නි. ඇමති ‘මුනීර් මුලව්ෆර්’ මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ‘ෂුරා සභා’ නියෝජිතයෙක්..- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

නි. ඇමති ‘මුනීර් මුලව්ෆර්’ මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ‘ෂුරා සභා’ නියෝජිතයෙක්..- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි


නි. ඇමති ‘මුනීර් මුලව්ෆර්’ මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ‘ෂුරා සභා’ නියෝජිතයෙක්..- පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

(18.10.2025 – 22:02 +0530 – lankacnews.com)

අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ‘මුනීර් මුලව්ෆර්’ තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස ‘බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්’ විසින් ඉල්ලා තිබේ.

මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ඉල්ලීම සිදු කරමින් ඥාණසාර හිමියන් පෙන්වා දුන්නේ, අතීතයේදී මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කළ සංවිධාන හතරක් (4) පිළිබඳව තමන් දිගින් දිගටම කරුණු අනාවරණය කළ බවයි. 2014 වසරේදී පවා එවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් රට තුළ ස්ථිර වශයෙන් සිදුවන බවටත්, ඒ පිටුපස සිටින පුද්ගලයන් සහ කණ්ඩායම් පිළිබඳවත් තමන් විසින් අනාවරණය කළ බව උන්වහන්සේ සිහිපත් කළහ.

2015 දී යහපාලන ආණ්ඩුව බලයට පැමිණෙන විට, තමන් පෙන්වා දී තිබූ ගෝලීය සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සම්බන්ධකම් තිබූ බොහෝ කණ්ඩායම් එම ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ බවත්, එහි අවසාන ප්‍රතිඵලය වූයේ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ බවත් උන්වහන්සේ කියා සිටියහ. තවද, ජාතික ජනබලවේග ආණ්ඩුව බිහිවීමට පෙර, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට පෙර කියා සිටියේ, මෙරට ඉස්ලාමීය අන්තවාදයක් නොමැති බවත්, මේවා බංකොලොත් දේශපාලන වැඩපිළිවෙල වසාගැනීමට කරන ජාතිවාදයක් හෝ ආගම්වාදයක් අවුස්සන වැඩක් බවත් ය. නමුත් ‘බොදු බල සේනාව’ කතා කළේ සත්‍යය බව උන්වහන්සේ අවධාරණය කළහ.

‘නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර්’ පිළිබඳව පෞද්ගලික අමනාපයක් නොමැති බව පැවසූ ඥාණසාර හිමියෝ, එහෙත් පූර්ව අත්දැකීම් හේතුවෙන්, නියෝජ්‍ය අමාත්‍යවරයා අයිති වන සංවිධානය, නියෝජනය කරන ඉස්ලාමීය ආගමික නිකාය සහ ඔහුගේ මතවාදය කුමක්ද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියහ.

උන්වහන්සේ ඉස්ලාම් සමාජය තුළ පවතින ප්‍රධාන සංවිධාන හතරක් (4) පිළිබඳව මෙලෙස පැහැදිලි කළහ :

  1. තව්හීද් ජමාත් (Thawheed Jamath): ඒකදේවවාදය සනාථ කළ සමූහය.
  2. තබ්ලීක් ජමාත් (Thabligh Jamath): සාමූහික ප්‍රචාරය. (මෙය සෞදි අරාබියේ තහනම් වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ).
  3. ජමාතේ ඉස්ලාම් (Jamaat-e-Islami): රාජ්‍යය ඉස්ලාම්කරණය කිරීමේ සමූහය.
  4. ඉක්වාන් මුස්ලිම් (Ikhwan al-Muslimeen): යූසුෆ් අල් කරදාවාගේ මතවාදය සමඟ බැඳුණු, දෙවියන් උදෙසා අනිවාර්යයෙන් ප්‍රාණායනය කළ යුතු යැයි මතවාදය දරන කණ්ඩායම.

බුදු පිළිම කුඩු කරමින්, මුස්ලිම් සමාජයටත් අපකීර්තියක් එකතු කරමින්, ගෝලීය ත්‍රස්ත කල්ලි හා එක්ව ඉස්ලාම් නාමයෙන් උන්මත්තක අන්තවාදී ක්‍රියාකාරකම් නිර්මාණය කළේ, වර්ධනය කළේ සහ ගොඩනැගුවේ මෙම සංවිධාන හතරෙන් (4) සැදුම් ලත් කණ්ඩායම් 29 ක් බව ඥාණසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතවාදය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි වුවත්, අතීතය පිරික්සන විට ඒ පිළිබඳ සාක්ෂි පෙන්විය හැකි බව ඥාණසාර හිමියෝ සඳහන් කළහ.

‘මුනීර් මුලව්ෆර්’, ‘ජමාත්තුලා’ අනුගාමිකයන් සිටින ස්ථානවලට ගොස් වාර ගණනක් දේශනා පවත්වා ඇත.

ඔහු ‘උස්තාද් මන්සූර්’ගේ CIS සංවිධානයේ වැඩ කර ඇති බවත්, නැතහොත් දේශන පවත්වා ඇති බවත්, ඒවාට සහභාගී වී ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

CIS යනු ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධානය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තහනම් කළ යුතු යැයි නම් ලද ‘වාමි සංවිධානය’ සමඟ කටයුතු කළ ආයතනයකි.

2013 වසරේදී, ලෝකයට මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා දුන් ‘යූසුෆ් අල් කරදාවා’ මුණගැසීමට ලංකාවේ දූත පිරිසක් ගිය බවත්, ඉන්පසු මෙහි ‘ශූරා සභාවක්’ පිහිටුවූ බවත් උන්වහන්සේ හෙළි කළහ.

වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ආයතනත් ‘ශූරා සභාව’ තුළත් වැඩ කර ඇති බවට යූටියූබ්වල සාක්ෂි පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

‘ජාමයා නලීමියා ඉස්ලාමික් සෙන්ටර්’ (JNJIC) වැනි අධ්‍යාපන ආයතනවලින් පුහුණුව ලබන අය, පරිපාලන සේවය, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි රාජ්‍යයේ මර්මස්ථානවල නිලධාරීන් ලෙස ස්ථානගත වන බවත් ඥාණසාර හිමියෝ පෙන්වා දුන්හ.

මෙය ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයක් නොව රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයක් බවත්, රාජ්‍යය බිඳ වට්ටන ක්‍රියාවලට ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ අවධාරණය කළහ. මීට පෙරද අදාළ තොරතුරු ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නද, තොරතුරු පහළ මට්ටමේ නිලධාරීන් ළඟ හිරවීමට ඉඩ ඇති නිසා තමන්ට රට පිළිබඳව විශාල බියක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

+++

+


‘හීනටියන මහේෂ්’ගේ මත් ජාලයේ ජාවාරම්කාරියක් ‘එස්ටීඑෆ්’ දැලේ

(18.10.2025 – hirunews.lk)

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘මණික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න’ නොහොත් ‘හීනටියන මහේෂ්’ යන අය සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

මෙම සැකකාරිය සන්තකයේ තිබී ‘ඈෂ් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 500 යි මිලි ග්‍රෑම් 11 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක කාන්තාවක්.

මිනුවන්ගොඩ පොලිස් වසමේ බොරගොඩවත්ත පූජ්‍ය සුගතශිලි මාවත අසලදී ඉකුත් 2023 වසරේ ජුනි මස 17 වැනිදා ‘නිහාල් හරිස්චන්ද්‍ර’ නොහොත් ‘බාප්පා’ යන අයට සහ ‘ඈතගමගේ නික්මිලා මධුසංඛ සිල්වා’ නොහොත් ‘චප්පයා’ යන අයට වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුවන්ට කාර් රථයක් මගින් ගමන් පහසුකම් ලබා දී ඇත්තේ මෙම සැකකාරිය බවට හෙළිව ඇතැයි ද පොලිසිය පවසනවා.

මෙම සැකකාරිය වෙන්නප්පුව පොලිස් වසමේ නිර්මල මරිය මාවතට හැරෙන හංදිය අසල දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයට පහසුකම් සැලසූ අදාල ත්‍රීරෝද රථයේ රියැදුරු වන නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක තරුණයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් ආර්.කේ.යූ.ඕ. ජයවර්ධනගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ (විශේෂ මෙහෙයුම්) බස්නාහිර උතුර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩි.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා ෴


දැඩි සුළං හේතුවෙන් කුරුණෑගල නිවාස 100කට අර්ධ හානි

(18.10.2025 – 18:43 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සහ නිකවැරටිය යන ප්‍රදේශවලට ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 100 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ සිදුව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවය.

අවුලේගම, තමිල්වැල්ලම, ඈතම, කරඳවැටිය ආදී ප්‍රදේශයන්ට මෙම තත්ත්වය බලපා ඇති බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව තවදුරටත් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවත් පෙන්වා දෙන අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා ‍දෙපාර්තමේන්තුව දැනුම්දී ඇති බවය ෴


ලංකාව ෆේල් කරන ආණ්ඩුවේ ප්ලෑන් එක ? (18.10.2025)

+


ගිලාබහින ආණ්ඩුවක් ගුරුවරුන්ට කියන බයිලා… (18.10.2025)

+

නීතියේ දෙවඟන බවට, මාලිමා ලක්මාලි රූපාන්තරණය වීම… (18.10.2025)

+

වටවල තේ මුදලාලිට ඇරියේ ලකා ලු නේද? (18.10.2025)

+

කෝටි 50 වන්දිය ලේක්හවුසිය ගෙවන්නෙ කොහොමද? (18.10.2025)

+


වසන්ත සමරසිංහගේ රෙදි ලෙෆ්ට් කරපු, අන්තරේ මිත්‍රයා උපතිස්ස කුමාරතුංග.. (18.10.2025)

+


කවුරුත් නොසිතූ මොහොතේ කාස්ලරි ජලාශයට ගොඩබෑව යානාව (18.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *