වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතකයා බවට සැක අයෙකු නාවින්නෙන් අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතකයා බවට සැක අයෙකු නාවින්නෙන් අල්ලයි
(26.10.2025 – hirunews.lk)
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරු බවට සැකකෙරෙන අයෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී ‘විශේෂ කාර්ය බලකාය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, එම ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතියක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා (2) ද අත්අඩංගුවට ගත් බවයි.
මීට පෙර, වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා ෴
+++
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක්
(26.10.2025 – hirunews.lk)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පොලිස් කොට්ඨාස කිහිපයක් එක්ව විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ. වුට්ලර් පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.
මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද සැළසුම් සහගත පරීක්ෂණයකදී අද (26) දින උදෑසන ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව, අනුරාධපුර කොට්ඨාස නිලධාරීන්, දකුණු පළාත් කොට්ඨාස නිලධාරින් සමඟව ඒකාබද්ධව අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ නිවාස 50 නමැති ප්‍රදේශයේ අතහැර දමන නිවෙසක් සෝදිසි කළ බව ද ඔහු පැවසුවා.
එහිදී සැකකරුවකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් ද, මෙම ඝාතනයට යොදා ගනු ලැබූ යතුරු පැදියක්, අයිස් සහ හොරොයින් ප්‍රමාණයක් සහ ඒවා භාවිතයට යොදා ගනු ලබන උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම සැකකරුවන්ට නන් අයුරින් සහාය දැක්වූ තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම සෝදිසි කිරීම අතරතුරදී පලාගිය තවත් සැකකරුවකු පොලීසිය විසින් හදුනාගත් බවත් ඔහු කොන්තපොත, බැදිපිට, අහුළුගම පදිංචි ‘හක්මන පරනලියනගේ නුවන් තාරක’ යන අය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම සැකකරු දුටුව හොත් වහාම හෝ යම් තොරතුරක් සිදුවීමක් සිදුවුවහොත් වහාම 071 859 8888, 071 859 2087 සහ 011 233 7162 යන දුරකතන අංකවලට වහාම දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය :
“මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ක්‍රියාත්මක වී සිටිනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව, විවිධ බුද්ධි කාර්යාංශ එකතු වෙලා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (25) සවස පිළියන්දල පොලිස් වසමේ සුවාරපොල ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට තමන් වෙත පැමිණෙන වෑන් රථයක් නතර කිරීම සඳහා සුදානම් වෙනවා. එහිදී එහි රියැදුරු පොලිස් අණ නොතකා පලා යනවා. මෙහිදී ඉතාම කඩිනමින් ක්‍රියාත්මක වූ එම රථවාහන නිලධාරීන් දෙදෙනා මෙම පලා යන වෑන් රථයට රත්මලාන ගොළුමඩම හන්දියේදී වෙඩි තබා පාලනය කරනු ලබනවා. එහිදී සැකකරු අත්අඩංගුවට ගත්තා. එම සැකකරු මැදිරිගිරිය පොලිස් වසමේ අපරාධ කිහිපයකට අවශ්‍ය කරන සැකකරුවකු ලෙසට හඳුනාගත්තා. තවදුරටත් මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණා.”
+++
+++
+++
+++
+++
+
ටයි කෝට් දාගෙන හිටියට මුන් ත්‍රස්තවාදීන් – දැන් තැන තැන මිනිස් ඝාතන (26.10.2025)
+
මේ ආණ්ඩුව අපිට ‘නතිං’ මහත්තයෝ – එක විසිල් එකෙන් ‘ග්‍රවුන්ඩ්’ එකක් පුරවන්නම් (26.10.2025)
+
වාහන මිල අඩුවීම ගැන අනාවරණයක්
(26.10.2025 – hirunews.lk)
වාහන මිල ගණන් අඩුවීමට හේතුව විශාල ලෙස මෙරටට වාහන ආනයනය කිරීම බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති අරෝෂ රොද්‍රිගෝ පැවසුවේ පවතින තත්ත්වය තවත් මසක පමණ කාලයක් පවතිනු ඇති බවයි.
+++
+
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගුරු – විදුහල්පතිවරුන්ගෙන් යළිත් රතු එළි
(26.10.2025 – hirunews.lk)
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් ලබන වසරේ (2026) නව පාසල් ආරම්භයට පෙර සියළු ගුරුවරු ඒකරාශි කරගනිමින් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිතිය පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කිරීමට මෙන්ම ළමුන් 50 ට අඩු පාසල් වසා දැමීමට යෝජනා වී තිබෙනවා.
ගුරු විදුහල්පති වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයන් හමුවේ දරුවන් දැඩි පීඩාවට පත් වන බවයි.
කෙසේවෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලිං පෙන්වා දෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව මැයෙන් අධ්‍යාපන කලාපවල ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, වට්ස්ඇප් සමූහ ජාලයක් පවත්වා ගෙන යන බවට නිරීක්ෂණය වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙම වට්ස්ඇප් සමූහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි කිසිදු වගකීමක් නොදරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴
විමල් ආයෙත් කන්ටේනර් කේස් එක ඇදලා ගනියි – මාලිමාවේ සෙල්ලම් ගැන රටටම හෙළිකරයි (26.10.2025)
+
ඊලම් සිතියමට සැතපුම් කණු දෙකයි මදි – මාසෙකට කළින් විදේශ ඇමතිට ලියුම එව්වා (26.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴