විදෙස්ගත ප්‍රබල මත්කුඩු ජාවාරම්කාර ‘පරෙයි සුදා’ ගෙන් 200 කට සාදයක් : බුද්ධි අංශ සියල්ල වීඩියෝ කරලා
විදෙස්ගත ප්‍රබල මත්කුඩු ජාවාරම්කාර ‘පරෙයි සුදා’ ගෙන් 200 කට සාදයක් : බුද්ධි අංශ සියල්ල වීඩියෝ කරලා
(18.08.2025 – hirunews.lk)
විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන වනාතේ ‘පරෙයි සුදා’ නමැත්තා සිය උපන් දිනය වෙනුවෙන් කෝට්ටේ පිහිටි සුපිරි උත්සව ශාලාවකදී දෙසීයකට (200) වැඩි සිය අනුගාමිකයන් ගෙන්වා සාදයක් පවත්වා ඇතැයි බුද්ධි අංශ පවසනවා.
මෙම සාදයට රුපියල් මිලියනයකට (10,00,000) වඩා මුදල් වැය කර ඇති අතර සාදය සංවිධානය කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුගේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන පදනමක රැස්වීමක් ලෙසින් බව සදහන්.
මෙම සාදයට කොළඹ නගරයේ විවිධ වතු ආශ්‍රිත පිරිස් පැමිණ ඇත්තේ එකම වර්ගයේ ඇඳුම් ඇඳගෙනය. කාන්තාවන්ට ඒ සඳහා කල්තියා සාරි ද පිරිමි පුද්ගලයින්ට ටී-ෂර්ට් ද ලබා දී තිබෙන බව බුද්ධි අංශ සඳහන් කරනවා.
මෙම සාදය පසුගිය සති අන්තයේ රාත්‍රී කාලයේ පවත්වා තිබෙනවා. මත්කුඩුවලින් උපයා ගන්නා කළු සල්ලි සුදු කිරීමට මෙම පදනම සකස්කර ඇති බවත් ඒ පිටුපස සිටින ජාලය මේ වන විට බුද්ධි අංශ හඳුනාගෙන ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කරනවා. මෙම සාදයට සජීවී ලෙස ‘පරෙයි සුදා’ විසින් විදේශයේ සිට වීඩියෝ දුරකථන ඇමතුමක් ඔස්සේ සම්බන්ධව සිට ඇති බවයි බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.
මත්කුඩු මුදල් වැය කරමින් ‘පරෙයි සුද්දා’ විසින් පසුගිය පොසොන් පොහොය දින රුපියල් 15,000 බැගින් වූ බඩු මලු 1000 කට වැඩි ප්‍රමාණයක් බොරැල්ලේදී බෙදා දී ඇතැයි පවසනවා.
සුපිරි වෙළඳ සැලකින් මෙම බඩු මලු ලබාගෙන තිබුණු අතර ලොරි සහ කන්ටේනර්වල පැටවූ එම බඩු මලු දින දෙකක් (2) පුරාවට බෙදා දී තිබූ අතර, හාල් කිලෝ 10 ක්, බිත්තර 10 බැගින් අඩංගු පැක් එකක් ද එම බඩු මලුවල ඇතුළත්ව තිබී ඇත්තේ.
එමෙන්ම බත් පාර්සල් 2000 ක්ද ඊට සමගාමීව බෙදා හැර ඇති බව බුද්ධි අංශ සඳහන් කළා. මෙම සාදය ආරක්ෂක බුද්ධි අංශ විසින් වීඩියෝගත කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴
කඩුවෙල කැලඹූ ආයුධ තොගයේ ඇත්ත කතාව මෙන්න (18.08.2025)
+
ආණ්ඩුවට තවත් ලෝක ලෙඩක් වැටෙයි – ශ්‍රී ජ’පුර නගර සභාවේ ගෙවල් හොරෙන් විකුණලා (18.08.2025)
+
දින තුනක් (3) රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට අමුත්තන් ඇතුළුවීම අත්හිටුවයි
(18.08.2025 – hirunews.lk)
බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ ආලින්දයට අමුත්තන් ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව අදාළ කාලසීමාව තුළ පිටත්වීමේ ලොබියට අමුත්තන් ඇතුළුවීම සඳහා පහසුකම් සපයනු නොලබන බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසන්නේ.
කාර්ය බහුල අවස්ථාවලදී ගුවන් මගීන්ගේ පහසුව සහ සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසන්නේ ෴
නිදන් සිද්ධියට සම්බන්ධ කතගේ ඩී.අයි.ජී. සැමියා ගැන පොලිස් කොමිසම තදින්
(18.08.2025 – hirunews.lk)
නිදන් හෑරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් කාන්තාවගේ නියෝජ්‍ය පොලිස්පති සැමියා සම්බන්ධයෙන් දැඩි තිරණයක් ගැනීමට ජාතික පොලිස් කොමිෂන් සභාව සූදානම් වී තිබෙනවා.
ලබන බ්‍රහස්පතින්දා (21) ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වී පොලිස්පතිවරයාගෙන්ද විමසා බලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන්ද මේ වන විට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
නිදන් හෑරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුමක් තිබුණේදැයි විශේෂ අවධානයක් යොමුකර එම විමර්ශනය පැවැත්වෙන බවයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේ ෴
ජපන් වාහන 10,000 ක් වරායේ හිරවෙලා | වාහන මිල නැවතත් ඉහළට | ඇත්තටම රජය උදාසීනයි (18.08.2025)
+
කුමාරගේ පොහොර සිද්ධියෙන් පුබුදු සැරටම ඇවිස්සෙයි | ආණ්ඩුවේ පොරොන්දු සුනේ සුන් | රිදෙන්න කිව්ව කතාව (18.08.2025)
+
කැලේ වල් වැදුණු බස් ටික ආයෙත් පාරට වැටෙන ලස්සන |කවුරු කළත් මේවා සුපිරි වැඩ |ආණ්ඩුවේ තවත් මරු වැඩක් (18.08.2025)
+
බස් වල සින්දු කියන්නේ පුන්සිරි සොයිසාද? (18.08.2025)
+
තණමල්විල වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ දී වෑන් රථයක්, පාර හරහා ගමන්කරමින් සිටි අලියෙකු හා ගැටුනා (18.08.2025)
+++
අලියා සමග ගැටීමෙන් පසු වෑන් රථය :
+
භයානක රෝග පවා සුව කරන ලංකාවේ තිබෙන දිව්‍යමය අතුරුපස … (18.08.2025)
+
මත්පැන් පානය කොට මුහුදේ දිය නෑමට ගිය ගිය තරුණයෙක් මරුට
(19.08.2025 – hirunews.lk)
තරුණයින් පිරිසක් යාපනය වඩමාරච්චි නැගෙනහිර තාලයඩි ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටියදී එහි සිටි එක් (1) තරුණයෙකු දියේ ගිලී ඊයේ (18) මියගොස් තිබෙනවා.
මිතුරෙකුගේ උපන් දිනය වෙනුවෙන් පැවති සාදයකට සහභාගී වීමෙන් අනතුරුව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මෙම පිරිස මත්පැන් පානය කිරීමෙන් අනතුරුව මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී අදාළ තරුණයා මුහුදේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක ‘එම්. පිරන්තන්’ නැමති තරුණයෙක්.
දියේ ගිලුණු තරුණයාව, පළාතේ ධිවරයින්ගේද සහය ඇතිව මුහුදෙන් ගොඩ ගෙන මරදන්කේණී රෝහල වෙත ට්‍රැක්ටරයකින් රැගෙන ගොස් තිබෙනවා.
නමුත් ඔහු ඒ වන වීටත් මියගොස් සිටි බවයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව ඥාතින් වෙත බාර දීමට කටයුතු යොදා ඇති අතර මරදන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
රුපියල් ලක්ෂ 60 ක හොර දුම්වැටි තොගයක් ගුවනින් ගෙනා දෙදෙනෙක් (2) දැලේ
(00.08.2025 – hirunews.lk)
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද (19) අලුයම අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ත්‍රිකුණාමලය චීන වරාය සහ මුල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි 45 වියැති සහ 33 වියැති ව්‍යාපාරිකයන් දෙදෙනෙකි (2).
සකකරුවන් මෙම දුම්වැටි තොගය ඩුබායි රාජ්‍යයෙන් මිළට ගෙන, කුවේට් රාජ්‍යය හරහා මෙරටට පැමිණ තිබූ බව පොලීසිය කියයි.
ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල කාඩ්බෝඩ් පෙට්ටි 04 ක, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් සඟවා තිබූ බව සදහන්.
සැකකරුවන් හෙට (20) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මාසයක් ඇතුළත ළමා මෙහෙකාර සේවයේ යෙදවූ දරුවන් හා වීදි දරුවන් 300 ක් සොයාගැනේ….
(19.08.2025 – hirunews.lk)
මාසයක් ඇතුළත මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු සොයාගත් බවත් ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසනවා.
ළමා මෙහෙකාර සේවයේ යොදවන අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සොයාබැලීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවා.
ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරු අනුව මෙම දරුවන් සොයාගත් බවත් ඔවුන්ගේ රැකවරණය සහතික කළ හැකි භාරකරුවන් සොයා ඔවුන්ට එම දරුවන් භාරදෙන බවද අමාත්‍යවරිය සඳහන් කළා.
එම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමටත් ඊට පහසුකම් ලබාදීම සඳහා රජය මැදිහත්වන බවද සරෝජා පෝල්රාජ් පවසනවා. මීට අමතරව මෙම දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීමට සහ වීදිවල යෙදවීමට කටයුතු කරනලද පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය සදහන් කළා. ළමා මෙහෙකාර සේවය වැළැක්වීමට සහ වීදි දරුවන් සිඟමනේ යෙදවීම වළැක්වීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිරන්තරයෙන් සොයාබලන බවද සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴