රුපියල් දෙකෝටියකට විද්ද කතක් (1) ඇතුලු සැකකරුවන් අටක් (8) අත්අඩංගුවට
රුපියල් දෙකෝටියකට විද්ද කතක් (1) ඇතුලු සැකකරුවන් අටක් (8) අත්අඩංගුවට
(23.10.2025 – hirunews.lk)
පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි දෙකකට (2) අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟී යන පරිදි සැලසුම් කර එම මුදල් පැහැරගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් අට දෙනකු (8) පොලිසිය අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය විසින්.
පෑලියගොඩ පොලිස් වසමේ නාරංමිණිය ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 22 වැනිදින සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක් කර තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
එහිදී එම ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයකු සන්තකයේ තිබූ බෑගයක් තුළ රුපියල් ලක්ෂ තිහක (30,00,000) මුදලක් තිබී ඇති අතර, අදාල මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු ත්‍රිරෝද රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසියි පවසනවා.
එම සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනයට අයත් මුදල් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ල කෑමක් සිදු වූ බවට හැඟී යන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බවට අනාවරණය වී තිබුණා.
වැඩිදුර විමර්ශන සිදු කර මෙම අපරාධයට අදාලව තවත් රුපියල් ලක්ෂ 15 ක මුදලක් සමඟ සැකකාරියක් (1) සහ රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතලිස් පන්දාහක මුදලක් (2,22,45,000) සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙකු (5) මෙන්ම අපරාධයට යොදාගත් යතුරු පැදියක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 45 ත් අතර හා සැකකාරිය වයස අවුරුදු 60 ක් වන කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය පවසන්නේ.
කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
ඩුබායි පෙන්නා රුපියල් ලක්ෂ 8 කට විද්ද ජාවාරමෙක් අල්ලයි
(23.10.2025 – hirunews.lk)
අන්තර්ජාලය ඔස්සේ දැන්විම් පළකොට ඩුබායි රටේ රැකියා ලබා දෙන බව පවසා ත්‍රිරෝද රථ රියදුරකුගෙන් රුපියල් ලක්ෂ 08 ක මුදලක් වංචනික ලෙස ලබා ගෙන සැඟවි සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන තිබුණා.
මේ මුදල සැකකරුගේ බැංකු ගිණුමට බැර කර ගැනීමෙන් පසුව ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වා අන්තර් ජාලයේ පළ කර තිබූ එම දැන්වීම ද ඉවත් කර ගෙන තිබුණා.
පසුව සැකකරු උපක්‍රමශීලීව පොලිසියට ගෙන්වා ගෙන අත් අඩංගුවට ගෙන ඇති අතර මොහු උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙක්.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩබ්ලිව්. එම්. ඩී තිලකසිරි මහතා අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් වරුන් වන රත්නායක (90071), කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීන් විසින් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
‘සෙව්වන්දි’ රටින් පැන්නූ ‘ආනන්දන්’ සැඟවූ ගිනි අවි යාපනයෙන් හමුවෙයි
(23.10.2025 – hirunews.lk)
‘ඉෂාරා සෙව්වන්දි’ට රටින් පළා යෑමට උදව් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘ආනන්දන්’ නමැත්තා විසින් සඟවා තැබුණු ගිනි අවි දෙකක් (2) යාපනය ප්‍රදේශයෙන් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් සඟවා තැබුණු මෙම ගිනි අවි දෙක (2) සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
පොලිසිය පැවසුවේ යාපනය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම ගිනි අවි දෙක (2) අද (23) පෙරවරුවේ සොයාගත් බවයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් (2) එලෙස සොයා ගත් අතර, එම ගිනි අවි ඔහුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණ වී නැහැ.
පොලිසිය සැකකරන්නේ එම ගිනිඅවි එල්.ටි.ටි.ඊ. සංවිධානය භාවිත කළ ඒවා බවට සැකකරන බවයි.
ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ මෙහෙයවීම යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනවා.
මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ට රටින් පළා යෑමට සහාය දැක්වු පුද්ගලයින් සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.
ඒ අනුව ‘ඉෂාරා සෙව්වන්දි’ ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇයට ඉන්දියාවට පළා යෑමට සහාය දැක්වූ ප්‍රධානතම ජාවාරම්කරු ලෙස සැලකෙන ‘ආනන්දන්’ නමැත්තෙකු කිළිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණා.
විමර්ශන නිලධාරීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී ඇත්තේ, ‘ඉෂාරා සෙව්වන්දි’ කිළිනොච්චියේ සිට යාපනයට රැගෙන ගොස් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට යැවීම සඳහා ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් ඔහුට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දී ඇති බවයි.
යාපනයේදී බෝට්ටුවට නැගි ‘ඉෂාරා’ එතැන් සිට ඉන්දියාවට ගෙන ගොස් ‘ජේ.කේ. බායි’ නමැත්තාට බාර දීමේ වගකීම ‘ජැෆ්නා සුරේෂ්’ නමැත්තාට පැවරී තිබු අතර, ඒ වෙනුවෙන්ද ‘පද්මේ’ විසින් ඔහුට ගෙවීම් සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා ෴
අල්ලස් නිලධාරියකු ලෙස පෙනී සිටි කලමනාකරුවෙක් දැලේ
(23.10.2025 – hirunews.lk)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරීමට බලපෑම් කිරිමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කරනවා.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස පෙනී සිට, රජයේ නිලධාරීන්ට එම හැඳුනුම්පත ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය නිසි ලෙස ඉටු කිරීමේ දී බලපෑම් කිරීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ද එම කොමිසම සඳහන් කරනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ, පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙක්.
සැකකරු ඊයේ (22) පස්වරු 07:21 ට පමණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
යාපනයේ සිංහල හෝටල් ඉවත් කරන්න – ප්‍රාදේශීය සභාවෙන් ලියුමක් සිංහලයන්ට යවයි (23.10.2025)
+++
යාපනේ සිංහලුන්ට තහනම්ද ? දෙමළ මාලිමා මන්ත්‍රීගේ නියෝගය ! (23.10.2025)
+
මේක මහජන ආණ්ඩුවක් නෙවෙයි, පාතාල ආණ්ඩුවක්… (23.10.2025)
+
මේක අපි හිටපු ජේවීපීය නම් නොවෙයි… මේක අලුත් UNP එකක් (23.10.2025)
+
ආනන්ද විජේපාල කළේ, අන්තිම පහත් කැත වැඩක්… මනුෂ්‍යත්වයට සුදුසුම නෑ (23.10.2025)
+
ඔමායාටයි සුරංගයාටයි දැන් හොඳට නින්ද යනවා ඇති නේද ? (23.10.2025)
+
රු. බිලියන 100 ක මහා බියර් වංචාවක් ගැන – සිවිල් ක්‍රියාකාරීන් මාධ්‍යට සියල්ල හෙළිකරයි (23.10.2025)
+
වලං හෝදපු එකා රහස් පොලිසියේ ලොක්කා – පොහොට්ටු ලේකම් ආණ්ඩුවේ සායම යවයි (23.10.2025)
+
වාහන මාෆියාවේ හොම්බ බිම ඇනෙයි – රු. ලක්ෂ 40 කට අද (23) ආපු වාහන සෙට් එක මෙන්න (23.10.2025)
+++
BAW E7 EV Electric Car
https://www.brownsev.com/baw/e7-ev/
+
මේ හදන්නේ කොන්ඩම් සංස්කෘතිකයක් හදන්න – සමලිංගික ප්‍රජාව පෙන්වලා මහා මුදල් ඉපයිමේ ව්‍යාපාරයක් (23.10.2025)
+
ජපන් තානාපති කාර්යාලය ළඟ උණුසුම් – සත්ව සංවිධානවල විරෝධය (23.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴