තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි
(20.08.2025 – hirunews.lk)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (19) පැවති සාකච්ඡාව අසාර්ථක වූ අතර ඒ අනුව අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
සිය ගැටලු දැනුවත් කරමින් ජනාධිපතිවරයාට සංදේශයක් ලබාදීමට වර්ජනයේ නියුතු තැපැල් වෘත්තීය සමිති ඊයේ (19) කටයුතු කළ අතර එහිදී ඔවුන් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනකින් ගොස් එය භාරදුන්නා.
වර්ජනය හමුවේ නුවරඑලිය පැරණිතම තැපැල් කාර්යාලය වසා දැමීමත් සමග එම තැපැල් කාර්යාලය නැරඹීමට ඊයේ (19) පැමිණි දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් දැඩි අපහසුතාවයට පත් වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළා.
එවැනි පසුබිමක විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ අතිකාල ගෙවීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහ පැමිණීම්, පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් කිරීමට එකඟ නොවන තැපැල් සේවකයින්ට අවශ්‍ය නම් එම ගැටලු නොමැති වෙනත් රැකියාවකට යා හැකි බවයි.
ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ෴
+++
තැපැල් වර්ජනයෙන් කටුනායක කාගෝව පිරිලා
(20.08.2025 – hirunews.lk)
මේ දිනවල ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රටවලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් අද (20) දහවල් ‘කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ’ (Cargo Village) මෙසේ ගොඩ ගැසී තිබෙනවා.

+
සියලු විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයින් වර්ජනයක
(20.08.2025 – hirunews.lk)
සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල සහ අනුබද්ධ ආයතනවල අනධ්‍යන සේවකයින් මේ වන විට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේවා කියා සිටියේ, අයවැයේ ඇතැම් යෝජනා හේතුවෙන් විශ්වවිද්‍යාල සේවකයන් මුහුණදී සිටින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල පර්යේෂණ කටයුතු, දේශන, සායන හා සිසුන්ගේ අධ්‍යයන කටයුතු සියල්ල ඇනහිටිය හැකි බව ද ඔහු සඳහන් කළා ෴
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය කලින්ම එයි
(20.08.2025 – 11:57 +0530 – sinhala.adaderana.lk)
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් බස්නාහිර පළාත තුළ හෙට (21) සිදුකිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (20) උදෑසන 8 ට ගම්පහ මහ රෝහලේ දී හදිසියේ ආරම්භ කර තිබේ.
අද (20) උදෑසන ගම්පහ දිස්‍ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා, පරිපූරක වෛද්‍ය වෘත්තීය නිලධාරීන්ට අත්සන් තැබීම සිදුනොකරන ලෙසට උපදෙස් ලබාදෙමින් නිකුත් කර තිබූ ලිපියක් හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවාවේ සියලු නිලධාරීන් ගම්පහ රෝහලේ සියලු රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ඔහු ඊට නිසි පිළිතුරක් ලබාදීමට මේ වනවිටත් අපොහොසත් වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
මීට පෙර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (21) දිනයේ සිට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31 ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණි.
බරපතළ විෂමතාවයන් සහිතව සහ දැඩි විරෝධතා මධ්‍යයේ සකස් කළ “ස්ථාන මාරු නියෝග 2024” ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය නියෝග කිරීමත් සමග ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබුණි.
මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, වෘත්තියේ චිකිත්සක නිලධාරීන්, කතන චිකිත්සක නිලධාරීන්, ඖෂධවේදීන් ඇතුළු වෘත්තික කණ්ඩායම් 07 ක් සම්බන්ධ වන අතර වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සියලු වෘත්තිකයන් විසින් සිදුකරන විකිරණ පරීක්ෂණ, CT Scan පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, වෘත්තීය චිකිත්සක සේවා ඇතුළු සියලු සේවාවන් බිඳ වැටෙනු ඇත.
අද (20) රාත්‍රියේ රැස්වීමට නියමිත සියලු වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් හෙට (21) දිනයේ සිට සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය ගනු ඇතැයි ද පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය, ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
+++
වර්ජන පිට වර්ජන දැන්… මාර කේස් වෛද්‍යවරු එක් එකතු වෙලා වර්ජන (20.08.2025)
+
පුරාවිද්‍යා අධ්‍යක්ෂට අධිකරණයෙන් නියෝගයක්
(20.08.2025 – hirunews.lk)
නියෝජ්‍ය පෙලිස්පති බිරිදක ඇතුළු පිරිසක් නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කර ඇති අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ ඉඩම පුරාවිද්‍යා භූමියක්ද යන්න පරික්ෂා කර අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊයේ නියෝග කරා.
ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින්.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝගය කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින්.
මෙම සිදධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා ෴
විදේශිකයින්ට ලබාදෙන තාවකාලික ලයිසන් එකේ ගාස්තුව වැඩි කරන්න තීරණයක්
(20.08.2025 – hirunews.lk)
මාසයක කාලයක් සඳහා විදේශිකයින්ට රුපියල් 2000 ක මුදලකට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍ර ගාස්තුව ඉදිරියේදී ඉහළ නැංවීමට බලාපොරොත්තුවන බව සභානායක බිමල් රත්නායක පවසනවා.
සභානායකවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු මෙසේද පැවසුවා :
+
පෑලියගොඩ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි
(20.08.2025 – hirunews.lk)
පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ‘ඉබ්බගෙවත්තේ විනෝදන්’ ඝාතනයට පලිගැනීමක් ලෙස සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03 ක් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන අතර ඒ සදහා සීසීටීවි දර්ශන ඔස්සේ ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊයේ (19) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ, 41 හැවිරිදි ‘අයියප්පන් ප්‍රභූ’ නැමැති මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන අයෙක්.
එමෙන්ම සිද්ධිය වන අවස්ථාවේදී පාපැදියකින් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු (1) ද වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර ඔහු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම තුවාලකරු පෑලියගොඩ, නෙල්ලිගහ වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීම ‘පලනි රිමෝෂන්’ සහ ‘පූකුඩුකන්නා’ යන අපරාධකරුවන් අතර කලක සිට පවතින මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ‘පලනි රිමෝෂන්’ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බවටයි සැක කරන්නේ.
එමෙන්ම ‘පලනි රිමෝෂන්ගේ’ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල නායකයෙකු ලෙස කටයුතු කරන්නේ ‘කංජිපානි ඉම්රාන්’ බව ද සඳහන්.
මෙම වෙඩි තැබීමත් සමග මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගියා.
එහිදී 44 දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී රැදවියෙකු ළග තිබී ‘සයනයිඩ් කුප්පියක්’ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, ‘කුඩු සලිඳු’ගේ ගෝලයකු වන ‘තරිඳු මධුසංක’ නැමැත්තා සතුව තිබී එය සොයාගත් බවයි.
පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ‘කොමාන්ඩෝ කවිෂ්ක’ නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම ‘සයනයිඩ්’ බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බවටයි ෴
මුත්තියන්කට්ටු වැවේ ගිලී තරුණයෙකු මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් 04 දෙනා යළි රිමාන්ඩ්
(20.08.2025 – hirunews.lk)
මුලතිව් – මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් හතරදෙනා (4) මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ මොවුන් මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත් එස්.එච්. මාරූස් හමුවට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබලුන් පිරිස හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඉන් දෙදෙනෙකු (2) සාක්ෂිකරුවන් විසින් හදුනාගෙන තිබුණා.
පසුගිය 09 වනදා අබිලි යකඩ එකතු කිරීම සඳහා මුලතිව්, මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරට පැමිණි තරුණයකු යුද හමුදාව දැක පලායාමේදී මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගොස් සිටි අතර ඔහුගේ සිරුර පොලිසිය විසින් පසුව සොයාගනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් යුද හමුදා සැරයන්වරයකු ඇතුළු සෙබලුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා ෴
ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගනී – අධ්‍යාපන අමාත්‍යංශය
(20.08.2025 – hirunews.lk)
අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතීන් ඇගයීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න පවසන්නේ.
තවද, ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීම සඳහා වලංගුවන්නේ ‘ජාතික ප්‍රමිතීන්ට අනුකූල උපාධි’ පමණක් බව ඔහු අවධාරණය කළා ෴
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලවල දේශීය හා විදේශීය නිවාඩු අවලංගු කෙරේ
(20.08.2025 – hirunews.lk)
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩල සඳහා දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම්දෙනතුරු අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 හා එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව දේශීය, විදේශීය නිවාඩු අවලංගු කරමිනුයි පසුගිය 18 වැනිදා මෙම නියෝග නිකුත් කර ඇත්තේ.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස්ගත වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි පවත්වා ගෙන යාම දුෂ්කර වී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු සහ තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමද සීමා කර ඇති බැවින් මෙම පියවර ගැනීමට සිදුවන බවත්, එම චක්‍රලේඛයේ සඳහන් වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂිත වැඩසටහන් ප්‍රධානීන්, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංස්ථා මණ්ඩල ප්‍රධානීන් සහ අමාත්‍යාංශයේ සියලුම අංශ ප්‍රධානීන් දැනුවත් කරමිනුයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ෴
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර CIDයට
(20.08.2025 – hirunews.lk)
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශය’ට පැමිණ තිබෙනවා.
‘මුදල් විශුද්ධිකරණ පනත’ට අනුව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙසේ පැමිණ ඇත්තේ ෴
+++
FCID එකෙන් එළියට ආපු මනුෂ නානයක්කාර රහස් රැසක් එළියට දායී – මම නම් බය නෑ (20.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴