යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

*********************************************

යුක්රේනයට ආයුධ දුන් බවට චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

(25.02.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් චීනය, ඇමෙරිකාවට චෝදනා කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ආක්‍රමණයට පෙර ඇමෙරිකාව විසින් යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමකින් යුත් අවි ආයුධ ලබාදී ඇති බවයි.

එම අවිආයුධවල බර මෙට්‍රික් ටොන් දහසකට (1000) අධිකයි.

යුද්ධයකට කැඳවන සියලු ඉල්ලීම්වලට චීනය විරුද්ධ බවත්, උත්සන්න වෙමින් පවතින ගැටුම් අවම කිරීම චීනයේ උත්සාහය බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව සඳහන් කර තිබෙනවා.

චීනය රුසියාව සමග මිත්‍රත්වය පවත්වා ගන්නා අතරතුර එම මිත්‍රත්වයේ බලපෑම රුසියාව හා යුක්රේනය අතර ඇති ගැටුම් මැඩපැවැත්වීමට යොදා ගන්නා බවයි ඇය අදාළ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර යුක්රේනයේ කියෆ් අගනුවර අද (25) දෙවන (2) දිනටත් රුසියානු ගුවන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර ක්‍රියාත්මක වූ අතර, අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා හඬ නගරය පුරා පැතිරුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට සියලු පාර්ශවකරුවන්ගේ සහාය අත්‍යාවශ්‍ය වන බවයි.

රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන ලෙස ද ඔහු බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

යුක්රේන අගනුවර අද (25) පිපිරීම් රැසක් වාර්තා වූ අතර, එහි නවමහල් (9) ගොඩනැගිල්ලක් ද ගිනිගැනීමට ලක්වුණා.

ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදුවූ චර්නෝබිල් බලාගාර පරිශ්‍රයේ ද මේ වනවිට රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ විකිරණශීලිතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බව යුක්රේන වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යුක්රේනයේ ගැටුම්කාරී තත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි.

එමෙන්ම උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළා.

එමෙන්ම අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් ඍජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකාව අවධාරණය කරනවා.

මේ අතර යුක්රේනය තුළ සිදුවන රුසියානු ආක්‍රමණය අද (25) දෙවන (2) දිනටත් ආරම්භ වී තිබෙනවා.

අද (25) අලුයම මිසයිල ප්‍රහාර දෙකක් (2) කිව් අගනුවරට එල්ල වූ බවයි වාර්තාවන්නේ.

ඊයේ (24) සිදු වූ ගැටුම්වලින් යුක්රේනයේ පුද්ගලයන් 137 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ වන විට යුක්රේනයේ ඉලක්ක 83 කට රුසියානු හමුදා ගුවන් ප්‍රහාර 203 ක් එල්ල කර තිබෙනවා.

රුසියානු හමුදා ප්‍රහාර හමුවේ යුක්රේනයේ පුද්ගලයන් 137 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 300 කට අධික පිරිසක් තුවාල ලැබූ බව යුක්රේන ජනපති ව්ලදිමීර් සෙලෙන්ස්කි උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට යුක්රේන හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි 30 ක්, ගුවන් යානා 7 ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 6 ක් විනාශ කර තිබෙනවා.

යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ රුසියානු හමුදා භටයින් 800 ක් පමණ යුක්රේන හමුදා ප්‍රහාරවලට ගොදුරුව ඇති බවයි.

මේ වන විට රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනයේ ගුවන් තොටුපොළට සහ ඉන්ධන ගබඩා සංකීර්ණයක් විනාශ කර දමා ඇති අතර මැක්සාර් චන්ද්‍රිකා ඡායාරූපවල එම විනාශයන් සටහන්ව තිබුණා.

යුක්රේනයේ අගනුවර පිහිටි බුද්ධි මූලස්ථාන ගොඩනැගිල්ලටද මිසයිල ප්‍රහාරයක් එල්ලව තිබුණා.

ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට හානි සිදුව තිබු අතර යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ පූර්ණ බලයත් රුසියානු හමුදාව නතු කරගෙන ඇති බවටයි වාර්තාවන්නේ.

යම් හෙයකින් මෙම න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරීමක් සිදු වුවහොත් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදුවන දැවැන්ත ඛේදවාචකයක්වනු ඇති බවට අනතුරු අඟවනවා.

යුක්රේනයේ කාර්කිරී නුවරටද ඊයේ (24) ප්‍රහාර එල්ල වූ බැවින් බියට පත් ජනතාව රැය පහන් කළේ උමං දුම්රිය මාර්ග තුළයි.

මේ වන විට දහස් සංඛ්‍යාත වැසියන් ප්‍රධාන නගර හැරදමමින් යුක්රේනය අතහැර දමා යමින් සිටිනවා.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉල්ලා සිටින්නේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සියලු පුද්ගලයන්ට සටන් කිරීමට සූදානම්වන ලෙසයි.

හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

ඒ අනුව හමුදා රෝහල් ආශ්‍රිතව ජනතාව රුධිරය පරිත්‍යාග කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර යුද වැදීම සඳහා යාමට පෙර යුක්රේනයේ පුද්ගලයෙක් විවාහ ගිවිස ගන්නා ආකාරය දැක්වෙන පුවතකට ජාත්‍යන්තර මාධ්‍ය රැසකගේ අවධානය යොමුව තිබෙනවා.

රාජ්‍යයක් අල්ලා ගැනීම වෙනුවෙන් දෙවන ලෝක යුද සංග්‍රාමයෙන් පසු යුරෝපය තුළ තනි රාජ්‍යයක් දියත් කළ දැවැන්තම යුද මෙහෙයුම මෙයවන බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසන්නේ.

මේ අතර යුක්රේනය ආක්‍රමණයට එරෙහිව රුසියාවේ මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු නගර 51 ක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඊට සහභාගී වූ පුද්ගලයන් 1400 දෙනෙක් රුසියානු ආරක්ෂක අංශ සිය භාරයට ගනු ලැබුවා.

මේ අතර රුසියාවට දැඩි සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු රජයද පියවර ගෙන ඇති අතර අමෙරිකාවද රුසියානු ආර්ථිකය ඉලක්ක කර ගනිමින් සිය සම්බාධක දැඩිකර තිබෙනවා.

මේ අතර රුසියානු – යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

මේ අතර රුසියානු – යුක්රේන අර්බුදයත් සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර රන් මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1,31,500 දක්වාත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,19,800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.

මේ අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමඟ ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිලද කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිලද ඩොලර් 100.54 දක්වා ඉහළ ගියා.

මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයන් ෴

+++++++++++

බ්‍රිතාන්‍ය ගුවන්යානාවලට රුසියාවෙන් තහනමක්

(25.02.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට රුසියාවේ ගුවන් තොටුපළවලට ගොඩබෑම සහ ගුවන් සීමාව තරණය කිරීම තහනම් කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

“එක්සත් රාජධානියේ ගුවන් බලධාරීන්ගේ මිත්‍රශීලී නොවන තීරණවලට” ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බවයි රුසියානු සිවිල් ගුවන් සේවා නියාමකවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (24) එක්සත් රාජධානිය රුසියාවේ ජාතික ගුවන් සේවය වන Aeroflot බ්‍රිතාන්‍යයට ගොඩබෑම තහනම් කරනු ලැබුවා.

මෙම පියවර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පැනවූ සම්බාධකවල කොටසක්.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ Aeroflot සමාගමට එක්සත් රාජධානියේ ගුවන් සීමා භාවිතා කිරීම සහ ගොඩබෑම තහනම් කිරීම හමුවේ රුසියාව පළිගැනීමක් ලෙසට මෙම තීරණය ගන්නට ඇති බවයි.

මෙම පියවර ගෙන ඇත්තේ රුසියාව සහ එක්සත් රාජධානිය අතර අන්තර් රාජ්‍ය ගුවන් සේවා ගිවිසුමේ විධිවිධානවලට අනුකූලව එක්සත් රාජධානියේ ගුවන් සේවා බලධාරීන් විසින් හිමිකාරීත්වය දරන, කුලියට ගත් ගුවන් යානා වල නිත්‍ය ගුවන් ගමන් සීමා කිරීම සම්බන්ධයෙන් ගත් මිත්‍රශීලී නොවන තීරණවලට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍ය ගුවන් සමගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අවලංගු කරන ලද සේවාවන් පිළිබඳව පාරිභෝගිකයින්ට දැනුම් දෙන අතර සම්පූර්ණ මුදල් ආපසු ලබා දෙන බවයි.

‘බ්‍රිටිෂ් එයාර්වේස්’ සාමාන්‍යයෙන් ලන්ඩන් සහ මොස්කව් නුවර අතර සතියකට ගුවන් ගමන් තුනක් (3) ක්‍රියාත්මක කරනු ලබනවා.

රුසියානු හමුදා විසින් යුක්රේන හමුදා ආක්‍රමණයක් ආරම්භ කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා යුක්රේනයේ ගුවන් කලාපය ද වසා දමනු ලැබුවා.

මෝල්ඩෝවා සිය ගුවන් කලාපය වසා දමන බව සහ බෙලරුස් රාජ්‍ය බ්‍රහස්පතින්දා සිය ගුවන් සීමාවේ කොටසක් වසා දැමූ බව ද ප්‍රකාශ කළා.

ආරක්ෂක කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීමට ඇමරිකානු කොංග්‍රසයෙන් යෝජනාවක්.

රුසියාවේ නිවේදනයෙන් පසුව වර්ජින් අත්ලාන්තික් සමාගම ප්‍රකාශ කළේ, එක්සත් රාජධානිය, පකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතැම් සේවා සඳහා ගුවන් ගමන් පහසුකම් සකස් කර ඇති බවයි.

මෙම මාර්ගවල පියාසැරි වේලාවන් මිනිත්තු 15 ත් පැයත් (1) අතර කාලයකින් දීර්ඝ කර තිබෙනවා.

රුසියාව ඇතුළු යුක්රේනයේ දේශසීමා ආසන්නයේ ගුවන් අවකාශයේ පියාසර කිරීමේදී ආරක්ෂිත අවදානම් පිළිබඳව යුරෝපා සංගමය විසින් ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සිය වෙත අනතුරු අඟවා ඇතැයි ද සඳහන්.

සාමාන්‍ය මගී ගුවන් යානා චේතනාන්විතව ඉලක්ක කිරීම සහ වැරදි ලෙස හඳුනාගැනීම යන කරුණු දෙක මතම අවදානමක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ජගත් සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් හා රිපක්බ්ලිකන් පක්ෂ දෙක (2) අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 23 වන වගන්තිය සංශෝධනය කර රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස අදාල යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂයේ සම්බන්ධීකරණයෙන් විදේශ සබඳතා කමිටු සාමාජික රිපක්බ්ලිකන් පාක්ෂික ක්ලෝඩියා ටෙනී විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

+++++++++++

රුසියානු හමුදා කිව් අගනුවරට ඇතුලු වෙයි

(25.02.2022 – 18:03 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා කිව් අගනුවරට ඇතුලුවී තිබෙනවා.

යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ රුසියාවට විරෝධය දක්වන ලෙසටයි.

එමෙන්ම රුසියාවේ මෙම ප්‍රහාරය නතර කිරීමට මැදිහත් වන ලෙස යුරෝපා කලාපිය රටවල රජයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත් ඔහු ජනතාවට ප්‍රකාශ කර තිබෙනවා.

රට පුරා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 25 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් හෙළිකර ඇත්තේ ගැටුම් හමුවේ රුසියාවට පුද්ගලයින් 450 කගේ ජිවිත අහිමි වී ඇති බවයි.

කළු මුහුදේ දූපතක සිටි, දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමූලඝාතනය කර තිබෙනවා.

යුක්රේනයේ අගනුවර වන කිව් නගරයට ප්‍රථම වරට රුසියානු යුද ටැංකි ඇතුළු කිරීමත් සමඟ වෙඩි හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ කියෙව් නුවරට ඉහළින් ගිය යුක්රේන ගුවන් යානයකට වෙඩි තැබූ බවයි.

කෙසේවෙතත් යුක්රේනය පවසා ඇත්තේ එම ජෙට් යානය රුසියානු එකක් බවයි.

රුසියාවේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට යුක්රේන හමුදා පාලමක් පුපුරුවා හැරීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා.

ජනාකීර්ණ Pozniake නගරයට ගුවන් ප්‍රහාර එල්ල වූ අතර අවම වශයෙන් 8 දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර පවුල් රැසක් මෙට්‍රෝ දුම්රිය ස්ථානවල නවාතැන් ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තම හමුදාවන් විසින් Kyiv අසල පිහිටි ප්‍රධාන ගුවන් තොටුපලේ පාලනය අත්පත් කරගෙන ඇති බවයි.

එය අත්පත් කර ගැනීම සඳහා රුසියානු හෙලිකොප්ටර් 200 ක් සහ සෙබළුන් විශාල පිරිසක් යොදාගත් බව සඳහන්.

යුක්රේනයේ කියෆ් අගනුවර අද (25) දෙවන (2) දිනටත් රුසියානු ගුවන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර ක්‍රියාත්මක වූ අතර, අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා හඬ නගරය පුරා පැතිරුණා.

සාකච්ඡා අවශ්‍ය නම් අවි බිම තබන ලෙස රුසියානු විදේශ අමාත්‍යවරයා අද (25) යුක්රේනයට දැනුම් දුන්නා.

ගැටුම් ආරම්භ වූ පළමු (1) දිනයේ පමණක් යුක්රේනයේ පුද්ගලයින් 137 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගෙවුණු පැය 48 ක කාලය තුළ යුක්රේනයේ ඉලක්ක 83 කට රුසියානු ගුවන් හමුදා ප්‍රහාර 203 ක් එල්ල කර තිබෙනවා.

මේ වනවිට යුක්රේන ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු යුද ටැංකි 30 ක්, ගුවන් යානා 07 ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 06 ක් විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කළේ රුසියානු හමුදා භටයින් 800ක් පමණ යුක්රේන හමුදා ප්‍රහාරවලට ගොදුරුව ඇති බවයි.

යුක්රේනගේ අගනුවර පිහිටි බුද්ධි මූලස්ථාන ගොඩනැගිල්ලටද මිසයිල ප්‍රහාරයක් එල්ලව තිබුණා.

රුසියානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර 33 ක් මහල් නිවාස සංකීර්ණ සහ සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලටද පතිත වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරු ඇගවීමේ සංඥා නාද වද්දී යුක්රේන අගනුවර අද පිපිරීම් රැසක් වාර්තා වූ අතර, එහි නවමහල් ගොඩනැගිල්ලක් ද ගිනිගැනීමට ලක්වුණා.

ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර සිදුවූ චර්නෝබිල් බලාගාර පරිශ්‍රයද මේ වනවිට රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා.

එම ප්‍රදේශයේ විකිරණශීලිතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බව යුක්රේන වැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ යුක්රේනයට සියලු පාර්ශවකරුවන්ගේ සහාය අත්‍යාවශ්‍ය වන බවයි.

රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන ලෙස ද ඔහු බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට යුක්රේන වැසියන් ලක්ෂයක් පමණ අවතැන්ව ඇති බවයි.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් ඉල්ලා සිටියේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් සියලු පුද්ගලයින්ට සටන් කිරීමට සූදානම් වන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ජගත් සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් හා රිපක්බ්ලිකන් පක්ෂ දෙක අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 23 වන වගන්තිය සංශෝධනය කර රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙස අදාල යෝජනාවෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දෙවන (2) වරටත් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

එමඟින් ඔහු අවධාරණය කළේ යුක්රේනයට එරෙහි මෙහෙයුම් නවතා දැමීමට හෝ තර්ජනය කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව දරුණු ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත්, යුක්රේනය අවි ආයුධ බිම තබන්නේ නම් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළා.

යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් චීනය, ඇමෙරිකාවට චෝදනා කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චුනින්ග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ආක්‍රමණයට පෙර ඇමෙරිකාව විසින් යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමකින් යුත් අවි ආයුධ ලබාදී ඇති බවයි.

යුක්රේන වැසියන් මේ වනවිට රුසියාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ උමං දුම්රිය මාර්ග තුළට ගොස් ආරක්ෂාව සපයා ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් පියවරට විරෝධය පළ කරමින් මොස්කව් සහ ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු නගර 51 ක විරෝධතා පවත්වා තිබෙනවා. එම විරෝධතාවලට එක්වූ 1400 දෙනෙකු පමණ මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම යුක්රේන ජාතිකයින් මේ වනවිට සිය රට අත්හැර අසල්වැසි රාජ්‍යයන් වෙත සංක්‍රමණය වුණා.

යුක්රේනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික තරුණයෙකු ඉල්ලා සිටියේ දේශසීමාව ඔස්සේ පෝලන්තයට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *