නිවටයන් බලාසිටියදී පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමේ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භයයි – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

නිවටයන් බලාසිටියදී පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමේ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භයයි – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය


නිවටයන් බලාසිටියදී පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමේ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භයයි – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

(24.11.2025 – lankacnews.com)

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනයයි =

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක සේවකයින් විසින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භය පිළිබඳව ප්‍රබල පූර්වාදර්ශයක් – ආණ්ඩුවේ නිවට ප්‍රතිපත්තිය වෙනස්කර වහාම පියවරගත යුතුයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ නන්දුමලෙයි හෙවත් රහත්ගල, කිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල් මොතෙයි, සොරාවෙලි සහ මුරුන්කන්තිවු යන ඓතිහාසික බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර තිබූ නාම පුවරු අදාළ ප්‍රාදේශීය සභාවල සේවකයන් විසින් ගලවා ඉවත් කර කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථවල පටවා රැගෙනයන අයුරු මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇත. එම ක්‍රියාව අදාළ සභාවල ප්‍රධානීන්ගේ අනුදැනුම සහ නියෝග මත සිදුවූ බවට කිසිඳු සැකයක් නැත. එසේම ඒ සඳහා බෙදුම්වාදී දේශපාලන පක්ෂවල මඟ පෙන්වීම සහ ආශිර්වාදය ලැබෙන බව සහ බොහෝවිට අදාළ ක්‍රියාව සඳහා දේශපාලන තීරණ ගනුලබන්නේ එම පක්ෂවල නායකයින් විසින් බවට ද සැකයක් නැත.

එම පක්ෂ විසින් පුරාවිද්‍යා අඥා පනත, වනජීවී ආඥා පනත, වන සංරක්ෂණ පනත සංශෝධනය කළයුතු බවට සහ මහවැලි අධිකාරී පනත අහෝසි කළ යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ පළාත් ඉඩම් ප්‍රඥප්තිය මගින් ඉඩම් බලතල තහවුරු කරගනීමට බව ඉතා පැහැදිලිය. ඒ අනුව පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ක්‍රියාව අවසාන අරමුණට අදාළ ප්‍රබල ආරම්භයක් බව ආණ්ඩුව සහ මහජනයා තේරුම්ගත යුතුය.

ජනාධිපතිවරයා ‘ශ්‍රී ලාංකික දිනයක්’ පිළිබඳව කතාකරමින් ජනකොටස් අතර සාමය සංහිඳියාව ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව බෙදුම්වාදී දේශපාලන නායකයන් සමග සාකච්ඡාකර අවසන් වූ සැනින් ඊට පටහැනි ක්‍රියාවක් සිදුකිරීම පිළිබඳව සහ එමගින් ලබාදෙන පණිවිඩය කියවා ගැනීම ඉතා වැදගත් වේ.

බෙදුම්වාදී බලවේග හමුවේ ආණ්ඩුව ඉතා නිවට ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඔවුන් සතුටු කිරීමට ගන්නා වූ උත්සාහය තුළ එම බලවේග අදාළ ක්‍රියා සඳහා දිරිමත් වන බවද ඉතා පැහැදිලි ය. එසේම ආණ්ඩුව ජාතිවාදයට ඉඩ නොදෙන බව පවසමින් බහුතර සිංහල ජනතාවට වක්‍රව චෝදනා එල්ල කිරීමට උත්සාහ කළ ද සැබෑ ලෙසම ජාතිවාදී ක්‍රියාමාර්ග දිගින් දිගටම ප්‍රද්ර්ශනය කරනු ලබන්නේ කවුරුන් විසින් ද යන්න ආණ්ඩුවට කෙසේ වෙතත් පොදු ජනයාට රහසක් නොවේ. පසුගිය දිනවල ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ බුදු පිළිමය පොලිසිය විසින් පැහැරගනු ලැබීම තුළින් ආණ්ඩුවේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය විය. එම තත්ත්වය දිනෙන් දිනම වර්ධනය වුවහොත් පොදුජනයා ඊට ප්‍රතිචාර දැක්වීම වැළැක්විය නොහැක.

එම නිසා ආණ්ඩුව, වත්මන් නිවට ප්‍රතිපත්තිය වෙනස්කර වහාම නීතියේ ආධිපත්‍ය පිහිටුවීම සඳහා, පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරමින් ජාතිවාදී සහ ආගමික ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කළ පිරිස් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ අදාළ නාම පුවරු නැවත සවිකිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමු.

මේ වගට,

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

පිටපත් – මහනායක හිමිවරුන්ට

+++

ජාතිවාදයේ පියා… තඹුත්තේගම පියා… මහවිරු සැමරුම්… පුරාවිද්‍යා පුවරු ගැලවිලි… සංහිඳියාවේ පියා …? (24.11.2025)

+


මීළඟ රැලිය ගැන විශේෂ ප්‍රකාශයක් – බෙල්ල කපපු අය තණකොළ කපන්නේ ඇයි ? – උදය ගම්මන්පිල (24.11.2025)

+++

ඒකාබද්ධ විපක්ෂය හදිසියේ මාධ්‍ය කැඳවයි – මේක දැකපු ආණ්ඩුවත් ෆුල් හොල්මන් (24.11.2025)

+


‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී

(24.11.2025 – 14:02 +0530 – sinhala.adaderana.lk)

පුවත්පතේ පළ වූ පුවත් සම්බන්ධයෙන් ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියක් ලෙස යොදා නොගන්නා ලෙස ද අදාළ නිවේදනය මඟින් ඉල්ලීමක් කර ඇත.

අදාළ නිවේදනය පහතින් :

  • උපුටා ගැනීම –

“පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි”

පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.

එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක් මුලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.

වාර්තා වන අලුත්ම සිදුවීම අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලීසියට කැඳවා තිබීමයි.

ඒ පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක්ද අවශ්‍ය බව සඳහන් පුවතක් ඉලේපෙරුම කර්තෘත්වය හොබවන අරුණ පුවත්පතේ පළවීම නිසායි.

පොලීසිය භාර ඇමතිවරයා ලෙස මෙවැනි අවස්ථාවක ආනන්ද විජේපාල හැසිරිය යුත්තේ ජනතාව ප්‍රතික්ෂේප කළ පසුගිය ආණ්ඩුවල ලෙස අත්තනෝමතිකව නොවේ. සිය අමාත්‍ය ධුරයේ වගකීම නිසි ලෙස ඉටුකිරීම වන්නේ, පුවත සාවද්‍ය නම් පිළිතුරු දීමේ අයිතිය භාවිතා කොට සත්‍යය පළ කිරීම සහ පුවත ඇත්තක් නම් අදාළ අවකල් කටයුත්ත සිදුනොකරන මෙන් පොලීසිය දැනුවත් කිරීමයි.

අපට දැනගන්නට ලැබී ඇති පරිදි පුවත්පතේ සඳහන් කරුණ සැබෑවකි. සමස්ත සමාජයම බැරෑරුම් ලෙස ගත යුත්තේ එම කාරණයයි. පොලිස් සහතිකයක් ලබා ගැනීම සඳහා රජයේ නිලධාරියකු වන ග්‍රාම නිලධාරීවරයාගෙන් තහවුරුවක් රැගෙන යෑම වරදක් නොවේ. එහෙත් දේශපාලනික සහ වෙනත් පෞද්ගලික හිත පක්ෂපාතිකම් තිබිය හැකි ප්‍රජා කමිටුවක සභාපතිවරයකුගෙන් එවැනි තහවුරුවක් ලබා ගැනීමට සැලැස්වීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක. එවැනි පුද්ගලයින් අපක්ෂපාතී ලෙස හැසිරෙන බව කීම අසීරු වන බැවිනි.

එසේ තිබියදී ඇමතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පනත පිළිබඳව සඳහන් කරමින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්නට හෝ තමන් භාරයේ පවතින පොලීසිය වෙත කැඳවන්නට උත්සාහ ගන්නේ නම් එය දේශපාලනිකව වැරදි පූර්වාදර්ශයකි.

මේ රටේ ජනතාව දේශපාලන විපරිවර්තනයක් ලෙස බලාපොරොත්තු වූයේ මෙවැනි හැසිරීම්වලටත් තිත තැබීම ඇතුළුව සමස්තයේ වෙනසක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

එබැවින් මාධ්‍යවේදී මහින්ද ඉලේපෙරුම පොලීසිය වෙත කැඳවීම නොකළ යුත්තක් බව පෙන්වා දෙමින් හෙළා දකින අතර පොලීසියට යමක් දැන ගැනීමට වුවමනා නම් ඔහු වෙත යා හැකි බවද දැනුම් දෙමු.

එසේම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ ඇමති ආනන්ද විජේපාලට පිළිතුරු දීමේ අයිතිය ඇති බැවින් පුවත්පත ඇමතීමට අවස්ථාව තිබෙන බවයි. එසේම ඇතැම් අවස්ථාවල මර්දනකාරී නීතියක් වන හා ඇතැම් දූෂිත දේශපාලනඥයින්ට තම නිරුවත මාධ්‍යයෙන් වසන් කරගන්නට ඇති කඩතුරාවක්ද වන පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යයට එරෙහිව යොදා නොගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව දූෂණය සම්පූර්ණයෙන් මැඩලන බවට දුන් පොරොන්දු ඉටුකළ හැක්කේ එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ තුළිනි.

  • උපුටාගැනීම අවසන් –

“වගකීමෙන් කියන්නේ මේකට අපි සහාය දෙන්නෑ; මේක අසාර්ථක වෙනවා” කාඩ්වලින් බස්වලට ගෙවන වැඩේට ලොකු බාල්දියක් (24.11.2025)

+


ඉන්දියාව නලවන රටම බිල්ලට දෙන ‘ගෝනි බිල්ලෝ’ මෙන්න ! (25.11.2025)

+


නුගේගොඩ රිදී සීනුව සාවින්ද්‍යා බයි-තක්සලාවට (24.11.2025)

+


රාසමානික්කම්ගේ කැනඩාවේ කතාව ඇහැව්වද ? කොන්ද පණ නැති ආණ්ඩුවට හතරවටින් තර්ජන (24.11.2025)

+

බුදුපිළිමයක් අත්අඩංගුවට ගත්තු පළමු ජනාධිපති… ටිල්වින් එපා කිව්වට අනුරලා ‘එට්කා’ අත්සන් කරනවලු (24.11.2025)

+


ආණ්ඩුවේ ජාතිවාදී කුමණ්ත්‍රණ වලට අහුවෙන්න එපා – ශ්‍රී ලාංකිකයිනි, අඩියක් පස්සට ගන්න (24.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the removal of signboards at archaeological sites. Well, the “niwatayin” that these politcial activists are referring to may well be their own “agents” playing the role of saboteurs trying to wreck the reconcilliation between ethnic populations, which the government is promoting. We have already seen this kind of conduct between warring parties during the LTTE war of 30-years. Those activists of the same ethnic population that want to harm ethnic harmony, disguising themselves as the enemy and causing havoc, even murdering people to blame the other party. We know the warped mentality of such people trying to agitate populations, so, I suggest to the government that they first investigate those that are complaining. Extremism and ethinic and religious intolerance, and using these issues as tools to promote their agenda to grab power is a well known Sri Lankan phenomenon. These are the reasons why this nation is unable to progress in line with the rest of the world.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *