අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට (28) නිවාඩු දිනයක්
අත්‍යාවශ්‍ය සේවා හැර රජයේ සියලු දෙනාට හෙට (28) නිවාඩු දිනයක්
(27.11.2025 – 20:38 +0530 – sinhala.adaderana.lk)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවය ෴
පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හෙට (28) සිට නිවාඩු
(27.11.2025 – 18:29 +0530 – sinhala.adaderana.lk)
පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) සිට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ආපදා තත්ත්වයන් හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව කාලගුණය යථා තත්ත්වයට පත්වනතුරු මෙසේ නිවාඩු ලබා දී තිබේ ෴
අයහපත් කාලගුණය නිසා ජාත්‍යන්තර පාසල් වසා තැබීමටත් උපදෙස්
(27.11.2025 – 20:36 +0530 – sinhala.adaderana.lk)
ජාත්‍යන්තර පාසල් වසා දැමීමට එම පාසල්වල පාලන අධිකාරීන් වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.
මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ ෴
මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ
(27.11.2025 – 20:02 +0530 – sinhala.adaderana.lk)
මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත ෴
කැළණි ගඟේ ජල මට්ටම (කොළඹ නාගලගම් වීදියේ) වැඩිවීම ආරම්භ වී ඇත. (27.11.2025 ප.ව. 9)

+++

+++

+++
ප්‍රධාන ගංඟාවන්වල තථ්‍යකාල ජල මට්ටම්
+++
කැලණි ගඟ දෙපස පහත්බිම්වලට ‘මහ ගංවතුරක්’ පිළිබඳ අනතුරු අඟවයි
(28.11.2025 – 06:39 +0530 – sinhala.adaderana.lk)
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් ඇති බවය.
එම වර්ෂා තත්ත්වය ද, කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් හා මගීන්ගෙන් ඉල්ලා සිටියි.
අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලීමක් කරයි ෴
+++

+++

+
රන්ටැඹේ – මහියංගන සම්ප්‍රේෂණ මාර්ගය බිඳ වැටී විදුලිය ඇනහිටී
(27.11.2025 – hirunews.lk)
රන්ටැඹේ සහ මහියංගන 132 kV සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීම හේතුවෙන්, මහියංගනය, අම්පාර, වව්නතිව් යන උපපොළවල්වල විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ෴
ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීමට GMOA විශේෂ මෙහෙයුමක්
(27.11.2025 – hirunews.lk)
රටපුරා ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණයවන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වනවා.
එමෙන්ම ආපදාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 077 450 6602 දුරකථන අංකය හරහා ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් ලබාගත හැකියි ෴
රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි (27.11.2025)
+++
+++
+++
+++
ගම්පොල නගරයේ ලියෝනිස් අසල අපි කොටුවෙලා ඉන්නේ – අනේ වහාම උදව් කරන්න – 60 ක් විතර ඉන්නවා – පොඩි ළමයි ඉන්නවා – කවුරු හරි බෝට්ටුවක් එවන්න ! (28.11.2025 01:00)
+++
නොනැවතී ඇදහැලෙන වැස්සට පිදුරුතලාගල පාර ඉවරයි | වැසි මැද කට්ටිය බරටම වැඩ (27.11.2025)
+
ඉම්රාන් ඛාන් ඇත්තටම මිය ගිහින් ද ? – ඇමෙරිකාව ඉම්රාන්ට බය ඇයි ? (27.11.2025)
+
සියලුම මාර්ගවල දුම්රිය ධාවනය අත්හිටුවයි
(28.11.2025 – hirunews.lk)
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද (28) උදෑසන 6 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් බවයි මෙහෙයුම් අතිරේක සාමාන්‍යාධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර පවසා ඇත්තේ.
දැනට පවතින අඛණ්ඩ අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය මාර්ග කිහිපයක් ඔස්සේ නායයෑම් අවදානම වැඩි වී තිබෙන අතර ගංවතුර තත්ත්වයන් සහ ගස් කඩා වැටීමේ අවදානම ද ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව, රට පුරා පවතින මෙම අවදානම් තත්ත්වයන් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමනය තාවකාලිකව නවතා දමා ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴