බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර

*********************************************

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි – අමාත්‍ය සරත් වීරසේකර

(13.03.2021 – colombotoday.com)

බොදු බල සේනාව අන්තවාදී නැති බවත් එය තහනම් කරන්න කියන නිර්දේශයට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ‘Truth with Chamuditha’ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වීරසේකර මහතා මේ බව පවසා ඇත.

සමහර නිර්දේශවලට මමත් එකඟ නෑ. දැන් බොදු බල සේනාව තහනම් කරන්න කියන එකට මම සම්පුර්ණයෙන්ම, පොඩ්ඩක්වත් එකඟ නෑ… ඒකට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මොකද බොදු බල සේනාව අන්තවාදී ආයතනයක් නෙවෙයි. ඔවුන් තමයි ඉස්සෙල්ලාම මේ වහබ්වාදය ගැන කිවුවේ. ඔවුන් තමයි ඉස්සරවෙලාම මේ හලාල් ගැන කිවුවේ. කියලා මේ තුලින් අන්තවාදීන් පිරිසක් බිහිවෙනවා කියලා කිවුවේ බොදු බල සේනාව. ඉතින් බොදු බල සේනාවත් එක්ක තරහ නම් මුස්ලිම් අය ඔවුන් ප්‍රහාර එල්ල කරන්න ඕනෙ පන්සල්වලට. ඇයි මේ කතෝලික පල්ලිවලට ගහන්නේ. ඒක හින්දා බොදු බල සේනාව තහනම් කල යුතුයි කියන නිර්දේශවලට මම පොඩ්ඩක්වත් එකඟ නෑ.

******************************************

‘කෲඩියා සිලනිකා’ ගම්පහ මල්වත්තෙන් මතුවෙයි

(14.03.2021 – 14:54 +0530 – lankadeepa.lk)

‘කෲඩියා සිලනිකා’ (පඩු කරඳ) වර්ගයේ විශාල ගසක් ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය කීවාය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘කෲඩියා සිලනිකා’ (පඩු කරඳ) වර්ගයේම, එම ශාඛය අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ඊයේ (14) නිරීක්ෂණය කළහ.

එම උද්‍යානයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ අමාත්‍යවරු දෙපල මෙම පඩු කරද ශාඛය නිරීක්ෂණය කරනු ලැබූහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන ගම්පහ , දාරළුව ප්‍රදේශයේ ඇති ‘පඩු කරඳ’ ගස දැනට ඉතිරිව ඇති එකම ගස බවට ප්‍රකාශ වූවද , ගම්පහ උද්භිද උද්‍යානයෙහි මෙම විශාල ගස සහ පැල ගස් හයක්ද (6), පේරාදෙණිය උද්‍යානයේද මෙම පැල ගස් ඇති බවත් දාරළුවේ ගසට, මෙම ගස් සෑම අතින්ම සමාන බවත් ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ රුවිනී ගෝමස් මහත්මිය අමාත්‍යවරුනට වෙත පෙන්වා දෙනු ලැබූවාය.

මෙම අවස්ථාවට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

******************************************

රුපියල් ලක්ෂ 4000 ක් වැය කර රට දෙකඩ කිරීමේ ‘සී.අයි.ඒ.’ මෙහෙයුමේ ඇත්ත කතාව… උතුරේ සංවිධානවලට ඩොලර් ලක්‍ෂය බැගින් ලබාදෙයි

(14.03.2021 – divaina.com)

• ‘යූ.එස්.ඒඩ්’ අනුබද්ධ ‘ග්ලෝබල් කමියුනිටීස්’ ප‍්‍රධානියා රජයේ නියෝග ප‍්‍රතික්ෂේප කරයි

• කවුද මේ කාර්ති

• යුද හමුදා මාධ්‍ය ඒකකයට ඔත්තුකරුවෙක් රිංගයි

සංහිඳියාව නිසා ජාතික ආරක්‍ෂාව බිඳවැටී බිහිසුණු පාස්කු ප‍්‍රහාරය එල්ල විය. ඒ ව්‍යාජ සංහිඳියා ක‍්‍රියාමාර්ගය නව ජනපති සහ නව රජය බලයට පැමිණ පසු අහෝසි වූ බව ජනතාව සිතුවත් අද සිදු වන්නේ භයානක මෙහෙයුමකි.

මේ මෙහෙයුම දියත් කර ඇත්තේ ඇමෙරිකානු ‘සී.අයි.ඒ.’ සංවිධානයට සම්බන්ධව ‘යූ.එස්.ඒඩ්’ සංවිධානයයි. මේ ‘යූ.එස්.ඒඩ්’ සංවිධානය යටතේ ‘සී.එච්.එස්.’ හෙවත් ‘කෝපරේට් හවුසින් ෆෙඩරේෂන්’ සංවිධානය ක‍්‍රියාත්මක විය. දැන් එය එකවරම ‘ග්ලෝබල් කමියුනිටීස්’ නමින් වෙනස් විය. උතුරු නැගෙනහිර ප‍්‍රජා සේවා කටයුතු සඳහා මේ ‘ජී.සී.’ නැමැති විදේශ රාජ්‍ය නොවන සංවිධානය ස්වාධීන වූ බව පැවසුවත් එහි සැබෑ මෙහෙයුම උතුරු නැගෙනහිර වෙනම රටක් බවට පත් කිරීමයි.

මෙම ‘ග්ලෝබල් කමියුනිටීස්’ නමින් ක‍්‍රියාත්මක වන සංවිධානය ‘යූ.එස්.ඒඩ්’ සංවිධානය විසින් මෙහෙයවෙන බව ජනතාව නොදනී.

පසුගිය වසරේ නොවැම්බර් 5 දා අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතාවය සහ ප‍්‍රතිසංවිධාන අංශයේ අතිරේක ලේකම්වරයා රජයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිඛිතව දන්වමින් ඇමෙරිකානුවකු වූ ‘ට‍්‍රැවිස් ජේම්ස් ගාට්නර්’ සහ ඔහුගේ පවුලේ අය සිව් (4) දෙනෙකුට වීසා නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධව මෙම ආයතනයේ ඉල්ලීම මත ආගමික විගමන බලධාරීහු ඔවුන්ට වීසා බලපත‍්‍ර ලබා දුන්නේය. එහෙත් වීසා බලපත් සඳහා නිර්දේශ කළ හැක්කේ රජයේ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට යි.

මෙම ‘ග්ලෝබල් කමියුනිටීස්’ සංවිධානයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළේ ‘කාර්තිරන් ජයදේවන්’ හෙවත් ‘කාර්ති’ යි. මොහු ගැන රාජ්‍ය බුද්ධි අංශ අද වනතුරු විමර්ශනය කර නැත. මෙහි කොළඹ ප‍්‍රධානියා ‘අයිවන් රාසයියා’ නැමැත්තාය.

මෙලෙස නීතිවිරෝධීව අධිකරණ අමාත්‍යාංශය ලවා වීසා බලපත‍්‍ර ලබාගත් ‘ට‍්‍රැවිස් ගාට්නර්’ගේ ශී‍්‍ර ලංකා මෙහෙයුම් රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට වසන් වී තිබුණි.

කෙසේ හෝ ‘ග්ලෝබල් කමියුනිටීස්’ නම් වූ විදේශ රාජ්‍ය නොවන සංවිධානයේ උතුරු නැගෙනහිර මෙහෙයුම් වල තොරතුරු රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ බලධාරීන්ට වාර්තා විය.

ප‍්‍රජා සේවා සහ කොරෝනා මර්දන කටයුතු සඳහා යැයි දක්වමින් ඩොලර් මිලියන 19 ක ව්‍යාපෘති දියත් කළ ‘ග්ලෝබල් කමියුනිටීස්’ උතුරේ අබිරහස් පාර්ශ්වවලට රට දෙකඩ කිරීමේ ව්‍යාපෘති සඳහා මුදල් සැපයූ අතර කිසිදු ප‍්‍රජා ව්‍යාපෘතියක් දියත් කර තිබුණේ නැත.

මේ තොරතුරු රජයට හෙළිවනු ඇතැයි බියට පත් වූ ‘කාර්ති’ විගස මොනරාගල කාර්යාලයේ සිටි සිංහල බෞද්ධ නිලධාරීන් තිදෙනා (3) පන්නා දැමීය. ඒ වෙනුවට ඔහු මඩකලපුවේ පදිංචි ‘ගෝබු’ නැමැත්තා සිය කටයුතු සඳහා පත් කර ගනු ලැබීය.

මේ ‘ගෝබු’ කවුදැයි නැගෙනහිර පොලිස් ස්ථානවල බුද්ධි අංශවලට හෙළි වූණේ නැත.

මෙවන් පසුබිමක් මැද ‘ග්ලෝබල් කමියුනිටීස්’ මෙහෙයුම් ගැන ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙතද පැමිණිල්ලක් ලැබුණි.

මේ පැමිණිල්ලේ මෙලෙස දක්වා තිබූ බව ආරක්‍ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය :

  1. උතුරු නැගෙනහිර වර්ගවාදී ගැටුම් ආශ‍්‍රිත ප‍්‍රදේශවල පුද්ගලයන් සමග කටයුතු කිරීම
  2. ද්‍රවිඩ ඩයස්පෝරාව සමග කටයුතු කරන ආයතන සහ පුද්ගලයන් සමග කටයුතු කරමින් අරමුදල් සැපයිම.
  3. උතුරු නැගෙනහිර ද්‍රවිඩ සංවිධානවලට වක‍්‍රව අරමුදල් සැපයීය.
  4. ජාතික සාම මණ්ඩලයට අරමුදල් ලබාදීම
  5. ඉදිරි වර්ෂ 3 ක කාලය සඳහා රුපියල් ලක්‍ෂ 4000 ක අරමුදල් යෙදවීමට සැලසුම් කිරීම.
  6. උතුරේ සංවිධානවලට ඩොලර් ලක්‍ෂය බැගින් පිරිනැමීම.

මේ අභිරහස් තොරතුරු රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට වාර්තා වුවත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අනාවරණය වී නැත.

මෙම තත්ත්වය මත ‘ග්ලෝබල් කමියුනිටීස්’ රහස් මෙහෙයුම් ගැන කරුණු විමසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ‘ට‍්‍රැවිස් ගාට්නර්’ සහ ‘කාර්ති’ ට තම කාර්යාලයට පැමිණෙන ලෙස දන්වනු ලැබූවත් ඇමෙරිකානුවා සහ උතුරේ ද්‍රවිඩයා එය පැහැර හැරීයේය.

මෙය මෙරට නීතිරීති උල්ලංඝනය කිරීමකි එසේම ‘ට‍්‍රැවිස් ගාට්නර්’ සහ ‘කාර්ති’ මෙරට නීතියට උඩින් සිටින අයවලුන්ද ?

මේ පසුබිම මැද ඇමෙරිකානු ‘සී.අයි.ඒ.’ සංවිධානයට සම්බන්ධව ‘ග්ලෝබල් කමියුනිටීස්’ කටයුතු කරන්නේ අධිකරණ අමාත්‍යාංශය සමග බවත් ඒ සඳහා බලයක් ලැබී ඇති බවත් තොරතුරු අවශ්‍යනම් අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාගන්නා ලෙසත් ‘ග්ලෝබල් කමියුනිටීස්’ සංවිධානයේ මානව සම්පත් ප‍්‍රධානී යැයි කියන තැනැත්තිය රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට දැනුම් දුන්නාය.

මෙහිදී මතු වු බරපතළ ප‍්‍රශ්නය වූයේ ‘සී.අයි.ඒ.’ සංවිධානයට සම්බන්ධ ‘යූ.එස්.ඒඩ්.’ සංවිධානයට අනුබද්ධ ‘ග්ලෝබල් කමියුනිටීස්’ සමග කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශයට බලය දුන්නේ කවුද? යන්නයි.

මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය ද නිසි විමර්ශනයක් කළේ නැත. රටේ 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ කටයුතු අධිකරණ අමාත්‍යාංශය විසින් මෙහෙයවීමට නොවේ. එසේම ‘ස්කෝර්’ නමින් හඳුන්වාගත් සහජීවන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවන අතර එවන් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වන බව පැවසීම රජය සහ බුද්ධි අංශ මුලාකිරීමකි.

‘ග්ලෝබල් කමියුනිටීස්’ සංවිධානය සමාගම් ලියාපදිංචි කාර්යාලයේ ද ලියාපදිංචි කර ඇතැයි මෑතකදී අනාවරණය වී ඇත.

මේ පසුබිම මැද විදේශිකයන් මෙරට විදේශ රාජ්‍ය නොවන සංවිධාන කටයුතුවලට සහභාගීවීමට පෙර බුද්ධි සේවා ප‍්‍රධානියාගෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අවසර ගත යුතුව ඇතත් ‘ට‍්‍රැවිස් ගාට්ගර්’ ඇතුළු කණ්ඩායම එවන් අවසරයක් ගෙන නැත.

මේ ගැන විමර්ශනය කිරීමේදී හෙළි වූයේ අමාත්‍යාංශ රැසක නිලධාරීන් විදේශ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට මෙරටට ඒමට වීසා නිර්දේශ ලබාදී ඇති බවයි.

මෙය ජාතික ආරක්‍ෂාවට එරෙහිව එල්ල වී ඇති බරපතළ තර්ජනයකි. පසුගිය රජය යටතේ දියත් වූ මේ වීසා නිර්දේශ වත්මන් රජය යටතේත් ක‍්‍රියාත්මක වන බව අනාවරණය වී ඇත. අමාත්‍යාංශය ලේකම්වරයා සහ බලයලත් නිලධාරීන් මේ නීති විරෝධී ක‍්‍රියාදාමයට සම්බන්ධ බව හෙළි වී තිබේ.

මේ අතර කොවිඩ්-19 ට මුවාවී ‘ග්ලෝබල් කමියුනිටීස්’ සිදු කරන අබිරහස් මෙයෙයුම් ගැන රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය, ආරක්‍ෂක බලධාරීන්ට දන්වා ඇතත් හමුදා බුද්ධි සේවාව සහ ජාතික බුද්ධි සේවාව මෙතෙක් පරීක්‍ෂණ සිදු කර නැත්තේ දේශපාලන බලය නිසා බවට ආරංචි මාර්ග හෙළි කළේය. මේ දේශපාලන සබඳතා ගැන තොරතුරු රැසක් මේ වනවිට හෙළි වී ඇත. එම දේශපාලන සබඳතා නිසා ‘යූ.එස්.ඒඩ්.’ සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ බලවත්වී රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ බලධාරීන්ට සිය විමර්ශන කටයුතු නතර කිරීමට සිදුවනු නියතය. ‘ව්‍යාජ සංහිඳියා ක‍්‍රියාදාමය’ දියත් වූයේ ‘මනෝ ගනේෂන්’ නැමැත්තා ඊට අදාළ අමාත්‍යාංශය මෙහෙයවන සමයේයි. එහෙත් රටේ ජනතාවට හොරෙන් නැවතත් එම ‘සංහිඳියා ක‍්‍රියාදාමය’ ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?

මෙවන් පසුබිමක් මැද ‘ට‍්‍රැවිස් ගාට්නර්’ නැමැත්තා හඳුන්වා ඇත්තේ ‘ග්ලෝබල් කමියුනිටීස්’ ආයතනයේ කණ්ඩායම් ප‍්‍රධානියා ලෙසනි. ඔහු මේ සතියේදී වව්නියාවේ සංචාරයක නිරත විය. ‘ගාට්නර්’ වව්නියාවේ සිදු කළේ කුමක්ද? රාජ්‍ය බුද්ධි සේවාව හෝ හමුදා බුද්ධි සේවාවට මොහුගේ වව්නියා සංචාරය නිරීක්‍ෂණය වූයේද?

‘ග්ලෝබල් කමියුනිටීස්’ නම් ‘සී.අයි.ඒ.’ අනුබද්ධ සංවිධානය, ‘ස්කෝර්’ ව්‍යාපෘතිය නමින් ඉදිරි වසරවල වැය කිරීමට යෝජිත මුදල රුපියල් ලක්‍ෂ 4000 ක් නම් ඒ කුමන රහස් ව්‍යාපෘතිවලටද යන්න මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් අධිකරණ අමාත්‍යාංශය යටතේ තවදුරටත් ක‍්‍රියාත්මක ජාතික ඒකාබද්ධතාව සහ ප‍්‍රතිසංස්කරණය පිළිබඳ අංශය දක්වන්නේ 2018 දියත් වූ ‘ස්කෝර්’ වැඩපිළිවෙළ 2021 දීද දියත් වන බවයි. ඒ සඳහා ‘ට‍්‍රැවිස් ගාට්නර්’ ඇතුළු පස්දෙනෙකු (5) ගේ කණ්ඩායමට වීසා නිර්දේශ කිරීමට ජාතික ඒකාබද්ධතා අතිරේක ලේකම්ට බලයක් නැත.

එවන් කණ්ඩායම් මැද ‘ග්ලෝබල් කමියුනිටීස්’ ආයතනයේ නිලධාරීන් දෙදෙනකු (2) විසින් ක‍්‍රියාත්මක කිරීමට යෝජිත සහජීවන ව්‍යාපෘතිය ගැන නිරීක්‍ෂණය කරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය. මේ පැමිණිල්ල ඇතුළත් ලිපිය ආරක්‍ෂක අමාත්‍යාංශ බලධාරීන් රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත එවීමට ක‍්‍රියා කළත් බුද්ධි අංශවල අවධානයට යොමු කර නැත. මේ පසුබිම මැද ‘ග්ලෝබල් කමියුනිටීස්’ අතීතය හෙළි විය. 2018 අගෝස්තු 30 දා ‘කෝපරේට් හවුසින් පවුන්ඩේෂන්’ නමින් ඇමෙරිකාවේ නිව්ජර්සිහි ‘එන්.ජී.ඕ.’ සංවිධානය එවකට කර්මාන්ත ඇමැතිව සිටි රිෂාද් බදුර්දීන් නැමැත්තා වෙත ලිපියක් යවමින් සිය ආයතනය ශී‍්‍ර ලංකාවේ සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙස ඉල්ලා තිබුණි.

බදුර්දීන්ගේ අනුමැතිය මත සමාගම් රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා 2018 දෙසැම්බර් 20 දා මේ ‘සී.අයි.ඒ.’ අනුබද්ධ සංවිධානය ලියාපදිංචි කර තිබුණි.

එහෙත් 2020 සැප්තැම්බර් 02 දා මේ ‘එන්.ජී.ඕ.’ ආයතන ‘ග්ලෝබල් කමියුනිටීස්’ බවට පත්විය.

මෙම තොරතුරු හෙළිවීමත් සමගම රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දීමක් කරමින් රජයේ ආයතන විදේශිකයන්ට වීසා ලබාදීමට ක‍්‍රියා කිරීම ගැන ජාතික ආරක්‍ෂක මණ්ඩලයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළේය. එසේම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට හැර රජයේ අනිකුත් ආයතනවලට වීසා නිර්දේශ කිරීමෙන් වළකින ලෙසද දන්වනු ලැබීය.

එහෙත් මේ ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැත.

මේ අතර ‘යූ.එස්.ඒඩ්.’ සංවිධානය මෙරට අධිකරණ කටයුතුවලට මැදිහත් වී සිටියදී රජයේ බලධාරීන් නිහඬව සිටින්නේ මන්ද?

මේ අතර 46 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන අවස්ථාවේ කොටි සංවිධානය සමග සෘජු සම්බන්ධකම් පැවැත් වූ ද්‍රවිඩ කාන්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතවරියක් ලෙස පත්කර තිබේ.

මේ තැනැත්තිය ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය වාර්තා 500 ක් යැවීමට ක‍්‍රියා කර තිබූ අතර ඊට වැය වූයේ මහජන මුදල්ය. යහපාලන රජය යටතේ මෙම රාජද්‍රෝහී ක‍්‍රියාව සිදු වී ඇත.

මෙම පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස් ‘මිචෙලි බැෂලේ’ට ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි සාවද්‍ය වාර්තා ගොනු කර ඇත්තේ ඇය බව හෙළි වී තිබේ. යහපාලන රජය කිසිදු බුද්ධි විමර්ශනයකින් තොරව මේ ද්‍රවිඩ කාන්තාව රජයේ ඉහළ ධුරයකට පත් කර තිබුණි. මේ තැනැත්තිය ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය වාර්තා 500 ක් යැවීමට කි‍්‍රයා කර තිබූ අතර ඊට වැය වූයේ මහජන මුදල්ය. යහපාලන රජය යටතේ මෙම රාජද්‍රෝහි කි‍්‍රයාව සිදු වී ඇත.

මෙම පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස් ‘මිචෙලි බැෂලේ’ට ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහි සාවද්‍ය වාර්තා ගොනු කර ඇත්තේ ඇය බව හෙළි වී තිබේ. යහපාලන රජය කිසිදු බුද්ධි විමර්ශනයකින් තොරව මේ ද්‍රවිඩ කාන්තාව රජයේ ඉහළ ධුරයකට පත් කර තිබුණි.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම රජයේ ධුරයෙන් ඉල්ලා අස් වූ ඇය ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව කියා සිටියාය. මෙම ද්‍රවිඩ කාන්තාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලධාරීන් වෙත හිටපු රාජ්‍ය නිලධාරියකු වූ රජිව් විජේසිංහ මහතා පැමිණිලි කළත් ඒ ගැන අවධානය යොමු වූයේ නැත. මේ අතර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පැමිණි පසු බුද්ධි අංශය යළි සක‍්‍රීය වූවත් 2019 අවසානභාගයේ සිට මේ දක්වාම ‘ග්ලෝබල් කමියුනිටීස්’ උතුරේ සිදු කළ මෙහෙයුම් අවධානයට යොමු වූයේද?

කොරෝනා සහ පාස්කු වාර්තාව ගැන ජනතාව අතර දැඩි අවධානයක් යොමු වී තිබියදී ‘ට‍්‍රැවිස් ගාට්නර්’ සහ ‘කාර්ති’ එකතු වී උතුරේ දියත් කරන රහසිගත ව්‍යාපෘති වල තොරතුරු යටපත් වී ඇත.

මෙලෙස උතුරේ විවිධ පාර්ශ්වවලට ඩොලර් පොම්ප කරන්නේ යළිත් කොටි ශක්තිමත් කිරීමටද?

මේ අතර පුත්තලම මදුරන්කුලියේ ‘මර්සි ලංකා’ නැමැති කුවේට් රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ ජෝර්දාන් පවුලක් ජීවත්වන බව හෙළි විය. වසර 16 ක් තිස්සේ එහි වාසය කරන මේ ජෝර්දාන් පවුල ගැන අද වනතුරු විමර්ශනයක් සිදු වී නැත. පාස්කු ප‍්‍රහාරයෙන් පසු කිසිදු අරාබි ජාතිකයකුව මෙරටට ඒමට වීසා බලපත් නිකුත් නොවූවත් මේ ජෝර්දානුවා ‘මර්සි ලංකා’ ආයතනයේ අධ්‍යක්‍ෂකවරයකු ලෙස ක‍්‍රියා කරයි. මෙම තත්ත්වය මත අතුරුදන් වූවන්ගේ ජාවාරම මෙහෙය වන ‘ලීලාදේවි ආනන්ද නවරාජා’ නැමැත්තිය වන්නියේ සිට මානව හිමිකම් සමුළුව අමතමින් ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන ලෙස ඉල්ලා සිටියාය. ඇගේ පුත‍්‍රයාව හමුදාව පැහැරගෙන ගිය බවට පැවසූවත් ඔහු ප‍්‍රංශයේ සිටින බව වාර්තා වී ඇත. බි‍්‍රතාන්‍යයේ ද්‍රවිඩයන් 13,500 ක් අත්සන් කර බි‍්‍රතාන්‍ය රජයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට යොමු කරන ලෙස කළ ඉල්ලීමද මේ සතියේදී ප‍්‍රතික්‍ෂේප විය. ඊට හේතු වූයේ එම පෙත්සමට ආරක්‍ෂක මණ්ඩලය තුළ නිසි සහයක් නොලැබීමයි. මේ අතර පසුගිය ජනපතිවරණය ආසන්නයේදී යහපාලන රජයේ ඇමතිවරයකුගේ මඩ ප‍්‍රචාරක බළකායේ ප‍්‍රධානියා හමුදා මාධ්‍ය ඒකකයට රහසිගතවම ඇතුළු විය. ඔහුට ස්වෙච්ඡා බළකායේ තනතුරක් ද ලබා දීමට එවකට සිටි හමුදා ප‍්‍රධානියෙක් කටයුතු කළේය. මොහු හමුදා මාධ්‍ය අංශයට රිංගීම ජාතික ආරක්‍ෂාවට එල්ල වූ බරපතළ තර්ජනයක් නොවන්නේ ද ?

******************************************

සහරාන් පසු පස සිටියේ අයිසීස් නායකයා… කළු ඉරිදාව සුදු වෙයිද?

(14.03.2021 – divaina.com ඇසුරෙන්)

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සරත් වීරසේකර ඇමැතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ මොහොමඩ් ඉබ‍්‍රාහීම්, මොහොමඩ් නවුෆර් සහරාන්ගේ කි‍්‍රයාකාරකම් පසුපස සිටින බවයි. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 16 වන පරිච්ඡේදය වන ප‍්‍රධාන පාර්ශ්වකාර පුද්ගලයන්ගේ විස්තර වාර්තා යටතේ මොහොමඩ් නවුෆර් පිළිබඳව ද සඳහන් කර ඇත.

මේ වන විට අත්අඩංගුවේ පසුවන ඔහු උපත ලබා ඇත්තේ 1978 නොවැම්බර් 30 වැනි දින කාත්තන්කුඩියේදීය. එම වාර්තාවේ නවුෆර් හඳුන්වාදී ඇත්තේ කණ්ඩායමේ න්‍යායාචාර්යවරයකුගේ කාර්ය භාරයට වඩාත් සමීප කාර්ය භාරයක් ඉටුකර ඇති බවයි.

නවුෆර් ඉස්ලාමීය අන්තවාදයට නිරාවරණය වී ඇත්තේ මාදම්පේ ඉස්ලාමියා අරාබි විද්‍යාලයේදීය. ඉස්ලාමිය රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව ඔහුට උගන්වා ඇති අතර ඇෆ්ගනිස්ථානය, බොස්නියාව සහ චෙච්නියාවේ මුස්ලිම්වරුන් මුහුණ දෙන ගැටලු නිරූපණය කරන වීඩියෝ දර්ශන ඔහුට එහිදී පෙන්වා ඇති අතර ආයුධ පුහුණුව අනිවාර්යය බව ඔහුට උගන්වා ඇත. ඒ සමගම නවුෆර් ජමෙයිතුල් ඉස්ලාම් සංවිධානයේ ප‍්‍රචාරක නිලධාරියෙකු ලෙස පත්කර ඇත. බොහෝදුරට එම කටයුතු 1990 දශකය තුළදී සිදුවූ බවත් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. එක් සාක්‍ෂිකරුවෙකුට අනුව නවුෆර් තවුහිද් දෙසට නැඹුරු වී ඇත්තේ සලෆි අනුගාමිකයෙකු වූ එහියාස් ඉස්මිගේ අභාෂයෙනි. එම මූලාශ‍්‍රවලට අනුව මුහුණු පොතේ අයි.එස්.අයි.එස්. මතවාදයන් පිළිබඳව පළමුවෙන් පළ කළ ශී‍්‍ර ලාංකිකයා වන්නේ නවුෆර්ය.

නවුෆර් 2003 වර්ෂයේදී මොහොමඩ් සින්නි හජිරා සමග විවාහවී ඇති අතර ඇය සහරාන්ගේ බිරිඳ වන හාදියාගේ මවකගේ සහෝදරියකි.

සහරාන් වහබ්වාදය වෙත යොමු කිරීම ආරම්භ කර ඇත්තේ නවුෆර් විසිනි. ඒ 2004 දී පමණ සහරාන් ඉස්ලාම් දහම ඉගෙන ගැනීම සඳහා කාත්තන්කුඩියේ ජමෙයිතුල් පොළ, මද්‍රසා වෙත ඇතුළත් වී සිටියදීය. කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇති ආකාරයට සහරාන්ට නවුෆර් හමුවී ඇත්තේ එහිදීය.

සහරාන් 2005/6 දී පමණ කත්තන්කුඩිහි ‘ඩාරුල් අදිහාර් අද් දයියා’ නමින් සංවිධානයක් ආරම්භ කර ඇති අතර නවුෆර් සහ මවුලවි තෂ්මාල්, මවුලවි අෂ්ෆර්, රවුෆ් එහි සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත. සහරාන්ගේ බිරිඳ වූ හාදියාට අනුව 2008 දී නවුෆර් කටාර් රාජ්‍ය වෙත යෑමට පෙර සහරාන් සමග හිත් නොහොඳවීමක් ඇතිවී ඇත. 2006 දී කටාර් බලා පිටත්ව ගිය නවුෆර් මාස හයකින් (6) පසුව යළි පැමිණ ඇති අතර යළි කටාර් බලා පිටත්ව ගොස් ඇත්තේ 2008 දීය. 2016 දක්වා නවුෆර් කටාර්හි සේවය කර ඇති අතර වසරකට වරක් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත. 2016 දී යළි පැමිණීමෙන් පසුව නවුෆර් නැවතත් සහරාන් සමග මිතුරු වී ඇත. ඉන් අනතුරුව 2016 ඔක්තෝබර් මාසයේදී නවුෆර් විසින් අයි.එස්. සංවිධානය විසින් හිස ගසා දැමීමේ වීඩියෝ දර්ශන අඩංගු දත්ත බහාලුමක් සහරාන් වෙත ලබාදී ඇත.

2017 නොවැම්බර් මාසයේදී සහරාන් විසින් පළමු පුහුණු කඳවුර මැදවච්චිය රබාවැව ප‍්‍රදේශයේ පවත්වා ඇති අතර එම පුහුණු කඳවුරට නවුෆර් සමග අන්සාර්, රිස්වි, රිස්වාන්, ආබ්දීන්, රමීස්, මිල්හාන්, හස්තුන්, රිල්වාන් ඇතුළු 14 දෙනකු සහභාගි වී තිබේ. සහරාන් විසින් සංවිධානය කළ සියලුම පුහුණු කඳවුරුවලට නවුෆර් සහභාගිවී ඇති අතර එහිදී ඔහු විසින් අයි.එස්. දෘෂ්ටිවාදය සහ එහි කි‍්‍රයාකාරකම් පිළිබඳව දේශන පවත්වා තිබේ. මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවලට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ පවුල්වලට ලබාදීම සඳහා සහරාන් විසින් 2019 ජනවාරි මාසයේදී මුදල් ලබාදී තිබෙන්නේද නවුෆර්ටය. නවුෆර් සිය බිරිඳ සමග පුත්තලමට ගොස් අත්අඩංගුවේ සිටි මුෆීස්ගේ පවුලට මුදල් ලබාදී ඇත. නවුෆර් සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය මුෆීස්ගේ බිරිඳගෙන් නැවත ලබාගෙන සහරාන්ට ලබාදී ඇත.

සහරාන් විසින් නවුෆර්ව කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පත්කරන ලද බවටත් කොමිසමට සාක්‍ෂි ලැබී තිබේ. සංවිධානයේ ආරක්‍ෂාව සඳහා තමන් සහ අනෙකුත් අය නැවතී සිටින ස්ථානයෙන් වෙන්වූ වෙනත් ස්ථානයක නැවතී සිටින ලෙස සහරාන් විසින් නවුෆර්ට උපදෙස්දී තිබේ. සහරාන් විසින් එඬේරමුල්ල ආරක්‍ෂිත නිවසේදී මිලි මීටර් 09 පිස්තෝලයක් නවුෆර්ට ලබාදී තිබේ.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේම සඳහන් කර ඇති ආකාරයට නවුෆර් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මෙන්ම සහරාන්ටද න්‍යායාචාර්යවරයකු සේ බලපා ඇත. එලෙසම සහරාන්ට අධ්‍යාත්මික නායකයා ලෙස අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි බලපා ඇති බව සඳහන් කළ හැක. දැනට පවතින තොරතුරු අනුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා සහරාන් අධ්‍යාත්මිකව මෙහෙය වූ ඔහු පසුපස සිටි නායකයා වන්නේ අල් බග්දාදි ය.

ඒ බව පාස්කු ප‍්‍රහාරයට පෙර දින සහරාන් ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි ‘ස්පෑන් ටවර්’ නිවාස සංකීර්ණයේ දී කළ කරුණු දැක්වීමෙන් මෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. නායක අබුබකර් අල් බග්දාදි විසින් භාර ගැනීමෙන් මනාව පැහැදිලි වේ.

ඉහතින්ද සඳහන් කර ඇති ආකාරයට සහරාන් පාස්කු ඉරිදා දින බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා බලපෑ ප‍්‍රධාන කරුණු 4 ක් සමග තවත් කරුණු 14 ක් සඳහන් කර ඇත. සහරාන් ඉදිරිපත් කළ ප‍්‍රධාන කරුණු 4 න් දෙකකම (2) සඳහන් වන්නේ 2014 දී අබුබකර් අල් බග්දාදි විසින් ප‍්‍රකාශයට පත් කළ ඉස්ලාම් රාජ්‍යය හෙවත් කලීපානයට අදාළ කරුණුය. එහිදී සහරාන් අබුබකර් අල් බග්දාදි විසින් බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට අයිති කුඩා රාජ්‍යයක් වන බාඝස් (BAGHUZ) වෙත රටවල් 80 ක් එකතු වී බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර මුස්ලිම් ජනතාව මරා දැමීමට එරෙහිව පළි ගැනීමට සහ ඉරාකයේ සහ සිරියාවේ මුස්ලිම් විරුද්ධවාදීන් හෙවත් කාෆීර්වරුන් මෙරට (ශ‍්‍රී ලංකාවේ) සංචාරය කිරීමට එරෙහිව පළිගැනීම පිළිබඳව සඳහන් කර ඇත.

අබුබකර් අල් බග්දාදි ද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වීඩියෝ සහ හඬ පටයක් මගින් සිරියාවේ බාඝස් (BAGHUZ) නගරයේ බලය අහිමි වීම නිසා ඊට පළිගැනීමක් ලෙස ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරු දින ප‍්‍රහාරය එල්ල කළ බව ප‍්‍රකාශ කර ඇත. අල් බග්දාදි 2014 දී ඉස්ලාම් රාජ්‍යය මොසුල් නගරයේ දී ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවෙන් පසුව ප‍්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ එම වීඩියෝ දර්ශනයේය. බීබීසී පුවත් සේවය 2019 අපේ‍්‍රල් 30 වැනි දින ප‍්‍රකාශයට පත්කර ඇති ආකාරයට ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති එම වීඩියෝ දර්ශනයට පෙර ද අයි.එස්. සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවේදී පාස්කු ඉරු දින එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ වගකීම භාරගෙන තිබේ. බග්දාදි අවසන් වරට පෙනී සිටි එම වීඩියෝ දර්ශනය මගින් අයි.එස්. සංවිධානයේ අවසන් බලකොටුව ලෙස සැලකුණු සිරියාවේ බාඝස් (BAGHUZ) නගරයේදී තමන් පරාජයට පත් වු බව පිළිගෙන තිබේ. එහිදී අයි.එස්. නායකයා බාඝස් වෙනුවෙන් කළ සටන අවසන් බවත්, එම සටනට පසු තවත් බොහෝ දේ සිදුවන බවත් ප‍්‍රකාශ කර ඇත. එම වීඩියෝ දර්ශනය මිනිත්තු 18 ක් පුරා ධාවනය වී ඇති අතර අල් බග්දාදි ජීවතුන් අතර සිටිය දී නිකුත් කළ අවසන් වීඩියෝ දර්ශනය ද වේ.

කෙසේ වුවත් එම පෙනී සිටීමෙන් ටික දිනකට පසුව ඇමරිකානු හමුදා විසින් එල්ල කළ ප‍්‍රහාරයකින් අබුබකර් අල් බග්දාදි මරුමුවට පත්විය. අල් අග්දාදි ඝාතනය කළ අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ එවකට සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබුණේ, බග්දාදි මරණයට බියෙන් බල්ලෙකු සේ පලායෑමට උත්සාහ කළ බවයි. බග්දාදි කෙසේ මරණයට පත්වූවත් ඔහු මරණයට පත්වීමට පෙර පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාර ගැනීම හෝ සහරාන්, බග්දාදිගේ විවෘත ඉල්ලීමකට අනුව එම ප‍්‍රහාරය එල්ල කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කතා කරන පුද්ගලයන් ඒ පිළිබඳව සඳහනක් හෝ නොකිරීම පුදුමයට කරුණකි.

එම කාරණය නොසලකා හැරීම හේතුවෙන් ප‍්‍රහාරය පසුපස සිටි බලවේගය පමණක් නොව ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා පාස්කු ඉරුදින තෝරා ගැනීම පිළිබඳව ද විවිධ මතවාදයන් දක්වන අයුරු දැකගත හැක. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබුණේ බෞද්ධයන් ඉලක්ක කර එල්ල කිරීමට නියමිතව තිබූ ප‍්‍රහාරය වෙනස් වුයේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවයි. අපට පෙනෙන ආකාරයට නම් එම ගැටලුවටද පැහැදිලි පිළිතුරක් බග්දාදිගේ මෙන්ම සහරාන්ගේ අවසන් ප‍්‍රකාශවල අන්තර්ගත වී තිබේ. එසේ වුවද පාස්කු කොමිෂන් සභා වාර්තාවේම සඳහන් වී තිබෙන ආකාරයට ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික‍්‍රමසිංහ ඇතුළු රජය විසින් වඩාත් ක‍්‍රියාශීලී කාර්යයන් ඉටු කිරීමට අසමත් වීමට හේතුව තෙරුම් ගැනීමට කොමිෂන් සභාවට අපහසු බවට එම කොමිසම කර ඇති සඳහන් පිළිබඳව නම් සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය.

පාස්කු කොමිෂන් සභා වාර්තාවට විවිධ පාර්ශ්වයන් විරෝධය පළකිරීමට හේතුවක් වූයේ එම වාර්තාව පළමුවෙන් ප‍්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කතෝලිකයන් විසින් එල්ල කළ විරෝධයයි. නමුත් මේ වන විට කතෝලික සභාව එම වාර්තාව පිළිගන්නා බවත් එහි නිර්දේශ ක‍්‍රියාත්මක කරන ලෙසත්, ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව කතෝලිකයන්ගේ ‘කළු ඉරිදා’ විරෝධය, ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සීමා වීමට ඉඩ ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *