විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක්; නුවරඑලිය – ගම්පොළ ප‍්‍රධාන මාර්ගය වසා දමයි

විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක්; නුවරඑලිය – ගම්පොළ ප‍්‍රධාන මාර්ගය වසා දමයි


විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක්; නුවරඑලිය – ගම්පොළ ප‍්‍රධාන මාර්ගය වසා දමයි

(27.11.2025 – lankacnews.com)

විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක් හේතුවෙන් නුවරඑලිය – ගම්පොළ ප්‍රධාන මාර්ගය (26) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි.

කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගැරඩි ඇල්ල ප්‍රදේශයේ තේ වත්තේ විශාල ගල් කිහිපයක් ගැලවී පහළට පෙරලී තේ වත්තේ රැදී තිබෙන බවත්, එම ගල් ප්‍රධාන මාර්ගයට පෙරලීමෙ අවධානමක් පවතින නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ බවයි කොත්මලේ පොලිසිය කියා සිටියේ.

වසා දමා ඇති එම මාර්ගය යලි විවෘත කරන තෙක් එම මාර්ගයෙ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ

+++

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් යළිත් වසා දැමේ

(26.11.2025 – hirunews.lk)

පවතින තද වැසි තත්ත්වය හේතුවෙන්, කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (26) රාත්‍රී 10:00 සිට නැවත දැනුම් දෙනතුරු මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මාර්ගය වසා දැමීමට හේතුව, දැඩි වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ නායයෑම් හෝ ගල් පෙරළීම් අවදානමක් පැවතීමයි.

පසුගියදා සිදුවු නායයාමත් සමග වසා දැමුණු කොළඹ නුවර මාර්ගයේ පහල කඩුගන්නාව කොටසේ එක් මංතීරුවක් රථ වාහන ගමනාගමනයට අද (26) විවෘත කරනු ලැබූ නමුත් මෙම තත්ත්වය මත එම කොටසද යළි වසා දැමීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව, භාවිතා කල හැකි විකල්ප මාර්ග :

  • ගනේතැන්න – මහන්තේගම හරහා නුවර දෙසට
  • මාවනැල්ල – හෙම්මාතගම හරහා නුවර දෙසට
  • මාවනැල්ල – හතරලියැද්ද හරහා නුවර දෙසට

නුවර සිට කොළඹ දෙසට ද මෙම විකල්ප මාර්ගම භාවිතා කළ හැක ෴


බොරලැස්ගමුවේ මාලිමා සභාපතිගේ නැගණියගෙන් නගර සභා සේවකයින්ට තර්ජන

(26.11.2025 – hirunews.lk)

ජාතික ජනබලවේගයට බලය හිමි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති ප්‍රදීප් වෙදමුල්ලගේ සහෝදරියක විසින් දෙහිවල -ගල්කිස්ස මහ නගර සභා සේවකයින්ට සහ මන්ත්‍රීවරුන්ට පසුගිය දිනක බැන තර්ජනය කිරීමට අදාළ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ, ඇය සඳහන් කරන මාර්ග පමණක් පිරිසිදු කළ යුතු බවට පවසමින්.

දෙහිවල – නැදිමාල ප්‍රදේශයේ අරුණාලෝක මාවත සහ රබර්වත්ත පාර දෙපස නගර සභා සේවකයන් විසින් එදින පිරිසිදු කර තිබෙනවා.

එම අවස්ථාවට දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නැදිමාල කොට්ඨාසයේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයා සහ විපක්ෂයේ මන්ත්‍රිවරයා ද එක්ව සිටියා.

අනතුරුව එම ස්ථානයට පැමිණි මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිනිය මෙන්ම බොරලැස්ගමුවේ නගර සභාවේ සභාපතිවරයාගේ සහෝදරියක වන ප්‍රදීපා වෙදමුල්ල එම පිරිසට බාධා කර තිබුණා.

අප මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් විමසීමක් කළ අතර, ඔවුන් කියා සිටියේ මේ වන තෙක් ඊට අදාළව පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

+


නොදැනුවත්කම හේතුවෙන් HIV ව්‍යාප්තිය 91% දක්වා ඉහළට

(26.11.2025 – hirunews.lk)

2025 දෙසැම්බර් 01 වන දිනට යෙදී ඇති ‘ලෝක ඒඩ්ස් දිනය’ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකාවේ HIV/AIDS තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දෙවන (2) අදියරේදී විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරුණු රැසක් හෙළිදරව් කරනු ලැබුවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්ම කුලසිංහ මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, ලංකාව ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට HIV රෝග බෝ වීමේ අවම තත්ත්වයේ පවතින බවයි.

කෙසේ වෙතත්, නොදැනුවත්කම හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීම වැඩි වී ඇති අතර, 2024 වනවිට ඒඩ්ස් රෝගය බෝවීම සියයට 16 සිට සියයට 91 දක්වා ව්‍යාප්ත වී ඇති බවද ඇය සඳහන් කළා.

රජයේ රෝහල්වල HIV රෝගය හඳුනාගැනීමේ පර්යේෂණ පහසුකම් පවතින බවත්, 2030 වන විට HIV රෝගය අවසන් කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණතිලක රෝගීන් වාර්තා වීම පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ අතර, එහිදී ඇය සඳහන් කළේ, 2024 වර්ෂයේ රෝගීන් 824ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, 2025 වර්ෂයේ (වත්මන් වසරේ) HIV රෝගීන් 639 ක් වාර්තා වී ඇති බවත් ඇය එහිදී සඳහන් කළා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සත්‍යා හේරත් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් ඒකකය විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව සංවිධානය කරන ලද සාකච්ඡාවක් පිළිබඳව කරුණු පැහැදිලි කළා.

ඇය සඳහන් කළේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන වයෝවෘද්ධතාව, බෝ නොවන රෝග, මානසික සෞඛ්‍ය ගැටළු, ප්‍රතිජීවක සඳහා ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි වැඩිවන සෞඛ්‍ය ගැටලු සඳහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන මෙම සාකච්ඡා පවත්වා ඇති බවයි.

+++

+


බික්කුච්චන් හඬ පටේ වරුණ ලීක් කරයිද ? (26.11.2025)

+++

“මිස්ටර් ලක්රුවන්, මෝර්නිං!” බීප්-බීප් නැති හඳුන්ගේ ඔර්ජිනල් හඬපටය එළියට | හඬපට පිටුපස තිත්ත ඇත්ත (26.11.2025)

+


කොටි ඩයස්පෝරාව මේ ආණ්ඩු තරම් මෝඩද ? ‘කුමන්ත්‍රණ න්‍යාය’ කියන්නෙත් මානසික අවුලක් (26.11.2025)

+

ගමේ ජෙප්පො ඉන්නෙ ග්‍රාමසේවකටත් ඉහළින්ද ? මහජන ආරක්ෂක කමිටු කියන්නෙ JVP තමයි (26.11.2025)

+

බ්‍රවුන් ෂුගර් ඩැඩීගේ අලුත්ම වික්‍රමය – ආණ්ඩුව හොඳ මාර්ගය වෙනුවට ගුද මාර්ගය තෝරාගැනීම (26.11.2025)

+


බදුල්ලේ ස්ථාන 6 ක නායයෑම් – 4 ක් මරුට; 9 ක් අතුරුදන්

(27.11.2025 – 07:30 +0530 – sinhala.adaderana.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6 ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සඳහන් කළේ, තවත් පුද්ගලයින් නව දෙනෙකු (9) පමණ අතුරුදන්ව ඇති බවය.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ ෴

+++

ආපදා නිසා දින 10 ට මරණ 31 ක්

(27.11.2025 – hirunews.lk)

නොවැම්බර් 17 වැනිදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම නොවැම්බර් 20 වැනිදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (27) පාර්ලිමේන්තුවේදීයි ෴

+++

තලාතුඔය මැදගම අඹුසැමි යුවළක් පස් කන්දකට යටවී මරුට : උඩුදුම්බර මහවෙලත් දෙදෙනෙක් (2) අතුරුදන්

(27.11.2025 – hirunews.lk)

තලාතුඔය පොලිස් වසමේ මැදගම පල්ලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි අඹුසැමි යුවළක් මියගොස් තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ නිවෙසට පිටුපසින් තිබූ පස් කන්ද නාය යෑමෙන් අඹුසැමි යුවළ සිටි කාමරය මුළුමනින්ම පස්වලට යටවී තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ගාමිණි හේරත් (76) සහ ජම්බුගහගෙදර පොඩි මැණිකේ (78) නමැති අඹුසැමි යුවළ බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

පස් කන්ද ඊයේ (26) රාත්‍රී 11:00 ට පමණ නිවස මතට පතිත වී තිබෙන අතර ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක (2) පමණ මෙහෙයුමකින් පසු ඔවුන් පිටතට ගැනීමට සමත් වුවත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ නිවෙසේ එම අඹුසැමි යුවළ පමණක් සිට ඇති අතර ඔවුන් ගේ පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුත්කව සිටින බව වාර්තා වෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහයන් මහනුවර ජාතික රෝහලට යොමුකර තිබෙනවා.

මේ අතර උඩුදුම්බර මහවෙල ග්‍රාම සේවා වසමේ නිවාස දෙකක් (2) නාය යෑමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා ෴

+++

මහවැසි, සුළං, අකුණු ගැන අනතුරු ඇඟවීම්

(27.11.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරනවා.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.

තද වැසි සහ තද සුළං මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴

+++

+++

ධාරාණිපාත වැස්සෙන් නුවරඑළියට බර හානි | මුළු ටවුන් එකම යටවෙලා (27.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *