උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි
(28.11.2025 – 18:21 +0530 – sinhala.adaderana.lk)
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය ෴
+++
එතෙක් මෙතෙක් නොවූ මහා විනාශයක් රට පුරා සිදුවෙයි – කිසිදා නොදුටු මහ වැස්සකින් සියගණනක් අතුරුදන් (28.11.2025)
+++
වාර්ෂික ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
(28.11.2025 – hirunews.lk)
2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවන්නන්ගේ වාර්ෂික ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 08 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එසේ දීර්ඝ කර ඇත්තේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
මීට පෙර එම කාලසීමාව නොවැම්බර් 30 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා ෴
+++
ආපදා ප්‍රදේශවල සිටින විශ්වවිද්‍යාල නේවාසික සිසුන් සුරක්ෂිතයි
(28.11.2025 – 20:57 +0530 – sinhala.adaderana.lk)
ආපදාවට ලක්ව ඇති පුලතිසිපුර සහ මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකව රැඳී සිටින ගුරු සිසුන් සහ නැගෙනහිර, අග්නිදිග, ඌව වෙල්ලස්ස සහ පේරාදෙනිය යන විශ්වවිද්‍යාලවල නේවාසිකව රැඳි සිටින සියලු සිසුන් සුරක්ෂිතව සිටින බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.
එම සිසු සිසුවියන්ට ආහාරපාන ආදිය ලබා දීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුවන බවත් ඒ පිළිබඳ දෙමාපියන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ විදුලි බලය බිඳ වැටීම් මත සන්නිවේදන පහසුකම් තවදුරටත් අඩාල වී ඇති බවය.
මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කළමනාකරණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වන විට රට පුරා සිදු වී ඇති ව්‍යසන තත්ත්වය හමුවේ පෙර දැනුම් දුන් පරිදි අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්විය නොහැකි බවය.
පාසල් ආරම්භ කරන දිනය ද දෙසැම්බර් 16 ලෙස සංශෝධනය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය ෴
+++
යාපනේ සිට කොළඹ ආ දුම්රිය මගීන් 700 ක් සමඟ අනුරාධපුරයේ දී කොටුවෙයි
(28.11.2025 – 17:44 +0530 – sinhala.adaderana.lk)
ඊයේ (27) රාත්‍රියේ යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, මාර්ගය ජලයෙන් යටවීම හා ගස් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.
ඔවුන්ට අවශ්‍ය කෑම බීම සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ලබාදීමට කටයුතු කරන බවත් මගී බස් රථ ගමන් කර හැකි පරිදි මාර්ග විවෘත වූ පසු සියලුම මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන් කරුණාරත්න මහතා පවසයි ෴
+++
පවතින ආපදා තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය (28.11.2025 14:30 +0530)
+++
නායයෑමට ලක් වූ බදුල්ල – මහියංගණය මාර්ගයේ දර්ශන (28.11.2025)
+++
‘දිට්වා’ නිසා ලක්ෂ 2 ක් පීඩාවට – 18,000 ක් අවතැන්
(28.11.2025 – hirunews.lk)
‘දිට්වා’ සුළිකුණාටුවෙන් ඇතිවූ බලපෑමෙන් දිවයින පුරා සිදුව ඇති ආපදා තත්ත්වයෙන් පවුල් 61,175 කට අයත් පුද්ගලයින් 219,282 ක් පීඩාවට පත්ව තිබෙනවා.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (28) පස්වරු 6 ට නිකුත් කළ නවතම දත්තවලින් පෙන්වා දෙන්නේ ආපදා බලපෑම් රටේ දිස්ත්‍රික්ක 25 ටම බලපා ඇති බවයි.
ඒ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 කට වැඩිම බලපෑම් එල්ල වී තිබුණා.
ආපදාවට පත් වූවන් සඳහා දිවයින පුරා සූරක්ෂිත මධ්‍යස්ථාන 266 ක් ස්ථාපිත කර තිබෙනවා.
මෙම ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ, දැනට පවුල් 5,890 ක් සහ පුද්ගලයන් 18,443 ක් රඳවා අපදා කළමනාකරණ අංශ සහ ත්‍රිවිධ හමුදා මගින් සහන සලසනු ලබනවා.
පසුගිය 16 වැනිදා සිට අද පස්වරුව දක්වා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලද තොරතුරු මත මෙම ගණනය කිරීම් වාර්තා කර තිබෙනවා ෴
+++
බදුල්ල රෝහලේ ක්වාටස්වල දොස්තරලට වතුර නෑ – රෝගීන් බලාගන්න ඉන්න දෙවිවරු මහ රෑ අසරණ වෙයි (28.11.2025)
+++
මහියංගණය රෝහලේ දොස්තරලගේ, හෙදියන්ගේ හැමදේම නැතිවුණා – රෝහලෙන් ඇහෙන සංවේදී කතාව (28.11.2025)
+++
කලාවැව බසයේ පිරිස තවම මුදවාගෙන නෑ – ආරක්ෂක අංශ විශේෂ ප්‍රකාශයක් කරයි (28.11.2025)
+++
ගම්පහ නගරයේ දැන් තත්ත්වය මෙන්න – ටිකෙන් ටික යටවෙන්න පටන් ගනියි (28.11.2025)
+++
නිලධාරීන් බියවෙලා… වහාම හදිසි නීතිය පනවන්න… දිලිත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම! (28.11.2025)
+++
මිනිස්සු බලෙන් හරි ගෙනියන්න! මේක ආණ්ඩුවට විතරක් බෑ… ජනපති පක්ෂ නායකයින් කැඳවා කළ විශේෂ සාකච්ඡාව… (28.11.2025)
+
නුගේගොඩදී වෙච්ච දේ අභීත තක්සලාවට කියයි (28.11.2025)
+
කුණාටුව ගැන තොරතුරු ලැබිලත් මුකුත් කළේ නෑ… අහිංසක මිනිස්සු මරාගත්තු ගොබ්බ ආණ්ඩුව (28.11.2025)
+
සොබාදහම කැළඹෙයි, රටම ඛේදවාචකයකට මුහුණ පායි… තවත් බුදු පිළිම අත්අඩංගුවට ගනීද ? (27.11.2025)
+
උඩුදුම්බර ගමක්ම නායගොස් වැළලෙයි… ‘පාලකයන් ධාර්මික නම් මෙහෙම වෙන්නෙ නෑ – සමන්ත විද්‍යාරත්න’ (28.11.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴