උ/පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අවසන් දින නියම කෙරේ

උ/පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අවසන් දින නියම කෙරේ


උ/පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග ප්‍රවේශ පත්‍ර සංශෝධනයට අවසන් දින නියම කෙරේ

(24.10.2025 – hirunews.lk)

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට ලබා දී ඇති කාලසීමාව ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දිනයෙන් පසු සංශෝධන සඳහා කාලය දීර්ඝ නොකරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව, අ.පො.ස. (උ.පෙළ) විභාගය 2025 නොවැම්බර් මස 10 වන දින සිට 2025 දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362 කදී පැවැත්වෙන බවත්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වෙන බවත් එම නිවේදනයේ සඳහන්.

එහිදී පාසල් අයදුම්කරුවන් සඳහා අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා වන ප්‍රවේශපත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වන විට අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂයභාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ඒවා භාර ගත යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, රජයේ පාසල් විදුහල්පතිවරුන් https://onlineexams.gov.lk/eic/ වෙබ් අඩවිය වෙත පිවිස, ඔවුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන ගිණුමට පිවිස අදාළ ප්‍රවේශ පත්‍ර සංශෝධනය කළ යුතු බවත්,

පෞද්ගලික පාසල් (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය) https://onlineexams.gov.lk/eic/index.php/clogin/psch වෙබ් අඩවිය වෙත පිවිස, පරිශීලක නාමය හා මුරපදය (School code & Password) උපයෝගී කරගෙන අදාළ සංශෝධන සිදු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ, අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය හෝ විෂයයන්හි කිසියම් සංශෝධනයක් ඇත්නම්, එම වෙබ් අඩවිය තුළින්ම එය සිදු කළ හැකි බවයි ෴


රු. ලක්ෂ 50 ගත්තු එකා රු. කෝටි එකහමාරක් (1½) ගෙවනවා – SDB මැනේජර්කාරයාගේ අම්මගේ රෙද්දේ දික්කිරිලි (24.10.2025)

+


ඇසුරට සෙවූ කතගෙන් රු. විසි ලක්ෂයක දඬුවමක්

(24.10.2025 – hirunews.lk)

පිරිමියෙකු සමග දුරකථනයෙන් හාදකම් පවත්වා, රවටා, ඔහුව තම නිවසට ගෙන්වාගත් කාන්තාවක් සහ ඇගේ ඥාතීන් එක්ව ඔහුව මංකොල්ල කෑ සිදුවීමක් රත්මලාන, රෂ්ටම් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොල්ලකෑමට ලක්ව ඇත්තේ පෞද්ගලික ආයතනයක සහකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ 24 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සිදුව ඇත්තේ ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී කාලයේදීයි.

පැමිණිලිකරු දුරකථන ඇමතුමක් මඟින් හඳුනා ගත් කාන්තාවක් හමුවීමට කාර් රථයකින්, ඇය රැඳී සිටි රෂ්ටම් වත්ත ප්‍රදේශයේ නිවසට ගොස් තිබෙනවා.

නිවසට ගිය පසු, එම නිවසේ සිටි පිරිසක් විසින් තමා බිය ගන්වා කොල්ලකෑම සිදු කළ ඇති බවයි පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ.

කොල්ලකෑමට ලක්ව ඇති දේපළවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව සඳහන්.

කාන්තාව ඇතුළු පිරිස විසින් පැමිණිලිකරුගේ මුදල් පසුම්බියේ තිබූ මුදල් රුපියල් 3,000 ක්, ඔහු පැළඳ සිටි පවුම් 5½ ක් බරැති රන් භාණ්ඩ, ජංගම දුරකථනයක් සහ ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 10 ක් ඇතුළු දේපළ කොල්ලකා තිබෙනවා.

මෙම කොල්ලකෑම සඳහා සැකකාර කාන්තාවගේ සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් එක්ව ඇතැයි සැක කෙරෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ගල්කිස්ස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අත්අඩංගුවට ගැනීමේදී කොල්ලකන ලද දේපලවලින් කොටසක් සොයා ගැනීමට ද පොලිසිය සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු (2) සොයා වැඩිදුරටත් විමර්ශන සිදුවන බව සඳහන් ෴


කම්කරු රැකියාවක් ලබාදීමට අල්ලස් ගත් දෙදෙනාට (2) ඇප

(24.10.2025 – hirunews.lk)

වරාය අධිකාරියේ කම්කරු රැකියාවක් ලබා දීමට රුපියල් 245,000 මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නිවාස ඉදි කිරීම් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරියා හා ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (24) නියෝග කළා.

රු. ලක්ෂ දහය (10) බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත සැකකරුවන් මුදා හැරියා.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණයෙන් නියම වූවා.

හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයේ සිටි ඉන්දික බණ්ඩාර විජයසුන්දර සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරී (මේ වන විට) මධූෂ දිලිපන ජයසූරිය යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හරනු ලැබුවා.

අල්ලස් ලෙස ලබාගත් රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසක (2,45,000) මුදලින්, රුපියල් 239,000 මුදලක් ආපසු පැමිණිලිකරුට පියවා තිබීම හේතුවෙන් මෙසේ ඇප නියම කළා.

මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් 2019 සැප්තැම්බර් මස කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර,අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව සැකකරුවන් විසින් මුදල් ආපසු පියවා ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින් පැවසුවා.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්ට සහාය දැක්වීමටමට සැකකරුවන් කටයුතු කරන බවට හා මුදල් ආපසු ගෙවාඇති කරුණු සලකා බලා ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ජනවාරි 23 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළා ෴


නිදන් හාරන්න ගිය පස්දෙනාම (5) මාට්ටු

(24.10.2025 – hirunews.lk)

කුඹුරුපිටිය, නාවච්චෝලේ ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීමේ අරමුණින් අනවසර කැණීමක් සිදු කළ ඉඩමේ අයිතිකරු ඇතුළු පස්දෙනකු (5) ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රන් අර්සරත්නම් අර්ජුනන් වෙල්ටන් ඊයේ (24) නියෝග කළා.

සැකකරුවන් එදිනට කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා අනවසර කැණීම සිදුකළ ස්ථානය පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් කැඳවන ලෙසද නියම කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉඩම් අයිතිකරු වන කුඹුරුපිටිය, නාවචෝලේ පදිංචි සුබ්‍රමනියම් ප්‍රනාවන් (25), රත්මලාන, රජමාවතේ පදිංචි ආර්.ආර්.ඩබ්.කේ.ආර්.එම්.බී. අමිත් ධනුෂ්ක ඒකනායක (47), පූජක ලෙස කටයුතු කළ පන්නිපිටිය, හෝකන්දර පදිංචි ගබඩාගේ දයානන්ද (58), බේරුවල, පඤ්ඤානන්ද පාරේ පදිංචි කේ.ඒ. දොන් නීල් රෝහණ සිරිවර්ධන (49) සහ ගල්ගමුව, සියඹලන්ගමුව, උස්ගල පදිංචි කේ.එස්. අජිත් ප්‍රියශාන්ත (40) නමැත්තන්.

කුච්චවේලි පොලිසිය 479/2025 දරණ බී. වාර්තාව මගින් සැකකරුවන් පැමිණි මෝටර් රථ දෙකක් (2), උදළු දෙකක් (2), සවලක් (1), අලවංගුවක් (1) හා පූජා භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04 ක ගබඩාවක් වටලයි

(24.10.2025 – 21:34 +0530 – sinhala.adaderana.lk)

කෘමි හානි සහිත ධාන්‍ය ටොන් 04 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ.

එහිදී බඩ ඉරිඟු කිලෝ 27,142 ක්, සෝයා ඇට කිලෝ 9,193 ක් සහල් කිලෝ 3,620 ක් සහ මුං ඇට කිලෝ 2,320 ක් රඳවා තබා සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එහිදී එම සාම්පල කෘමි හානි සිදුව ඇති බවට තහවුරු වී ඇති අතර පසුව ගබඩා හිමිකරු කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී කුරුණැගල අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ගබඩා හිමිකරුට රුපියල් 50,000 ක දඩයක් නියම කළ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු කිලෝ 42,275 ක් වූ ධාන්‍ය තොග විනාශ කිරීමටද නියෝග කර ඇත.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතාගේ මග පෙන්වීමෙන් හිරිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුශ්ක රත්නායක සමග චන්දිම හේරත් මදුශාන් වර්ණකුලසූරිය යන මහජන සෞඛ්‍ය පරීක්ශකවරු විසින් මෙම වැටලීම සිදුකර තිබුණි ෴


පැපිලියාන ඇවිදින මංතීරුව අසල වැවේ කිඹුලා… ජීවිතයක් ඩැහැ ගනී (24.10.2025)

+


මහියංගණ රජමහා විහාරයේ උණුසුම් තත්ත්වයක් – කෞතුකාගාරයට හොරු පැනලා පොලිසිය කැඳවයි (24.10.2025)

+


මාලිමාවෙන් ඉරාජ්ට කරපු තර්ජනය ? – හඬ පට සහිතයි (24.10.2025)

+


සමලිංගික උමතුවෙන් ඔබේ ළාබාල දරුවා බේරාගන්න… මේ ව්‍යසනය ගැන දැනුම්වත් වෙන්න (24.10.2025)

+

ඉස්පිරිතාලේ බංකොලොත්, ලෙඩ්ඩු හාන්සියි… කෝ මේ නලින්ද ජයතිස්ස (24.10.2025)

+


ඇත්තම කතාව ඇමති චතුරංග අබේසිංහ කියයි! (23.10.2025)

+

ශ්‍රී ලංකා දිනය නිමිත්තෙන් ලෝකය හෙලවෙන තීන්දුවක් (24.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *