ගෑස් හිඟය තවත් දින කිහිපයක්

ගෑස් හිඟය තවත් දින කිහිපයක්

*********************************************

ගෑස් හිඟය තවත් දින කිහිපයක්

(13.01.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසනවා.

ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා සිටියේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි.

කෙසේ වෙතත්, එම සමාගමට අයත් ගෑස් ටොන් 10,000 ක් අඩංගු නෞකාවක් පෙරේදා (11) මෙරටට පැමිණ ඇති අතර, එම ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල බවට තහවුරු වීමත් සමග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මීට අමතරව දින 10 කට වරක් එවැනි නෞකා මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළා.

මේ අතර, ආනයනික එල්.පී. ගෑස්, සිලින්ඩර හා ඊට සම්බන්ධ රෙගියුලේටර්, වෑල් සහ බට නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පවරමින් ඊයේ (12) ගැසට් නිවේදනය නිකුත් කෙරුණා ෴

+++++++

ලිට්‍රෝ සභාපති එළියට – ජනපති මුතුරාජවෙල හදිසි නිරීක්ෂණයක

(13.01.2022 – 12:04 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

කෙසේ වෙතත් , ජනාධිපති ලේකම් කාර්යාලයට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කර ඇති බවයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මුතුරාජවෙල – මාබිම ලිට්‍රෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවත් වාර්තා වනවා.

+++++++++

ලිට්‍රෝ සභාපති පුටුව නැවතත් තෙෂාරට ?

(13.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala)

අද (13) උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

රේණුක (ආවා ගියා) : තෙෂාර (ගියා ආවා)

ඒ මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ අංගනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) පෙරවරුවේ සිදු කළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.

එහිදී මේ තනතුරු මාරුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිසි අයුරින් දැනුවත් කර නොමැති බවයි.

ඒ අනුව නැවතත් තෙෂාර ජයසිංහ වෙත සභාපති ධුරය පවරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට අදාළ පත්වීම අවලංගු කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ සැකසෙමින් පවතින බවත් වාර්තා වනවා.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම සභාපතිවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

අද (13) පෙරවරුවේ ආරංචි මාර්ග සඳහන් කළේ තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කෙරුණු බවයි.

++++++++

ඉදිරි දින කිහිපය තුල ගෑස් හිඟය මගහැරවීමට ලිට්‍රෝ සමාගමෙන් අපේක්ෂා

(13.01.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්‍රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකිවනු ඇතැයි එම සමාගම අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරික්ෂණයකට ලක්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේබව සඳහන් කළේ.

සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මෙහිදී ප්‍රකාශකර ඇත්තේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තයේ මෙහෙයුම් සහ ගෑස් පර්යේෂණය සඳහා ආයතනයක් පිහිටුවීම මෙම වසර තුල සිදුකරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට අද (13) පෙරවරුවේ ලිට්‍රෝ ගෑස් පර්යන්තය නිරීක්ෂණයට ලක්වූ අතර පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බලා තිබෙනවා.

ටොන් 2000 බැගින් වූ ගබඩා ටැංකි හතරක් (4) පර්යන්තය සතු වන අතර ගෑස් ටොන් 8000 ක සංචිතයක් දෛනිකව පවත්වාගෙන යනු ලබනවා.

ලිට්‍රෝ සමාගමේ මාසික ගෑස් සැපයුම ටොන් 30,000 ක්.

ඒ සඳහා මාසිකව නෞකා 07 කින් ගෑස් රැගෙන එන අතර බවුසර් රථ මගින් කර්මාන්තශාලා වෙත ගෑස් බෙදාහැරීමත් සිලින්ඩර් සඳහා ගෑස් පිරවීමත් කෙරවලපිටිය පර්යන්තයේ දී සිදු කෙරෙනවා.

අලෙවි නියෝජිත ආයතන 42 ක් සහ වෙළෙඳ ආයතන 12,000 ක් මගින් රට පුරා ලිට්‍රෝ ස් බෙදාහැරීම සිදු කරන බවයි එම සමාගම පවසන්නේ.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 – 80,000 ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදාහැර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ දැනට පවතින ලිට්රෝ ගෑස් ඉල්ලුම සැපිරීමට හැකි වනු ඇති බවටයි සමාගම අපේක්ෂා කරන්නේ.

ගෑස් ගබඩා ටැංකි පරිශ්‍රය සහ පිරවුම් අංගණය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ආයතනයේ සේවක පිරිස සමග සාකච්ඡා කරමින් තොරතුරු විමසා බලා තිබෙනවා.

මේ අතර අද (13) උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ අංගනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) පෙරවරුවේ සිදු කළ හදිසි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබෙනවා.

එහිදී මේ තනතුරු මාරුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිසි අයුරින් දැනුවත් කර නොමැති බවයි.

ඒ අනුව නැවතත් තෙෂාර ජයසිංහ වෙත සභාපති ධුරය පවරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට අදාළ පත්වීම අවලංගු කිරීමේ ලිපිය මුදල් අමාත්‍යාංශයේ සැකසෙමින් පවතින බවත් වාර්තා වනවා.

සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල දිවයින පුරා ගෑස් ළිප් පුපුරා යෑම් ඇතුළු ගෑස් ආශ්‍රිත සිදුවීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වුණා.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව නිසි අයුරින් දැනුවත් නොකිරීම සහ දිගින් දිගටම සභාපතිවරයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මාධ්‍ය මග හැර සිටීම හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක් වුණා.

අද (13) පෙරවරුවේ ආරංචි මාර්ග සඳහන් කළේ තෙෂාර ජයසිංහගේ ඉවත් වීම හරහා හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා පත් කෙරුණු බවයි.

++++++

ලිට්රෝ සභාපති ඉවත් කරාද ?

(13.01.2022 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉවත් කර ඇති බවට වාර්තා වුණද, ජනාධිපතිවරයා යළි ඔහුව එම තනතුරේ පිහිටුවා ඇති බව ලිට්රෝ සුරැකිමේ සංවිධානය ප්‍රකාශ කළා.

එම සංවිධානය අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්රෝ සමාගමේ වෙළඳ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹ හෙට්ටිගේ මේ බව කියා සිටියා.

තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත් කර, රේණුක පෙරේරා පත් කිරීමට නියමිතව තිබූ අතර, එම පත් කිරීමට අදාළ ලිපිය සඳහා ලිට්රෝ සමාගමේ හිමිකාරිත්වය හිමි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ද හිමිවූ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලිට්රෝ සමාගමේ මුතුරාජවෙල කෙරවලපිටියේ පිහිටි ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිවරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ගත වූ දින කිහිපය තුල දෛනිකව ගෑස් සිලින්ඩර 70,000 ත් 80,000 ත් අතර ප්‍රමාණයක් රට පුරා බෙදා හැර ඇති අතර ඉදිරි දින කිහිපය තුල දැනට පවතින ගෑස් ඉල්ලුම සපුරාලීමට හැකිවනු ඇති බව එහිදී ලිට්රෝ ගෑස් සමාගමේ බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

අදත් දිවයින පුරා ගෑස් ලබා ගැනීම සඳහා අලෙවිසැල් අසල ජනතාව පෝලිම්වල රැදී සිටි අතර, ගාල්ල, කළුතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත කාන්දුවීම් සහ ගිනිගැනීමේ සිද්ධීන් ද වාර්තා වුණා.

+++++

***************************************

හොරෙන් ගෙන්වපු දස ලක්ෂයේ පාර්සලය

(13.01.2022 – 09:52 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයා ගත් විදේශීය දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් 10,00,000 ට අධික බවයි වාර්තා වන්නේ.

ඊයේ (12) පස්වරුවේ ගාල්ල වරාය පොලිස් වසමේ දෙවැට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක දීයි මෙම පුද්ගලයාව අදාළ දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගැනුණේ.

මෙහි තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි 13,300 ක තොගයක් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

***************************************

අතීතය විවේචකයින්ට – අනාගතය අපිට – අග්‍රාමාත්‍ය

(13.01.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය ගොඩනැඟීම මඟින් රට නාවික කේන්ද්‍රයක් බවට පත්කරමින් ආසියාවේ බලවත් රටක් ලෙස ඉදිරියට යෑමට තැබූ බලාපොරොත්තුව අත්හැර නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා කොළඹ වරායේ පැවති උත්සවයකදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළා :

“ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. අපි මුහුණ දීලා තියෙන කටුක තත්ත්වය පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායේ ගැඹුරට වඩා වැඩියි කියලයි මම විශ්වාස කරන්නෙ. ඒක අපිට ජනතාවට හංගන්න ඕන නෑ.

ජනතාව මුහුණ දීලා තියෙන දුෂ්කරතා ගැන අපිට වගකීමක් තියෙනවා. බඩු ගණන් යනවාටත් වඩා පෝලිම් ඇතිවෙන එක හොඳ නෑ කියලා අපේ ජනතාව අපිට ඇවිත් කියනවා. අපි ඒක දන්නවා. මේ ආණ්ඩුව කිසිම වෙලාවක තමන්ගේ පහසුව ගැන හිතුවේ නෑ. තමන්ගේ පහසුව ගැන පමණක් හිතන ආණ්ඩුවක් නම් මූල්‍ය අර්බුදයකදී රුපියල් බිලියන සිය ගණනක සහනයක් ජනතාවට දෙන්න තීන්දු කරන්නේ නෑ.

ඔබ දන්නවා මේ වරාය සංවර්ධනයත් මුලදී ගොඩනැඟුවේ අපේම මුදලින්. වරාය අධිකාරියේම මුදල් යොදවලා ගොඩනඟන්න සැලසුම් කළ පර්යන්තය තමයි මේ නැඟෙනහිර පර්යන්තය. නමුත් ඒ පර්යන්තය ගොඩනඟන්න කලින් අපි පරාද කරල අපිව ගෙදර ඇරියා. නමුත් යහපාලන ආණ්ඩුව අපි කරගෙන ගිය වැඩපිළිවෙළ එදාම නතර කළා. වරාය විතරක් නෙමෙයි මුළු රටේම අපි කරගෙන ගිය වැඩපිළිවෙළ නතර කළා. මේ පර්යන්තය ගොඩනඟන්න හෝ රටේ සංවර්ධනය ඒ ආණ්ඩුවට වුවමනා වුණේ නෑ. ඔවුන් කළේ මේ පර්යන්තය වෙනත් රටවල් සමඟ පටලවන එකයි.

මතක තියාගන්න එදා හම්බන්තොට වරාය විකුණුවේ මර්දනය මැද්දේ. මාධ්‍යවේදීන්ගේ කන් පැළුවා. හම්බන්තොට විරෝධතාවට ගිය ජනතාවට පන්න පන්නා ගැහුවා.

මැති ඇමැතිවරුන් ඔළු පළාගෙන ආවේ. වෘත්තීය සමිතිවලට ඔළුව උස්සන්න දුන්නේ නෑ. භික්ෂුන් වහන්සේලාටත් ඇහුම්කන් දුන්නේ නෑ. යහපාලන ආණ්ඩුව මේවා විකුණනකොට කතා කරන්න ගියා නම් උන්වහන්සේලාවත් මර්දනය කරනවා. එදා මේවා විදේශවලට විකුණන එක කාටවත් නතර කරන්න බැරි වුණා.

මෙහෙ විතරක් නොවෙයි මොනරාගල උද්ඝෝෂණ කරන ගොවියන්ට ගහන්න කොළඹින් කඳුළු ගෑස් ලොරි ගණන් යැව්වා. එහෙම කරලා අපි ගොඩනඟපු සම්පත් විදේශවලට පවරලා දුන්නා.

එබදු තත්ත්වයක් යටතේ තිබුණු රටක් තමයි අපි භාර ගත්තේ. දෙකොණ පත්තුවෙන විලක්කුවක් නිවා ගන්න වෙන්නේ බොහොම අමාරුවෙන්. පැත්තකින් යහපාලන ආණ්ඩුව විදේශ සමඟ ගහපු ගිවිසුම්, පැත්තකින් ඒවා යළි නිදහස් කරගෙන දියුණු කරන එක.

මේ මර්මස්ථාන නිදහස් කර ගන්නත්, ඒවා දියුණු කරන්න මුදල් හොයා ගන්නත් ඕනෑ. මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕනෑ. යහපාලන ආණ්ඩුව වාගේ අපිට ජනතාව මර්දනය කරන්න බෑ. අපි කරන්නෙත් නැහැ. ඒ අය විදේශ සමඟ ඇති කරලා තියෙන ගිවිසුම් ගැන ජාත්‍යන්තරව වගකීමෙන් ක්‍රියා කරන්න ඕනෑ.

මේ පර්යන්තය ගැන ජාතියේ අපේක්ෂාවන් ආරක්ෂා කරගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙයි. මතක තියාගන්න අපි බලයට එනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවකට සම අනුග්‍රහය දක්වන්න පොරොන්දු වුණු රටක් මේක. අපි ඒ යෝජනාවෙන් ඉවත් වුණා. අපි ඇවිල්ල තමයි ඒ යෝජනාවෙන් ඉවත්වුණේ. අපි එම්.සී.සී. ගිවිසුම අස්සන් කිරීම නතර කළා. මේවායේ බලපෑම් අපිට එනවා. රටට ආදරේ ජනතාව මේක තේරුම් ගන්න ඕනෑ. 2015 පස්සේ රටට වුණු දේ මතක තියා ගන්න. රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. ගෙවුණු වසර දෙක (2) අපේ විවේචකයන්ට කරගහගෙන යන්න භාර දෙමු. අනාගතය අපි භාර ගමු.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *