එස්.බී., රන්ජන්, ඥාණසාර හිමි සිරගත කල චෝදනාව යටතේම ‘ලක්මාලි හේමචන්ද්‍ර’ට එරෙහිව පැමිණිලි කෙරේ

එස්.බී., රන්ජන්, ඥාණසාර හිමි සිරගත කල චෝදනාව යටතේම ‘ලක්මාලි හේමචන්ද්‍ර’ට එරෙහිව පැමිණිලි කෙරේ


එස්.බී., රන්ජන්, ඥාණසාර හිමි සිරගත කල චෝදනාව යටතේම ‘ලක්මාලි හේමචන්ද්‍ර’ට එරෙහිව පැමිණිලි කෙරේ

(21.10.2025 – 14:10 +0530 – lankacnews.com)

‘නව ජනතා පෙරමුණ’ කොලොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර මහතා, කොලොන්නාව ආසන ක්‍රියාකාරි ජයසිංහ මහතා හා සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් රණතුංග මහතා ‘අධිකරණ සේවා කොමිෂන් සභාවේ’ ලේකම්තුමාට ලිපියක් බාර දෙමින් ‘නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර’ විසින් අධිකරණයට සිදු කල අපහාසය සම්බන්ධව නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලදී.

එහිදි අදහස් දැක්වු සීතාවක ප්‍රා‍දේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ,

පසුගිය තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කල බවත් එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත්ය. මේ මාලිමා ආණ්ඩුව උත්සහා කරනවා දැන් එය සාධාරණිකරණය කරන්න එය පරිපාලනමය කටයුත්තක් කියලා.

මේ රටේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටින්නේ ‘ලක්මාලි මන්ත්‍රිතුමිය අධිකරණයට අපහාස කර නෑ; එහිදි සිදුකර ඇත්තේ පරිපාලනමය සාකච්ඡාවක් පමණයි’ කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න කැමති මේ වනවිට දඩුවම් ලබන ආගමන විගමන පාලක හර්ෂ ඉළුක්පිටිය මහතා විසින්ද සිදු කර ඇත්තේ අධිකරණ තින්දුවක් පරිපාලනමය තීන්දුවක් නිසා ක්‍රියාත්මක කර නොසිටි ඇති බවය. ලක්මාලි මන්ත්‍රිතුමිය විසින් එම නඩු තීන්දුව ක්‍රියාත්මක නොකරන ලෙස රාජ්‍ය නිළධාරින්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ මාලිමා නොවන විපක්ෂයේ සාමාජිකයින්ට විතරයි ද කියලා.

සමස්ත අධිකරණ කේෂ්ත්‍රයටම සිදු කල අභියෝගයක් ලෙස මෙය දකින්න පුළුවන්. අධිකරණ තීන්දුවක් නිතිඥවරියක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට අමු අමුවේ විචේචනය කිරීම අධිකරණයට සිදු කල බරපතල අපහාසයක්. ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගෞරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට වහාම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කරන්න කියලා.

මීට කලින් අපි දැක්කා ලාල් කාන්ත මහත්තයා බලය ලබා ගන්න කලින් කිව්වා. නඩු අහන්න බලය ගමට ලබා දෙනවා කියලා. ඒ කියන්නේ පාරක් පාරක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් උඩ ඉදගෙන නඩු විසදන්න තමයි එදා බලය දෙනවා කිව්වේ. ඒ කද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අහන්න කැමති.

අපිට සැකයක් තියෙනවා. මේ මාලිමා ආණ්ඩුවේ වැඩපිලිවල මේකද? බලන් යනකොට ලක්මාලිට විතරක් නෙමේ ‘ට්‍රැක්’; මුළු මාලිමා ආණ්ඩුවටම ‘ට්‍රැක්’. හැබැයි මාලිමා ආණ්ඩුව ‘ට්‍රැක් පැන්නයි’ කියලා රටේ අධිකරණයේ ගරුත්වය, ස්වාධිනත්වය හෑල්ලුවට ලක් වෙන්න දෙන්න බෑ. මොකද මීට කලින් ගරු අධිකරණයට අපහාස කිරීම නිසා එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක වැනි දේශපාලඥයින්ටත් තදින් නීතිය ක්‍රියාත්මක වුනා. ලක්මාලි හේමචන්ද්‍ර වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අපි අවධානයෙන් සිටිනවා. ලක්මාලි හේමචන්ද්‍ර වහාම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥභාවය අහෝසි කරන්න කටයුතු කල යුතුයි. අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. ඒ වගේම ‘නව ජනතා පෙරමුණ’ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට සිදු කල අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පවරන්න බලා පොරොත්තු වෙනවා.

ආණ්ඩුව පොලිස්පතිවරයාට පොලිස් සේවා කොමිෂන් සභාවේ බලතල ලබා දීලා පොලිසියේ ස්ථානාධිපතිවරු සීයයකට (100) ආසන්න ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබා දීලා පොලිසීය සම්පුර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා තියෙනවා. ඊට පස්සේ දැන් සුදානම් වෙලා තියෙනවා අධිකරණයට බාධා කරන්න. ඒ නිසා අධිකරණයේ ගරුත්වය, ස්වාධිනත්වය කිසිසේත්ම විනාශ කරන්න දෙන්න බෑ. මොකද රටට තියෙන එකම පිහිට දැන් අධිකරණය විතරයි. මේ කරන පිස්සු වැඩ අනුව මේ ආණ්ඩුව ගැන මේ රටේ ජනතාවට කිසිම බලාපොරොත්තුවක් නෑ. ඔවුන්ට තියෙන එකම පිහිට අධිකරණය පමණයි. ඒ නිසා මෙලෙස අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධව වහාම අදාල නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ‘නව ජනතා පෙරමුණ’ විසින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම නීතිමය ක්‍රියා මාර්ග ගන්න සුදානම් බව අපි කියන්න කැමති ෴


ට්‍රම්ප් ක්‍රෂ් එක එක්ක ඊජිප්තුවේ මොකද කලේ? ශවේන්ද්‍ර ඇමෙරිකාවේ කීමට රනිල්ට කළ දේ (21.10.2025)

+


Gen-Z | නායකයකු නොදත් අරගල පරපුර..!! (20.10.2025)

+

ඇට්ටි සහ සල්ලි කුට්ටි | Deep Seek with WW | EPISODE 07 (21.10.2025)

+


ගිය ආණ්ඩුවල සෞඛ්‍ය සොරකම් සැඟවීමට සෞඛ්‍ය ලොක්කන්ගේ කුමන්ත්‍රණයක්..

(21.10.2025 – 17:30 +0530 – lankacnews.com)

කොළඹ ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 කට අධික ප්‍රතික්‍රියක වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කොට තිබියදී එම විමර්ශන ප්‍රමාද වීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ගේ බලපෑමක් පවතින්නේදැයි බලවත් සැකයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙයට අමතරව පවිත්‍රා වන්නිආරච්චි, කෙහෙළිය රඹුක්වැල්ල සහ චන්න ජයසුමන පාලන කාලයට අදාළව විගනනය මගින් දිගින් දිගටම චෝදනා ඉදිරිපත් කරද්දී අදාල චෝදනා සැඟවීමට වර්තමාන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන බවද විගණණය සඳහන් කොට ඇත

හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පරිසර ඇමති අවස්ථාවේ ඔහුගේ ලේකම්වරයා වූයේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා වන අනිල් ජාසිංහ මහතා බවත් එම කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා බවත් මේ අනුව හිටපු පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් රැසක් වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඉහළ නිලතල දැරීම නිසා වර්තමාන ජනාධිපතිවරයා බලාපොරොත්තු වන සෞඛ්‍ය ප්‍රගතිය සිදු නොවන බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාට එරෙහිව විගනණ පරීක්ෂණ ගණනාවක්ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාහන අවභාවිතාවන් සම්බන්ධවද පරීක්ෂණ ගණනාවක් පවතිද්දී එවන් නිලධාරීන් තවදුරටත් අදාළ ධුරවල රඳවා ගැනීම කෙතරම් ප්‍රයෝගිකතයි ජනාධිපතිවරයා දැන් කල්පනා කළ යුතු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ මතයයි ෴


අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී

(21.10.2025 – hirunews.lk)

පවතින අධික වර්ෂාව සමඟ මහනුවර අස්ගිරිය දොඩන්වල පටුම‍ගේ විශාල කොටසක් ඒ අසල තිබූ සණස කාර්යාලයක්ද සමඟින් ගිලා බැස තිබෙනවා.

වර්ෂාවත් සමඟ මෙම මාර්ගය කොටසින් කොටස ගිලා බැස විශාල ආවාටයක් හැදුණු බව ප්‍රදේශවාසීන් පැවසුවා.

මෙම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවා තිබෙනවා.

මේ හේතුවෙන් ඇළ මාර්ගය හා බෝක්කු අවහිරව ඇති බවත් තවදුරටත් වර්ෂාව ඇද හැලුණහොත් නිවාස රැසක්ද ජලයෙන් යටවීමේ අවදානමක් උද්ගතව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

+++

+


‘දෙහිබාලේ මල්ලි’ සහ ‘කලු මල්ලි’ සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

(21.10.2025 – 19:28 +0530 – sinhala.adaderana.lk)

විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘සෙහාන් සත්සර’ නොහොත් ‘දෙහිබාලේ මල්ලි’ හා ඔහුගේ සොහොයුරා වන ‘තුෂාන් නෙත්සර’ නොහොත් ‘කලු මල්ලි’ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

ඊට අමතරව මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කරනු ලැබීය.

පසුගියදා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදාව විසින් ‘අයිස්’, ‘හෙරොයින්’ සහ ‘හෂිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254 ක් සිය භාරයට ගෙන තිබුණි.

එම මත්ද්‍රව්‍ය තොගය මේ රටට රැගෙන ඒම ‘දෙහිබාලේ මල්ලි’ හා ‘කළු මල්ලි’ විසින් සිදුකර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශීය රාජ්‍යයක සැඟවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

එම පුද්ගලයින් දෙදෙනාගේ (2) දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා (5) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන් නොවැම්බර් මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළේය ෴


අපරාධකරුවන් ඉන්දියාවට ගෙනයන මහමොළකරු ගැන තොරතුරු

(21.10.2025 – 19:15 +0530 – sinhala.adaderana.lk)

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.

ඒ ‘ඉෂාරා සෙව්වන්දි’ ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට හා යාපනයට රැගෙන ගොස් තිබුණි.

ඒ ඇයට ‘සංජීව’ ඝාතනයෙන් පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහාය.

ඇය එම ප්‍රදේශවල දින 3 ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණි.

ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගයන් සිව්දෙනෙකු (4) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, නීති විරෝධී අයුරින් පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව අනාවරණ වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවය.

අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහමොළකරු එම පුද්ගලයා බවට සැකකරන බව පොලීසිය පැවසීය.

‘සෙව්වන්දි’ සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ ‘ජේ.කේ. බායි’ නැමැත්තා ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් මත අදාළ පුද්ගලයා සම්බන්ධ කර ඇති බවට මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති එස්.බී. විජේතුංග මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මකය.

මේ අතර හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (20) රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබේ.

නිවෙස හිමි කාන්තාවගේ දරුවන් දෙදෙනා (2) ඉතාලියේ පදිංචිව සිටින අතර පසුගිය දිනක ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ක්‍රීඩා තරගයක් නැරඹීමේදී ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ කසලගොඩක සඟවා තිබූ පිස්තෝලයක් හා ජීව උණ්ඩ 24 ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියක් (1) ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ එක් අයෙකු වන ‘රන්ජිත් නිශාන්ත’ නම් මේවන විට බන්ධනාගාරව සිටින අයෙකුගේ පුත්‍රයෙකි.

එම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 01 වැනිදා මිටියාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමට අදාළව බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය පැවසීය.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *