උසස් පෙළ විභාගය දින 03 ක් නෑ : විකල්ප දින දෙයි

උසස් පෙළ විභාගය දින 03 ක් නෑ : විකල්ප දින දෙයි


උසස් පෙළ විභාගය දින 03 ක් නෑ : විකල්ප දින දෙයි

(27.11.2025 – hirunews.lk)

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. උසස් පෙළ විභාගය අද (27), හෙට (28) සහ අනිද්දා (29) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කරනවා.

එම විභාගයන් දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන්වල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා.

එසේම එළැඹෙන සඳුදා (01) සිට විභාගය සාමන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ ෴


වැලිමඩ මද්‍රසා පාසලේ 12 හැවිරිදි දරුවා එල්ලී මැරුණාද ? මරලා එල්ලුවාද ? මාධ්‍යයෙන් සැඟවුණු කතා රැසක් (26.11.2025)

+


වියරු වැටුණු කොටි එදා මහින්දව මරන්න හිටියේ – ටිල්වින්ට ලන්ඩන්වල තිබ්බේ බොරු කොටි විරෝධයක් (26.11.2025)

+


මහනුවර – මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

(27.11.2025 – 12:54 +0530 – sinhala.adaderana.lk)

මහනුවර – මහියංගණ ප්‍රධාන මාර්ගය මැද මහනුවර සිට හසලක දක්වා කොටසෙහි වාහන ගමනාගමනය තාවකාලිකව නවතා දමා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගයේ කොටසක් වාහන ගමනාගමනයට නතර කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය ෴

+++

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

(27.11.2025 – 10:33 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ගමනාගමනය අද (27) දින සිට නැවතදැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් වසා තැබීමට කටයුතු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එම මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බවය.

අවශ්‍ය පරිදි මහජනතාවට දුම්රියෙන් ගමන් කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

එමෙන්ම පවත්නා අධික වර්ෂාව හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති බැවින් වාහන ගමනාගමන සීමා කර ඇත.

එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගමනා ගමනයට බාධා එල්ලව ඇති මාර්ග පහතින් දැක්වේ :

  • පොළොන්නරුව – සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන්
  • ඔයාමඩුව – සෙට්ටිකුලම මාර්ගය සම්පූර්ණයෙන්
  • අනුරාධපුර – වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසළින් වසා ඇත

බෞද්ධයා නාලිකාවත් වාණිජ රැල්ලටම ගසාගෙන යයි. (බෞද්ධයා නාලිකාවේ බණත් පරිස්සමින් අහන්න.) (27.11.2025)

+


සයින්දමරුදු කම්පා කළ සිද්ධිය |අම්මයි තාත්තයි දරුවයි හිටපු වාහනේ | මිනිස්සු බලාගෙන ඉද්දීම ගිලුණු හැටි (27.11.2025)

+


LIVE : පවතින ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ වැඩසටහන… (27.11.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *