යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු

යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු

*********************************************

යුක්රේනයේ තත්ත්වය තවත් දරුණු වෙයි – දෙපාර්ශවයෙන්ම ප්‍රතිප්‍රහාර – 100 ක් මියගිය බවට තොරතුරු

(24.02.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

උතුරු දිග යුක්‍රේන්යේ ඩොන්බාස්ක් කලාපයෙන් 10,000 කට අධික රුසියානු හමුදා භට පිරිසක් යුක්රේන දේශ සීමා තරණය කරමින් යුක්‍රේනය තුළට ඇතුළු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වැඩිදුරටත් දක්වන්නේ රුසියානු ආරක්ෂක හමුදා සහයෝගය ලබන ඩොන්බාස්ක් කලාපයේ රැඳී සිටිනා බෙදුම්වාදීන් හා එක්ව මෙලෙස රුසියානු හමුදා යුක්‍රේනයේ අභ්‍යන්තරයට ගමන් කරන බවයි.

මේ අතර ඉදිරියේ එළඹෙන කුමන මොහොතක දී හෝ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බව අමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ජෝන් කර්බි කියා සිටියේ රුසියාව සතුව නිසැක වශයෙන්ම අතිරේක හමුදාවක් ඇති බවත්, එය කොතරම් ප්‍රමාණයක් ද යන්න මේ දක්වා පැවසිය නොහැකි නමුත්, ඔවුන් යුක්‍රේනයට කඩා වැදී ප්‍රහාර එල්ල කරන බව නිසැක බවයි.

මේ වන විටත් රුසියානු ආරක්ෂක හමුදා යුක්රේනයේ ඩොන්බාස්ක් කලාපයෙන් යුක්‍රේනය තුළට කඩා වැදී ඇති බවට තොරතුරු වාර්තා වන අතරවාරයේ රුසියානු ආක්‍රමණයට එරෙහිව ආරක්ෂක විධිවිධාන සලසා ගන්නා යුක්‍රේනය විසින් මේ වන විටත් රට තුළ යුද නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව එරට සිවිල් වැසියන්ට ස්වංක්‍රීය අවිආයුධ භාවිතයට ඉඩකඩ සැලසෙන අතර ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාවත් එරට ආරක්ෂක කවුන්සිලය විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියාවේ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වන යුක්‍රේනය රුසියාවේ රැඳී සිටින යුක්‍රේන සම්භවයක් සහිත පුරවැසියන්ට වහාම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසත් මේ වන විට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව අනුගමනය කරන මෙම හිතුවක්කාරී ක්‍රියාකලාපයට එරෙහිව ජපානය, ඔස්ට්‍රෙලියාව, ජර්මනිය, කැනඩාව සහ ඇමරිකාව මේ වන විටත් රුසියාවට විරුද්ධව විවිධ සම්බාධක පනවා තිබෙනවා.

යුරෝපා සංගමය ද රුසියාවට එරෙහිව ඔවුන්ගේ දැඩි මතය ප්‍රකාශ කර ඇත්තේ රුසියාවෙන් ආනයනය කරනු ලබන සියලු ගෑස් සැපයුම් වහාම නවතා දමන බවට ප්‍රකාශ කරමින් ෴

++++++

යුක්රේනයට එරෙහිව යුද්ධය ආරම්භ කරමින් රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට (100) වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්රේනය ප්‍රකාශ කළේ තම සෙබළුන් 40 දෙනෙකු සහ සිවිල් වැසියන් 10 දෙනෙකු රුසියානු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එසේම, තම හමුදා භටයින් රුසියානු සෙබළුන් 50 දෙනෙකු ඝාතනය කළ බවද යුක්රේනය ප්‍රකාශ කළා.

රුසියානු ගුවන් හමුදා යානා 05 ක්, හෙලිකොප්ටර් යානයක් සහ යුද ටැංකි 04 ක් විනාශ කළ බව යුක්රේන හමුදාව නිවේදනය කළා.

කෙසේ වෙතත්, රුසියාව සඳහන් කළේ තම ප්‍රහාරවලින් යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු විනාශ කළ බවයි.

මේ වනවිට යුක්රේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා. හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසයි ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දුන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතරු දැන ගැනීමට අප එහි සිටින හිරු විශේෂ වාර්තාකරු විපුල වික්‍රමසිංහ සම්බන්ධ කරගත් අතර ඔහු අදාල වාර්තාව ලබාදෙන අවස්ථාවේ ද රුසියානු මිසයිලයක් ඔහුගේ හිසට ඉහලින් ඇදී ගියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් නේටෝ සමුළුවක් කැඳවන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත්, අර්බුදයක් පවතිද්දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ සංචාරයක නිරත වන අතර, අද (24) ඔහු ජනාධිපති ව්ලැදිමීර් පූටින් හමුවී සාකච්ඡාවල නිරත වුණා.

යුද උණුසුමත් සමඟ වසර 07 කට පසුව ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් සටහන් වුණේ ඩොලර් 104.56 ක් ලෙසයි.

යුරෝපයේ ප්‍රධානම ගෑස් සපයන්නා රුසියාව වන අතර යුද ගැටුම් වර්ධනය වී එම ගෑස් සැපයුමට බාධා වුවහොත් යුරෝපයේ ගෑස් ඉල්ලු‍ම මැද පෙරදිග කලාපයට විතැන්විය හැකියි.

එසේ වුවහොත් මැද පෙරදිග කලාපයේ ගෑස් සැපයුම සීමාසහිත වීමෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ගෑස් මිලදී ගැනීමේ ගැටලු‍වකටද ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති.

ගැටුම් ආරම්භයත් සමඟ යුක්රේනය සිය ගුවන් කලාපය වාණිජ ගුවන් ගමන් සඳහා මුළුමනින්ම වසා දැමීමට පියවර ගත්තා.

රුසියානු – යුක්රේන යුද ගැටුම් හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑමක් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 11,826 ක්.

එම මාසය තුළ යුක්රේන සංචාරකයින්ගේ පැමිණීම පැවැතියේ 03 වැනි ස්ථානයේ වන අතර යුක්රේන සංචාරකයින් 4,835 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

මෙරට තේ අපනයනය කරන රටවල් අතර ඉරාකය සහ තුර්කියට පසු 03 වැනි ස්ථානයේ පසුවන්නේ රුසියාව වන අතර 2021 වසරේදී රුසියාවට අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 29 ක්. එහි වටිනාකම රුපියල් මිලියන 24,822 ක්.

මෙරට තේ අපනයනය අතින් 18 වැනි ස්ථානයේ පසුවන යුක්රේනයට පසුගිය වසරේදී මෙරටින් තේ කිලෝ මිලියන 04 ක් අපනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 4,279 ක්.

රටවල් රැසකින් රුසියාවට සම්බාධක පනවමින් සිටින පසුබිමක ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරීම රුසියාවට මේ වනවිට ගැටලු‍වක් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ අපනයනයටද ඒ හරහා සෘජු බලපෑමක් එල්ලවිය හැකියි.

දින ගණනාවක් තිස්සේ ලොව පුරා අවධානයට ලක් වූ රුසියානු – යුක්රේන යුද උණුසුම අද (24) පුපුරා ගියා.

ඒ රුසියානු ජනාධිතිවරයා නැගෙනහිර යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමත් සමඟයි.

යුක්රේනයේ රැඳී සිටින හිරු විශේෂ නියෝජිතයා සදහන් කළේ මේ වන විට ප්‍රදේශ රැසකට මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි.

යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භ කරමින් රුසියාව නැගෙනහිර ඩොන්බාස් වෙත පළමු ප්‍රහාරය එල්ල කළේ අද (24) අලුයම 5 ට පමණ.

යුද ප්‍රකාශ කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන සෙබලුන්ට දැනුම් දුන්නේ අවි බිම තබා යටත් වන ලෙසයි.

රුසියානු හමුදාවට අයත් යුද ටැංකි ඇතුළු බර අවි යුක්රේනයට ඇතුළුවන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට යුක්රේනයේ කිවිව් අගනුවර ඇතුළු කාර්කීව්, ඔඩෙසා මාරියුපෝල් ඇතුළු ප්‍රදේශ 7 කට පමණ රුසියානු හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යුක්රේනයේ කිවිව් අගනුවරට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වූ අතර ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විදුලි බලාගාරයක්ද ගිනි ගැනීමකට ලක්ව තිබුණා.

CNN ප්‍රවෘත්ති සේවයට අයත් මාධ්‍යවේදියෙකුගේ සජීවී විස්තර වාර්තාකරණක් අතරතුරද ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබුණා.

මේ අතර යුක්රේනයේ කිව් අගනුවර රැඳී සිටින හිරු විශේෂ නියෝජිතයාද මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙමින් සිටින අතරතුර බිහිසුණු අත්දැකීමකට මුහුණ දුන්නා.

යුද ආක්‍රමණයන්ට ප්‍රතිප්‍රහාර දක්වමින් රුසියානු ගුවන් හමුදා යානා 5 ක්, හෙළිකොප්ටර් යානයක් (1) සහ යුද ටැංකි 4 ක් විනාශ කළ බව යුක්රේන හමුදා නිවේදනය කළා.

එම මෙහෙයුම් අතරතුරදී රුසියානු හමුදා භටයින් 50 දෙනෙකුද මියගොස් ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව පැවසුවේ යුක්රේනයේ ගුවන් කඳවුරු සහ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීමට කටයුතු කළ බවයි.

මේ වන විට රුසියානු මිසයිල සහ ෂෙල් ප්‍රහාරවලින් යුක්රේනයේ පුද්ගලයන් 100 කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

මේ වන විට යුක්රේනය සිය ගුවන් කලාපය වාණිජ ගුවන් ගමන් සඳහා මුළුමනින්ම වසා දමා ඇති අතර ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියේ ගුවන් ගමන් මාර්ග සටහන්ව තිබුණා.

AZOV (අසෝෆ්) මුහුදු කලාපයේ වාණිජ නෞකා ප්‍රවාහනය අත්හිටුවීමට රුසියාවද පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනැම ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බවයි.

ඊට සහය දෙන ලෙස ඔහු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

මේ වන විට යුක්රේන ජනාධිතිවරයාගේ උපදෙස් පරිදි එරට වැසියන්ට ආයුධ ලබාදීම ආරම්භ කර තිබෙනවා.

හැකිතරම් රුධිරය පරිත්‍යාග කරන ලෙසත් ජනාධිපතිවරයා යුක්රේන වැසියන්ට දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර බයිඩ්න් පරිපාලනය නිවේදනය කළේ යුක්රේනයට යුද සහය ලබා දෙමින්, මේ වන විටත් අමෙරිකානු හමුදා භට පිරිස් යුක්රේන දේශ සීමාවන්ට අනුයුක්ත කර ඇති බවයි.

කෙසේ වෙතත් සිය මෙහෙයුම් සඳහා වෙනත් රාජ්‍යයන් මැදිහත් වුවහොත් ප්‍රතිවිපාක දරුණු විය හැකි බවයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවන්නේ.

නේටෝ සංවිධානය පවසන්නේ මෙම ආක්‍රමණය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

යුද්ධය ප්‍රකාශ කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිව්යෝර්ක් වේලාවෙන් රාත්‍රී 09:40 ට හදිසි ආරක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබුවා.

එහිදී යුක්රේන නියෝජිතයා රැසියා නියෝජිතයාට එල්ල කළේ දැඩි වාග් ප්‍රහාරයක්.

මේ අතර යුක්රේනයේ කිවිව් අගනුවර අතහැර දමා දහස් ගණන් ජනතාව පිටත්ව යමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු – යුක්රේන යුද උණුසුමත් සමඟ ලෝක ආර්ථිකයට මේවන විටත් එල්ල වී ඇති බලපෑම සුලුපටු නැහැ.

මෙම යුදමය තත්ත්වය යටතේ දිනක් තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියා.

මෙලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගියේ වසර 7 කට පසුව වීමත් විශේෂත්වයක්.

මෙම යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව ඊයේ (23) පස්වරුව වන විට අමෙරිකානු ඩොලර් 97 ක්ව පැවැති බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 105 ඉක්මවා ගොස් තිබෙනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකාව විශාල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම මෙරටට තවත් දරුණු බලපෑමක් එල්ල කරනු ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 130 ද ඉක්මවනු ඇති බවට ඔවුන් මත පළකරනවා.

එමෙන්ම යුරෝපයේ ප්‍රධානතම ගෑස් සපයන්නාවන රුසියාව මෙම යුධ ගැටුම්වලට මුලපිරීමත් සමඟ ගෑස් සැපයුමට බාධා මතු වුවහොත් යුරෝපයේ ගෑස් ඉල්ලුම මැද පෙරදිග කලාපයට විතැන්වීමේ හැකියාවක් පවතිනවා.

එසේ වුවහොත් මැද පෙරදිග කලාපයේ ගෑස් සැපයුම සීමා සහිත වීමත් සමඟ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවකටද ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති.

මෙම ඉන්ධන සහ ගෑස් අර්බුදයත් සමඟ සමස්ත ලෝකයම දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර රුසියානු – යුක්රේන යුද ගැටුම් හමුවේ මෙරට සංචාරක කර්මාන්තයට ද බපෑමක් එල්ලවීමේ අවදානමක් මතුව තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන පසුබිමක මෙම වසර තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්.

ඒ සංචාරකයින් 25,304 ක්.

මෙම වසර තුළ යුක්රේන සංචාරකයින්ගේ පැමිණීම පැවැතියේ සිව්වැනි (4) ස්ථානයේ වන අතර යුක්රේන සංචාරකයින් 12,609 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

දෙරට අතර යුදගැටුම් උත්සන්න වීමත් සමඟ එම රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ.

මෙරට ආර්ථිකය දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රුසියානු – යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රයටද බලපෑම් එල්ල විය හැකියි.

මෙරට තේ අපනයනය කරන රටවල් අතර ඉරාකය සහ තුර්කියට පසු 3 වැනි ස්ථානයේ පසුවන්නේ රුසියාව වන අතර 2021 වසරේදී රුසියාවට අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 29 ක්.

එහි වටිනාකම රුපියල් මිලියන 24,822 ක්.

මෙරට තේ අපනයනය අතින් 18 වැනි ස්ථානයේ පසුවන යුක්රේනයට පසුගිය වසරේදී තේ කිලෝග්‍රෑම් මිලියන 4 ක් අපනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 4,279 ක්.

රටවල් රැසකින් රුසියාවට සම්බාධක පනවමින් සිටින පසුබිමක ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරීම රුසියාවට මේ වන විට ගැටලුවක් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ අපනයනයටද ඒ හරහා සෘජු බලපෑමක් එල්ලවිය හැකියි.

මෙලෙස රුසියානු යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව එල්ලවිය හැකි බලපෑම පිළිබඳ රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන සමන් වීරසිංහ මහතා ගෙන් අප විමසීමක් කළා.

++++++

++++++++++++

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශ අමාත්‍යංශයෙන් උපදෙස්

(24.02.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ අමාත්‍යංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසටයි, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත්තේ.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24×7) මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම +90 534 456 9498 යන ජංගම දුරකතන අංකයෙන් හෝ +90 312 427 1032 යන ස්ථාවර දුරකතනයෙන් තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.

මීට අමතරව slemb.ankara@mfa.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ ද සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.

මේ අතර විදේශ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේ යුක්රේනයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීමට පියවර ගන්නා බවයි.

එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන බවයි.

යුක්රේනයේ මේ වන විට සිසුන් 14 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 40 කට අධික පිරිසක් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

එම සිසුන් 6 දෙනෙකු මේ වන විට තාවකාලිකව යුක්රේනය හැර ගොස් ඇති අතර, ඉතිරි සිසුන් 8 දෙනා සමග අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සබදතා පවත්වන බව එමගින් කියා සිටියා.

එමෙන්ම, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙනවා.

+++++++

+++++++

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *