ගංවතුරට හසු වූ විල්පත්තුවේ සංචාරකයින් 30 ක් බේරා ගැනේ
(19.10.2025 – hirunews.lk)
මහ වැසි සහ රාජාංගන ජලාශයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සංචාරයකට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් 30 කට ආසන්න පිරිසක් මාර්ග කැඩී යාම නිසා ආපසු එළුවන්කුලම පිවිසුමට පැමිණීමට නොහැකිව අතරමංව සිටියදී, වනජීවී නිලධාරීන් සහ සෆාරි රථවල සහාය ඇතිව ඊයේ (18) දින බේරාගෙන තිබෙනවා.
එළුවන්කුලම වනජීවී කාර්යාලය පැවසුවේ මහ වැස්ස හේතුවෙන් කළා ඔයෙන් ගලා ආ දැවැන්ත ජල කඳ නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානයට ඇතුළු වීමට ඇති එළුවන්කුලම පිවිසුම අඩි 6 කට වැඩි ජල කඳකින් යට වී ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් නතර වී තිබෙනවා.
එහිදී අතරමංව සිටි සංචාරකයින් ගලවා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මහත් පරිශ්‍රමයක් දරා වන උද්‍යානය තුළට ගොස් ඔවුන්ව බේරාගෙන නැවත එළුවන්කුලම පිවිසුම වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, පසුව ඔවුන්ව එළුවන්කුලම ප්‍රදේශයේ රැඳී සිට සංචාරක හෝටල් වෙත යැවීමටද කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, කලා ඔයේ දැවැන්ත ජල කඳ හේතුවෙන් මේ වන විට විල්පත්තුවට ගමන් කිරීමට නොහැකි අතර, එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා ෴
රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් (2) අවලංගු කෙරේ
(19.10.2025 – hirunews.lk)
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (19) පස්වරුවේ සිදු වූ දුම්රිය පීලි පැනීමේ සිද්ධිය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් (2) අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය, සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය මෙලෙස අවලංගු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉහළ කෝට්ටේදී පීලි පැනීමට ලක් වූ මහනුවර – කොළඹ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යළි ධාවන කටයුතු සඳහා යථා තත්ත්වයට පත් කිරීම මේ වනවිටත් සිදු කෙරෙන අතර, එහි බලපෑම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා ෴
‘ඉෂාර සෙව්වන්දි’ට වැලිපැන්නේ නවාතැන් දුන් කත රිමාන්ඩ්
(19.10.2025 – hirunews.lk)
‘ඉෂාර සෙව්වන්දි’ට නවාතැන් දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ නැන්දම්මා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් අනූවයි.
ඒ අනූව ඇය ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ ෴
+++
‘ගම්පහ බබා’ T-56 උණ්ඩ 50 ක් ගැන වමාරයි
(19.10.2025 – hirunews.lk)
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T-56 උණ්ඩ 50 ක් සොයා ගෙන තිබෙනවා.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ‘ගම්පහ බබා’ නැමැත්තා ඊයේ (18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් තිබුණා.
එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත මෙම ජීව උණ්ඩ 50 ක පමණ ප්‍රමාණය කඳාන කෙරවලපිටිය අධිවේගි පිවිසුමේ කණුවක් අසල තිබි සොයාගෙන තිබෙනවා.
අදාල පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔහුට ඒවා ලබාදී ඇත්තේ ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් බව අනාවරණ කර තිබුණා.
සිද්ධිය සම්බද්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
+++
+
ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
(19.10.2025 – hirunews.lk)
ගාල්ල, ප්‍රදේශ කිහිපයකට හෙට (20) පැය 30 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
හෙට (20) පෙරවරු 08:00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව. 02:00 දක්වා වූ කාලය තුළ මෙසේ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මේ පියවර ගෙන තිබෙනවා.
මෙහිදී බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බවයි සඳහන්.
මේ සම්බන්ධයෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ ෴
නිධන්වල රත්‍රං බව පවසා ජනතාව රවටන ජාවාරම හඹායන ‘උකුස්සා’
(19.10.2025 – 20:03 +0530 – sinhala.adaderana.lk)
නිධන්වලින් ලබාගත් රත්‍රං අලෙවිකරන බව පවසා ජනතාව රවටන ජාවාරම්කරුවන් පිළිබඳ ‘අද දෙරණ උකුස්සා’ පසුගිය දිනක රට හමුවේ අනාවරණ කළේය.
එම අනාවරණයත් සමඟ රටේ ප්‍රදේශ රැසක මෙම ජාවාරමට හසු වූවන් ‘අද දෙරණ උකුස්සා’ට මෙවන් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී තිබුණි.
ඉන් හැඟී ගියේ නිසි පාඩම් ඉගෙන නොගත් තවත් ජාවාරම්කරුවන් රැසක් නිදැල්ලේ සිටින බවය.
ඒ අනුව මරදන්කඩවල පොලීසියට එලෙස ලැබුණු තොරතුරක් මත ‘අද දෙරණ උකුස්සා’ එම නිලධාරින් සමඟ එක්ව විමර්ශනයක් ආරම්භ කළේය.
නිධානයකින් ලබාගත් දුර්ලභ රන්කාසි තොගයක් ඇති බව පැවසූ ජාවාරම්කරු සමඟ අප හිතවත්කමක් ගොඩනගා ගත්තේ අපට එම කාසි මිලට ගැනීමට අවශ්‍ය බව පවසමින්ය.
ඒ අනුව ඔහුව මරදන්කඩවල ප්‍රදේශයට ගෙන්වා ගැනීමට ‘අද දෙරණ උකුස්සා’ සූක්ෂම වුණි.
කෝල් රෙකෝඩින් : “ඔයා එන්නකො මරදන්කඩවලට. අපි ඉන්නවා”
ඒ අනුව එලෙස අපට රන්කාසි විකුණන බව පැවසූ ජාවාරම්කරු හමුවීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ එම ස්ථානයට ගියේ මරදන්කඩවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුසංඛ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ද සමඟින්ය.
ජාවාරම්කරු සතුව තිබූ කාසි බැලූ බැල්මටම සත්‍ය රන්කාසි ලෙස දිස් වුවත් ඒවා ව්‍යාජ බව වටහා ගැනීමට පොලිස් නිලධාරින්ට වැඩි වේලාවක් ගතවූයේ නැත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ජනතාව රවටා මුදල් වංචාකරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.
+
මේ තරම් බොරු කියපු සෙට් එකක් ලොවෙත් නෑ… කියපු බොරු වහන්න දැන් තවත් බොරු කියනවා (19.10.2025)
+
සමරිසි ප්‍රවර්ධනය කරන වෙළඳ භාණ්ඩ වර්ජනය කරමු… (19.10.2025)
+
ආණ්ඩුව ළමයි ආරක්ෂා කරන්නෙ සමරිසි ප්‍රවර්ධනයෙන්ද ? (19.10.2025)
+
‘දෙහි බාල’ගෙ කුඩු ට්‍රාන්ස්පෝට් කලේ ‘නාකොටික්’ වාහනවල. ‘කංජිපානි’ රටින් පැන්නුවේ පොලිසියේ DIG කෙනෙක්. (19.10.2025)
+
“පද්මේ අයියත් නෑ, මම සතේටම හිඳුනා සර්, කනේ කරාබු දෙකත් විකුණලා කන්න බොන්න සල්ලි එකතු කරගත්තේ,” (19.10.2025)
+
චරිත් ගේමට බහී… ජෙප්පොද කොහෙද මේ රටට කුඩු ගේන්නේ… මුන් ගේනවා අරුන් බෙදනවා… රටම විනාශයි (19.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴