(01.09.2019 – divaina.com)
- හාමුදුරුවන්ට දානය දෙන්නත් කවුරුවත් නෑ
- පුරාණ ගල් කණු ගෙවල් හදන්නත් අරන්
- පන්සල් භූමිය එදා අක්කර 73 යි අද අක්කර 3 යි
මුහුද ගොඩගැලීමෙන් හානියට පත් වන සිය රට බේරා ගැනීම පිණිස මුහුදට බිලි වුණ කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන විහාර මහදේවිය රැගත් යාත‍්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ තොටමුණකට ගොඩ ගැසූ බව පැවසේ. මෙලෙස විහාර මහදේවිය ගොඩ ගැසූ ස්ථානය කතරගම අසල කිරින්ද යයි පැවසේ. ජනප‍්‍රවාදයේ පවතින මේ පුරාවෘත්තයට අනුව විහාර මහ දේවිය ගොඩට පාවී අවුත් ඇත්තේ වත්මන් පොතුවිල් අසල මුහුදු මහා විහාර සීමාවටයි. එකල රුහුණේ රජ කළ කාවන්තිස්ස රජුට මෙම පුවත දැන ගන්නට ලැබී වහාම එහි අවුත් විහාර මහදේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව පැවසේ.
ඒ අයුරින් මුහුදු මහා විහාරය රුහුණු රජ පෙළපතේ සිට බෞද්ධ සැදැවතුන්ගේ වන්දනාමානයට පාත‍්‍රව තිබූ ප‍්‍රධාන සිද්ධස්ථානයකි. ක‍්‍රි. ව. පළමු වන සියවසේදී මහදැළියමානා නොහොත් මහා දාඨික මහා නාග රජ තුමා විසින් මෙම විහාරය ඉදිකරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි.
කලක් ගත වෙද්දී මුහුදු මහා විහාරයට අයත් පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන් මුහුදු කෑමට ලක් වීමෙන් විහාරයට අයත් භූමි ප‍්‍රදේශයේ බොහෝ ප‍්‍රමාණයක් මුහුදුට බිලි විය. එලෙස කලක් ගත විමෙන් පසු විහාර භූමිය වසාගෙන වැලිකඳු ගොඩ ගැසෙන්නට විය. අවසානයේ එක්වරම එහි පන්සලක් තිබූ බවටවත් පෙනෙන්නට සලකුණු නොතිබුණි.
එලෙස කලක් ගතවිය. ශී‍්‍ර ලංකා රාජ්‍යත්වය අවසන් වී ඉංගී‍්‍රසින්ගේ පාලන සමය උදාවිය. එම ඉංගී‍්‍රසි ජාතිකයන් මෙරට පුරාවස්තු පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූවේය. එ අනුව රටපුරා ඇති පුරා වස්තු පිළිබඳව ඔහුන් සොයා බැලූවේය. එවැනි අවස්ථාවක දී මුහුදු මහා විහාරය පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමුවුණි. එහෙත් ඉංගී‍්‍රසි ජාතිකයන් මුහුදු මහ විහාරය පිළිබඳව වැඩි තැකිමක් සිදු කළේ නැත.
එක්දහස් නව සිය පනහ දශකයේදී පමණ නැගෙනහිර පළාත තුළ පුරාවස්තු පිළිබඳව ගවේෂණයක් සිදු කළේය. ඒ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙනි. ඒ අනුව ඔහු මුහුදු මහා විහාරය ඇතුළත් බිම් කඩද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කළේය. ඒ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන්ය. අක්කර හැත්තෑ දෙක (72) කුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනකුත් මේ රක්ෂිතයට අයත් විය.
මුහුදු මහා විහාර රක්ෂිතය හඳුනා ගැනීමෙන් පසු මෙහි ගවේෂණ කටයුතු සහ කැණීම් කටයුතු ආරම්භ කළේය. ඒ 1975 වර්ෂයේ දීය. එහෙත් ඒ වන විට අක්කර හැත්තෑ දෙකක මූලික හඳුනා ගැනීම් අන් සන්තකව තිබූ බවට සාක්ෂි හමු විය. ඒ අනුව නැවත වරක් තිබෙන බිම් කොටස් පමණක් ගෙන 1965 වර්ෂයේ මැයි මස 28 වන දින මුහුදු මහා විහාර භූමිය නැවත රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කළේය.
එලෙස නම් කිරීමෙන් පසු යළි කැණීම් කටයුතු ආරම්භ කළේය. ඒ පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි රාජා ද සිල්වා මහතා අවධියේ දීය. එම කැණීම් කටයුතු වලදි අනුරාධපුර යුගයෙන් පසුභාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් සහ පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද සොයා ගැනුණි. තවද රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප‍්‍රතිමාවක් මෛත‍්‍රිය බෝධිසත්ව පිළිමයක් ද සොයා ගත්තේය.
මෙම කැණිම් අතරතුර ඉතාමත් තුච්ච ගණයේ අපරාධයක්ද සිදු වුණි. ඒ සොයාගත් බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන යෑමයි. පසුව කළ පරීක්ෂණවලදී මෙහි සිටි පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ළිප් ගලකට එම හිස ගෙන ඇති බව සොයා ගැනීමට හැකි විය.
වර්ෂ 1978 වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි. මෙම විහාර සීමාවේ තවදුරටත් ගවේෂණ කටයුතු සිදු කර මෙහි අනන්‍යතාව නිවැරදිව හඳුනා ගත යුතුව තිබූ නමුත් එකල පැවති කොටි ත‍්‍රස්ත කලබල නිසා එය නිසියාකාරව අවසන් කිරීමට නොහැකි විය.
තත්ත්වය එසේ තිබියදී මෙම විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුතනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී මෙම විහාරස්ථානයට වැඩම කළහ. එලෙස පැමිණි ස්වාමීන් වහන්සේ පුරාණ බෝධින් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත්හ.
එකල මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යා මුරකරු ලෙස කටයුතු කළේ මුස්ලිම් ජාතිකයෙකි. නමින් ඔහු මජීඞ් වහාබ් ය. මීට පෙර අවස්ථාවේදී බුදු පිළිමයේ හිස සොරාගත්තේද මොහු විසින්ය. පූජ්‍ය තංගල්ලේ සිරි සුතනන්ද ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයේ වැඩ සිටීම ගැන මෙම මුසල්මානුවා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එම නිසා නිරන්තරම පාහේ මෙම මුසල්මානුවා උන්වහන්සේට තාඩන පීඩන එල්ල කළේය. එම නිසා වැඩි කලක් උන්වහන්සේට එහි වැඩම සිටිමට නොහැකි විය.
එහෙත් මෙරට සමහර සංඝයා වහන්සේ ජීවිතය පරදුවට තබා හෝ මුහුදු විහාරය ආරක්ෂා කිරීමට කටයුතු කළහ. එ අනුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද හා සද්ධා නන්ද යනුවෙන් ස්වාමීන් වහන්සේ දෙනමක් වරින් වර එහි වැඩ වාසය කළහ. ඉන් පසු පූජ්‍ය කතරගම සිරිරතන හිමියෝ මුහුදු මහා විහාරයට වැඩම කොට එකල පැවති කොටි ත‍්‍රස්වාදී කලබල මධ්‍යයේ පවා ඉතා දුකසේ වැඩ වාසය කරමින් මේ සිද්ධස්ථානය ආරක්ෂා කළහ. එහෙත් පෙර කී මජීඞ් වහාබ් නමැති මුරකරුගේ නිරන්තර අඩන්තේට්ටම් වලට උන්වහන්සේට මුහුණ දීමට සිදුවූහ.
මුහුදු විහාරය අවට පදිංචිව සිටියේ මුසල්මානුවන්ය. ඔවුන්ගෙන් නිරන්තරයෙන්ම මෙම ඓතිහාසික වටිනාකමකින් යුතු විහාරස්ථානයට වූයේ අඩන්තේට්ටම්ය. එම මුසල්මානුවන්ගේ එකම අරමුණ වූයේ විහාරස්ථානයට අයිති භූමි භාගය ඔවුන් සතු කර ගැනිමයි. ඉතා සූක්ෂම අයුරින් රජයේ සමහර දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ සහායද ඇතිව එම අන්තවාදි මුසල්මානුවෝ එය කරගෙන ගියහ.
මෙම විහාරයට පිවිසෙන මාවත මුහුදු මහා විහාර මාවත ලෙසට නම් කර තිබියදී එම පුවරුව ගලවා මස්ජිතුල් පලාෆ් මාවත යනුවෙන් නම්කර වෙනස් කරන ලද්දේ මේ විහාරය අවට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් මුසල්මානුවන්ය. එසේම වන්දනාව සඳහා මුහුදු මහා විහාරයට සපැමිණෙන සිංහල බෞද්ධයන්ගේ මග අවුරණු පිණිස පාර දෙපැත්තේ සීමාව කුඩා කිරීමට ද මොවුහු ක‍්‍රියා කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ වන්දනා කරුවන් සහ ස්වාමීන් වහන්සේ ද නිරන්තර පීඩාවට පත් වීමයි.
පුරා විද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වන මජීඞ් වහාබ් වරක් පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදී. මේ ආකාරයට කොටි ත‍්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩකඩම් වලින් අක්කර හතක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම්වරු සන්තක කිරීමට එකල ප‍්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක‍්‍රියා නොකළහ. නීතියෙනුත් පිහිටක් නොමැති මෙවැනි දහසක් අසාධාරණකම් රැසක් හමුවේ උන්වහන්සේ නොබියව මුහුදු මහ විහාරය ආරක්ෂා කරගැනීමට වෙහෙසුණහ.
කාලය එලෙසින් ගෙවී ගියේය. පූජ්‍ය කතරගම සිරරතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධුරයට පත් වුයේ පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේය. වර්තමානය වනවිටත් විහාරාධිපති ධුරය හොබවන්නේ ද උන්වහන්සේමය. උන්වහන්සේ මුහුදු විහාරය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආරම්භ කළහ. ඒ අතර 2012 වර්ෂයේදී දිනක් මුස්ලිම්වරු මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. උන්වහන්සේ ඒ වෙනුවෙන් නොබියව මුහුණ දුනුනේය. වගකිව යුතු නිලධාරීන්ගෙන් සත්‍යා ඉටු කරදෙන ලෙස ඉල්ලා සටන් කළහ. එතුළ රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. එහෙත් මුහුදු විහාරය වෙනුවෙන් දැනෙන දෙයක් කිරීමට ඔවුනට නොහැකි විය.
සත්‍ය ඉටුනොවන තැන මුහුදු මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ සහ එම විහාරයේ විනයාධිකාරි පූජ්‍ය උදලමත්තේ රතනප‍්‍රිය ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ යළිත් වරක් නිතීයේ පිහිට පැතීමට තීරණය කළහ. ඒ අධිකරණය මාර්ගයෙන්ය. වර්ෂ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන් අක්කර හැත්තෑ දෙක (72) කුත් රූඩ් තුනකුත් (03) පර්චර්ස් දහතුන (13) කුත් මුහුදු මහ විහාර භූමියට අයත් වී තිබුණි. එහෙත් වර්තමානය වන විට එම විහාරයට අයිතිව තිබෙන්නේ අක්කර 03 කටත් වඩා අඩු භූමි ප‍්‍රමාණයකි. ඉතිරි ඉඩම් සියල්ලම මුසල්මානු අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් අයිති කරගෙන තිබේ.
එහි ඇති පුරාවස්තු සියල්ල විනාශ කර තිබේ. ඒ සමගම පසුගියදා විහාර භූමියට අයත් වෙරළ තීරයේ වැලිගොඩ දැමීමටද අවසර ලබාදී තිබේ. රක්ෂිත භූමියක එලෙස නිතී විරෝධී අයුරින් වැලි ගොඩ දැමීමට අවසරය ලබාදී ඇත්තේ පොතුවිල් ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින්ය. උන්වහන්සේලා දැන් සටන් කරන්නේ මුහුදු මහ විහාරයට අයිති එම ඉඩම් නැවත මුසල්මානු අන්තවාදින් ගෙන් ලබා ගැනීමටයි.
ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පසුගිය දිනක මුහුදු මහ විහාරයට ගියේය. ඒ මුසල්මානු අන්තවාදීන් ගෙන් එම විහාරයට, භූමි භාගයට සහ භික්ෂුන්වහන්සේට සිදුවී ඇති අසාධාරණය ගැන සොයා බැලීමටයි. ඒ ගමනට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ද එක්විය.
මුසල්මානු අන්තවාදින්ගෙන් සිදුවී ඇති අසාධාරණ කම් ගැන පළමුව ඉරාජ් වීරරත්න මහතා සමග අදහස් දැක්වූයේ මුහුදු මහ විහාරයේ විනයාධිකාරි පූජ්‍ය උදලමත්තේ රතනප‍්‍රිය ස්වාමීන් වහන්සේයි.
‘‘මුහුදු මහ විහාරයට ඈත අතීතයේ සිටම මුසල්මානු අන්තවාදීන්ගෙන් දැඩි කරදර සහ බලපෑම් එල්ල වුණා. මේ අන්තවාදීන් එක්වරක් මෙහි නායක ස්වාමීන්වහන්සේව වැඩ සිටි කතරගම සිරිරතන හිමියන්ගේ හිසට පොල්ලකින් ගහලා තුවාල සිදු කරා. එදා උන්වහන්සේගේ හිසට මැහුම් 21 ක් ගැහුවා. එත් වගකිවයුතු නිලධාරීන් ගත්තෙත් ඒ අන්තවාදීන්ගේ පැත්ත. තවත් වරක් මෙම අන්තවාදීන් හාමුදුරුවරු තුන් නමක් ගස් බැඳලා සිවුරුවලින් කට වහලා එළිවෙනකන් ගස් බැඳලා තිබුණා. ඒ තරම් දරුණු ගනයේ අන්තවාදීන් පිරිසක් තමයි මේ පන්සල වටේ ඉන්නේ.’’
‘‘මේ මුසල්මානු අන්තවාදින්ට වුවමනා මෙම විහාරයේ ඉතුරු ටිකත් විනාශ කරලා දාන්න. ඒකට රජයේ වග කිවයුතු දේශපාලනඥයන් සහ සමහර නිලධාරිනුත් උදව් කරනවා. ඇයි එහෙම කරන්නේ. මේක සිංහල බෞද්ධ රටක් වෙලත් මෙහෙම වෙනවා කියන්නේ මොන තරම් ඛේදවාචකයක්ද?‘ බලන්න මුස්ලිම් ආගමික ස්ථානයකට මේවැනි දෙයක් වුණනම් මොකද වෙන්නේ කියලා.’’
‘‘සමහරු කියනවා බෞද්ධ භික්ෂුවක් වන මම අන්තවාදියෙක් කියලා. ඔව් මම අන්තවාදියෙක් ඒත් හැමොටම නොවෙයි. මේ ඓතිහාසික වටිනාකමකින් යුතු මුහුදු මහ විහාරය සහ ඒ වටේ ඉන්නේ අන්තවාදින්. අන්න ඒ අන්තවාදින්ට තමයි මමත් අන්තවාදි වෙන්නේ. ඒ මේ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානය බේර ගන්න. මේක මගේ පෞද්ගලික දේපළක් නොවෙයි.’’
මුසල්මානු අන්තවාදීන්ගෙන් සිදුවී ඇති අසාධාරණකම් ගැන ඉන් පසු අදහස් දැක්වූයේ මුහුදු මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේය.
‘‘වසර කිහිපයකට පෙර සල්ගාදු කියලා විදුහල්පතිවරයෙක් ඇවිත් තියෙනවා මේ පන්සල බලන්න. මුසල්මානු අන්තවාදීන් ඔහුට පන්න පන්නා පහර දීලා තියෙනවා. ඔහු ඒ ගැන ලොග් සටහනකුත් දාලා තියෙනවා. අන්න එහෙමයි මුසල්මානු අන්තවාදින් අපිට සලකන්නේ. එම අන්තවාදීන්ගෙන් වෙන කරදර හිරිහැර මෙපමණයි කියලා කියන්න බැහැ. දැන් අපි කියන්නේ මෙච්චරයි. මෙම විහාරයට අයත්ව තිබුණ ඉඩම් අක්කර හැත්තෑ දෙකකුත් රූඞ් තුනකුත් පර්චස් දහතුන යළි පන්සලට ලබා දෙන්න.’’
‘‘මුසල්මානුවන් මෙම ඉඩම්වල බොරු ලියකියවිලි සාදාගෙන බලෙන් පදිංචි වෙලා ඉන්නේ. සමහරු පුරාණ ගල් කණු පවා ගලවලා නිවාස හදාගෙන තියෙනවා. තවත් සමහරු ඒ ගල් කණු නිවාසවල කණු වලට අරගෙන මායිම් කණු වෙනස් කරලා. තියෙන පුරාවස්තු සියල්ල විනාශ කරලා එත් අදාළ බලධාරීන් මේවා නොදැක්කා වගේ ඇහැ කන පියාගෙන ඉන්නවා.’’
‘‘අදාළ බලධාරීන්ගෙන් සාධාරණයක් ඉටුනොවන නිසා තමයි අපි අධිකරණයේ සහාය පතන්නේ. දායක සභාවක් නැහැ. හරියට දානේ දෙන්න කවුරුත් නැහැ. වන්දනාවේ එන සැදැහැවතුන්ගෙන් තමයි දෙයක් ලැබෙන්නේ. එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරලා තමයි අපි මේ පන්සල රැක ගන්න හදන්නේ. දේශපාලනඥයෝ කව්රුත් මේ ප‍්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. ඒ ජන්ද නැතිවෙයි කියලා බයට. මම බෞද්ධ ජනතාවගෙන් එක ඉල්ලීමක් කරනවා එන්න ඇවිත් බලන්න සිදුවෙලා තියෙන ජාතික අපරාධය ගැන. මේක මගේ පෞද්ගලික දේපළක් නොවෙයි. රටේ ජනතාවගේ දේපළක්.’’
අවසානයේ ඉරාජ් වීරරත්න මහතා මෙම සිද්ධිය පිළිබඳව තම අදහස් පළ කළේ මෙලෙසින්ය :
‘‘මුහුදු මහ විහාරය ගැන ගොඩක් දේවල් මට දකින්න අහන්න ලැබුණා. ඒක නිසා මම පසුගිය 19 වැනිදා මුහුදු මහ විහාරය ගැන සොයා බලන්න ගියා. ගිය පසු තමයි දැන ගන්න ලැබුණේ පන්සල වටේම ඉන්නේ අන්තවාදීන්. එම අන්තවාදීන් පුරාවස්තු විනාශ කර දමලා. පසුව අපි ඒවා බලන්න ගියා. එතකොට අපට මුසල්මානු අන්තවාදීන් පහරදෙන්න සූදානම් වෙලා තියෙන්නේ යකඩ පොලු අරගෙන. අපේ වෙලාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදයශාන්ත ගුණසේකර එතන හිටියා. එක නිසා අපි බේරුණා. නැත්නම් ඒ අන්තවාදින් අපිට ගහනවා.’’
‘‘අපිට කිසිවක් කරගන්න බැරිවුණ නිසා එම අන්තවාදීන් සිටියේ දැඩි වෛරයකින්. ඒත් එක් මුසල්මානු අන්තවාදියෙක් විනයාධිකාරි උදලමත්තේ රත්නප‍්‍රිය ස්වාමීන් වහන්සේට අත මිටි කරගෙන පහර දෙන්න පැමිණියා පිටිපස්සෙන්. අපි ඒක විඩියෝ කරලා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කළා. ඒ මේ අන්තවාදීන්ගේ හැටි ලෝකයාට පෙන්වන්න.’’
‘‘මෙච්චර දෙයක් වෙලත් ලොකු ලොක්කෝ නිහඬයි. පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්නවා. කෝ ඒ අය කිසි සද්දයක් නැහැ. මම අහනවා සජිත් පේ‍්‍රමදාස ගෙන් මේ සම්බන්ධයෙන් කිසි දෙයක් කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. පන්සල් හදනවා කියලා හැම තැනම කෑ ගහනවා. එත් තියෙන පන්සලක්වත් රැකගන්න බැහැ. එයා බෞද්ධයෙක්ද කියලත් සැකයි මට නම්.’’
‘‘තව රන්ජන් රාමනායක කියනවා ස්වාමින්වහන්සේ සැප විඳිනවා කියලා. මම එයාට කියනවා කොළඹ ඉන්නේ නැතිව ගමේ පන්සල්වලටත් ගිහින් බලන්න ස්වාමින්වහන්සේ කොච්චර දුක් විඳිනවද කියලා. තව මම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මුහුදු මහ විහාරය මුසල්මානු අන්තවාදීගෙන් බේර ගන්න එකතු වෙන්න කියලා.’’
ඉරාජ් වීරරත්නගේ කතාවේ සත්‍යක් ඇත. මුහුදු මහ විහාරය කලක සිට මුසල්මානු අන්තවාදීන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් විනාශකර දමා ඇත. දැන් එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇත. එම අන්තවාදීන් දැන් එලිපිටම ස්වාමින්වහන්සේට පහරදීමට තරම් දරුණු වී ඇත. එම නිසා දේශපාලනඥයන් සහ වගකිව යුතු නිලධාරීන් පක්ෂ පාට පසෙකලා මෙම ඓතිහාසික වටිනාකමනින් යුතු මුහුදු මහ විහාරය රැක ගැනීමට පියවර ගන්න. එසේ නොකළහොත් තව ටික කලකින් මුහුදු මහ විහාරය තිබුණ ස්ථානයේ කුඩා සලකුණක්වත් ඉතිරි නොවනු ඇත. මුසල්මානු අන්තවාදීන් ඒ තරමටම දරුණු වී ඇත.
– ගයාන් සමරසිංහ
+++++++++++++++++++++
+++++++++++++++++++++
***************************************
ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්
(09.09.2019 – 14:20 +0530 – hirunews.lk/sinhala)
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය නිවේදනය කළේ වත්තල – මාබෝල, ජා-ඇල සහ කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
එසේම, වත්තල, මහර සහ ජා-ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවනවා ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴