‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කළදා ‘ඉෂාරා සෙව්වන්දි’ සැඟවුණේ වැලිපන්නේ නිවෙසක
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කළදා ‘ඉෂාරා සෙව්වන්දි’ සැඟවුණේ වැලිපන්නේ නිවෙසක
(17.10.2025 – hirunews.lk)
- පළමු මාස එකහමාරම (1½) ගත කළේ ‘මතුගම ශාන්’ගේ රැකවරණය යටතේ
- ඝාතනයෙන් පසුදා සිට මාස එකහමාරක් (1½) නැවතුණේ දොඩන්ගොඩ නිවෙසක
- දැන දැනම සිද්ධිය වසන් කළ අලුත්ගම ‘පීසී’ත් අත්අඩංගුවට
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කළදා රාත්‍රියේ ‘ඉෂාරා සෙව්වන්දි’ නවාතැන්ගෙන තිබුණේ වැලිපැන්න ප්‍රදේශයේ නිවෙසක බව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.
ඒ අනුව, ‘ඉෂාරා සෙව්වන්දි’ට සැඟව සිටීමට පහසුකම් සැපයීමත්, රැකවරණය ලබාදීමත් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ පොලිස් කොස්තාපලයෙක් ඇතුළු සිව් දෙනෙක් (4) පොලීසිය අද (17) පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
අලුත්කඩේ උසාවියේදී ඉකුත් පෙබරවාරි 19 වෙනිදා ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමෙන් ‘සෙව්වන්දි’ රැඳී සිටි වැලිපැන්නේ නිවෙස හිමි කාන්තාව අදාල පොලිස් කොස්තාපල්ගේ බිරියගේ මව බවට කරුණු හෙළිව තිබෙනවා.
සැකකාර අලුත්ගම පොලිසියේ කොස්තාපල් ‘ඉෂාරා සෙව්වන්දී’ තම නැන්දණියගේ නිවෙසේ රැඳී සිටි බව දැන දැනත් ඒ බව සඟවාගෙන සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබුණා.
අදාල නිවෙස් හිමි කාන්තාවගේ පුත්‍රයා ‘මතුගම ශාන්’ ගේ ළඟම හිතවතෙක් බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් ‘මතුගම ශාන්’ගේ ඉල්ලීම මත සැකකාරිය එදින තම නිවෙසේ ‘සෙව්වන්දි’ට නවාතැන් දී තිබූ බව වාර්තා වෙනවා.
අනතුරුව පසු දින සිට මාස එකහමාරක (1½) පමණ කාලයක් ඇය සැඟව සිට ඇත්තේ දොඩංගොඩ වෙනත් අයකුගේ නිවෙසකයි.
එම නිවසේ හිමිකරු ද ‘මතුගම ශාන්’ගේ පාසල් මිතුරෙක් බව ද සඳහන්.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඔහුව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව ඇය සැඟවී සිට ඇතැයි අනාවරණය වී තිබෙන්නේ මිද්දෙණියේයි. මාසයක (1) පමණ කාලයක් ඇය මිද්දෙණියේ රැඳී සිට තිබෙනවා.
‘බැකෝ සමන්’ විසින් ඇයට රැකවරණය ලබා දී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.
එම නිවස ද මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කර තිබුණා.
ඒ අනුව එම නිවෙසේ හිමිකරු ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.
පසුව ‘ජේ.කේ. බායි’ නමැත්තාගේ මෙහෙයවීමෙන් ‘සෙව්වන්දි’ මිද්දණියේ සිට වවුනියාවටත් අනතුරව යාපනයටත් ගොස් බෝට්ටුවකින් ඉන්දියාවට පළා ගොස් තිබුණා ෴
+++
+++
‘ඉෂාරා සෙව්වන්දි’ ගෙන් තවත් ආන්දෝලනාත්මක තොරතුරු එළියට
(17.10.2025 – 19:33 +0530 – sinhala.adaderana.lk)
‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ‘ඉෂාරා සෙව්වන්දි’ ගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා ‘කෙහෙල්බද්දර පද්මේ’ හඳුනාගත් බවය.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන ‘සමිඳු දිල්ෂාන් පියුමංග’ නැමැත්තාව ‘පද්මේ’ විසින් තමන්ට හඳුන්වා දෙනුලැබූ බවද ‘ඉෂාරා’ විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.
‘කොහොම හරි ඌ ලව්වා වැඩේ කරගන්නා’ ලෙස තමන්ට ‘පද්මේ’ පැවසූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව තමන් ඔහු සමග සමීප සබඳතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙය වූ බවද ‘ඉෂාරා’ පවසා තිබේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ සමග පැවැති හිතවත්කම හේතුවෙන් කිසිඳු මුදලක් ඒ සඳහා ලබා නොගත් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වේ.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබරවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකු වන ‘මතුගම ශාන්’ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක (1½) කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා තිබේ.
අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස වෙත ගොස් ඇත.
එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ, අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.
එමෙන්ම එහි රැඳී සිටි ඇය, මැයි 06 වැනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවැති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
එම දිනය තෝරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටි නිසා බව ද වාර්තා වේ.
ඒ කාලය තුළදී තමන් කිසිඳු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවත් ඇය පවසා තිබේ.
මේ අතර ‘ඉෂාරා සෙව්වන්දි’ අද (17) දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතැන්ගෙන සිටි මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට ද ඇයව රැගෙන ගොස් තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, ඇයට නවාතැන් ලබාදුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම දොඩංගොඩ නිවසේද නවතැන් ලබාදුන් පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ ඇයට නවාතැන් ලබාදුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේවෙතත් එම කාන්තාව ‘හරක් කටා’ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ’ සේවකයාගේ බිරිය බව පොලිසිය සඳහන් කළේය.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වා මහතාගේ අධික්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරයි ෴
අන්තර්ජාල දෝෂය නිසා ලයිසන්වලට පොලිසියෙන් සහනයක්
(17.10.2025 – hirunews.lk)
ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LCG) පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අඩාල වීම හේතුවෙන්, පොලිසිය රියැදුරන්ට සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක් වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය රියදුරන් වෙත ලබා දෙන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවයි.
මේ අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම පමා වී සිටින රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය ඔවුනට සහන සලසනු ඇති බව සඳහන් ෴
විමල්ගේ පෙත්සම් දෙකක් (2) නිශ්ප්‍රභ වෙයි
(17.10.2025 – hirunews.lk)
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් (2) විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මෙම පෙත්සම් අද (17) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
+++
+
රුපියල් කෝටි 30 කට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු තොගය
(17.10.2025 – 22:46 +0530 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවෙකු මහියංගනය ආදි වාසී ගම්මානයේදී වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විල්පත්තුව, රිටිගල හා මහියංගනය වනජීවි නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක් මත සැකකරු අද (17) අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක අංශ වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මාස ගණනාවක් පුරාවට සිදුකළ විමර්ශනයක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය මෙරටදී එකම ස්ථානයකින් සොයා ගන්නා ලද විශාලතම ගජ මුතු තොගය බවද වනජීවි නිලධාරීන් පවසයි.
එහිදී ගජමුතු 30 ක්, දිවියෙකුගේ සමක කොටස්, ඇත් දළයක කොටස්, දිවියෙකුගේ තෙල්, කරුවල ශාක කොටස්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, සතුන් ඇල්ලීමට යොදා ගන්නා මදු සහ වනජීවි වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් දැඩි ආරක්ෂිත ශාකයක් වන දඹ ශාකවල කොටස් ද නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඇත් දළ උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ සකසමින් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු වනජීවි භාරයේ රඳවා සිදුකරන විමර්ශනවලින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය ෴
+++
+
ඥාණසාර හිමි මාධ්‍ය කැඳවා මාලිමාවේ ‘මුනීර් මුලාෆර්’ ගැන හෙළිකරයි (17.10.2025)
+
‘හාල් වසන්තයෝ’ ගිහින් පාරේ හිඟාකාපන් – කාවින්ද ජෙපි ආණ්ඩුව හාන්සිම කරලා දායී (17.10.2025)
+
ලක්මාලි අධිකරණයට අපහාස කරලා ?? ලක්මාලිත් හිරේ යයිද ?? (17.10.2025)
+
මේක මහා පිස්සුවක් – සමලිංගික ප්‍රවර්ධනය ගැන හරිනි වහාම කියන්න (17.10.2025)
+
තේ ඇඩ් එක කුණුහරපයක්ද ? (17.10.2025)
+
සෝම හාමුදුරුවන්ගේ පංසලේ වජිරඥාණ පුවරුව ඩෝසර් කළේ කවුද ? උකස් කඩකාරයින්ට මෙච්චර බලයක් කොහෙන්ද ? (17.10.2025)
+
අනුර දැන් ජේවීපී නෙවෙයිද ? අනුර UNP නායකයා වෙයිද ? (17.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴