+++++++++++++++++++++++++++++++++++
= මේ පිටුවේ සිරස්තල =
• අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි ?
• නීතියට පිටින් ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට වීසා දීලා
• සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න – අජිත් ප්‍රසන්න (විඩියෝ)
• කන්දප්පලා ඉලක්කය ජයගැනීම හෙවත් ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව නඩු කීම
+++++++++++++++++++++++++++++++++++
අත්අඩංගුවට ගත් පාඨලී රිමාන්ඩ් කළේ ඇයි ?
(19.12.2019 – 18:18 +0530 – sinhala.adaderana.lk)
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදු කර සන්දීප් සම්පත් නම් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව ඊයේ (18) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව දෙසැම්බර් 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
අද (19) ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියේ මෙම සිද්ධියට අදාලව චම්පික රණවක මහතා විසින් අධිකරණය නොමග යවා ඇති බවයි.
නොසැලකිළිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ විමර්ශන වාර්තා අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් උපදෙස්වලට අනුවයි.
ඒ අනුව පාඨලී චම්පික මහතා බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ එම නිවසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද පැමිණ සිටියේය.
මන්ත්‍රීවරයා පොලිසිය විසින් රැගෙන යාමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එම ස්ථානයට පැමිණියේය.
අනතුරුව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ අතර එම ස්ථානයට පාක්ෂිකයින් රැසක්ද පැමිණ සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ සිටියේය.
මන්ත්‍රීවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඊයේ රාත්‍රී 09:40 ට පමණ ඔහුව කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඔහුව අද (19) දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඒ අනුව පාඨලී චම්පික රණවක මහතාව අද (19) පෙරවරු 09:15 ට පමණ යළිත් කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ඔහු රුගෙන එන අවස්ථාවේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙන ආකාරයද දක්නට ලැබුණි.
හිටපු අමාත්‍යවරයාව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
ඔහු පැවසුවේ මෙම නඩු කෘත්‍ය ආරම්භ වන්නේ හුදෙක් රිය අනතුරක් මුල්කරගෙන නොව සමස්ථ අධිකරණ ක්‍රියාවලියම නොමඟ යැවූ ප්‍රබල අක්‍රමිකතාවලින් සපිරුණු අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් වන බවයි.
2016 පෙබරවාරි 28 වනදා KT-7545 අංක හහඩුව සහිත විදුලිබල අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරු පැදියක් සමඟ ගැටී රාජගිරිය ප්‍රෙද්ශයේදී අනතුරක් සිදුව ඇති බවත් එහිදී යතුරු පැදියේ පසුපස ගමන්ගත් තරුණයා ජීප් රථයට ඉදිරියෙන් විසිවී ගොස් මාර්ගයේ වැටී තිබූ අතර යතුරු පැදිය පැදවූ සංදීප් ගුණවර්ධන නම් තරුණයා එම ස්ථානයේම ඇද වැටී තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවේය.
එහිදී රජයට අයත් ජීප් රථය පැදවූ රියදුරු සිය පැති වීදුරුව පහත් කොට ඇද වැටී සිටි තරුණයින් දෙස බලා ඒ මොහොතේම රථයෙන් පලා යාමට තැත් කොට ඇති අතර එය HIT AND RUN නොහොත් අනතුරක් සිදුකර පළායාමක් වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේය.
නමුත් එම මොහොතේදී අනතුරට පත් යතුරු පැදිය සමඟම තවත් යතුරු පැදියක පැමිණි තරුණයින් දෙදෙනෙක් ජීප් රථය ලුහුබැඳ ඇති බවත් එම රථය වේගයෙන් රාජගිරිය සරණ පාර ඔස්සේ කොටා පාරට පිවිස රාජගිරිය ආයුර්වේද මංසන්ධිය දෙසට ධාවනය වෙමින් තිබියදී ජීප් රථය හරස් කොට නවත්වා ගැනීමට එම තරුණයින් දෙදෙනා සමත් වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , එහීදී එක් තරුණයෙක් ජීප් රථයේ ඉදිරිපස වම් දොර විවෘත කිරීමත් සමඟම , රාත්‍රී 09:30 ත් පසුවී තිබූ මොහොතක අවු කණ්නාඩි පැලඳ සිටි රියදුරා ‘‘මම අමාත්‍ය පාඨලී චම්පික රණවක’’ යනුවෙන් තමා හඳුන්වා දී, අවශ්‍යනම් බොරැල්ල පොලිසියට පැමිණෙන ලෙස තරුණයින්ට පවසා ඇති බවයි.
එම අවස්ථාවේදී තරුණයින් දෙදෙනා මුහුණවරින් ඔහු හඳුනාගත්තද අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ රියදුරා වම්පස දොර විවෘතව තිබියදීම රථය යළිත් වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් පලාගොස් ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.
මෙවැනි පසුබිමක ‘තුසිත කුමාර’ නැමැත්තෙක් සිද්ධියෙන් පැය කිහිපයකට පසු බොරැල්ල පොලිසීයට ඉදිරිපත් වී තිබූ බවත් බොරැල්ල පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.
නමුත් රිය අනතුර සිදුවූ ස්ථානය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුත්තේ වැලිකඩ පොලිස් ස්ථානය වන බැවින් තුසිත කුමාර නැමැත්තාව පසුව වැලිකඩ පොලීසියට ඉදිරිපත් කර තිබූ අතර වින්දිත තරුණයින්ට වඩා පොලිසිය වැඩි උනන්දුවකින් කටයුතු කර ඇත්තේ ඉදිරිපත්වූ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට බවටද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රථවාහන අධිකරණයේ විභාග වී අවසන් වූ නඩුවට වැලිකඩ පොලිසිය ඉදිරිපත් කළ ප්‍රකාශ වල සඳහන් වන්නේ වාහනය පැදවූයේ පාඨලී චම්පික රණවකගේ රියදුරා වන බවද දිලිප පිරීස් මහතා පෙන්වා දුන්නේය.
නමුත් ඒ ප්‍රකාශ සටහන් කරගත් පොලිස් කොස්තාපල්වරයාගෙන් මෙම විමර්ශනයට අදාළව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමාට ඉහළ නිලධාරියෙක් වන ලක්මාල් නැමැති නිලධාරියාගේ උපදෙස් මත පාඨලී චම්පික රණවක මහතාගේ නම ප්‍රකාශවල සටහන් නොකර සිටි බව ඔහු පිළිගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
ලක්මාල් නැමැති නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැලිකඩ රථවාහන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි තමා එසේ කළ බව ඔහු පැවසූ බවත්, රථවාහන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කටයුතු කර ඇත්තේ වැලිකඩ පොලිස් ස්ථානාධිපති ‘අස්මන්ත’ නැමැති නිලධාරියාගේ උපදෙස් පරිදි වන බවත් අනාවරණ වී ඇතැයි අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.
එමෙන්ම රියදුරා බව පවසමින් ඉදිරිපත් වූ රියදුරාගේ දුරකථන සංඥා ඇතුළු පරිවේශනීය සාක්ෂි කිසිවක් සිදුවීම සමග නොගැළපෙන අතර සිදුවීමට ගැළපෙන්නේ පාඨලී චම්පික රණවකගේ දුරකථන සංඥා වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.
‘ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි’ යනුවෙන් පොලිස් ලාංඡනයේ ලියා ශරීරයේ පැළඳගෙන සිටි පමණින් ධර්මය සුරැකෙන්නේ නොමැති බව පොලිසිය අවබෝධ කරගතයුතු බවත් මෙම ක්‍රියාව දේශපාලන බලය සහ ධන බලය යොදාගෙන සිදුකරන ලද ඉතාම බරපතල ගණයේ ක්‍රියාවක් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පවසා සිටියේය.
වැලිකඩ පොලිසිය සිද්ධිය ඇසින් දුටු අයගේ ප්‍රකාශ විකෘති කරමින් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වී ඇති අතර එවකට කොළඹ දිසාව භාරව සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට ඔහුගේ සම්බන්ධයද විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර ඔහුවත් ඉදිරියේදී මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන බවද පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ සිය දේශපාලන බලය භාවිත කරමින් නීතිය නැවීමට කටයුතු කිරීමට නොහැකි බව මෙවැනි තනතුරු දරන්නන්ට ප්‍රබල පණිවිඩයක් සමාජගත කිරීමට අවශ්‍ය බැවින් මූලික විමර්ශන සිදුවන මේ අවස්ථාව සැකකරුට ඇප ලබාදීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවන බවයි.
මෙම අයුතු අධම ක්‍රියාදාමය වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බවත් නිල ඇඳුමින් මෙම ක්‍රියාවට හවුල්වූවන්ටද දැඩි දඩුවම් ලබාදිය යුතු හෙයින් පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය.
කෙසේවෙතත් අත්අඩංගුවට පත් පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පැවසුවේ තම සේවාදායකයාට එරෙහිව ඇති චෝදනා කිසිවක් ඇප පනත අනුව ඇප ලබාදීමට නොහැකි චෝදනා නොවන බවයි.
ඇප පනතේ 14 වන වගන්තිය යටතේ ඇප ලබාදීමට නොහැකි චෝදනා තම සේවාදායකයාට එරෙහිව ඇත්නම් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමාද විරුද්ධ නොවන බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.
එවැනි චෝදනා කිසිවක් ඔහුට නොමැති බැවින් ඔහුට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටි අතර ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම නීතී කරුණු රැසක් ඉදිරිපත් වූ බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදුකිරීමට අධිකරණයට සිදුවන බවයි.
ඒ අනුව විමර්ශන මුල් අවස්ථාවේ පැවතීම හේතුවෙන් සැකකරු මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය මීලඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව යළි බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ එය වාර්තා කිරිමට අධිකරණය ඉදිරිපිටට පැමිණ සිටි මාධ්‍යෙව්දියෙකුට එක්සත් ජාතික පක්ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා විසින් පහරදීමක් සිදු කර ඇත.
මංජුල පෙරේරා මීට පෙර ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිද්ධියේදිද ඇයගේ නියෝජිතයෙකු ලෙස පෙනි සිටියේය.
පසුව පහරකෑමට ලක්වු මාධ්‍යෙව්දියා විසින් කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව පහර දුන් මංජුල පෙරේරා අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගැනුණු මංජුල පෙරේරා අද (19) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි ඔහු රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණි ෴
***************************************
නීතියට පිටින් ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට වීසා දීලා
(20.12.2019 – 06:33 +0530 – lankaleadnews.com)
මෙරට නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ස්විස් තානාපති කාර්යාලය හිටපු කොටි 200 කට ස්විස්ටර්ලන්තයට යෑමට සංක‍්‍රමණික වීසා ලබාදී ඇත.
ඇව්රෝ ගුවන් යානාව පිපිරවූ කුලම්ගේ සිට ත‍්‍රිකුණාමල කොටි හමුදා නායක දයා මෝහන් සහ වත්මන් කොටි නායක ජෙයපාලන් චෙල්ලයියාටත් ස්විස්ටර්ලන්තයට යෑමට ස්විස් තානාපති කාර්යාලය සහාය වුණා යැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.
මෙලෙස සංක‍්‍රමණික වීසා ලත් හිටපු කොටි කවුරුන්දැයි ස්විස් රජය එරට නීතිය හමුවේ අනාවරණය කර නැත. මේ පිරිස ස්විස් යෑමට පෙර තානාපති කාර්යාලය ශ‍්‍රී ලංකා රජයට දන්වා නැත.
වන්නි මෙහෙයුමින් පසු යළි මෙරට කොටි සංවිධානය නගාසිටුවීමට පැමිණ හමුදා ප‍්‍රහාරයකින් මියගිය ස්විස් කොටි ක‍්‍රියාකාරී ගෝපිගේ බිරිය වූ ෂර්මිලාටද ස්විස් තානාපති කාර්යාලය වීසා ලබාදී තිබේ ෴
***************************************
සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න – අජිත් ප්‍රසන්න
(19.12.2019 – 19:38 +0530 – sinhala.adaderana.lk)
අපරාධ නීතිය සැමට සමාන විය යුතු බව ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය :
“අපරාධ නීතිය සැමට සමානයි. අපරාධ නීතියෙන් පාඨලී, රාජිත, බදියුදීන්ලා, සාලිලා, හකීම්ලා ව්‍යුක්ත වෙන්නේ නෑ. මේ අය අපරාධ නීතියෙන් අත්අඩංගුවට ගන්න පොලීසියෙන් බලතල තියෙනවා. ඒ සඳහා කථානායකවරයාගෙන් අවසර ඕනේ නෑ.
එක්නැලිගොඩ, කීත් නොයා, උපාලි තෙන්නකෝන්, කොටුව 11 ක් පැහැර ගැනීමේ නඩුව හා ලසන්ත ඝානනය ගැන නැවත විමර්ශන පටන් ගන්නවා.
සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න. පාඨලීගෙන් එක්නැලිගොඩ ගැන ප්‍රකාශයක් ගන්න”
***************************************
කන්දප්පලා ඉලක්කය ජයගැනීම හෙවත් ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව නඩු කීම
(18.12.2019 – 07:25 +0530 – lankaleadnews.com)
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, අධ්‍යක්‍ෂව සිටි ශානි අබේසේකර, රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පා, සහකාර පොලිස් අධිකාරී තිසේරා ඇතුළු කල්ලිය විසින් පසුගිය කාලයේ සිදුකළ විමර්ශන පක්‍ෂග‍්‍රාහී සහ සැකයට තුඩුදුන් ආන්දෝලනාත්මක ඒවා බව අප අනාවරණය කරනු ලැබුවේ බොහෝ කලක සිටය.
එසේ පක්‍ෂග‍්‍රාහීව විමර්ශන සිදු කෙරුණු බව මේ වන විට මව්වරුන්ට රහසේ වඳ සැත්කම් සිදු කළ බවට චෝදනා එල්ලවූ කුරුණැගල රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන් සිද්ධියෙන් තහවුරැ වී අවසන්ව ඇත.
පසුගියදා එම නඩුව කුරුණැගල අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ ඒ බව හෙළි කෙරෙන සිදුවීමක් අධිකරණය ඉදිරියේ දිගහැරිණි.
කුරුණෑගල පොලිස් අත්අඩංගුවේ සිටියදී තමන් භාරයට ගත් වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
ඒ විමර්ශන අවසානයේ අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සාෆිට ඇප හිමිවීමේදී පැනවුණු එක් කොන්දේසියක් වූයේ සෑම සතියකට වරක්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටිය යුතුය යන්නය.
එවන් ඇප කොන්දේසියක් පැනවී තිබුණද පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී වෛද්‍ය සාෆි සීඅයිඩියට පැමිණි නැති බව පසුගියදා එම නඩුව විභාග වෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
එහිදී වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ නීතිඥවරුන් සඳහන් කරනු ලැබුවේ සිය සේවා දායකයා මඩකලපුව ප‍්‍රදේශයට ගොස් සිටියදී කොළඹ පැමිණීමට අසීරුවූ බවය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටියදී රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පාගේ සහ ඒඑස්පී තිසේරාගේ අවසර මත මඩකලපුව සීඅයිඩී ඒකකයේ අත්සන් තැබූ බවය.
මෙහිදී පැන නැගෙන බරපතළ ගැටලුව වන්නේ මේ අන්දමින් අධිකරණ නියෝගයක් වෙනස් කිරීමට ඒඑස්පී තිසේරාට සහ නිශාන්ත සිල්වා කන්දප්පාට බලය ලැබුණේ කෙසේද යන්නය.
එවන් බලයක් කොහෙත්ම ඒඑස්පී තිසේරාට සහ කන්දප්පාට නැත. මෙය පැහැදිලිවම අධිකරණයට කරනු ලැබූ අපහාසයක් ලෙස පෙනී යන්නකි. එසේ වුවද මේ මොහොතේත් ඒඑස්පී තිසේරා කිසිදු ගැටලුවකින් තොරව පොලිසියේ රාජකාරි කරන්නේය.
යම් ලෙසකින් තිසේරලා විසින් පසුගිය කාලයේ දඩයම් කරනු ලැබූ බුද්ධි අංශ නිලධාරියකු අධිකරණයෙන් ඇප හිමිවීමෙන් පසු මේ අන්දමට නොපැමිණියේ නම් ඒඑස්පී තිසේරලාගේ හැසිරීම මෙසේ වනු ඇතිද?
නැත. එවැන්නක් වැරදීමකින් හෝ සිදුවූයේ නම් ශානි අබේසේකර, තිසේරා ඇතුළු කල්ලිය විසින් අධිකරණයට කරනු ලබන කරුණු වාර්තා කිරීම හමුවේ නියත වශයෙන්ම අදාළ බුද්ධි අංශ නිලධාරියාට සිදු වනුයේ ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් නඩුව අවසන් වනතුරු සිරබත් බුදින්නටය.
මේ අනුව බලන කල බුද්ධි අංශ දඩයම තුළදී ජාතික ආරක්‍ෂාව වනසා දමමින් සිදු කරනු ලැබූ කාලකණ්ණි වැඩ කොතෙක් පෙන්වා දුන්නද මහාමේරු පර්වතය සේ නොසැළී කැකිල්ලේ විමර්ශන කි‍්‍රයාදාමය දිගටම කරගෙන ගිය ශානි අබේසේකර, ඒඑස්පී තිසේරා සහ නිශාන්ත කන්දප්පා ඇතුළු කල්ලියේ සිත් වෛද්‍ය සාෆි ඉදිරියේ උණු වී තිබෙන්නේ පුදුමසහගත අයුරිනි.
කල්පනා කර බලන විට මොවුන් වඳ දොස්තර සාෆි සහබ්දීන් ඉදිරීයේ නීතිය නැවීමෙන් පමණක් නතර වී නැත. කල්ලියම සිට ඇත්තේ තුන්තිස් පැයේ සාෆි ඉදිරියේ දෙකට නැවීගෙනය. ජාතියේ මව්වරුන් දරු දුකින් වැළපෙද්දී තරු, පටි පමණක් නොව ධර්මචක‍්‍රයද උර පැළඳගත් මේ කුණු කඳන් හැසිරී ඇත්තේ මොනතරම් අලජ්ජී අන්දමටද? කොතරම් පහත් ආකාරයටද?
මෙසේ වෛද්‍ය සාෆි සහබ්දීන් ඉදිරියේ කොඳු බිඳගෙන ලීලෙ පෑ සීඅයිඩී කල්ලිය පසුගිය කාලයේ යුද සහ නාවික බුද්ධි නිලධාරීන්ට එරෙහිව කළ විමර්ශනවලදී සියල්ල සිදුකරමින් සිටින්නේ විජාතික බලවේග සහ කොටිහිතවාදී ඩයස්පෝරාවේ කොන්ත‍්‍රාත් ලෙසින් බව අප රටට පෙන්වා දුන් වාර බොහෝ ගණනකි.
එහිදී කිසිදු හිරිකිතයකින් තොරව ලෝකයට අනාවරණය කළ රාජ්‍ය සහ යුද රහස්ද බොහෝ විය. යුද්ධයෙන් පසුවත් ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන්ම බුද්ධි අංශ විසින් කි‍්‍රයාත්මක කරතිබූ ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය කි‍්‍රයාන්විත කිහිපයක්ම මේ විමර්ශනවලට මුවා වී සම්පූර්ණයෙන්ම වනසා දමන්නට මොවුහු කටයුතු කළහ. යුද හමුදාව කි‍්‍රයාත්මක කරතිබූ ඔපරේෂන් ‘ඩබල් එජ්’ මෙහෙයුම සහ නාවික බුද්ධි අංශ සිදු කළ ‘බ්ලැක් ෆෝකස්’ මෙහෙයුම මෙහිදී උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
විශේෂයෙන් ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයේදී සහ වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව සිදු කළ විමර්ශනයේදී කෙරුණු එවන් කුජීත වැඩ බොහෝ විය.
ලසන්ත ඝාතනය, තාජුඩීන් සිද්ධිය, වැලිකඩ කැරැල්ල, රවිරාජ් ඝාතනය, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, ආදී ලෙසින් පසුගිය කාලයේ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ තිසේරා ඇතුළු කල්ලිය යුද සහ නාවික බුද්ධි අංශවලට එරෙහිව පසුගිය කාලයේ කරනු ලැබූ විමර්ශන සියල්ලේදීම පාවා දීම හැර වෙනත් කිසිත් සිදු නොවීය.
එක් අයකු දෙන්නකු නොව දහස් ගණනින් බුද්ධි නිලධාරීන් සීඅයිඩියට කැඳවා ප‍්‍රශ්න කරනු ලැබීය. ඔවුන්ගේ ඇඟිලි සලකුණු සටහන්, අත්අකුරු සටහන්, රහස් ඡායාරූප ආදිය ලබා ගනිමින් අනන්‍යතාව අනාවරණය වන ආකාරයෙන් කටයුතු කළේය.
අද එකී තොරතුරු සේම අධිකරණ නියෝග අනුව සීඅයිඩිය යුද හමුදාවෙන් ලබාගත් බොහෝ සංවේදී තොරතුරු ද නිශාන්ත සිල්වා කන්දප්පා විසින් ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් අවසන් බව ඉකුත් දිනවල සීඅයිඩිය තුළින්ම කියැවිණි.
නිශාන්ත කන්දප්පා ඇතුළු මෙකී කල්ලිය සිදු කළ කිසිදු විමර්ශනයකට පැහැදිලි සාක්‍ෂි තිබුණේ නැත. එහෙත් බුද්ධි නිලධාරීන් එක පෙළට සිරගත කිරීම නම් සිදු විය. පැහැදිලි සාක්‍ෂි නොතිබුණාට සාක්‍ෂි නිර්මාණය කිරීම සහ රජයේ සාක්‍ෂිකරුවන් ලෙස බුද්ධි නිලධාරීන් බිලිබා ගැනීමට ගත් උත්සාහයන් නම් බොහෝ විය.
විජාතික බලවේග සහ කොටි ඩයස්පෝරාව සමඟ සුසංයෝගීව සියල්ල පසුපස සිටියේ රාජිතලා, මංගල සමරවීරලා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ ද්‍රෝහී බලවේග බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. රාජිත සේනාරත්නගේ සහ මංගලගේ ඒ අලජ්ජී හැසිරීමේ තරම මේ වන විට රට ඉදිරියේ හෙළදරව් වී තිබෙන්නකි.
මෙසේ පසුගිය රජය පැවති සිව් වසරක කාලය පුරා සිදු කෙරුණු බුද්ධි අංශ දඩයම අතරේ ඉකුත් ජනාධිපතිවරණයට රට මුහුණ දෙමින් සිටියදී සීඅයිඩිය තුළින් මතුවූ තවත් කුමන්ත‍්‍රණයක්ද විය.
එහිදී ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලියේ ඉලක්කය වී තිබුණේ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඔවුන් එතෙක් කළ විමර්ශන අනුව කෙසේ හෝ මහාධිකරණ හමුවේ නඩු පැවරෙන තැනට කටයුතු කිරීම වූහ.
ඒ තුළ අරමුණු දෙකක් තිබිණි. එකක් වූයේ මොන අන්දමින් හෝ පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රබලම අපේක්‍ෂකයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කරමින් ජාතිකවාදී කඳවුරේ ජයග‍්‍රහණය වැළැක්වීම විය.
දෙවැන්න වූයේ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කෙරෙද්දී ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සලයට අවශ්‍ය සාක්‍ෂි මෙරට අධිකරණයක් තුළින්ම නිර්මාණය කර දීමය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය පෙනෙන මානයේ තිබියදීත් ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය සිටියේ එතැනය. මෙසේ අරමුණු දෙකක් ඉලක්ක කරමින් සීඅයිඩිය දියත් කළ කුමන්ත‍්‍රණයට අනුව පසුගිය කාලයේ සිදු කළ විමර්ශන අතරින් කෙසේ හෝ මහාධිකරණ හමුවේ නඩු පැවරීමක් සිදු කිරීම සඳහා ඔවුන් තෝරාගත් සිදුවීම් දෙකක් තිබිණි.
වැල්ලවත්තේදී තරුණයන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගත්තේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව සිදුකළ විමර්ශනය ඉන් එකකි. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී එයට අවශ්‍ය වටපිටාව සැකසෙමින් තිබුණද අවසානයේ සීඅයිඩියේ බලාපොරොත්තු සුන් කරමින් එය ව්‍යර්ථ වී ගියේය.
පසුගිය කාලයේ සිදුකළ ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනය මෙහිදී සීඅයිඩියේ දෙවැනි තෝරා ගැනීම විය. එහිදී සීඅයිඩියට ජය අත්විය.
ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ කර්නල් ශම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි නිලධාරීන් හත් දෙනකුට කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ එක් නඩුවක් පැවරුණි.
කර්නල් ප‍්‍රබෝධය සිරිවර්ධන ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් නව දෙනකුට එරෙහිව හෝමාගම මහාධිකරණය ඉදිරියේ තවත් නඩු පැවරීමක් සිදු විය.
එසේ වුවද මේ මොහොත වන තුරුත් ප‍්‍රගීත් එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න පිළිබඳව ශානි අබේසේකර, කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය නොදන්නේය.
මේ නඩු දෙකම පැවරී තිබෙන්නේ ඉකුත් යුද සමයේ සහ ඉන් පසුවද ජාත්‍යන්තරය දක්වා විහිදී ගිය ‘ඔපරේෂන් ඩබල් එජ්’ මෙහෙයුම ඇතුළු රට වෙනුවෙන් බුද්ධි මෙහෙයුම් රාශියක් දියත් කරමින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ ගිරිතලේ පිහිටි යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් පිරිසකට එරෙහිවය.
වෙලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ ඉකුත් යුද සමයේ සහ ඉන් පසුවද ගිරිතලේ බුද්ධි කඳවුර යනු මෙරට ප‍්‍රතිබුද්ධි මෙහෙයුම්හි මර්මස්ථානයක්ව තිබුණකි.
එහිදී සිදු කෙරුණු ජාතික ආරක්‍ෂාවට අතිශය වැදගත් ශී‍්‍ර ලංකා යුද හමුදාවට පමණක්ම ආවේනික වූ ඉතාම රහසිගත සංවේදී ප‍්‍රතිබුද්ධි මෙහෙයුම් බොහෝ විය.
එසේ තිබියදී එහි රාජකාරී කළ යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට එරෙහිව ශානි අබේසේකර, නිශාන්ත කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලිය සිදුකළ ප‍්‍රගීත් එක්නැලිගොඩ විමර්ශනයට අනුව පැවරී ඇති කොළඹ ති‍්‍රපුද්ගල මහාධිකරණයේ නඩුව අද (18 වැනිදා) විභාග වීමට නියමිතව ඇත.
හෝමාගම මහාධිකරණයේ නඩුව හෙට (19 වැනිදා) විභාගයට ගැනෙන්නේය. මෙහිදී අපි වගකීමෙන් සඳහන් කරන්නෙමු. ගරු අධිකරණයේ කි‍්‍රයාවලිය පිළිබඳ අපට කිසිදු ගැටලුවක් නැත. අප මේ කියන්නේ ඉන් පරිභාහිරව සිදුවන කතාවය.
මේ මොහොත වන විට ප‍්‍රගීත් එක්නැලිගොඩ මැරිලාද නැද්ද යන්න නොදැන සිටියද ඉහත කී බුද්ධි නිලධාරීන්ට මිනී මරුම් චෝදනා එල්ල කරමින් ශානි අබේසේකර සහ ඒඑස්පී තිසේරා විසින් මෙහෙයවනු ලැබූ විමර්ශනයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වූ නිශාන්ත සිල්වා කන්දප්පා සිටිනුයේ සිය දරුපවුලද සමඟින් ස්විට්සර්ලන්තයට පැන ගොසිනි.
කන්දප්පාගේ එකී පැන යෑම සිදුව තිබෙන්නේ ද පසුගිය කාලයේ බුද්ධි අංශවලට එරෙහිව සීඅයිඩිය සිදුකළ විමර්ශනවලදී එක්රැස් කරගත් ජාතික ආරක්‍ෂාවට වැදගත් වන සංවේදී රහස් රාශියක්ද සමඟය.
ස්විට්සර්ලන්තයේ ජීනීවාහිදී මීළඟ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇරඹෙන්නේ ලබන මාර්තු මාසයේදී ය. මෙවර සැසිවාරය කෙසේ වෙතත් ජිනීවා ප‍්‍රහාරය යනු දිගින් දිගටම අපට එල්ල වන්නකි.
ඒ තත්ත්වය තුළ ගිරිතලේ තුන්වන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන්ට එරෙහිව ප‍්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය හමුවේ නඩු දෙකක් විභාග වෙද්දී හරස් ප‍්‍රශ්න ඇසෙනු ඇත. එහිදී එළියට එන්නේ මොනවාද?
ගිරිතලේ වැනි මර්මස්ථානීය වූ බුද්ධි කඳවුරක් තුළ සිදුවූ ශී‍්‍ර ලංකා යුද හමුදාවට පමණක් ආවේනික වූ ඉතාම සංවේදී යුද රහස් හෙළිදරව් නොවනු ඇතිද?
පසුගිය කාලය පුරාම බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කළ ශානි අබේසේකර, නිශාන්ත සිල්වා කන්දප්පා සහ ඒඑස්පී තිසේරා ඇතුළු කල්ලියේ ඉලක්කය වී තිබුණේද මේ වළට රට ඇද දැමීමය. මෙරට අධිකරණයක් තුළින්ම ජීනීවාවලට තොරතුරු අනාවරණය කර දීම ඔවුන්ගේ ඉලක්කය විය. මේ සිදු වන්නට යන්නේ ඒ මාවත විවර වීමක් නොවේද?
– සමන් ගමගේ (18.12.2019 දිවයින පුවත්පත)
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Swiss government is obviously being manipulated by these former LTTE terrorists and their supporters in Swistzerland through the manipulation of votes. The politicians in that country and those in the government are willing pawns in the hands of terrorists and that is why the Swiss government and its embassy are complicit in the despicable behaviour of this crooked woman sriyalatha aka Garnier. Perosnally i think siwss should be told to pack their bags and go home as they are enemies of our country. The president is too tolerant with these rascals.