ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා..
ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා..
(21.08.2025 – 22:02 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වනු ලැබීය.
ඒ මහතාගේ ප්‍රකාශය අනුව, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදු වී ඇත.
ජාත්‍යන්තර ප්‍රසම්පාදන කටයුතු සඳහා ටෙන්ඩර්කරුවන්ට සාමාන්‍යයෙන් සති හයක (6) කාලයක් ලබා දිය යුතු වුවද, මෙම ගල් අඟුරු ටෙන්ඩරය සඳහා එම කාලය මුලින් සති පහ (5) දක්වාත්, පසුව සති තුන (3) දක්වාත් අඩු කර ඇති බව මන්ත්‍රී චානක මහතා පෙන්වා දුන්නේය.
කාලය කෙටි කිරීමේ ක්‍රියාවලිය : කැබිනට් පත්‍රිකා අංක 78/2025P මඟින් ටෙන්ඩර් කාලය සති පහක් (5) දක්වා අඩු කර ඇති බවත්, පසුව රටේ ගල් අඟුරු හිඟයක් ඇති වන බව පවසමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් සති පහක (5) කාලය සති තුනක් (3) දක්වා අඩු කරවා ගෙන ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ටෙන්ඩරය මාස එකහමාරක් (1½) ප්‍රමාද කර ඇති අතර, පෙර ආණ්ඩුව සමයේ ‘දූෂිත’ සහ ‘වංචාකාරී’ යැයි චෝදනා ලැබූ සමාගමකටම අලුතින් මාස හයක (6) කාලයක් ලබා දී ඇති බවට චානක මහතා චෝදනා කළේය.
සති තුනක් (3) වැනි කෙටි කාලයකින් ජාත්‍යන්තර ටෙන්ඩරයක් වසා දැමීම අසාමාන්‍ය බවත්, මෙය තමන්ට හිතවත් පාර්ශ්වයකට ටෙන්ඩරය ලබා දීම සඳහා සකස් කරන ලද ක්‍රමවේදයක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙම ටෙන්ඩරය සඳහා සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ත් 30 ත් අතර කාර්යසාධන බැඳුම්කරයක් තැබිය යුතු බවත්, එය සූදානම් කරගෙන සිටින හිතවත් පාර්ශ්වයකට ටෙන්ඩරය ලබා දීමට සූදානම් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගල් අඟුරු ටෙන්ඩරයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සභාපතිවරයකු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇති බව ද ඩී.වී. චානක මහතා හෙළි කළේය.
මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා, මෙම ප්‍රශ්නය ඩොලර් බිලියනයකට වඩා වටිනා බරපතල දූෂණයක් බව අවධාරණය කළේය. ඔහු චානක මහතාගෙන් විමසා සිටියේ මෙම ප්‍රකාශ වගකීමෙන් යුතුව කරන්නේද, ඒ සඳහා සාක්ෂි තිබේද යන්නයි. තවද, දූෂණයට විරුද්ධ අමාත්‍යවරයෙකු මෙවැනි වරදක් කරනු ඇති දැයි ඔහු ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී ඩී.වී. චානක මහතා අවධාරණය කළේ, මෙම වංචාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන මෙම ආණ්ඩුව කටයුතු කරන බවයි.
එහි දී ඩී.වී. චානක මහතා අදාළ ගනුදෙනුව සඳහා අනුමැතිය ලබා ගත් ගැසට් පත්‍රය සභාගත කළේය.
+
මාලිමාවෙන් මහා වංචාවක් සිදුවෙලා – මෙන්න සාක්ෂි (21.08.2025)
+
මෙතෙක් නොඇසූ රහස් රැසක් හිටපු ජනපති රනිල් අග ඉඳන් මුලට හෙළි කරයි (21.08.2025)
+
පොලිස්පතිවරයාගේ නම භාවිතා කරමින්, සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
(21.08.2025 – hirunews.lk)
“Attn: The Alleged Victim” යනුවෙන් සටහන් කර ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද, ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද අධිකාරී ලිපියක් ආකාරයෙන් පෙනීයන ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබෙන්නේ, මෙම ලිපියේ, ළමා හා කන්තා අපයෝජන විමර්ශන කාර්යංශයේ පොලිස්පති කාර්යාලය, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නාමය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යන අංශවල නාමයන්, ව්‍යාජ අත්සන් සහිත නිල මුද්‍රා යොදා ඇති බව නිරීක්ෂණය වී තිබෙන බවයි.
ශ්‍රී ලංකා පොලිසිය මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති අතර, මෙය ජනතාව නොමග යැවීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කරන්නේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දැනටමත් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රිරියාත්මක කරන බවයි නිවේදනයේ සඳහන් වන්නේ ෴
මරදාන-දෙමටගොඩ අතර දුම්රියක් පීලි පනී : දුම්රිය ධාවනයට බාධා
(21.08.2025 – hirunews.lk)
මරදාන සහ දෙමටගොඩ දුම්රිය අංගන අතර අද (21) පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පීලි පැනීමෙන් අනතුරට පත් දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴
PVC නළයක් තුළ හෙරොයින් පුරවා රැගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට
(21.08.2025 – 16:42 +0530 – sinhala.adaderana.lk)
PVC නළයක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සමත් විය.
පොලීසිය සඳහන් කළේ සැකකරු කිසියම් පුද්ගලයකුට ලබාදීම සඳහා මෙලෙස නළයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය පුරවා රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළ බවය.
එහි වටිනාකම රුපියල් කෝටි 2 ක් පමණ වන බවද නිලධාරීන් සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා පයගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ නළය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 175 ක් සොයාගත් බවද පොලීසිය පැවසීය.
මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් රැගෙන ආ මත්ද්‍රව්‍ය මෙලෙස තොග වශයෙන් බෙදාහැර ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වෙන බවත් පොලීසිය පවසයි ෴
දේශය රැකගත් වීරෝදාර රණවිරුවන් – ජිනීවා ඊනියා කුමන්ත්‍රණයෙන් බේරාගමු (21.08.2025)
+
ලියාපදිංචිය නැති ෆාමසි 2500 ක් රට පුරා…
(22.08.2025 – 02:10 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකාව තුළ පවතින පෞද්ගලික ඔසුහල්වලින් දෙදහස් පන්සියයකට (2500) ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලියාපදිංචි යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති බැවින් එම ඔසුහල් වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන නිසා ඉදිරි කාලයේදී එම ආයතන වැසී යාම සිදුවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ නියාමනා අධිකාරී පනත අනුව සුදුසුකම් සහිත සහතික ලත් ඖෂධවේදියෙකු නොමැති ඔසුහල් පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු පෙන්වා දෙයි. රට පුරා ඔසුසල් පන්දහසකට (5000) ආසන්න ප්‍රමාණයක් පවතින අතර ඒවා තුළ සුදුසුකම් ලත් ඖෂධ වෙදියකු සේවය කරනු ලබන්නේ දෙදහස් පන්සීයකට (2500) ආසන්න ඔසුහල් ප්‍රමාණයක ය.
මෙම වසර සඳහා පුද්ගලික ඔසුහල් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමේදී ඉහත ඔසුහල් හිමියන් මඟින් සුදුසුකම් ලත් ඖෂධවේදී නොමැති නිසා ඒ සම්බන්ධව අයදුම් පත්‍ර ඉදිරිපත් නොකිරීම නිසා හෝ ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
දශක ගණනාවක් මුළුල්ලේ මෙරට පෞද්ගලික ඔසවල් පවත්වාගෙන යාමේදී නිසි නියාමනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීමත් සුදුසුකම්ලත් සහතික ලත් ඖෂධවේදීන් හෝ රජයේ පුහුණුවලත් ඩිප්ලෝමා උපාධිධාරී ඖෂධවේදීන් හෝ අනුයුක්ත කිරීම සඳහා නිසි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අසමත් වීම මත මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින් මෙම තත්ත්වය සඳහා කෙටිකාලින සහ දීර්ඝ කාලීන වැඩසටහනක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන අතර එසේ නොමැති වන්නේ නම් මෙම ඔසුහල් වැසී යාමෙන් ග්‍රාමීය මහජනතාවට ඖෂධ මිලදී ගැනීමට පවතින අවස්ථා සීමා වන බවද, ඔසුහල් ආශ්‍රිතව ජීවනෝපාය පවත්වාගෙන යන දසදහසකට ආසන්න ප්‍රමාණයකද රැකියා හිමිවන බවද ඔහු පවසයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴