අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 56 දක්වා ඉහළට
(28.11.2025 – hirunews.lk)
රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිත හානි සහ දේපළ හානි විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 56 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
එසේම පවුල් 12,313 කට අයත් පුද්ගලයින් 43,991 ක් පීඩාවට පත්ව සිටින බවටයි වාර්තා වෙන්නේ.
තවද, පුද්ගලයින් 14 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තවත් පුද්ගලයින් 22 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ, ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මි.මී. 200 ඉක්මවන ඉතා දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
මෙම අධික වැසි තත්ත්වය හේතුවෙන් තවත් බොහෝ ප්‍රදේශවල ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත් ඉහළ යනු ඇති ෴
කළු ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව, පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල සහ අගලවත්ත ඇතුළු ප්‍රදේශවලට මෙසේ අවදානම් තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ ෴
+++
එක යායට සමතලා වූ ගම්පොල නගරයේ දැන් තත්වය, අර පෙන්නේ ස්ටේෂන් එක කොච්චි පෙට්ටි යටවෙලා (28.11.2025)
+++
මේ වගේ වතුරක් ජීවිතෙට දැකලා නෑ, මීට පෙර නොවී විරූ මහා ආපදාවක් රටේ ඇතිව වී තිබෙන හැටි (28.11.2025)
+++
කී දෙනෙක් යටවෙලා ඉන්නවද දන්නේ නෑ – රෑ එළි වෙද්දී රටම කණපිට හැරෙයි (28.11.2025)
+++
කැළණි ගඟ ළඟ ඉන්න අය වහාම ඉවත් වෙන්න – මෙන්න දැන් ලැබුණු උණුසුම් දර්ශන (28.11.2025)
+++

+++
මින්නේරිය වැව උතුරලා පාරවල් ගෙවල් වැහිලා | මිනිස්සුන්ට හිතාගන්න බැහැ (28.11.2025)
+++
මහ රෑ පස් කඳු කඩාගෙන පාරට එයි – හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය බ්ලොක් වෙලා (28.11.2025)
+++
කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 06 ක් හරවා යැවේ
(28.11.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් මත්තල , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ, ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ සලාම් ගුවන් සේවයේ ඕ.වී. 437 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි.
එමෙන්ම, ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 226 , ඕමානයේ මස්කට් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 218 සහ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. 047 දරන ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.
ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ වෙත දමාම් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 254 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. 277 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ ෴
+++
කොළඹ නගරයත් ජලයෙන් යටවෙයි – අතට අහුවුණු ඇඳුම් කෑලි අරන් සීතලේ ගැහි ගැහී ජනතාව ආරක්ෂිත තැන්වලට (28.11.2025)
+++
ආපදාවෙන් කොළඹටත් බරටම හානි | පාරවල් වැහෙන්නම මහා ගස් වැටිලා | පිට්ටනි ජලාශ වෙන්නම වතුර පිරිලා (28.11.2025)
+++
2016 ට වඩා දැවැන්ත ගංවතුරක් හෙට (29) වෙද්දී කොළඹට එනවා… වෙනසක් නැහැ | මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත (28.11.2025)
+++
+++
රටම යටවී ඇති අයුරු ගුවනින් පෙනුන හැටි (28.11.2025)
+++
රටම ආපදාවට ලක්කළ ‘දිට්වා’ සුළි කුණාටුව – නැවත දන්වන තුරු ධීවර කටයුතු තහනම් (28.11.2025)
+++
කැලණි ගඟත් රුදුරු වෙයි – බියගම කඩුවෙල ජලයෙන් යටවෙයි (28.11.2025)
+++
කොළඹත් අවදානම් කැලණි ගඟ පිටාර මට්ටමට… නවතම තත්ත්වය මෙන්න (28.11.2025)
+++
+++
පවතින ආපදා තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය – අද දෙරණ (28.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴