පාසල් සවස 02:00 දක්වා.. චක‍්‍රලේඛ නිකුත් කෙරේ.. ස්ටාලින්ලා වර්ජන කැදවයි..
පාසල් සවස 02:00 දක්වා.. චක‍්‍රලේඛ නිකුත් කෙරේ.. ස්ටාලින්ලා වර්ජන කැදවයි..
(24.10.2025 – 00:02 +0530 – lankacnews.com)
2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා රජය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, ලබන වසරේ (2026) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පළමු (1) ශ්‍රේණිය සහ හයවන (6) ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 22 දින නිකුත් කරනු ලැබීය.
පළමු (1) ශ්‍රේණියේ සිට පහ (5) ශ්‍රේණි දක්වා විෂය මාලාව පොදු ඉගෙනුම් ක්ෂේත්‍ර නමයක් යටතේ සකස් කර ඇත. මෙම ක්ෂේත්‍ර අතර, මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම සහ සදාචාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් අන්තර්ගත වේ.
පළමු (1) ශ්‍රේණියේ සිසුන් සඳහා පෙළපොත් වෙනුවට නව විෂය නිර්දේශයට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ‘ක්‍රම්පොත්’ ලබාදීමට සැලසුම් කර තිබේ.
කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය හය (6) ශ්‍රේණියේ සිට නවය (9) ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. ලබන වසරේ සිට හයවන (6) ශ්‍රේණිය සඳහා නව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව උපදෙස් සංග්‍රහයේ සඳහන් වේ.
මෙම ශ්‍රේණිවල සියලු සිසුන්ට අනිවාර්ය විෂයන් 14 ක් හැදෑරීමට අවශ්‍ය වන අතර, ක්‍රීඩා සඳහා සහභාගී වීමටද අවකාශ ලබා දී තිබේ. හයවන (6) ශ්‍රේණියේ සිට නව විෂයන් තුනක් (3) හඳුන්වාදීමට නියමිතය.
නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාලසීමාවේ වෙනස්කම් කිහිපයක් සිදු වී ඇත.
- ප්‍රාථමික අංශයේ දෙක (2), තුන (3), සහ හතර (4) යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.
- පස්වන (5) ශ්‍රේණිය සඳහා පාසල් පෙරවරු 07:30 සිට පස්වරු දෙක (02:00) දක්වා පැවැත්වීමට නියමිතය.
- කනිෂ්ඨ ද්විතීයික අංශයේ (6-9 ශ්‍රේණි) පාසල් පැවැත්වෙන කාලය ද පෙරවරු 07:30 සිට පස්වරු දෙක (02:00) දක්වා සිදුවේ. මෙම කාලය තුළ, මිනිත්තු 50 බැගින් වූ කාල පරිච්ඡේද හතක් (7) හඳුන්වා දී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසා ඇත්තේ 2026 වසරේ සිට පෙර පාසල් සඳහා එකම විෂයමාලාවක් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි. ඇය මෙම කරුණු ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, විශේෂයෙන්ම පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම පිළිබඳව ගුරු සංගම් විසින් දැඩි විරෝධයක් පළ කර තිබේ.
ගුරු සංගම් නියෝජිතයන් ප්‍රකාශ කළේ, පාසල් කාලය දීර්ඝ කිරීම පිළිබඳව ගනු ලැබූ මෙම තීරණය ගත්තේ කාගෙන් විමසාද යන්න පිළිබඳව දැඩි විරෝධයක් පවතින බවත්, ඊට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.
ආණ්ඩුව වහාම මෙම තීරණය අකුලා ගැනීමට කටයුතු නොකරන්නේ නම්, සියලු දෙනා ඒකාබද්ධව එක් (1) දින වර්ජනයකට යන බවට ගුරු සංගම් අනතුරු අඟවා තිබේ ෴
‘ඩෑන්’ ඝාතනය කළා… ඒක දැනුත් වෙනවා | ‘ලසා’ ඝාතනය අස්සේ පොහොට්ටුවේ සාගර ආණ්ඩුවට හොඳටම දෙහි කපපු හැටි (23.10.2025)
+
ළමයා බෝක්කුව අස්සෙන් ගසාගෙන ගිහින්| අවිස්සාවේල්ල කම්පා කළ සිසුවියගේ වියෝව | ඥාතීන් කම්පාවට පත්වෙයි (23.10.2025)
+
වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්න.. නැතොත් රට හැර යනවා… – GMOA
(24.10.2025 – 18:20 +0530 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනය =
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක්.
පහළ මැදි ආදායම් ලබන රටක් වුවත්, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යයන්ට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇත.
එහෙත් මෙවන් සේවාවක් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවට ලබා දෙන්නේ ගැටළු සහ අභියෝග ගණනාවක් මධ්‍යයේ බව නොරහසකි.
රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිගැන්වීම සඳහා කාලරාමුවක් සහිත විශ්වාසනීය වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන්, මෙරට වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාවය තවමත් වෙනස් වී නොමැත.
වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ යහපත් වෘත්තීය පරිසරයක් බිහිකිරීම අරමුණු කරගත් වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් විසින්ම සිදුකරන ස්ථාන මාරු ක්‍රමවේදයේ අක්‍රමිකතා හේතුවෙන්, රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන් සේවා අවශ්‍යතාවයන්ට අනුව ස්ථානගත කිරීමද තවමත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකය. ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගෙ වාර්ෂික ස්ථාන මාරු 10,000 ක් පැවතීම ඊට හොඳම නිදසුනකි.
රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය අවම පහසුකම්වත් නොමැති වීම තවමත් නොවිසඳුණු ගැටලුවකි. ප්‍රවාහන පහසුකම්, නේවාසික පහසුකම් සහ මූලික යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් නැත.
රෝහල් පද්ධතිය තුල වෛද්‍යවරුන්ගේ නිල නිවාස පහසුකම් ගැටලුව, දීර්ඝ කාලීනව නොවිසඳුනු අර්බුදයකි. පර්යන්ත රෝහල් පද්ධතිය තුළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මෙම ගැටලුව අතිශයින් උග්‍රය. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තවමත් විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නැත.
මෙවන් සිදුවීමකට මුහුණ දුන් පසු, වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය සහයක් පවා නොමැති වීමද ඛේදනීය තත්ත්වයකි.
දිගින් දිගටම සිදුවන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හමුවේ, ඇතැම් රෝහල්වල රෝගී සත්කාර සේවා සැපයීම පිළිබඳ දැඩි තීරණ ගැනීමටද සිදුවී ඇත.
එපමණක් නොව රෝහල් පද්ධතිය තුළ රෝගී ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක. රෝගීන්ට ලැබෙන මූලික යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර වේල් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ගණනාවකි.
ඖෂධ සහ උපකරණ හිඟය රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි රෝගී ජනතාවට පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ගැටලු රාශියක් ඇති කරමින් පවති.
රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය සේවාවන්ගේ පුළුල් වීමට ගැලපෙන පරිදි වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සංඛ්‍යාවන් කාලානුරූපිව යාවත්කාලීන නොවීම තුල මානව සම්පත් හිඟය විසඳිමට තිබෙන සීමිත අවස්ථාවන් පවා අවහිර වී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට පාලකයන් අසමත් වීම හේතුවෙන්, අද වන විට රෝහල් පද්ධතියේ ඉදිරි ගමන පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතු වෙමින් පවතී.
සාමාජිකත්වයෙන් නිරන්තරයෙන් ලැබෙන තොරතුරු සහ පැමිණිලි මත, රෝහල් පද්ධතියේ මූලික පහසුකම් වල ගැටළු සහ අඩුපාඩු සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තීරණය කරන ලදී.
මෙරට සියලුම රෝහල ආවරණය වන පරිදි, මෙම සමීක්ෂණය සිදු කරන අතර, එම තොරතුරු මත පදනම්ව රෝහල් පද්ධතිය වර්ගීකරණය කිරීමටද සැලසුම් කර ඇත.
එහිදී රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය යහපත් වෘත්තීය පරිසරය පැවතීම ප්‍රමුඛතම කරුණක් සේ සලකා, ඌන පහසුකම් සහිත, රෝගී සත්කාර සේවාවන් සඳහා සුදුසු පරිසරයක් නොමැති ඇතැම් රෝහල් ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ලෙස, සුදුසු තීරණද ගැනීමට සිදුවනු ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තියක් කරගත් වත්මන් රජයට, සෞඛ්‍ය සේවාවේ මෙම ගැටලු විසඳීමට වඩා වැඩි වගකීමක් ඇත.
පැවති ආර්ථික අර්බුදය හමුවේ දියත් කරන ලද බදු ප්‍රතිපත්තිය මත, මෙරට බදු ආදායම ඉතා දැවැන්ත වර්ධනයක් ලැබුවද, වඩා වැදගත්වනුයේ වෛද්‍යවරුන් වෘත්තියවේදින් සහ ජනතාව වෙතින්ම ලබාගත් එම බදු මුදල් මහජන අභිවෘද්ධිය වෙනුවෙන් පාරදෘශ්‍ය ලෙස ආයෝජනය කිරීමයි. එමෙන්ම එම යොදවන මුදල් ඵලදායි ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් භාවිතා වන බවටත් මුදල් අවභාවිතාවට හෝ නාස්තියට ඉඩක් නොමැති බවටත් තහවුරු වීම අත්‍යවශ්‍යය.
එහිදි මහජන බදු මුදල්, ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ආරක්ෂා කරන නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරමු ෴
කිරිවෙහෙරේ STF ආරක්ෂාව ඉවත් කරලා : නාහිමිගෙන් පොලිස් ඇමතිට ලිපියක්
(24.10.2025 – hirunews.lk)
2018 වසරේ තමන්ට කිසියම් අයෙකු විසින් වෙඩි තැබීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ද ලබාදී තිබූ නමුත් එය මේ වනවිට ඉවත්කොට ඇති බව කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.
එහිදී, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති තනතුර වෙනුවෙන් අති පූජ්‍ය අලුත් වැව සෝරත නාහිමියන්ගේ පාලන කාලය තුළ සිටම පොලිස් ආරක්ෂාව විහාරස්ථානයට ලබාදී තිබූ බව ද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, වෙඩි තැබූ පුද්ගලයා මේ වනවිටත් නිදැල්ලේ සැරිසරන බවත් සිය ජීවිතයට එල්ලවිය හැකි තර්ජන තවදුරටත් පවතින බැවින් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන ලෙස උන් වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට යොමුකළ ලිපියේ දැක්වුණා.

එම ලිපිය පහතින් :
= ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානය සඳහා ලබා දී තිබූ පොලිස් හා විශේෂ කාර්ය කාර්‍යබලකා ආරක්ෂාව සම්බන්ධවයි =
ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය විහාරාධිපති තනතුර වෙනුවෙන් අපවත් වී වදාළ අති පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන් වහන්සේගේ පාලන කාලය තුළ සිට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව වර්තමාන විහාරාධිපති වශයෙන් මා හටද ලබාදීම සම්බන්ධයෙන් පළමු කොට ස්තූතිවන්ත වෙමි.
විහාරාධිපති ලෙස මා හට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාවට අමතරව 2018 දී මා හට වෙඩි තැබූ අවස්ථාවේදී පැවති රජයේ විශේෂ නියෝගයක් අනුව මා හට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ද මේ අවස්ථාව වන විට ඉවත්කොට ඇති අතර මා හට වෙඩි තැබූ පුද්ගලයින් මේවන විටත් නිදැල්ලේ සැරිසරමින් සිටී.
වෙඩි තැබීමක් සිදුකොට මාගේ ජීවිතයට තර්ජනයක් ද එල්ල වූ අතර, එම තර්ජන සහ වෙනත් සාධක තවදුරටත් පවතින බැවින් ද, එම නඩුව තවමත් සමථයකට පත් නොවී ගරු අධිකරණයේ විභාගය වන බැවින් මෙම ආරක්ෂාව තවදුරටත් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම අවස්ථාවේ සිට මේ දක්වා කතරගම පොලිසියට අනුයුක්තව මා හට ආරක්ෂාව ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කල පොලිස් විශේෂ කාර්‍යබලකා සෙබලුන් සිව්දෙනා නැවත ලබා දෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද මෙම ඉවත් කිරීම එනම් 22-10-2025 දින සිට මා හට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කර ගෙන ඇති බවද මෙයින් දන්වා සිටිමි.
ඉහත කරුණු සලකා බලා විහාරාධිපති වන මා වෙත සහ කිරි වෙහෙර විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා මා හට ලබා දී තිබූ ආරක්ෂාව ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි ෴
මොන විහිළුවක්ද මේ… විසඳුමක් නැහැ | ස්ටාලින් හොඳටම පරල වෙයි | නොවැ. 07 ට කළින් උත්තරයක් ඕන (24.10.2025)
+
පොහොට්ටුවේ මධුර පදක්කමට පනී | දිලිත්ගෙන් ලොකු තනතුරකුත් | දැන් ඉන්න නිර්භීතම නායකයා තමයි දිලිත්.. (24.10.2025)
+++
අපි හා හා ගගා තමයි ඉන්නේ | නිකන් හා හා දාලා අපිට ‘රීච්’ හදන්න එපා | යලිත් දිලිත් වේදිකාවේ… (24.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴