ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති

ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති


ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති

(25.11.2025 – lankacnews.com)

ඉල්ලීම් කිහිපයක් පදනම් කරගනිමින්, විශේෂයෙන්ම පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ නොකිරීම පිළිබඳව අවධානය යොමු කරමින්, ලබන දෙසැම්බර් 12 වැනිදා පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ, රට පුරා සියලුම පාසල්වල ගුරු-විදුහල්පතිවරුන් මෙම විරෝධතාවට සහභාගී වන බවයි.

එදිනට නියමිතව තිබූ පාසල්වල අවසාන වාර විභාග කටයුතු වෙනත් දිනයකට කල් තබන ලෙස සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත.

සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සමඟ මේ දක්වා පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට තීරණය කළ බව ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

දෙසැම්බර් 12 වැනිදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුවත්ව සිටියදීත්, එදිනට වාර විභාග හෝ වෙනත් අධ්‍යාපන කටයුතු සැලසුම් කිරීමෙන් ඇතිවන ඕනෑම අපහසුතාවක් සඳහා වගකීම අධ්‍යාපන බලධාරීන් විසින් දැරිය යුතු බවට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි ෴


කන්ටේනර් පැන්නුව හැටි හඩපට සමග එලියට (25.11.2025)

+++

හඳුන්ගෙ හාල් කතා බීප්… බීප්…. නැතුව (26.11.2025)

+


ඊළාම් කොඩි රැගත් සිංහළෙන් කතා කරන අමුතු බෙදුම්වාදීන්ගේ නාට්‍ය (25.11.2025)

+


බ්‍රිතාන්‍යයේදී ජවිපෙ ටීල්වින්ට හූ කියයි – කොටි හිතවාදින් සමග ඇතිවු රණ්ඩුව ආචාර්යවරිය හෙලිකරයි (25.11.2025)

+


අනුරාධපුරේ ‘කපු මස් වැද්දා’ ගහපු ‘ගේමේ’ මාධ්‍යවල ගියේ ටිකයි. පොලිසිය දඩ මස් කන්න රිංගන්නෙ මුගේ ගෙදරට (23.11.2025)

+


රනිල්ගේ නිවසේ උණුසුම් තත්ත්වයක් – බහුජනබල තරුණයෝ වහාම මල්පාරට (26.11.2025)

+


කොළඹ බරපතල ආපදා ස්ථාන 221 ක් හඳුනා ගැනේ

(26.11.2025 – hirunews.lk)

කොළඹ දිස්ත්‍රික්කයේ බරපතල ආපදා ස්ථාන 221 ක් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13 න් මේ වන විට හඳුනාගෙන තිබෙන බව කොළඹ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

වැඩිම ආපදා සහිත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ලෙස මහරගම හඳුනාගෙන ඇති අතර එහි ආපදා සහිත ස්ථාන 56 ක් හඳුනාගෙන ඇතැයි කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එස්. දිසානායක පවසනවා.

එසේම අඩුම ආපදා සහිත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වන්නේ කඩුවෙල වන අතර එහි හඳුනාගෙන ඇත්තේ එක් ස්ථානයක් (01) පමණක් යැයිද ඔහු අවධාරණය කරයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව හඳුනාගත් ආපදා සහිත ස්ථාන වන්නේ, මහරගම ස්ථාන 56 ක්, කොළොන්නාව ස්ථාන 39 ක්, දෙහිවල ස්ථාන 30 ක්, කෝට්ටේ ස්ථාන 32 ක්, හෝමාගම ස්ථාන 17 ක්, කොළඹ ස්ථාන 15 ක්, රත්මලාන ස්ථාන 11 ක්, පාදුක්ක ස්ථාන 04 ක්, සීතාවක ස්ථාන 07 ක්, මොරටුව ස්ථාන 04 ක්, තිඹිරිගස්යාය ස්ථාන 03 ක්, කැස්බෑව ස්ථාන 02 ක්, කඩුවෙල ස්ථාන 01 ක් වශයෙන්.

මෙම ආපදා සහිත ස්ථාන සඳහා විසඳුම් ලබා දීමටත්, ජනතාව ආපදාවලින් ආරක්ෂා කිරීමටත් සැලසුම් සකස් කරමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා ෴


පෞද්ගලික බැංකුවකින් රු. කෝටි පහකට (5) ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියට තවත් අයෙක් රිමාන්ඩ්

(26.11.2025 – hirunews.lk)

පෞද්ගලික බැංකුවක ප්‍රධාන ගිණුමේ තිබූ රුපියල් හාර කෝටි අනූ ලක්ෂකට (4,90,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයෙකු (1) ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාල සැකකාර ව්‍යාපාරිකයෙකු වන පළමු සැකකරු ද ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

රෙදිපිළි ව්‍යාපාරිකයකු බව කියන දෙහිවල ප්‍රදේශයේ පදිංචි ‘රයන් ජෝන්’ නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

සිය බැංකුවේ ප්‍රධාන ගිණුමේ තිබූ රුපියල් හාරකෝටි අනූ ලක්ෂයකට (4,90,00,000) අධික මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචා කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා එම බැංකුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කරනලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම පෞද්ගලික බැංකුවේ තිබී අස්ථානගත වූ මුදල් සැකකාර පුද්ගලයාගේ ගිණුමට බැරවී පසුව වෙනත් ගිණුම් කීපයක් වෙත බැරකර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ මුල් අවස්ථාවේදී සැකකරු විසින් ගිණුම් 64 ට එම බැංකුවේ මුදල් යවා ඇති බවත් පසුව එම ගිණුම්වලින් වෙනත් ගිණුම් දහයකට (10) මුදල් යොමු කර ඇති බවයි.

බාහිර පුද්ගලයන්ද සම්බන්ධ කරගෙන ඔහු මෙම වංචාව කර ඇති බවට ඔහුගේ දුරකථනය පරික්ෂා කිරීමේදී පෙනී ගිය බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා ෴


ආදායම් බදු වාර්තා භාරදීම මේ නොවැම්බර් මාසෙන් අවසන් : නොදුන්නොත් නීතිමය පියවර

(26.11.2025 – hirunews.lk)

2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් බදු වාර්තා මාර්ගගතව (online) භාර දීමේ අවසන් දිනය ලබන 30 වැනිදායින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයින් සහ ව්‍යාපාර නියමිත දිනට පෙර මෙම වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

නියමිත කාල සීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

එහිදී දඬුවම් වශයෙන් දඩ මුදල්, ප්‍රමාද සඳහා පොලී අය කිරීම, ආදායම් බදු විගණනවලට ලක්වීමේ හැකියාවද පවතිනවා.

මෙම මාර්ගගත බදු වාර්තා ගොනු කිරීමේ අවශ්‍යතාවය සියලුම කාණ්ඩවලට අයත් බදු ගෙවන්නන් සඳහා අදාළ වන බව සඳහන්.

ඊට තනි පුද්ගල, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ වෙනත් ලියාපදිංචි ආයතන යටතේ සිටින සියළු දෙනා අයත්.

මෙහිදී එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ e-filing සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවයි.

බදු වාර්තා ඉදිරිපත් කිරීමේදී යම් ගැටළුවක් ඇත්නම් : 1944 අංකයට අමතා උපදෙස් ලබාගත හැකියි.

ආදායම් බදු වාර්තාව නියමිත කාලයට පෙර භාර දීමෙන් නීතිමය ගැටලුවලින් සහ දඩ මුදල්වලින් වැළකී සිටීමට හැකි බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴


‘දෙහිබාලේ’ට අයත් බහුදින යාත්‍රා 05 ක් පොලිස් භාරයට

(26.11.2025 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහි බාලේ’ට රුපියල් මිලියන 200 ක් පමණ වටිනා බහුදින යාත්‍රා 05 ක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් භාරයට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා. ඒ දික්වැල්ල ධීවර වරායේ තිබියදී.

+++

+


තුන (3) වසරේ පාසල් දැරියකට ලිංගික අපයෝජනයක් කළ වල්ගුරා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයයි

(26.11.2025 – hirunews.lk)

පාසල් නිවාඩු කාලයේ උපකාරක පන්ති පවත්වන මුවාවෙන් තුන (3) වසරේ දැරියකට ලිංගික අපයෝජන කළ ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක් යොදවා ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත්තේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල කොට්ඨාශයේ ප්‍රාථමික විදුහලක තුන්වැනි (3) වසරේ පන්තියක දරුවන්ට උගන්වන ගුරුවරයකු සම්බන්ධයෙන්.

ඔහු උගන්වන පංතියක සිටි සිසුවියකට මෙලෙස ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවට එම දරුවාගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පෙරේදා (24) පැමිණිලි කර තිබෙනවා.

පාසල් නිවාඩු සමයේ නොමිලේ පාසල තුළම උපකාරක පන්ති පැවැත්වීම එම ගුරුවරයා විසින් සිදුකරගෙන යනු ලබන බවත් ඒ සඳහා පැමිණි දරුවන් හට ඉගැන්වීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මෙම ගුරුවරයා එක දරුවෙකු ඔහුගේ ඔඩොක්කුවට රැගෙන අතවරය සිදුකර තිබෙන බවටත් කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

පැමිණිල්ල අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහයක් දරුව ද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර සඳහන් කළා.

දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූකා විජේසුන්දර ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් ගුරුවරයා පදිංචිව සිටින නාඋල ප්‍රදේශයට ගොස් පරීක්ෂා කර තිබුණා.

ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිතකොට ඇති බවත් ඔහුගේ ඇමතුම්වලට ගුරුවරයාගේ බිරිඳ බව කියන අයෙක් පිළිතුරු දී නැවතත් දුරකථනය විසන්ධි කරන බවත් පොලිසිය පවසනවා.

මෙම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් යොදවා තිබෙන බව මුලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර වැඩිදුරටත් සඳහන් කළා ෴


රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහිත බිම වැටී තිබූ පසුම්බිය අහුලා භාරදුන් රත්තරං දරුවෙක්

(26.11.2025 – hirunews.lk)

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සහිත පසුම්බියක් බිම වැටී තිබියදී අහුලා දුන් පාසල් දරුවකු පිළිබදව මහියංගණය පොලිසියෙන් වාර්තා වෙනවා.

එම මුදල් පසුම්බියේ රුපියල් එක්ලක්ෂ අසූ එක්දහසක (1,81,000) මුදලක් ද, වටිනා ලියැකියවිලි සහ බැංකු කාඩ්පත් කිහිපයක් ද තිබී ඇතැයි පොලිසිය පවසනවා.

මෙම මුදල් පසුම්බිය මහියංගණය නගර මධ්‍යයේ වැටී තිබියදී අහුලාගෙන තිබුණේ ඩබ්ලිව්.එම්. රැස්විද රජිත බංඩාර වික්‍රමසිංහ (17) දරුවායි.

ඉකුත් 22 වැනිදා මහියංගණ නගරයේ දී සිදුවූ මෙම සිදුවීම අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

අදාල මුදල් පසුම්බිය එහි අයිතිකරුගේ ජැකැට්ටුවෙන් ගිලිහී බිම වැටෙන ආකාරය හා එය දරුවෙකු විසින් අහුලා ගනු ලබන ආකරය එම සීසීටිවි කැමරාවල සටහන්ව තිබුණා. ඒ පිළිබදව මුදල් පසුම්බිය අහුලා ගත් දරුව දැනි සිට නැත.

මුදල් පසුම්බිය බිම වැටී මද වේලාවක් තිබුණද, එහි එහා මෙහා ගිය අය එය දැක තිබුණේ නැත. නමුත් එම ස්ථානය ඉදිරි පිටින් ගමන් කළ මේ දරුවා එම පසුම්බිය අහුලාගෙන මුදල් පසුම්බිය පරික්ෂා කර, ඒ ආසන්නයේ ඇති නගරයේ රථවාහන පාලන පොලිස් මුරකුටියේ සේවයේ නියුතුව සිටි මහියංගණ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 54272 සිසිරි පුෂ්ප කුමාර නිළධාරියාට බාරදීමට පියවර ගෙන තිබුණා.

එම පොලිස් නිළධාරිවරයා දරුවාගේ තොරතුරුද සටහන් කරගෙන මුදල් පසුම්බිය බාරගෙන ඇති අතර, ඒහි විශාල මුදලක්ද තිබෙනු නිරික්ෂණය වී තිබුණා.

එදින රාත්‍රි මුදල් පසුම්බියේ අයිතිකරු එය සොයා නගරයේ ස්ථාන රැසක් පරික්ෂාකර අවසන්වරට නගරයේ පොලිස් මුරකුටියෙන්ද ඒ පිළිබද විමසා තිබුණා.

පොලිස් නිළධාරිවරයා මුදල් පසුම්බියේ අයිතිය තහවුරු කර ගැනිමෙන් පසු මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.එම්. සිසිර බණ්ඩාර හේරත් ඉදිරියේ එම මුදල් පසුම්බිය ඉකුත් 23 වැනිදා එහි හිමිකරුට බාරදීම සිදු කළා.

මුදල් පසුම්බිය පොලිස් නිළධාරීවරයා හට බාරදුන් දරු පවුලද ඒ මොහොත සඳහා පොලිසිට වෙත පැමිණ සිටියා.

මෙම සද් ක්‍රියාව සිදු කරනු ලැබු දරුවා ‘සම්පත් සෙවන’, 15 කණුව, ඌරණිය, මහියංගන යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන ඩබ්ලිව්.එම්. රැස්විද රජිත බංඩාර වික්‍රමසිංහ දරුවායි.

ඔහු 01 ශ්‍රේණියේ සිට 11 දක්වා රිදිමාලියද්ද බ/කෙසෙල්පොත යාය 11 පාසලේ අධ්‍යාපනය හදාරා මේ වන විට බිබිල, මො/වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරන දරුවෙක්.

ඔහුගේ දෙමාපියන් දෙදෙනා ද ගුරුවරුන්.

මුදල් පසුම්බියේ හිමිකරු වුයේ, මහියංගණ වන සංරක්ෂණ කාර්යාලයේ බීට්ටු වන නිළධාරී අසේල කුලරත්න මහතායි.

මත් ද්‍රව්‍ය භාවිතය සඳහා අනුන්ගේ පසුම්බි හා දේපල සොරකම් කරන වර්තමාන තරුණ පරපුරක් බිහිවෙමින් තිබෙනා වු රටක මෙවන් උතුම් මනුෂ්‍ය ගුණධර්ම ඇති දරුවන් බිහිවීම පිළිබදව පොලිසිය කතා කළේ ප්‍රශංසා මුඛයෙන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *