උතුරේ පිහිටි දූපත් තුනක බලශක්ති ව්‍යාපෘති සඳහා චීන ආයෝජනයට ඉන්දියාවේ දැඩි විරෝධයක්?
*********************************************
උතුරේ පිහිටි දූපත් තුනක බලශක්ති ව්‍යාපෘති සඳහා චීන ආයෝජනයට ඉන්දියාවේ දැඩි විරෝධයක්?
(07.02.2021 – 16:12 +0530 – lankaleadnews.com)
බලශක්ති ව්‍යාපෘති තුනක් (3) ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් (3) සඳහා පසුගිය ජනවාරි මස 18 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වලට අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි.
ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බව ද වාර්තාවේ ෴
***************************************
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ කට වැසීමට උත්සාහයක්
(07.02.2021 – 12:07 +0530 – lankaleadnews.com)
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රභලයින් තුළ සැකයක් මතුව තිබේ.
එම සැකය අනුව එලෙස වෙන වෙන කණ්ඩායම් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකින් දැනුම්දීමක් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
තුනෙන් දෙකේ බළයක් සහිත ආණ්ඩුව සෑම විටම එක ආණ්ඩුවක්, එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවත්, එම ආණ්ඩුව ඇතුළේ කල්ලි, කණ්ඩායම් නිර්මාණය කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එහිදී දැනුම්දීමට නියමිත බවද දැනගන්නට ඇත ෴
***************************************
ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යයාලයේ නිළධාරී ජුන්ටාවකට කොටුකර තැබීම රටේ නිරෝගී යහ පැවත්මට බාධාවක් – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
(07.02.2021 – 10:52 +0530 – lankaleadnews.com)
සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටින්නේ රාජ්‍ය නායකයා ලෙස භූමිකාව බාරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල චරිතයක් නොවන බැවින් ඔහු රාජ්‍ය නායකත්වය භාර ගත් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ඔහුට ලබා දීම සිදු කළ යුතුව තිබූ බවයි.
එසේ නොකර ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට විතරක් තනි කිරීම සුදුසු දෙයක් නොවන බවත් එසේ සිදුවීම නිසා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර තිබෙන සබැඳියාව දුබලවී ඇති බවත් එය ආණ්ඩුවේ සහ රටේ සමාජ, ආර්ථික සහ දේශපාළන නිරෝගී පැවැත්මට හිතකර දෙයක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙම සන්දර්භය මත ඇතැමුන් තමන්ගේ පෞද්ගලික බල පෙරේත කම් සංතෘප්ත කර ගැනීම වෙනුවෙන් සිදු කරන විනාශකාරී බලපෑම හොඳින් දකින බැවින් ඒ ගැන විශාල කණගාටුවක් ඇති බවත් පවසන ඔහු එම සීමිත පිරිස තමන්ගේ තනි බල පෙරේතකම මුදුන් පමුණුවා ගැනීමට දරණ උත්සාහය ආණ්ඩුවට විශාල හානියක් සිදු කරමින් සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අහිතකර තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ හරින්නේ කාගේ කුමන අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම සඳහා දැයි තමනට පැහැදිලි නැතැයි ඇමතිවරයා සිය කණස්සල්ළ පළ කරයි ෴
***************************************
ජැටිය නිසා ඉන්දියාවෙන් පරිප්පු කන්න වෙන්නේ නෑ – ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති
(06.02.2021 – aruna.lk)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්තිමේදී ජාතික ප්‍රශ්නයක් කොට ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිහින්ය. මේ ප්‍රශ්නේ එක පැත්තක සිටින්නේ අපේඅසල්වැසියාය. තරහ කරගත්තොත් අපට තව ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ඇතැම්හු කියති. එබැවින් අප කල්පනා කළේ මේ ප්‍රශ්න ගැන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා ගෙන් අසන්නටය.
වර්තමානයේ රටම කතා කරන වරායේ නැගෙනහිර ජැටිය මොකක්ද?
කොළඹ වරායේ 1875 වර්ෂයේ දී ජැටියක් හදන්න බ්‍රිතාන්‍ය ජාතිකයින් කටයුතු කරනවා. වසර 37 ක කාලයක් තුළ කොළඹ වරාය සංවර්ධනය කරමින් ජැටිය හදනවා. එය කිලෝමීටර් දෙකයි දශම දෙකක (2.2) දිගින් යුක්තයි. මෙම වරාය ස්වාභාවික වරායක් ලෙස තිබුණේ. නමුත් සංවර්ධනයත් සමග දැන් තිබෙන කෘත්‍රිම වරාය සකස් කෙරුණා. කොළඹ දකුණු වරාය සංවර්ධනය යටතේ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2008 වසරේදී නැගෙනහිර ජැටියේ කටයුතු ආරම්භ කළේ.
කොළඹ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මෙම ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 6.7 ක දිගින් යුත් දියකඩනයක් ඉදි කර තිබෙනවා. ඒ සඳහා වැය වූ මුදල ඩොලර් මිලියන හාරසියයක් (400). මේ දියකඩනය තුළ පර්යන්ත තුනක් (3) ඉදිකර තිබෙනවා. එක පර්යන්තයක් සී.අයි.සී.ටී. පර්යන්තය. එය 2013 වසරේ ආරම්භ කරලා 2014 වර්ෂයේ තමයි හදලා ඉවර කරන්නේ. එහි මෙහෙයුම් කටයුතු බාර දෙන්නේ චීන සමාගමකට. අනෙක් පර්යන්ත වන්නේ නැගෙනහිර සහ බටහිර පර්යන්තයයි. ඉන් එක් පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පවත්වා ගෙන යනවා. ඉන් නැගෙනහිර පර්යන්තය අධිකාරිය භාරගෙන මෙහෙයුම් කටයුතු කරනවා. එම පර්යන්තය ඩොලර් මිලියන 120 ක් වැය කරලා සංවර්ධනය කරනවා. මෙම පර්යන්තය මීටර් 1320 ක දිගින් යුක්තයි. ගැන්ට්‍රි දොඹකර හතරක් (4), තවත් දෙඹකර 12 ක්ද ඩොලර් මිලියන 100 ක් වැය කරමින් ලබාගෙන මෙහෙයුම් කටයුතු කරන්න සූදානම් වුණා. එවිට තමයි 2015 වර්ෂයේ දී රජය පෙරළුනේ.
යහපාලන රජය සමයේ වරාය සංවර්ධනයක් නොවූ බවට චෝදනාවක් තිබෙනවා.
එය ඇත්ත. යහපාලන රජය බලයට පත් වූ පසු වරාය ඇමැති වූ අර්ජුන රණතුංග විවිධ හේතු ඉදිරිපත් කරමින් ව්‍යාපෘතිය නතර කළා. එය වරාය ඉතිහාසයේ ගත්ත කනගාටුදායක තීරණයක් ලෙසයි මම දකින්නේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් නැගෙනහිර පර්යන්තය සංවර්ධන කටයුතු ඉවර කරලා සියලු මුදල් සොයා ගන්නත් තිබුණා.
මෙම ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් කන්ටේනර් ලක්ෂ අටක් (8) විතර වාර්ෂිකව මෙහෙයුම් කරන්න පුළුවන්කම තිබුණා. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 70 ක පමණ ආදායමක් ගන්න පුළුවන්කම තිබුණා. යහපාලන රජය සමයේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් වරායේ වූයේ නැහැ. නැගෙනහිර පර්යන්තය ක්‍රියාවට නැංවූවෙත් නැහැ. වැඩිදියුණු කරන්න උත්සාහ කළෙත් නැහැ. ඒ ගොල්ල කළේ ඉන්දියාව සහ ජපානය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම පමණයි. මෙම පර්යන්තය සුවිශේෂී පර්යන්තයක්. පෞද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන එස්.ඒ.ජී.ටී. පර්යන්තයත් නැගෙනහිර පර්යන්තය අසලම තියෙන්නේ. නැගෙනහිර පර්යන්තයේ මීටර් දහඅටක (18) ගැඹුරක් තියෙනවා. එමනිසා නෞකා මෙහෙයවීමටත් හරිම පහසුයි.
ඉන්දියාව නැගෙනහිර පර්යන්තය ඉල්ලුවාද? අපි දෙන්න හැදුවාද?
ඉන්දියාව හා වෙනත් සමාගම් ඉල්ලීම් කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් එය දෙන්න සූදානම් වීම තමයි වැරැද්ද. ඒ වෙනුවට අපිට දෙන්න පුළුවන් වන්නේ බටහිර පර්යන්තයයි.
නමුත් ඉන්දියාව කියන්නේ බටහිර පර්යන්තය එපා. එකඟතා ගිවිසුමට අනුව කටයුතු කරන්න කියලයි.
බටහිර පර්යන්තයේ මුහුද විතරයි තියෙන්නේ කියලා ඉන්දියාව ප්‍රකාශ කළා. නැගෙනහිර පර්යන්තයෙත් මුහුද විතරයි තිබුණේ. එයත් අපි හැදුවා. ඒ විදියටම සංවර්ධනය කළ යුතුයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව නැගෙනහිර හා බටහිර පර්යන්ත දෙකම තියාගෙන මෙහෙයුම් කටයුතු කරන්න බැරිද?
එහෙම පුළුවන්. නමුත් මේ ව්‍යාපාරයේ ස්වභාවය එහෙම කිරීම නොවෙයි. ජාත්‍යන්තර ව්‍යාපාරයක්. අපේ මෙහෙයුම්වලින් සියයට 82 ක් තියෙන්නේ ප්‍රති අපනයනයයි. ඉතිරි සියයට දහ අට (18) විතරයි අපේ රටේ ආනයන අපනයන මෙහෙයුම් වන්නේ. වරායේ නෞකා මෙහෙයුම් හා බහලුම් මෙහෙයුම් හරිම තරගකාරී දෙයක්. අවධානම් සහගතයි. එම නිසා ව්‍යාපාරයට සම්බන්ධ අනෙක් අය සමග එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එවිට අවදානම අඩු වෙනවා. තරගකාරිත්වයේ ඉදිරියෙන් ඉන්නත් පුළුවන්. ලෝකයේ සංවර්ධිත රටවල්ද සහයෝගිතාවෙන් තමයි මෙම ව්‍යාපාරය කරන්නේ.
කොළඹ වරායේ සේවක විරෝධතාවල වාසිය සිංගප්පූරුව වරායට ලැබෙනවාද?
කොළඹ වරාය මේ තත්ත්වයේ නෙවෙයි තියෙන්න ඕනි. සිංගප්පූරු වරාය වගේ සංවර්ධනය කරන්න තිබුණා. සිංගප්පුරු වරාය අද වාර්ෂිකව කන්ටේනර මිලියන 40 ක් මෙහෙයුම් කරනවා. අපේ වරායේ සංවර්ධන කටයුතුත් ආරම්භ කළේ සිංගප්පූරු වරාය හදන කොටමයි. නමුත් අපි මෙහෙයුම් කරන්නේ මිලියන අටක් (8) විතර. එය කනගාටුවට කරුණක්.
ඊට හේතුව කුමක්ද?
අපේ රටේ දේශපාලනඥයින්ගේ හා රට කරවන අයගේ නිසි ප්‍රතිපත්තියක් නොමැති වීමයි. රජයක් වෙනස් වන විට නිරන්තරයෙන් ප්‍රතිපත්තිත් මාරු වෙනවා. විරෝධතා පටු අරමුණ නිසා අපේ වරාය සිංගප්පූරු වරාය වගේ සංවර්ධනය කිරීමට නොහැකි වී තිබෙනවා. මේවා දෙස විද්‍යාත්මකව බැලිය යුතුයි. ජාත්‍යන්තරව බැලිය යුතුයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ස්වභාවය දෙස බැලිය යුතුයි. එහෙම වැඩ වන රටක මෙවැනි වරායක් තිබීමත් වැදගත් දෙයක්.
නැගෙනහිර ජැටියේ අර්බුදයට යහපාලන රජය කාලේ ගත් තීන්දු බලපෑවා කීවොත් නිවැරදිද?
ඔව්. අනිවාර්යයෙන්ම බලපෑවා. 2015 ආරම්භ වන විට නැගෙනහිර ජැටිය හදලා ඉවර කරන්න තිබුණා. ලොකු ආදායමක් ගන්න තිබුණා. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 150 ක විතර ලාභයක් ගන්න තිබුණා. වරාය ඇමැති විදිහට සාගල රත්නායක ඉන්දියාව හා ජපානය සමග සහයෝගිතා ගිවිසුම් අත්සන් කළා.
නැගෙනහිර ජැටිය අර්බුදයේදී රජයට සහයෝගය දැක්වූ පක්ෂ, වෘත්තිය සමිති, මහා සංඝරත්නය විරෝධය පළ කළේ ඇයි. ඔවුන් ඉදිරිපත් කළ විරෝධය සාධාරණද?
ඔවුන් ළඟ යටි අරමුණක් නම් තිබුණේ නැහැ. අපි සැලසුම් කර තිබූ වරාය සංවර්ධනය නොකිරීම නිසා තමයි ඔවුන්ට විරෝධතා කරන්න මග පෑදුනේ. යහපාලන රජය එය ඉටු කළා නම් එවැනි විරෝධතා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ. අපේ රජය, ජනාධිපතිතුමා හෝ කවුරුවත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා කියලා කිව්වේ නැහැ. ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරලා තිබුණම එය කඩිනමින් අවලංගු කරන්න බැහැ. කිසිඳු රජයකට කරන්න බැහැ. ක්‍රමවේදයකට විය යුතුයි. අමාත්‍ය මණ්ඩල දැනුවත් කළ යුතුයි. විවිධ කමිටු පත් කරලා මෙය විය යුතු ආකාරය අධ්‍යයනය කළා. ඉන්දියාව සහ ජපානය සමගත් සාකච්ඡා කළා. කොන්දේසි ඉදිරිපත් වුණා. ඇතැම් කොන්දේසි ඉටු කරන්න බැරි නිසා සාකච්ඡා අසාර්ථක වුණා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි වාර්තාවක් දුන්නා. එය පිළිගත් ජනාධිපතිතුමා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම ක්‍රියාත්මක කිරීමට තීන්දු කළා. ආවට ගියාට තීන්දු තීරණ ගත්තේ නැහැ. නමුත් යහපාලන රජය සමයේ වරාය සහයෝගිතා ගිවිසුම අත්සන් කරන විට කවුරුවත් දන්නේ නැහැ. ජනතා සංවේදී රජයක් ක්‍රමවේද ඔස්සේ ගමන් කර අවසන් තීරණය ගත්තා. ඉන්දියාවෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියා මම නම් හිතන්නේ නැහැ.
අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ඉන්දියාව භාර ගනියිද?
ඒක නම් දන්නේ නැහැ. ජනාධිපතිවරයා තීන්දු කර තිබෙනවා නැගෙනහිර ජැටිය සියයට සීයක්ම (100%) ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ක්‍රියාත්මක කිරීමට. ඉන්දියාව බටහිර ජැටිය එපා කියා විරෝධය දැක්වීම සාධාරණයි. මොකද ඔවුන් සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ. මෙවැනි දෙයක් වුණේ පළමු වතාවට නොවේ.
මෙවැනි තීන්දු තීරණ ගැනීමේ දී නැවැත ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කරයිද?
අපි ආයෝජකයින් ගෙන්වා ගැනීමට උත්සාහ කරන අවස්ථාවක ඉන්නේ. මගේ පෞද්ගලික මතය නම් මෙවැනි දේවල් නොවිය යුතුයි. බටහිර රටවල් එකතු වෙලා අපේ රටට ප්‍රහාර එල්ල කරන මොහොතක අපි ඉන්නේ. ප්‍රශ්න ඇති නොවෙන්න අපි කටයුතු කළ යුතුයි. අතුරු ප්‍රතිවිපාක විවිධ පැතිවලින් එන්න පුළුවන්. රජයට තමයි ගැටලු එන්නේ. මේ නිසා ආයෝජකයින් සමග ගනුදෙනු කිරීමේ ඉහළ අවස්ථාවක නොවෙයි අපි ඉන්නේ. ආයෝජකයින් ගෙන්වා ගන්න බලපාන්න පුළුවන්. එය මගේ පෞද්ගලික මතයයි.
ඔබ කියන්නේ තීන්දු තීරණ ගැනීමේ දී නිවැරැදිව ගත යුතු බව නේද?
ඔව්. එකතු වෙලා නිවැරැදි තීන්දු තීරණ ගත යුතුයි. එහෙම කළොත් තමයි රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ.
වරාය නිසා රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් මතු වුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
තවම නම් එහෙම වෙලා නැහැ. දක්ෂ නායකයෙක් තමයි රට පාලනය කරන්නේ. මේ වගේ දේවල් නිසා අනවශ්‍ය ලෙස කාලය වැය කරන්න වෙනවා. ජනතාවට ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු කිරීමට කැප වෙලා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කරන්න පුළුවනි.
ඇයි මේ ගැටලුවේ දී වරාය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් සමාජය ඉදිරියේ පෙනී නොසිටියේ?
ඒක ඇත්ත. මේ රටේ විද්වතුන් මාධ්‍යයට ඇවිත් කතා කරන්න තිබුණා. විෂය දැනුමෙන් ජනතාව දැනුවත් කරන්න තිබුණා. මාධ්‍යයේ හැසිරීමත් මම අභියෝගයට ලක් කරනවා. වෘත්තිය සමිති හා විරෝධතා දැක් වූ අයගේ කථාව පමණයි ජනගත වුණේ. එය ගැටලුවක්. වරාය ව්‍යාපාරයට සම්බන්ධ නැව් සමාගම් ප්‍රධානීන් සමග කතා කරලා මාධ්‍ය ජනතාව දැනුවත් කරන්න තිබුණා. මේ ප්‍රශ්නයේ දී විද්වතුන් මාධ්‍ය ඉදිරියේ කථා කළා නම් සමාජ මතයක් ඇති වෙනවා. ඇතැම් වේලාවට වරායේ හතර කොනවත් දන්නේ නැති අය මාධ්‍ය ඉදිරියේ කතා කළා. මමත් වගකිව යුතු නිලධාරියෙක්. ඒක නිසා සියලු දෙනාම එකතු වෙලා වැඩ කළ යුතුයි.
ඉන්දියාව අපේ රටට අසූව දශකයේ මෙන් ‘පරිප්පු’ පාඩමක් උගන්වයිද?
එහෙම වෙන්නේ නැහැ. අසූව දශකයේ තිබූ තත්ත්වය නොවෙයි දැන් තියෙන්නේ. විවිධ අතුරු ප්‍රතිවිපාක එන්න පුළුවන්. පරිප්පුවක් නම් කන්න වෙන්නේ නැහැ.
ඔබ වරක් කියා තිබුණා මුළු වරායම විකුණන්න ඕනේ කියලා.
මම එහෙම කිව්වේ නැහැ. මගේ සම්පූර්ණ කතාවෙන් කෑල්ලක් අල්ලාගෙන පළ කළා. එය මාධ්‍යයේ ස්වභාවයයි. මම දේශීය සම්පත් විකුණන්නේ නැති විදිහේ කතාවක් තමයි කළේ. රට විකුණනවාට මම කැමති නැහැ. ජනාධිපතිතුමාගේ අදහසත් එයයි. වරාය තුළද අපි කරන්නේ ආයෝජනයක්. සමාජ මතයක් මේ පිළිබඳව ඇති කළ යුතුයි. එසේ නොමැති වුවහොත් එක එක්කෙනා විවිධ මත ගොඩ නගනවා. එය ජනාධිපතිතුමාට විතරක් තනියෙන් කරන්න බැහැ. සියලු දෙනාම එකඟ විය යුතුයි. රටක් වෙනස් කරන්න හොඳම අවස්ථාවක් උදා වී තිබෙන්නේ.
නැගෙනහිර ජැටිය අර්බුදය හේතුවෙන් වරායේ වැඩවලට බාධා ඇති වුණාද?
නැහැ. හොඳට වැඩ කෙරුණා. වෘත්තිය සමිති සමග මම කතා කළා. මම කීවා වෘත්තිය සටන් වරායෙන් පිට කරන්න කියලා. වරායේ ප්‍රශ්න ඇති වූ වසරක්. නමුත් ඒවට සාර්ථකව මුහුණ දුන්නා. මට හොඳ අත්දැකීමක්. අභියෝග ජයගන්න මම කැමතියි. වරායේ ක්‍රියාකාරීත්වයට බාධා වුණේ නැහැ. අකුරට වැඩ කරන්නත් ඔවුන් උත්සාහ කළා. එහෙම කළා නම් සන්තෝෂයි. වසර 72 ක්ම අකුරට වැඩ නොකිරීම නිසා තමයි රටට මෙවැනි විනාශයක් ඇති වී තිබෙන්නේ. වරාය අකුරට වැඩ කරනවා නම් හොඳයි. සේවකයින් දහ දාහක් (10,000) විතර ඉන්නවානේ. වරායේ කටයුතුවලට බාධා නොවන අයුරින් කටයුතු කිරීම ගැන වෘත්තිය සමිතිවලට ස්තුතිය පුද කරනවා. කොළඹ වරායේ ධාරිතාවය උපරිමයටත් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා සංවර්ධනය කළ යුතුයි. ඉදිරි වසර කිහිපය තුළ බටහිර හා නැගෙනහිර පර්යන්ත සාදා අවසන් කර මෙහෙයුම් කටයුතු කළ යුතුයි. රට වටේ තිබෙන අනෙකුත් වරායන්ද සංවර්ධනය කළ යුතුයි.
වරාය සංවර්ධනයේ අනාගත ඉලක්ක මොනවාද?
දැනට අපි වාර්ෂිකව කරන්නේ මිලියන හතක (7) පමණ කන්ටේනර් මෙහෙයුම් විතරයි. එය 2025 වන විට මිලියන 15 දක්වාද 2035 වන විට මිලියන 35 දක්වාද වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වරාය රටට සම්පතක්. අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන්. කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි. මම විද්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා වරාය සංවර්ධනයේ වැඩ ගැන ජනතාව දැනුවත් කරන්න කියලා. අපේ වැරැදිත් පෙන්වන්න. වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යන්න පුළුවන්.
උදයජීව ඒකනායක
***************************************
(07.02.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)
උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂී කාර්යභාරයක් කළ යුතුව පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පෙරවරුවේ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අවස්ථවේදීයි.
ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂණිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
යාපනය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමුවීමට මෙම සංචාරයේදී අවස්ථාව හිමි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතීන් අතර සන්නිවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බවද පවසා සිටියා.
ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර සම්බන්ධීකරණය වඩාත් පුළුල් කිරීමට ද පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නාගවිහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී නාගපූෂණී විද්‍යාලය, නාගදීපයේ ශ්‍රී ගණේෂ කණිෂ්ඨ විද්‍යාලය, නෛතතිව් මහා විද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිල නිරීක්ෂණයට ද එක් වූ අතර, නාගදීප විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක් වුණා.
වසර 48ක් පුරා නාගදීප විහාරස්ථානය භාරව සුවිශේෂ මෙහෙවරක යෙදෙන නායක ස්වාමින් වහන්සේ වෙත ගෞරවනීය කෘතවේදීත්වය පළ කිරීමට ද අමාත්‍යවරයා එහිදී කටයුතු කළා ෴
***************************************
(07.02.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)
භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සිදුකරන සියලු කටයුතු රටට වැය බරක් සේ නොසලකන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව, කුලදරුවන් සසුනට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස ඉදිකරනු ලබන මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට සියඹලාන්ඩුව – බුද්දම පුරාණ රජමහා විහාරස්ථානයේදී අද (07) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
***************************************
(07.02.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)
බණ්ඩාරවෙල – ඇටැම්පිටිය ප්‍රදේශයේදී 58 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ එළු ගාලක් පවත්වාගෙන යන අයෙකු බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගේ එළු ගාලේ සිටි එළුවන් දෙදෙනෙකු මීට සතියකට පමණ පෙර මියගොස් ඇත්තේ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුට අයත් සුනඛයෙකු සපාකෑම හේතුවෙන්.
එම පුද්ගලයා ද සුනඛයන් කිහිපදෙනෙකු සුරතලයට ඇති දැඩි කරන අතර එළුවන් සපාකෑමේ සිද්ධිය පදනම් කර ගනිමින් දෙපාර්ශවය අතර අවස්ථා කිහිපයකදී බහින් බස්වීම් සිදුවී තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස සුනඛයාගේ හිමිකරු විසින් එළු ගාලේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඊයේ (06) මෙලෙස ඝාතනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සුනඛයාගේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
මියගිය පුද්ගලයා ඇටම්පිටිය වත්තේ පදිංචි 58 හැවිරිදි පස්දරු පියෙක් ෴
***************************************
(07.02.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)
වන අලි ගැටලු නිසා දුෂ්කර ගම්මානවල ජනතාව මුහුණදෙන ගැටලු විවිධාකාර වී තිබෙනවා.
ගලෙන්බිඳුනුවැව – අලුත්ගම ගම්මානයේ 65 හැවිරිදි සිව්දරු පියෙකු ඊයේ (06) පස්වරුවේ වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, කහටගස්දිගිලිය – මුකිරියාව ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු ද වන අලියෙකුගේ පහරදීමකින් ඊයේ (06) ජිවිතක්ෂයට පත්වුණා.
මේ අතර, ගඩොල් කර්මාන්තයෙන් ජිවත් වන පොළොන්නරුව – බැඳිවැව – මහඔය ගම්මානයේ පවුල් 350 ක් පමණ මේ වනවිට ගැටලු රැසකට මුහුණ පා ඇත්තේ ගම්මානය වටා අලි වැටක් ඉදිකිරීම හේතුවෙන්.
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ මෙම ගම්මානය පිහිටා ඇති අතර අලිවැට නිසා ඔවුන්ට මැටි ලබා ගැනීමේ දුෂ්කරතා මතුවීම මෙම තත්ත්වයට හේතුවයි.
මේ අතර, වැලි ජාවාරම්කරුවෙකු පසුපස හඹා යමින් සිටි වන සංරක්ෂණ නිලධාරියෙකු වන අලියෙකුගේ පහරදීමකින් තුවාල ලැබූ පුවතක් ද කරුවලගස්වැව – වන්නියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා ෴
@@@@@@@@@@@@
(07.02.2021 – 18:36 +0530 – hirunews.lk/sinhala)
මේ වනවිට හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (08) උදෑසන පහේ සිට හුදෙකලා බවින් නිදහස් කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
එම ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින් :
+++++++++++++++++
(07.02.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)
මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (07) 63,000 සීමාව ඉක්මවා ගියා.
ඒ, තවත් ආසාදිතයින් 807 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟයි.
ඒ සමඟ රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්දහසේ සීමාව දක්වා පහත වැටුණා.
එසේම, අද (07) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 362 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙරටින් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 68,938ක් වන අතර, සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 63,401 ක්.
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5186 ක්.
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මේ වනවිට මෙරට තුළ සිදුකෙරෙන පී.සී.ආර්. සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද වී ලැබීම හේතුවෙන් ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් වෙත යොමු කිරීම ඇතැම් අවස්ථාවලදී ප්‍රතිඵලදායක නොවන බවයි.
මේ අතර, නාවලපිටිය ප්‍රදේශයේ – දෙමළ මාධ්‍ය පාසැලක 7 වැනි සහ 11 වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට සහ ගුරුවරියකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වුණා.
එසේම, අතුරුගිරිය ප්‍රදේශයේ පාසැලක ගුරුවරියකට සහ සිසුවෙකුට වෛරසය ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා.
සිසුවා අධ්‍යාපනය ලැබූ පංතියේ සියලු සිසුන් ස්වයං නිරෝධානයට යොමු කළ බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Wimal weerawansa wants the President to be in his pocket, so that he can get approvals to handover public assets to his close and extended family. We know how they benefitted from new houses and land, multiple passports, and luxury cars for wives etc etc. WW is definitely a big vocal support of the government, and he may well be right that certain corrupt public servants should not be leading the president by his nose, at least we remember that PBJ was banned by the courts to take up public posts after he was implicated in the transfer of public assets to a private company. Was n’t it RW that brought him back to plan his tricks for the Central bank? So, it seems that there is a tug of war for the president, and i hope he would not be ripped apart before the end of his term
We observed SLPP party leadership got really annoyed by the media coverage given by Mr WW recently. As independent observers, we should analyse his message very seriously as it has multi-facets information which has tremendous implications to the very existence of SLPP and in general of the Government. I have neither political ambition in profiling myself nor any connection to any of the existing parties. So, my opinion and expressions here are of my own. So, let me get back to the issue.
What Wimal said to the media is serious and we should interpret it carefully. As Maha Sanga recently expressed, WW and a handful of other small party leaders had tirelessly worked hard in building MR centred political reawakening arena after an unexpected loss of power in 2015. This image building effort brought the SLPP as a multi-party collaboration at a later stage won the parliamentary elections.
Let see what exactly we interpret from WW’s concern. I see a few very important items which must be thoroughly interpreted and taken care of by the party and/or by the government.
1. I see that he (WW) fears that there is a missing decision-making power in Cabinet or inner-circle meetings when the President is not present. It looks like certain other multiple-elements are overtaking the meetings and leaving Ministries with small parties unheard.
2. When the President not attending important decision-making meetings, all others who have other motivations are overriding the meetings. He fears that in such a situation the President’s guidelines and objectives are not followed of which could be a tremendous demotivation to a number of Ministerial ranks in the government.
3. He fears that if the inner circle is not following the President’s vision and the manifesto, the results would be as detrimental as of 2015. We have seen an almost similar pull-apart situation during the yahapalana (an era of lost time) government but this looks like an inner-circle working against each other overtaking one another. WW wants Mr President’s involvement to eliminate mistrust and disobedient elements out of the decision making so that the government will have the same orientation and objectives as the President.