*********************************************
බොරැල්ල දේවස්ථාන බෝම්බය ගැන වෙනස්ම කතාවක්
(29.01.2022 – 21:57 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල දේවස්ථානය, නාරාහේන්පිට ලංකා රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ආසන්නයෙන් අත් බෝම්බ හමුවීමේ සිද්ධීන් අතර එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් පොලිස් මුලස්ථානයට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා අදාළ සිද්ධීන් තුනටම (3) සම්බන්ධ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.
එහෙත් එම සිද්ධීන් වලට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මේ වන විට සිදුවි ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්.
2022 ජනවාරි 11 දින බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයෙන් අත්බෝම්බයක් හමුවිය. මෙම අත්බෝම්බය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊට සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සන්ක්‍රිස්තියන් තනතුර දරණ පුද්ගලයාද අයත්.
අනතුරුව විවිධ ප්‍රදේශවලින් සැකකරුවන් කිහිප දෙනෙකු මෙම සිද්ධියට අදාළව පොලිසිය අත්අඩංගුවට ගත් අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක්ද පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත්තා.
මේ අතර ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ලංකා රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථානය අසල බෝම්බ තැබීමේ සිද්ධිවලටත් සම්බන්ධ බවයි.
++++++++++
ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙරට ගැන අවධානයෙන්
(29.01.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)
පාස්කු වින්දිතයන්ට යුක්තිය ප්‍රමාද වීම සහ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේ අත් බෝම්බ සිද්ධිය පිළිබදව ශුද්ධෝත්තම පාප් වහන්සේගේත් වතිකානු පරිපාලනයේත් අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.
පාස්කු ප්‍රහාරය පිළිබදවත්, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය තැබීමේ සිද්ධිය පිළිබදවත් පැවැත්වෙන විමර්ෂණ පිළිබද තමන්ට විශ්වාසයක් නැති බව මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුනා.
පරීක්ෂණ සදහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවටද උන් වහන්සේ පැවසුවා.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියළු සිද්ධීන් පිළිබදව ස්වාධීන වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට වතිකානය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
මේ පිළිබදව මෙරට කතෝලික ප්‍රජාවේ ගිහි පැවිදි නායකයන් කිහිප දෙනෙකු වතිකානය සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වනවා ෴
***************************************
අපි ඉන්නේ බංග්ලාදේශයට වඩා ඉදිරියෙන්.. බංග්ලාදේශයෙන් ණයක් ගත්තාට අවමන් කරන්න එපා.. – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
(30.01.2022 – 13:20 +0530 – lankacnews.com)
මේ මොහොතේ කළ යුත්තේ ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින් තම මව්බිමට අවඥාවෙන් සිනාසීම හෝ අවමන් කිරීම නොවන බවත් අප රට සතු වටිනාම සම්පත වූ ‘මානව සම්පත’ යොදා ගනිමින් වත්මන් විදේශ විනිමය අර්බුදය ජය ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීම බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :
අපි බංග්ලාදේශයට ඉදිරියෙන්…
“වසා දැමීමේ තර්ජනයකට ලක්ව තිබූ මෙම පාසල එම තත්ත්වයෙන් මුදවාගෙන සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැප වූ වත්මන් විදුහල්පතිතුමා ප්‍රමුඛ පාසලේ ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය පිරිස, දෙමව්පියන් ඇතුළු සියලුදෙනාට අපගේ කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනු ලබනවා. අප රට සතු වටිනාම සම්පත, මානව සම්පතයි. මේ දිනවල සමහරු අපේ රටට හිනැහෙනවා, අවමන් කරනවා, ‘බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින්. ඔවුන් බංග්ලාදේශයටත් වඩා පහළ තැනකට අපේ රට දමලයි එවැනි ප්‍රකාශ සිදු කරන්නේ. බංග්ලාදේශය විශාල විදේශ විනිමය සංචිතයකට හිමිකම් කීවාට ඒ සමාජය ඉතා දුක්ඛිත තත්ත්වයේ ජීවිත ගෙවන සමාජයක්. එහි අගනුවර වෙසෙන ජනයාට අවුරුද්දකට වතාවක් පැමිණෙන ගංවතුර නිසා කඳු මුදුනක තනාගත් තාවකාලික නිවාසවල ජීවත් වීමට සිදු වෙනවා. එම රටේ උපදින දරුවන් හැමෝටම උප්පැන්න නැහැ. අපේ රටට පැමිණ තිබූ ඇතැම් ඇඟලුම් සමාගම් බංග්ලාදේශයට ගියාට, ළමා ශ්‍රමය සූරාගෙන කන්න බැහැ, කියා ලෝකෙ යම් යම් නීතීන් තිබුණාට බංග්ලාදේශයේ වැඩට එන කෙනා ළමයෙකු ද නැද්ද, කියා සොයා ගන්න බැහැ, ඔවුන්ට උප්පැන්න සහතිකයක් නැති නිසා. ලෝකයේ බොහෝ රටවල සමාජයන් භාර නොගන්නා රැකියා භාරගන්නා සමාජයක් එහි තිබෙන්නේ. ඒ නිසා ලාංකේය සමාජය, බංග්ලාදේශ සමාජය සමඟ ගත්තාම ඉන්නේ බොහෝ ඉදිරියෙන්.
නිදහස් අධ්‍යාපනය
අපේ රටේ නිදහස් අධ්‍යාපනයක් සහ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණත් බංග්ලාදේශය වැනි දකුණු ආසියාවේ බොහෝ සමාජවල එවැනි සේවාවන් දක්නට ලැබෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව අපේ රටට උරුම වුණේ බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රට ගිල ගැනීමට කලින්. රජවරු මේ රට පාලනය කරද්දී සෑම රටවැසියෙකුම නිශ්චිත රාජකාරියක්, කර්මාන්තයක් සඳහා යොදවා තිබුණා. අපේ රටේ කුල ක්‍රමය ඇති වුණේ ඒ නිශ්චිත රාජකාරියත් සමඟයි. හින්දු සංස්කෘතියේ නම් කුල ක්‍රමය ඇති වී තිබෙන්නේ හින්දු කෝවිලට සිදු කරන වත්පිළිවෙත් අනුව. ඉහළම කුලයේ අය පූජාව කරනවා. මල් ගෙනයන, පාවහන් බලාගන්න අයට වෙන වෙනම කුල තිබෙනවා. එතැනදී කෝවිලට තිබෙන සම්බන්ධය අනුවයි කුල ක්‍රමය හැදුනේ. නමුත් අපේ රටේ කුල ක්‍රමය, රාජකාරි ක්‍රමයත් සමඟ ඇති වූවක්. ඉන් අදහස් වන්නේ සෑම රටවැසියෙකුටම ජීවනෝපාය මාර්ගයක්, ස්වයංව රැකෙන්න ක්‍රමවේදයක් තිබුණු බවයි. අපේ රටේ අධ්‍යාපනයත් එහිම කොටසක්ව තිබුණා. එදා හිටියේ දිසාපාමොක් ඇඳුරුතුමන්ලා. ශිෂ්‍යයන් තමන්ගේ නිවසට ගෙන්වාගෙන, නතර කරගෙන අධ්‍යාපනය ලබාදීම එතුමන්ලා සිදුකළා. දැනුම පමණක් නොවෙයි ශික්ෂණයත් ලබා දීලා නැවත ඒ සිසු දරුවන් සමාජයට භාරදීම එහිදී සිදු වුණා. ඒක ගුරුවරයා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක්. ගුරුවරයා ඇසුරෙහි වැඩෙමින් ලැබූ අධ්‍යාපනයක්. ඒ අධ්‍යාපනයට මිලක් තිබුණේ නැහැ.
නිදහස් සෞඛ්‍ය සේවය
එදා අපේ සෞඛ්‍ය ක්‍රමය ගත්තත් ඒ ආකාරයමයි. ලෝකයේ ඉපැරණිම රෝහල් පද්ධතිය හා ඊට අදාළ අධ්‍යාපන ආයතනය මිහින්තලයේ ආශ්‍රිතව සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. එම රෝහල තුළ තිබී හමුවෙනවා ශල්‍යකර්ම උපකරණ කට්ටලයක්. එම ශල්‍යකර්ම උපකරණ කට්ටලය තුළ තිබී හමුවෙනවා ශරීර අභ්‍යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරක්. එම කතුරේ යටිතලය කොටයි, උඩු තලය දිගයි. අද නූතන ශල්‍ය වෛද්‍යවරයා ශරීර අභ්‍යන්තරය ඡේදනය කිරීමට භාවිතා කරන කතුරත් ඒ ආකාරයමයි. එදා ඒ ලෝකේ ඉපැරණිම රෝහල වූ මිහින්තලා රෝහලේ සිටි අපේ ශල්‍ය වෛද්‍යවරයා, නූතන ශල්‍ය වෛද්‍යවරයා භාවිතා කරන සැත්කම් කතුරට සමාන කතුරක් භාවිතා කළ බවයි ඉන් කියැවෙන්නේ.
සෙල්ලිපි අධ්‍යයනය කරන විට බදුලු සෙල්ලිපියේ කියවෙනවා, එම රෝහල් සතු පොදු සම්පත් පරිහරණය කළ ආකාරය ගැන. ‘එම රෝහල් භූමියේ වගා කර ඇති පළතුරුවල ඵලදාව රෝහලෙන් පිටතට ගෙන නොයා යුතුයි. රෝගීන් වෙනුවෙන්ම යොදාගෙන යුතුයි.’ යන්න එහි තැනක සඳහන්. සමකාලීන විදේශිකයන් රෝහල් කියන සංකල්පය අවබෝධ කර නොගත්තු කාලයක අපේ රටේ රෝහල් තිබුණා. ඒ රෝහල්වලින් රටවැසියාට නොමිලේ ප්‍රතිකාර කළා.
ඒ තරම් ඈත කාලයක සිටයි අපට නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණේ. එම අධ්‍යාපනය අද මේ පාඨශාලා අධ්‍යාපනයට වඩා වෙනස්. එදා භික්ෂූන් වහන්සේලා වැඩ සිටියා වාස්තු විද්‍යාව ඇතුළු වෙනත් විෂයයන් හදාරපු. මහා දාගැබ් වැනි ඉදිකිරීම්වලදී ඉංජිනේරුවකු හෝ වෙනත් වෘත්තිකයකු ලෙස භික්ෂූන් වහන්සේලා කටයුතු කරලා තිබෙනවා. අද ඔබගේ වැඩිහිටියන් සමාජ මාධ්‍ය තුළ ප්‍රතිචාර දැක්වීම් සිදු කරනවා. කල්පනා කරලා බලන්න, ලෝකයේ පළමුවෙන්ම කලා කෘතියක් දිහා බලලා ඒ ගැන ප්‍රතිචාර දැක්වීමට ඉඩක් හදලා දුන්නේ කවුද? සීගිරියේ නිර්මාණ ශිල්පීන්. එහෙම බැලුවාම ඒක තමයි ලෝකය පළමු ‘මුහුණු පොත’.
වෙනම භාෂාවක් – වෙනම අක්ෂර මාලාවක්
අපේ භාෂාව ගත්තත් ලෝකයේ ‘ඇ’ ශබ්දය නගන්න පුළුවන් එකම භාෂාව එයයි. ඉංග්‍රීසි භාෂාවෙන් ‘ඇ’ ශබ්දය නගන්න අක්ෂරයක් හෝ වෙනත් සංකේතයක් නැහැ. ලෝකයේ බොහෝ භාෂාවන්ට අක්ෂර මාලාවක් නැහැ. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ ඇතුළු බොහෝ භාෂාවලට ඇත්තේ ඉංග්‍රීසි අක්ෂර මාලාවයි. නමුත් අපි මේ පුංචි රටේ වෙනම අක්ෂර මාලාවක් සමග වෙනම භාෂාවකුත් හදාගත්තා.
මට මෙහිදී සිහිපත් වෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය පැවසූ කතාවක්. ඇය බ්‍රිතාන්‍යයේ පැවති ජාත්‍යන්තර සිනමා උළෙලකට ගියාම එහිදී කටහඬ පිළිබඳ වැඩමුළුවකට සහභාගි වීමට ලැබී තිබෙනවා. එම වැඩමුළුව මෙහෙයවූ බ්‍රිතාන්‍ය මහාචාර්යවරයා එක්තරා අක්ෂර මාලාවක් පෙන්වා විමසා තිබෙනවා ‘මේ අක්ෂර මාලාව කුමන භාෂාවේ ද?’ කියා. එවිට අනෝජා වීරසිංහ මහත්මිය ඉතා උද්යෝගයෙන් පිළිතුරු දී තිබෙනවා ‘මේ සිංහල භාෂාවේ අක්ෂර මාලාව. මම ආවේ ඒ රටින්’ කියා. එවිට එම මහාචාර්යවරයා කිව්වාලු ‘ඔබ හරි වාසනාවන්තයි. මේ අක්ෂර මාලාව හසුරුවන්න පුළුවන් කෙනාට ලෝකෙ ඕනෑම භාෂාවක්, හඬක් හසුරුවන්න පුළුවන්’ කියා.
ඒ නිසා මානව සම්පත් තමයි අපට තිබෙන වටිනාම සම්පත. ඒ මානව සම්පතේ කොටසක් තමයි අපේ දරුවෝ. අපේ දරුවන්ට තමයි අපේ පරම්පරාවලට ජය ගැනීමට නොහැකි වූ අභියෝගයන් ජයගැනීමට හැකියාව තිබෙන්නේ. අද ලෝකයේ ඉහළතම විද්‍යාඥයන් අතර අපේ රටවැසියන් ඉන්නේ මේ මානව සම්පතේ තිබෙන හැකියාවේ තරම කොතරම්ද, කියා පෙන්වමින්. මේ සිටින සියලුම දරුවන්ට, රට හමුවේ වන අනාගත අභියෝග ජයගත හැකි පිරිසක් බවට පත්වීමට, හැකියාව ලැබේවා’යි පතනවා.”
බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උදය කුමාර, පිලියන්දල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා රේණුකා රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අවසානයේ පූජ්‍ය අත්තිඩියේ සෝමානන්ද හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් පාසල් දරුවන් වෙනුවෙන් පාවහන් මිලදී ගැනීමේ වවුචරපත් ලබාදීම ද සිදු කෙරිණි.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
***************************************
ඇතුල්කෝට්ටේ – නාවල මාර්ගයේ පවතින දැඩි රථ වාහන තදබදයට විසදුමක් ලෙස රාජගිරිය නාවල ඇල හරහා ඉදිකරන නව පාලමේ ඉදිකිරිම් වල ප්‍රගතිය මේ වන විට 60% යි
(30.01.2022 – FB : Jonny – වැඩ විතරයි)
ඉදිකිරීම් කඩිනම් කර පාලමේ වැඩ අවසන් කරන්න – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
ඇතුල්කෝට්ටේ අංගම්පිටිය මාර්ගය සහ නාවල රාජගිරිය මාර්ගයේ පාසැල් පටුමග සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇල හරහා ඉදිකරන නව පාලමේ ඉදිකිරීම් වල ප්‍රගතිය මේ වන විට 60% ක් බවත් ඉදිකිරීම් කඩිනම් කර පාලමේ වැඩ අවසන් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ – ඉදිකිරීම් හට 29-01-2022 වන දින පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමන් උපදෙස් ලබා දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මංතීරු 02 කින් යුතු මෙම නව පාලම ඉදි කරනු ලබයි. මීටර් 600 ක දිගින් සහ මීටර් 10.4 ක පළලින් යුතු මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1,698.55 කි. පාලම දෙපස මීටර 1.5 බැගින් වූ පදික මංතීරු 2 ක් ද ඉදිකරනු ලබයි. එමෙන්ම මෙම පාලමට ප්‍රවේශ වීමට අංගම්පිටිය දෙසින් මීටර 60 ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගයක් සහ පාලමෙන් පිටව පාසැල් පටුමගට ප්‍රවේශ වීමට මීටර 40 ක දිගින් යුතු මාර්ගයක් ද ඉදිකරනු ලබයි. ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම නව පාලම ඉදිකිරීමෙන් පසු පාර්ලිමේන්තු පාර හා කෝට්ටේ දෙසින් පැමිණෙන රථ වාහන සඳහා නාවල දෙසට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන අතර රාජගිරිය මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයටද විසඳුමක් වනු ඇත.
++++++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴