15.10.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි, අද (15) තවත් ස්ථානීය පරීක්ෂණයක් සඳහා රැගෙන ගියා.

ඒ අනුව සැකකාරිය කොළඹ කොටුව රිට්ස් කාල්ටන් නිවාස සංකීර්ණයේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ආවා.

ඇය සමඟ පැමිණි නිලධාරීන් එහි ප්‍රධාන කාර්යාලයේ යම් පරීක්ෂාවක නිරත වන ආකාරය දක්නට ලැබුණු නමුත් එම සිදුවීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ.

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දී තිබූ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සමඟ මෙම මහල් නිවාස සංකීර්ණයද සම්බන්ධ බවටයි චෝදනා එල්ල වුණේ. පසුව සැකකාරිය නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ පස්වරු 03:25 ට පමණ තිළිණි ප්‍රියමාලි නැවත බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි.

මේ අතර, තිළිණි ප්‍රියමාලිට අයත්, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගේ දුරකතන කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඔස්සේ අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි.

සැකකාරියට එරෙහිව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්.

ඊයේ (14) දිනයේදී තවත් පැමිණිලි දෙකක් (2) ඇයට එරෙහිව ලබා දීමට පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට පෙර දැනුම්දී තිබුණත් ඔවුන් එහි පැමිණ තිබුණේ නැහැ.

මේ අතර, රුපියල් ලක්ෂ 90 ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ 28 හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ පොල්ගස්ඕවිට – පාලගම – ඇටගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරකට අනුව කහතුඩුව පොලිසියේ නිලධාරීන් අදාල නිවෙස වෙත ගිය බවයි.

එම නිවසේ පදිංචි පුද්ගලයා මුදල් තැන්පතු භාර ගැනීමේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව ඒවා නැවත ලබා නොදී මඟහැර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයින් සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය නිවේදනය කළේ කොට්ටාව, මිරිහාන, පිළියන්දල, කහතුඩුව ආදි ප්‍රදේශවල පුද්ගලයින් 06 දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි 06 ක් ඉදිරිපත් කර ඇති බවයි.

සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

+++++++++++

තිළිණි ප්‍රියමාලි රුපියල් කෝටි 1000 ක් පිල්ලි යවලා – CIDය නිළියෝ දෙදෙනෙක් පසුපස

(15.10.2022 – aruna.lk)

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ වංචාවට ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, මෙන්ම භික්ෂූන් වහන්සේ ඇතුළු පුද්ගලයන් තුන්දහසකට (3000) අධික පිරිසක් හසුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම පිරිස විසින් තිළිණි ප්‍රියමාලිට ලබා දුන් මුදල රුපියල් කෝටි දහස ඉක්මවන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙතරම් විශාල මුදලකට සැකකාර තිළිණි ප්‍රියමාලි කුමක් කළේද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ දැඩි සැකයක් මතුව ඇත්තේ අධිකරණ නියෝග පරිදි තිකෝ සමූහ ව්‍යාපාරයේ ගිණුම් පරීක්ෂා කිරීමේදී එම ගිණුම්වල රුපියල් ලක්ෂයකටත් වඩා අඩු මුදලක් තිබීම හේතුවෙනි.

මෙම සැකකාරියගේ මුදල් වංචාවන්ට තමන් හසුවී ඇති බව පවසමින් ඇතැම් පිරිස් විවිධ පාර්ශ්ව ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පණිවුඩ ලබා දුන්නද මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැත. මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව විස්සකටත් අඩු ප්‍රමාණයකි.

තමන් තිළිණි ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය නොකළ බව සඳහන් කරමින් පුද්ගලයන් 15 දෙනකු පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

සැකකාරිය වංචා කරන ලද මුදල් ඇය විසින් ලබාදී ඇතැයි කියන දෙදෙනකු සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අතර මෙතෙක් මෙම සිද්ධියට අදාළව අනාවරණය නොවූ ජනප්‍රිය මෙන්ම සුරූපී නිළියක් සහ ව්‍යාපාර හිමි ප්‍රවීණ නිළියක් සම්බන්ධයෙන් එම විමර්ශන කටයුතු සිදු කරන බවද වාර්තා වෙයි.

මේ අතර මෙම වංචාවට සම්බන්ධ ආයතනය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවද විමර්ශනයක් ආරම්භ කර ඇත. තිකෝ සමූහ ව්‍යාපාරය නම් මෙම ආයතනය මහ බැංකුව යටතේ ලියාපදිංචිය ලබා නැති අතර එම ආයතනය විසින් විවිධ පුද්ගලයන්ගෙන් තැන්පතු භාර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන නියාමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ආයතනය විසින් සිදු කර ඇතැයි කියන වංචනික මූල්‍ය ගනුදෙනු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවීමට ප්‍රථම, ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහ බැංකුවට ලැබී නොතිබුණු බවයි ෴

+++++++++++

(15.10.2022 – silumina.lk)

+++++++++++

16-10-2022

+

***************************************

රුපියල් කෝටි 1500 ක තවත් මහා පරිමාණ මූල්‍ය ජාවාරමක තොරතුරු හෙළි වෙයි (15.10.2022)

***************************************

07-09-2022

***************************************

15-10-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *