උඩරට දුම්රිය පීලි පැනීමෙන් 20.10.2025 දින දුම්රිය ගමන් වාර 07 ක් අවලංගුයි
උඩරට දුම්රිය පීලි පැනීමෙන් 20.10.2025 දින දුම්රිය ගමන් වාර 07 ක් අවලංගුයි
(19.10.2025 – hirunews.lk)
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (19) පස්වරුවේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් හෙට (20) දිනට නියමිත දුම්රිය ගමන් වාර 7 ක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින අධික වර්ෂාව සහ පීලි පැනීමට ලක්වූ ස්ථානයට ළඟා වීමේ ඇති දුෂ්කරතා හේතුවෙන්, දුම්රිය යළි පීලි ගත කිරීමේ කටයුතු සඳහා යම් දිගු කාලයක් ගතවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම අනතුරේ බලපෑම මත කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ සහ බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 03 ක් සහ මහනුවර, මාතලේ හා බදුල්ල සිට කොළඹ කොටුව හා බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රිය ගමන් වාර 04 ක් ඇතුළුව මුළු ගමන් වාර 07 ක් අවලංගු කර තිබෙනවා.
ඒ අනුව, පෙ.ව 05:50 කොළඹ කොටුව සිට බදුල්ල බලා, පෙ.ව. 07:00 කොළඹ කොටුව සිට මහනුවර බලා (නගරාන්තර සීඝ්‍රගාමී), පෙ.ව. 10:35 කොළඹ කොටුව සිට මාතලේ බලා ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාරත්,
පෙ.ව. 04:50 මාතලේ සිට කොළඹ කොටුව බලා, පෙ.ව. 05:00 මහනුවර සිට බෙලිඅත්ත බලා, පෙ.ව. 06:15 මහනුවර සිට කොළඹ කොටුව බලා, පෙ.ව. 08:30 බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාරත් අවලංගු කෙරෙනු ඇති.
එමෙන්ම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 08:30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හා පෙ.ව. 09:45 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියයන් දෙක (2) මහනුවර දුම්රිය ස්ථානයෙන් එහි නියමිත වේලාවට බදුල්ල බලා ධාවනය ගමන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර, බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05:30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වා හෙට (20) දින ධාවනය කිරීමට ද සැලසුම් කොට ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴
+++
තවත් දුම්රිය පීලිපැනීමක්
(19.10.2025 – 20:45 +0530 – sinhala.adaderana.lk)
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර අද (19) ප.ව. 06:45 ට මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී හා පස් කණ්ඩියක් ද කඩාවැටී එම දුම්රියේ එක් රෝදයක් පමණක් පීලී පැනීමකට ලක්ව ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතුකර ඇති බව වාර්තා වේ ෴
‘ඉෂාරා’ට ‘තක්ෂි’ව හමු වූ හැටි හෙළිවෙයි
(19.10.2025 – 21:44 +0530 – sinhala.adaderana.lk)
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශයේ අත්අඩංගුවේ පසුවන ‘ඉෂාරා සෙව්වන්දි’ ඊයේ (19) කිලිනොච්චිය ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.
‘ඉෂාරා’ගෙන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබාදුන් අතර, ඒ අනුව ‘සංජීව’ගේ ඝාතනයෙන් පසු දින කිහිපයක් සැඟව සිටි බව කියන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා එලෙස රැගෙන ගොස් ඇත.
මේ අතර ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් පරිදි ‘ඉෂාරා’ගේ රුවට සමාන රුවක් ඇති තරුණියක් සොයමින් සිටින අතරතුර ‘ජැෆ්නා සුරේෂ්’ට ‘තක්ෂි’ නැමැත්තිය හමුව ඇති බව වාර්තා වේ.
ඇයට සිංහල භාෂාව නොහැකි අතර රැකියාවක් සඳහා විදේශගත කරවන බව පවසමින් ‘සුරේෂ්’ ඇයව නේපාලනයට රැගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
ඒ අනුව ‘තක්ෂි’ නැමැත්තිය කිසිවක් නොදැන නේපාලයට රැගෙන ගොස් ඇති බව සඳහන්.
+++
‘සෙව්වන්දි’ මං කරපු උදව්වට මගේ කකුල් දෙක අල්ලලා වැන්ඳා | ‘ශාන්’ ෆෝන් කරලා කිව්වා ලංගම ඩිපෝ එක ළඟින් කෙල්ලව ගන්න කියලා (20.10.2025)
+
ධම්මික පෙරේරා, කොමර්ෂල් බැංකුවේ කොටස් විකුණලා හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් ගත්ත ඇත්තට හේතුව මෙන්න! (18.10.2025)
+
නාමල්ගේ වැඩ හින්දා ජනපති කොට කලිසමට ? (20.10.2025)
+
සමුපකාර ඡන්ද දිගටම පරාදයි… ජනාධිපතිගේ සෝබන කතා දැන් මිනිස්සුන්ට අප්පිරියයි (20.10.2025)
+
මෙහෙම බොරු කෙළලා ජනාධිපති වෙච්චි පොරක් දැක්කමයි… (20.10.2025)
+
උදය ගම්මන්පිල වහාම මාධ්‍ය කැඳවයි – 159යටම වැලිකඩ වාට්ටුවක් වෙන් කරගනිල්ලා (20.10.2025)
+
රුහුණ කෘෂි විද්‍යා පීඨයේ සිසු ගැටුමක්
(20.10.2025 – hirunews.lk)
කඹුරුපිටිය, මාපලාන පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිසුන් අතර ගැටුම ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන (2) සහ තෙවන (3) වසරවල සිසුන්ට එම පීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, මෙම සිසුන්ට වහාම නේවාසිකාගාරවලින් පිටව යන ලෙසට ද නියෝග කර ඇති බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ කඹුරුපිටිය, මාපලාන පිහිටි එම කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 06 කට තුවාල සිදුවීමෙන් සහ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ෴
කිඹුලෙකු විසින් ධීවරයෙක් ඩැහැගැනේ
(21.10.2025 – hirunews.lk)
හුංගම කළමැටිය කලපුවේ ධීවර රැකියාවේ නිරතවෙමින් සිටි ධිවර කාර්මිකයෙක් කිඹුලකු විසින් ඩැහැගනු ලැබීමෙන් අතුරුදහන්ව ඇතැයි වාර්තා වෙනවා.
මෙම සිද්ධියට අදාළ ධීවරයාගේ සිරුර ඊයේ (20) දිනටත් හමු වී නැති බව හුංගම පොලිසිය පවසනවා.
ධීවර කාර්මිකයා අතුරුදන්ව ඇති කළමැටි කලපුවේ එම ස්ථානය අවට ප්‍රදේශවාසින් විසින් පාරු යොදාගෙන සෝදිසි සිදු කිරීම ඊයේ (20) දිනයේත් සිදුකර තිබුණා.
මෙලෙස කළමැටි කලපුවේ අතුරුදන්ව ඇත්තේ හුංගම තුඩුව පදිංචි 56 හැවිරිදි කේ.ජී. නන්දසිරි (කළු මල්ලි ) නමැති තිදරු පියෙක් බවද පොලීසිය පවසනවා.
ඉකුත් (18) රාත්‍රි කලපුවේ ඉස්සන් ඇල්ලිමට තවත් ධීවර කාර්මිකයෙක් සමඟ සුපුරුදු රැකියාවේ නිරත වෙමින් සිටියදී මෙම ධිවර කාර්මිකයා එලෙස අතුරුදන්ව තිබුණා.
අතුරුදහන්ව ඇති ධීවර කාර්මිකයාගේ සිරුර සෙවීමේ කටයුතු හුංගම පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් එක්ව සිදුකළ ද ඊයේත් (20) පෙරේදා (19) දිනවලත් ධිවර කාර්මිකයාගේ පිරුර සොයා ගැනීමට නොහැකි වූ බව පවුලේ ඥාතිහු පවසනවා.
කළමැටිය කලපුවේ ප්‍රදේශයේ ධිවර කාර්මිකයින් වැඩි පිරිසක් ධීවර රැකියා කරන හෙයින් කිඹුල් උවදුර බරපතල ලෙස පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
මීට පෙරද අවස්ථා කිහිපයක දී කිඹුලන් විසින් ධිවරයින් කිහිප දෙනෙකු ඩැහැගෙන ගෙනයනුලැබ ඇති බවත්, ඒ අයගේ සිරුරු හමු වි නැති බවත්, ධීවර කාර්මිකයින් සඳහන් කරනවා.
එමෙන්ම කළමැටි කලපුවේ විදේශිය සංචාරකයින් රැගත් බෝට්ටු සේවාවක් ද පවත්වාගෙන යෑම සිදුකරනවා.
මේ හේතුවෙන් දරුණු ගණයේ කිඹුලන් සිටින හෙයින් සංචාරකයින්ටද අනතුරු සිදුවිය හැකි බවද ප්‍රදේශවාසීහු පවසති.
විවිධ ප්‍රදේශවලින් අල්ලා ඉවත්කරනු ලබන කිඹුලන් කළමැටි කලපුවට ගෙනත් අතහරින බවටත් ප්‍රදේශවාසිහු වනජීවී නිලධාරීන්ට චෝදනා කරති.
‘ජී.පි.එස්. කොලර්’ සහිත කිඹුලන්ද කළමැටි කලපුවේ සිටිනු දක්නට ලැබී ඇති බව ධීවර කාර්මිකයෝ පවසති ෴
‘කබ්බෝ ෆෝම් කරන්න එපා’ කියන පොලීසියම ඒක කරනවා
(21.10.2025 – hirunews.lk)
‘කබ්බෝ ෆෝම් කරන්න එපා’ යැයි මාධ්‍ය ආයතනවලට කියන පොලීසියම අපරාධවලට සම්බන්ධ පාතාල නායකයින් මහා බුද්ධිමතුන් හා වීරයින් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පත්කරන බව ‘එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක’ පවසනවා.
පාතාලය හා මත්ද්‍රව්‍ය මර්දනය අභ්‍යන්තරයෙන් සිදුකළ යුතු දෙයක් මිස සංදර්ශන කරමින් ලකුණු දාගන්නා වැඩපිළිවෙළක් නොවිය යුතු යැයිද ඔහු පැවසුවා.
මහනුවර දී ඊයේ (20) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙසේ ද පැවසීය :
+++
+
අම්පාර මාණික්කමඩු දීඝවාපි පරිවාර චෛත්‍ය විහාරයේ ඉඩමක් විනාශ කරලා
(20.10.2025 – hirunews.lk)
අම්පාර එරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ඓතිහාසික මාණික්කමඩු දිඝවාපි පරිවාර චෛත්‍යය පිහිටි විහාරස්ථානයට අයිතිව ඇති පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩම් කිසියම් පුද්ගලයෙකු ට්‍රැක්ටර් රථ යොදා වි වගාවට බිම් සකස් ඇති බව දිඝවාපි පරිවාර චෛත්‍ය්‍ය මාණික්කමඩු විහාරාධිකාරි අඹගස්පිටියේ සීලරතන හිමියන් එරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

අඹගහපිටියේ සීලරතන ස්වාමින් වහන්සේ වෙනත් විහාරස්ථානයක කඨින පිංකමට ගිය අවස්ථාවේදි මෙම පුද්ගලයා විසින් විහාරස්ථානය සතු ඓතිහාසික භුමිය මෙලෙස වි වගාවට සකස් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසනවා.
දැනට වසර 10 කට පමණ පෙර මෙම විහාරස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද අවස්ථාවේ අවට සිටින ඇතැම් අන්‍ය ජාතිකයින් විරුද්ධ වු අතර පසුව වසර කිහිපයක් ගතවී විහාරස්ථානයේ වැඩ කටයුතු අවසන් කර අඹගහපිටියේ සීලරතන හිමියන් මෙම විහාරස්ථානයේ වැඩවාසය කරති.
දැනට මෙම විහාරස්ථනායේ කන්ද උඩ පිහිටි ගරා වැටුණු චෛත්‍යයේ දැනට මාස දෙකකට (2) පමණ පෙර පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් කැණිම් කටයුතු සිදුකළ අතර මෙම කැනිම්වලින් ඉපැරැණි පුරා වස්තු කිහිපයක් හමුව තිබුණා. එහිදී මෙම චෙත්‍යය අනුරාධපුර මුල්යුගයට අයත් බව පුරා විද්‍යාඥයින් පවසා තිබුණා.
එවැනි පෞරාණික විහාරස්ථානයකට අයිති ඉඩමක් ට්‍රැක්ටර් රථ දමා වි වගාවට සකස් කිරීම වැරැදි සහගත බව විහාරාධිකාරි අඹගහපිටියේ සීලරතන හිමියෝ පැවසූහ.
පන්සල් භුමිය තුළ වී වගාවට කුඹුරු සකස් කිරිමේදි එහි තිබු පුරා වස්තුවලටද හානි සිදුව ඇති බව විහාරාධිකාරි හිමියෝ පැවසූහ.
ඉපැරැණි ගඩොල්, වලං කෑලි, පැරැණි උළු කැටවලට සමාන දේවල් ද මෙහිදී හමුව තිබුණා.
මෙම භුමිය වෙන් කිරිම සඳහා පුරා විද්‍යා දෙපාර්මේන්තුව විසින් යොදා තිබු මායිම් ගල්වලින් ඇතුළතද මෙම පිරිස හිතුවක්කාර අන්දමින් ට්‍රැක්ටර් රථ යොදා කුඹුරු සකස් කර තිබෙන බව හිමියෝ පැවසූහ.
සිලරතන හිමියන් කරන ලද පැමිණිල්ලෙන් පසුව එරගම පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳව පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි පොලිසිය සහන් කළේ.
දැනට කුඹුරු සකස් කරන ලද අයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම ඉඩම පුරා විද්‍යා ඉඩමක්ද යන්න පිලිබදව වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිසිය විසින් නැගෙනහිර පුරා විද්‍යා අධ්‍යක්ෂකට ලිපියන් යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම වාර්තව පැමිණි පසු මෙම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් නම් කුඹුරු සකස් කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව එරගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴