දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද?

දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද?

*********************************************

දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද?

(01.09.2022 – 02:00 +0530 – mawbima.lk)

උල්කාපාත වර්ෂාවක් බවට සැලකෙන විශාල වෛවර්ණ ආලෝක දහරාවක්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයට 31 වැනිදා අලුයම 2 ට පමණ උඩු ගුවනේ සිට පාත් වූ බව ප්‍රදේශයේ රාත්‍රි කාලයේ පැල් රකින ගොවීහු පිරිසක් සඳහන් කළහ.

මිනිත්තු දෙකක (2) පමණ කාලයක් එම ආලෝක ධාරාව පැවැති අතර නිල් කහ, රතු සහ දම් වර්ණවලින් එම ආලෝක ධාරාව අහස් මාලිගාව දෙසට පහත් වී එකවර නැති වී ගිය බව ඇසින් දුටු ගොවියෝ සඳහන් කරති.

මීට පෙර අවස්ථා කිහිපයකදීම උල්කාපාත වර්ෂා මෙන්ම පිටසක්වළ ජීවීන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාව පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණි බවට දිඹුලාගල, නවමිල්ලන, දලුකාන හා මලියදේවපුර ඇතුළු අවට ගම්මානවල ජනතාව දැක තිබේ. පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගයට මෙන්ම අරලගංවිල කන්දේගම ධානිගල කඳු වළල්ලට මීට පෙර වසරවල මෙන්ම බොහෝ අවස්ථාවල විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වළ ජීවීන් පැමිණෙන බවට ඉතිහාසයේ සිටම ජනප්‍රවාද කතාවල සඳහන් වේ.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගය දෙසට සෑම වර්ෂයකම පාහේ මේ ආකාරයේ විවිධ ආලෝක ධාරාවන් මෙන්ම පිටසක්වළ ජීවීන් බවට සැලකෙන පාවෙන පීරිසි ඔස්සේ ඉහළ අහසේ සිට රාත්‍රි සහ අලුයම් කාලයේ පහත් වන බවට තමන් වහන්සේලා ඇසින් දැක ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා සහ සාමණේර හිමිවරු සඳහන් කළහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පැළෑටියාව රජමහ විහාරාධිපති පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර නාහිමියන් මෙලෙස සඳහන් කළහ :

“මීට වසර කිහිපයකට පෙරත් ඔය ආලෝක ධාරාවන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගාවට පාත්වෙනවා මමත් දැකලා තිබෙනවා. පිටසක්වළ ජීවීන් අහස් මාලිගාව ස්ථානයට පැමිණ ඒ ගුහාවලට ඇතුළු වෙනවා.

එතැන රැඳී සිට ඒ අය අනෙකුත් පිටසක්වළ ජීවීන් එක්ක තොරතුරු බෙදාහදා ගන්නවා කියලා කතාවකුත් තියෙනවා. උඩු ගුවනේ සිට විවිධ ආලෝක විහිදුවමින් එක පාරටම අහස් මාලිගාව දෙසට ඇවිල්ලා ඒ ගල් ගුහා ඇතුළට යන ස්වභාවයක් තමයි මම දැක්කේ. බොහෝ අවස්ථාවලදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා වගේම මේ ප්‍රදේශයේ රාත්‍රි කාලයේදී පැල් රකින ගොවි ජනතාව මේ සිද්ධීන් දැකලා තියෙනවා.

ඉතිහාසයේ සඳහන් වෙනවා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය අහස් මාලිගාව පිහිටි ප්‍රදේශය පිටසක්වළ ජීවීන්ගේ නවාතැන් මධ්‍යස්ථානයක් කියලා. ඉතින් අපිත් සැක පළ කරනවා බොහෝ විට ඒ එන්නේ පිටසක්වළ ජීවීන් කියලා. මේ පිළිබඳව තවම පර්යේෂණ කරලා නැහැ. බොහෝ විට බදාදා, සෙනසුරාදා හා කෙම්මුර දිනවල රාත්‍රි සහ අලුයම් කාලයේ තමයි ඒ වගේ ආලෝක එළි පාත්වෙන්නේ. එදාට අපේ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ඒ පාත් වුණ තැන්වලට ගියාට පස්සේ විවිධ සලකුණු සහ පිටසක්වළ ජීවීන් පැමිණි බවට සටහන් දැකලා තියෙනවා.”

මනම්පිටිය – නිමල් ජයරත්න

+++++++++

From https://dimbulagalatemple.org/

++++++++++

01-03-2017

++++++++++++

17-07-2020

++++

18-07-2020

+++++++++++++

05-03-2021

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *