ඛනිජ සම්පත් ඉන්දියාවට පවරාදීමේ ‘හඳුන්නෙත්ති ව්‍යාපෘතිය’ ආරම්භ වේ.. සියළුම පතල් වසාදැමීමට නියෝග..
ඛනිජ සම්පත් ඉන්දියාවට පවරාදීමේ ‘හඳුන්නෙත්ති ව්‍යාපෘතිය’ ආරම්භ වේ.. සියළුම පතල් වසාදැමීමට නියෝග..
(21.11.2025 – lankaleader.com)
පෙබරවාරි මාසයේ දී කර්මාන්ත අමාත්‍ය හඳුන්නෙත්ති මහතා ඉන්දියාවේ පතල් කර්මාන්ත අමාත්‍යවරයා සමග ඇතිකරගත් එකඟතාවය අනුව ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිතයන්ගේ ඉල්ලීම පරදි ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඉන්දියානු සමාගම්වලට පවරාදීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ.
එහි පළමු පියවර ලෙස ඛනිජ ගවේෂණය සහ කැණීම් කටයුතු සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික යන කුමන හෝ පතලකට අදාළව බලපත්‍ර නිකුත් කිරීම හෝ අළුත් කිරීම සිදු නොකරන ලෙස කර්මාන්ත අමාත්‍යංශය විසින් පතල් සහ භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශයට දන්වා ඇත.
එම ලිපිය පහළින් :

උතුර පුරා මහ විරු සමරු උළෙලවල්.. මුල්ලවයික්කාල් සමරුව 26 දා..
(22.11.2025 – lankacnews.com)
උතුරේ ජනතාව මහවිරු සමරු උළෙලවල් පැවැත්වීම් 20 දා ආරම්භ කොට තිබේ.
මෙම මහවිරු සමරු උළෙලවල් 27 වෙනිදා දක්වා පැවැත්වෙන අතර මේ කාලයෙදි තමනගේ නිවෙස් වලට ආසන්නයේ පිහිටි සුසාන භුමි වලදී හෝ ප්‍රජා ශාලාවලදී යුද්ධයෙන් මිය ගිය පිරිස සමරා ඉටිපන්දම් පහන් දල්වා යුද්ධයෙන් මිය ගිය අයගෙ ඡායාරූපවලට මල් මාලා පලඳවනු ලබයි.

මෙම මහවිරු සමරු උළෙලේ ප්‍රධාන උත්සවය 27 වෙනිදා සවස මුලතිව් වෙල්ල මුල්ලිවයිකාල් ප්‍රදේශයේ පිහිටි විශේෂ ස්මාරකය අබියසදී පවතවනු ලබන අතර ඊට ප්‍රධානත්වය දෙනු ලබන්නේ යාපනය විශ්ව විද්‍යාලයයි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ ද මෙවරත් මහවිරු සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ ෴
කඩුගන්නාවේ පස් කන්ද කඩා වැටීමෙන් එක් අයකු මරුට : සිවුදෙනෙකුට (4) තුවාල : යටවූවන් සොයා මෙහෙයුම්
(22.11.2025 – hirunews.lk)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද (22) පෙරවරු 08:45 ට පමණ කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 9 දෙනෙකු පමණ ඊට යටවී තිබෙන බව අනුමාන කරනවා.
කඩය තුළ සිරවී සිටි සිවුදෙනෙකු (4) පිටතට ගෙන රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
තවත් 5 දෙනෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
දුම්රිය මාර්ගයට පහළින් වූ විශාල ගලක් තවත් ගල් කිහිපයක් ද සමඟ නිවස හා කඩය මතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ උදෑසන ආහාරයට රොටි කෑම සඳහා එම කඩයට පැමිණි පිරිසක් ද එහි සිට තිබෙන බව වාර්තා වෙනවා.
එම පිරිස පැමිණි මෝටර් රථය වෙළෙඳසල ඉදිරිපිට නවතා තිබී ඇති අතර එම වාහනයටද අලාභහානි සිදුව තිබෙනවා.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කර නිවස හා කඩය තුළ සිරවී සිටින පිරිස බේරා ගැනීමට යුද හමුදාව, පොලීසිය හා එක්ව ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත්කර තිබෙනවා.
ගල් පර්වතය සමඟ පස් කන්ද කඩා වැටීමෙන් නිවස හා රොටී කඩය සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙන අතර සිද්ධිය හේතුවෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික වාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
පහළ කඩුගන්නාව ප්‍රදේශය මගහැර යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අධික වර්ෂාවත් සමඟ නාය යෑමේ අවදානමක් පවතින දිස්ත්‍රික්කයක් ලෙස මහනුවරද කාලගුණ විද්‍යා දෙපාර්තමේනත්තුව මගින් නම් කර නිවේදනය කර තිබුණා.
+++
+++
කඩුගන්නාවේ කිලෝ මීටර් දෙකක් (2) අනතුරුදායකයි – වහාම ළඟ ඉන්න මිනිස්සු අයින් වෙන්න (22.11.2025)
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
+++
පහළ කඩුගන්නාව නායයෑමෙන් තවත් අයෙක් මියයයි
(22.11.2025 – 16:04 +0530 – sinhala.adaderana.lk)
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු (2) දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයෙකි.
එමෙන්ම තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු (4) මේ වන විට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
අද (22) පෙරවරු 09:00 ට පමණ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථ වාහන රඹුක්කන ගලගෙදර හරහා මහනුවර දෙසට ද, මහනුවර දෙස සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථ වාහන මෙම විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.
එමෙන්ම ගම්පොල සිට කොළඹ දක්වා පැමිණෙන රථ වාහන හා කොළඹ සිට ගම්පොල දක්වා පැමිණෙන වාහන මාවනැල්ල හෙම්මාතගම හරහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන සදහා අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දී තිබේ ෴
+++
පාර්ලිමේන්තුව ළඟ උණුසුම් තත්ත්වයක් – පොලිස් බලඇණියක් තත්ත්වය පාලනයට සීරුවෙන් (22.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ witholding mining permits, this letter does not state any connections with india, but mentions about pending the determination of a strategy. It is not appropriate to makema wrong interpretation to agitate the public, which I believe is a hotu pohottu effort.