යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

*********************************************

යුක්රේන ජනපති රුසියානු සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

(27.02.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි විසින් බෙලරුස් හි රුසියානු සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, රුසියාව සිදුකරන යුක්රේන ආක්‍රමණයට බෙලරුස් රාජ්‍යයද මැදිහත්වූ බව පවසමින්.

වෙනත් ස්ථානයක සාකච්ඡා පවත්වන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාව සඳහන් කර තිබුණේ යුක්රේන බලධාරීන් සමඟ බෙලරුස් හි ගොමෙල් නගරයේදී සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවයි ෴

++++++++++++

යුක්‍රේන ජනපති රට රැකුමට යුද බිමට ?

(27.02.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වන විට මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු ව ඇති පුවතක්.

එවන් තත්ත්වයක් තුළ, රුසියානු මිසයිල ප්‍රහාර ඊයේ (26) මැදියම් රැයේ සිට නැවතත් කීව් අගනුවරට එල්ල වෙමින් පවතින අතර, එහි පනවා ඇති ඇඳිරිනීතිය හෙට (28) දක්වා ක්‍රියාත්මක යි.

මෙම යුද්ධය අතිශය දරුණු අතට හැරෙද්දී, යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් අවිආයුධ අතට ගත්තා.

මේ අතර, යුක්‍රේන ජනපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ද තම රටේ සොල්දාදුවන් සමඟ සටන් බිමට පැමිණ ඇති බවට වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙක් මෙය හුවමාරු කරගෙන ඇති අතර, යුක්‍රේන ජනපති කළ ක්‍රියාව ද ඔවුන් අගය කොට තිබුණා.

කෙසේ නමුත්, සෙවුම්වල දී තහවුරු වන්නේ මෙම ඡායාරූපය 2021 පෙබරවාරි මස 11 වැනි දින අන්තර්ජාලයට මුදා හැර ඇති ඡායාරූපයක් බවයි.

සැබැවින්ම, මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ යුක්‍රේන ජනපති, ඩොන්බාස්ක් ප්‍රදේශයේ රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදීන් හමුවීමට ගිය අවස්ථාවක්.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, බොහෝ දෙනෙක් යුක්‍රේනයේ ජනපති, යුද බිමට පිවිසුණා යැයි හුවමාරු කරගෙන ඇත්තෙ මෙම ඡායාරූප යි.

ඒ අනුව පැහැදිලි වන්නෙ, යුක්‍රේන ජනපති යුද බිමට පිවිසුණු පුවත සාවද්‍ය ප්‍රවෘත්තියක් බවයි.

මේ අතර, යුක්‍රේනයේ මේ වන විට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත යුක්‍රේන වැසියන් පෝලන්තය වෙත පලායමින් සිටින බව විදෙස්
මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් හෙට (28) දිනයේ කැඳවා තිබෙනවා.

ඒ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින තත්ත්වය සමනය කිරීම සඳහා සාමය සඳහා එක්සත් වීම යන අරමුණින්.

රුසියානු යුද භටයින් විසින් කීව් නගර මධ්‍යය වෙත පිවිසීමත් සමගම ඊයේ (26) දිනයේදීත් අඛණ්ඩ ප්‍රහාර සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අගනගරයේ බලාත්මක ඇඳිරිනීතිය හමුවේ කිසිදු පුද්ගලයෙකුට නිවසින් බැහැරවීමේ අවසරයක් නැහැ.

එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය පෙන්වා දී ඇත්තේ.

මේ අතර, කීව් අගනගරයට රුසියානු යුද භටයින්ගේ පැමිණීම වළක්වාලීම සඳහා කීව් නගරවාසීන් ආයුධ සන්නද්ධව අරගලවල නිරතවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 350 ක් වටිනා අවි ආයුධ ප්‍රමාණයක් යුක්රේනයට යැවීමට තීරණය කර තිබෙනවා.

යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවදින ආවරණ ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත්බෝම්බ 1000 ක් සහ ගොඩබිමේ සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500 ක් හදිසි අවස්ථාවක් ලෙස සලකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තය ද යුක්රේනයට අවිආයුධ ලබාදීමට තීරණය කර ඇති අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ වන විට යුක්රේනයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත යුක්රේන වැසියන් රටින් පලා යමින් සිටිනවා.

මෝල්ඩෝවා රාජ්‍ය යේ දේශසීමා ඔස්සේ රටින් නික්මීමට පැය 72 ක පමණ කාලයක සිට දිගු පෝලිම් පැවති බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් පෝලන්තයට පලායන අතර දුම්රිය ස්ථාන තුළ දැඩි කලහකාරී තත්ත්වයක් දැකගැනීමට තිබුණා.

“මට හරිම දුකයි යුක්රේනය ගැන. මම තවමත් බලාපොරොත්තු සහගතවයි ඉන්නේ. මම මනුෂ්‍යත්වය විශ්වාස කරනවා. පවතින තත්ත්වය ගොඩක් වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගොඩක් යුක්රේන ජනතාව මේවන විට රටින් පලායන එක හරිම දුකක්. මේ තියන යුද්ධය අපි හැමෝටම ලොකු දුකක්. පුළුවන් නම් මේක නවත්තලා දෙන්න.”

මේ අතර, රුසියානු බැංකු ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය එකඟත්වය පළකර තිබෙනවා.

මෙතෙක් එය සියලු රුසියානු බැංකු සඳහා ක්‍රියාත්මක නොවුණු අතර, එම තත්ත්වය කොතෙක්දුරට පැවතිය යුතු ද යන්න ජනපති පුටින් අත පවතින කරුණක් බවයි බටහිර සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ.

තවමත් රුසියානු රොකට් ප්‍රහාර කීව් අගනුවරට එල්ල වන අතර ප්‍රහාරවලින් පීඩාවට පත්වූ ජනතාව පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් යුක්රේන හමුදාවෙන් සහ එරට වැසියන්ගෙන් එල්ලවන ප්‍රබල විරෝධය හමුවේ රුසියානු ආරක්ෂක හමුදාවලට සැලසුම් කළ පරිදි ඉදිරියට යාම ගැටලුවක් වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කළා.

මේ අතර, රුසියානු වෙබ් අඩවි 6 කට සයිබර් ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා.

එරට රාජ්‍ය රූපවාහිනී සේවාවේ වෙබ් අඩවියට පිවිසු හැකර්වරුන් එම නාලිකා තුළ යුක්රේන ගීත වාදනය කළ අයුරුයි මේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (28) හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සුවිශේෂී සැසිවාරයක් කැඳවීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහායි.

එවැන්නක් සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුණේ 1982 වසරේදීයි.

මෙවර මෙම හදිසි සමුළුව කැඳවා ඇත්තේ පවතින රුසියානු – යුක්රේන තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සාමය සඳහා එක්සත් වීම යන අරමුණ පෙරදැරි කරගෙනයි.

රුසියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලොක ප්‍රකට චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු රෝමන් ඇබ්රිමෝවිච් සිය කණ්ඩායමේ භාරකාරිත්වය එම ක්‍රීඩා සමාජයේ සමාජ සත්කාර පදනම වෙත භාර දී තිබෙනවා.

ඒ රුසියානු යුක්රේන අර්බුද හමුවේ ඔහු දරණ තනතුරෙන් ඉවත්වන ලෙස විවිධ පාර්ශ්ව ඔහුට බලපෑම් සිදුකර ඇති පසුබිමකයි.

නමුත් ඇතැමුන් පවසන්නේ ඔහුට එරෙහිව සම්බාධක පැනවීමට ඉඩකඩ පැවතීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, පවතින තත්ත්වයට විරෝධය පළකරමින් ලතින් අමෙරිකාව, ජෝර්ජියාව ඇතුළු රටවල් කිහිපයක් රුසියාවට එරෙහිව විරෝධතාවල නිරතවන අයුරු ද දක්නට ලැබුණා.

එමෙන්ම, යුක්‍රේනය පවසන්නේ බෙලරුසියාවේ සිට කියෙව් බලා ගමන් ගත් කෲස් මිසයිලයක් තම හමුදා භටයින් විසින් නතු කරගත් බවයි.

අසල්වැසි බෙලරුස් සිට ඉරිදා අගනගරය වෙත වෙත දියත් කරන ලද කෲස් මිසයිලයක් ද යුක්‍රේනය විසින් බිම හෙලණු ලැබුවා.

මේ බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඔලෙග් නිකොලෙන්කෝ (Oleg Nikolenko) විසින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් සඳහන් කළා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී බෙලරූස් රාජ්‍යය ඉතා වැදගත් කාර්යයක් සිදු කරනු ලැබුවා.

යුක්‍රේනය පැවසුවේ, බෙලරුස් රජයේ සහාය ඇතිව රුසියානු හමුදා බෙලරුස් දේශසීමා හරහා සිය රට ආක්‍රමණය කළ අතර, ආක්‍රමණයට සහය දැක්වීම සඳහා බිඩෙන් පරිපාලනය බෙලාරුසියානු ආරක්ෂක සමාගම් නවයකට (9) අවසර දී ඇති බවයි.

මෙවන් තත්ත්වයක් මත මේ වනවිට රුසියන් හමුදාව විසින් යුක්‍රේනයට එල්ල කර ඇති දරුණු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 240 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ඔස්ට්‍රෙලියාවේ සිටින රුසියානු ජාතිකයින් යුක්රේන ප්‍රජාව සමග එක්ව විරෝධය පළ කර තිබෙනවා.

ඒ, මෙල්බර්න් හි දී විරෝධතා රැළි පවත්වමින්.

රුසියානු ජාතිකයන් ප්‍රකාශ කළේ ජනපති පුටින් යුක්රේනයේ සිදු කරන ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන වැසියන් සමග එක්ව නැගී සිටින බවයි ෴

++++++++++++

රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරයට ඇතුළු වෙයි – රූ රැජිණකුත් හමුදාවට

(27.02.2022 – 19:09 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ජනාධිපති වොලඩමීර් සෙලෙන්ස්කි විසින් රුසියාව සමඟ බෙලරුස් හි සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර, යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත ඇතුළු වූ රුසියානු භට පිරිස් එහි බලය අත්පත් කර ගැනීමට දරුණු ගැටුම්වල නිරත වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

රුසියානු හමුදා භට පිරිස් කිව් අගනුවරට ඇතුළුවීමට දරුණු යුද ගැටුම්වල නිරත වන අතරතුර යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ඇතුළු වී එහි බලය ද අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරත වනවා.

කාර්කිව් නගරයට ඇතුළු වූ රුසියානු භටයින් නගරයේ වෙළදසැල් කොල්ල කන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

රුසියානු භටයින් සමග යුක්රේන හමුදා සටන් වදින අතර ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා නගරයේ මිලියනයකට අධික ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ නිවෙස් තුළ රැදී සිටින ලෙසයි.

කාර්කිව් නගරයේ මහල් 9 ක නිවාස සංකීර්ණයකට ඊයේ (26) රාත්‍රියේ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර කිව් අගනුවර ආක්‍රමණයට පැමිණෙමින් සිටින රුසියානු හමුදා භට පිරිස් රැගත් සන්නද්ධ රථ වලට යුක්රේනය එල්ල කල ප්‍රති ප්‍රහාර වලින් රුසියානු හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.

යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ දක්වා ගැටුම් වලින් රුසියානු හමුදා භටයින් 4300 ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම, රුසියානු යුද ටැංකි 146 ක්, ගුවන් යානා 27 ක් සහ හෙලිකොප්ටර් 26 ක් යුක්රේන හමුදාව විසින් විනාශ කර තිබෙනවා.

යුක්රේන අගනුවර තුල මේ වන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක අතර කිසිදු පුද්ගලයෙකුට නිවෙස් වලින් බැහැර වීමේ අවසර හිමි නොවන අතර එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, යුක්රේන සිවිල් වැසියන්ද මේ වන විට නගරය ආරක්ෂා කර ගැනීමට රුසියානු හමුදාවන්ට එරෙහිව යුද වදිමින් සිටින අතර, පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් රුසියානු හමුදා පසුබට කිරීමට උත්සහ දරන ආකාරය දැක්වෙන විඩියෝද මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය හා ප්‍රංශය යන රටවල් මේ වන විට යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ලබාදෙමින් සිටින අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහල නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ යුක්රේන වැසියන් 3,68,000 ක පිරිසක් මේ වන විට එරටින් පලා ගොස් ඇති බවයි.

රුසියානු ආක්‍රමණය හමුවේ කෙටි විඩියෝ පටයක් එක්කරමින් යුක්රේන ජනාධිපති ප්‍රකාශ කර ඇත්තේ තමන් රුසියාව සමඟ සාකච්ජා වලට සුදානම් වුවත් එය බෙලරූස්හි දී පැවැත්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

යුක්රේන ආක්‍රමණයට බෙලරුස් රාජ්‍යය ද මැදිහත්වූ බැවින් වෙනත් ස්ථානයක සාකච්ඡා පවත්වන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බවයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිය පාලන සමයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රසාදයට ලක් කළ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් වර්තමාන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුලු ලෝක නායකයින්ට චෝදනා කළා.

කෙසේ නමුත් ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැක තිබෙනවා.

එහෙත් තමා ඇමරිකානු ජනපති ධුරයේ සිටියේ නම් එවැන්නක් සිදු නොවන බව ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ 2020 මැතිවරණ ප්‍රතිඵලය යළි අභියෝගයට ලක් කරමින්.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ඕස්ටේලියාවේ සිටින රුසියානු ජාතිකයින් යුක්රේන ප්‍රජාව සමග එක්ව විරෝධය පළ කර තිබෙනවා.

ඒ, මෙල්බර්න් හි දී විරෝධතා රැළි පවත්වමින්. රුසියානු ජාතිකයන් ප්‍රකාශ කළේ ජනපති පුටින් යුක්රේනයේ සිදුකරන ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන වැසියන් සමග එක්ව නැගී සිටින බවයි.

පවතින තත්ත්වය හමුවේ තම රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට එක්වීමට 2015 වසරේදී යුක්රේන රූ රැජිණ ලෙස කිරුළු පැළදි 24 හැවිරිදි ඇනස්ටාසියා ලෙනින් තීරණය කර තිබෙනවා.

++++++++++++

යුක්රේන ජනාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක්

(27.02.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා සඳහා එකගතාවයක් ඇතිවී තිබෙනවා.

යුක්රේන ජනාධිපති කාර්යාලය සඳහන් කලේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව දෙපාර්ශවය යුක්රේන – බෙලරුසියා දේශසීමාවේදී මුණගැසීමට තීරණය වී ඇති බවයි.

යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර අද (27) පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි මෙම තීරණයට එළැඹී ඇත්තේ.

යුක්රේන නියෝජිත පිරිස පැමිණ සාකච්ඡා පවත්වා යළි යුක්රේනයට පැමිණෙන තුරු, බෙලරුසියාව තුළ ස්ථාපිත කර ඇති සියලු යුධ ගුවන් යානා – හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකරන බවටද බෙලරුසියානු ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කලා.

මේ අතර, යුක්‍රේනයේ මේ වන විට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත යුක්‍රේන වැසියන් පෝලන්තය වෙත පලායමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් හෙට (28) දිනයේ කැඳවා තිබෙනවා.

ඒ රුසියාව සහ යුක්‍රේනය අතර පවතින තත්ත්වය සමනය කිරීම සඳහා සාමය සඳහා එක්සත් වීම යන අරමුණින්.

රුසියානු යුද භටයින් විසින් කීව් නගර මධ්‍යය වෙත පිවිසීමත් සමගම ඊයේ (26) දිනයේදීත් අඛණ්ඩ ප්‍රහාර සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අගනගරයේ බලාත්මක ඇඳිරිනීතිය හමුවේ කිසිදු පුද්ගලයෙකුට නිවසින් බැහැරවීමේ අවසරයක් නැහැ.

එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය පෙන්වා දී ඇත්තේ.

මේ අතර, කීව් අගනගරයට රුසියානු යුද භටයින්ගේ පැමිණීම වළක්වාලීම සඳහා කීව් නගරවාසීන් ආයුධ සන්නද්ධව අරගලවල නිරතවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 350 ක් වටිනා අවි ආයුධ ප්‍රමාණයක් යුක්රේනයට යැවීමට තීරණය කර තිබෙනවා.

යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවදින ආවරණ ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත්බෝම්බ 1000 ක් සහ ගොඩබිමේ සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500 ක් හදිසි අවස්ථාවක් ලෙස සලකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තය ද යුක්රේනයට අවිආයුධ ලබාදීමට තීරණය කර ඇති අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ වන විට යුක්රේනයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත යුක්රේන වැසියන් රටින් පලා යමින් සිටිනවා.

මෝල්ඩෝවා රාජ්‍ය යේ දේශසීමා ඔස්සේ රටින් නික්මීමට පැය 72 ක පමණ කාලයක සිට දිගු පෝලිම් පැවති බවයි වාර්තා වන්නේ.

තවත් පිරිසක් පෝලන්තයට පලායන අතර දුම්රිය ස්ථාන තුළ දැඩි කලහකාරී තත්ත්වයක් දැකගැනීමට තිබුණා.

“මට හරිම දුකයි යුක්රේනය ගැන. මම තවමත් බලාපොරොත්තුසහගතවයි ඉන්නේ. මම මනුෂ්‍යත්වය විශ්වාස කරනවා. පවතින තත්ත්වය ගොඩක් වෙනස් වෙයි කියලා මම විශ්වාස කරනවා. ගොඩක් යුක්රේන ජනතාව මේවන විට රටින් පලායන එක හරිම දුකක්. මේ තියන යුද්ධය අපි හැමෝටම ලොකු දුකක්. පුළුවන් නම් මේක නවත්තලා දෙන්න.”

මේ අතර, රුසියානු බැංකු ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය එකඟත්වය පළකර තිබෙනවා.

මෙතෙක් එය සියලු රුසියානු බැංකු සඳහා ක්‍රියාත්මක නොවුණු අතර, එම තත්ත්වය කොතෙක්දුරට පැවතිය යුතු ද යන්න ජනපති පුටින් අත පවතින කරුණක් බවයි බටහිර සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ.

තවමත් රුසියානු රොකට් ප්‍රහාර කීව් අගනුවරට එල්ල වන අතර ප්‍රහාරවලින් පීඩාවට පත්වූ ජනතාව පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් යුක්රේන හමුදාවෙන් සහ එරට වැසියන්ගෙන් එල්ලවන ප්‍රබල විරෝධය හමුවේ රුසියානු ආරක්ෂක හමුදාවලට සැලසුම් කළ පරිදි ඉදිරියට යාම ගැටලුවක් වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සඳහන් කළා.

මේ අතර, රුසියානු වෙබ් අඩවි 6 කට සයිබර් ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා.

එරට රාජ්‍ය රූපවාහිනී සේවාවේ වෙබ් අඩවියට පිවිසු හැකර්වරුන් එම නාලිකා තුළ යුක්රේන ගීත වාදනය කළ අයුරුයි මේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (28) හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සුවිශේෂී සැසිවාරයක් කැඳවීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහායි.

එවැන්නක් සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුණේ 1982 වසරේදීයි.

මෙවර මෙම හදිසි සමුළුව කැඳවා ඇත්තේ පවතින රුසියානු – යුක්රේන තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සාමය සඳහා එක්සත් වීම යන අරමුණ පෙරදැරි කරගෙනයි.

රුසියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලොක ප්‍රකට චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු රෝමන් ඇබ්රිමෝවිච් සිය කණ්ඩායමේ භාරකාරිත්වය එම ක්‍රීඩා සමාජයේ සමාජ සත්කාර පදනම වෙත භාර දී තිබෙනවා.

ඒ රුසියානු යුක්රේන අර්බුද හමුවේ ඔහු දරණ තනතුරෙන් ඉවත්වන ලෙස විවිධ පාර්ශ්ව ඔහුට බලපෑම් සිදුකර ඇති පසුබිමකයි.

නමුත් ඇතැමුන් පවසන්නේ ඔහුට එරෙහිව සම්බාධක පැනවීමට ඉඩකඩ පැවතීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, පවතින තත්ත්වයට විරෝධය පළකරමින් ලතින් අමෙරිකාව, ජෝර්ජියාව ඇතුළු රටවල් කිහිපයක් රුසියාවට එරෙහිව විරෝධතාවල නිරතවන අයුරු ද දක්නට ලැබුණා.

එමෙන්ම, යුක්‍රේනය පවසන්නේ බෙලරුසියාවේ සිට කියෙව් බලා ගමන් ගත් කෲස් මිසයිලයක් තම හමුදා භටයින් විසින් නතු කරගත් බවයි.

අසල්වැසි බෙලරුස් සිට ඉරිදා අගනගරය වෙත වෙත දියත් කරන ලද කෲස් මිසයිලයක් ද යුක්‍රේනය විසින් බිම හෙලණු ලැබුවා.

මේ බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඔලෙග් නිකොලෙන්කෝ (Oleg Nikolenko) විසින් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් සඳහන් කළා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී බෙලරූස් රාජ්‍යය ඉතා වැදගත් කාර්යයක් සිදු කරනු ලැබුවා.

යුක්‍රේනය පැවසුවේ, බෙලරුස් රජයේ සහාය ඇතිව රුසියානු හමුදා බෙලරුස් දේශසීමා හරහා සිය රට ආක්‍රමණය කළ අතර, ආක්‍රමණයට සහය දැක්වීම සඳහා බිඩෙන් පරිපාලනය බෙලාරුසියානු ආරක්ෂක සමාගම් නවයකට අවසර දී ඇති බවයි.

මෙවන් තත්ත්වයක් මත මේ වනවිට රුසියන් හමුදාව විසින් යුක්‍රේනයට එල්ල කර ඇති දරුණු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 240 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ඔස්ට්‍රෙලියාවේ සිටින රුසියානු ජාතිකයින් යුක්රේන ප්‍රජාව සමග එක්ව විරෝධය පළ කර තිබෙනවා.

ඒ, මෙල්බර්න් හි දී විරෝධතා රැළි පවත්වමින්.

රුසියානු ජාතිකයන් ප්‍රකාශ කළේ ජනපති පුටින් යුක්රේනයේ සිදු කරන ආක්‍රමණයට එරෙහිව තමන් යුක්රේන වැසියන් සමග එක්ව නැගී සිටින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *